යාපනයේ නාගදීප සහ දඹකොළ පටුන යන විහාරස්ථානයන්හි වාර්ෂික කඨින චීවර මහා පින්කම් නාවික හමුදාවේ අනුග්‍රහය


යාපනයේ නාගදීප සහ දඹකොළ පටුන යන විහාරස්ථානයන්හි වාර්ෂික කඨින චීවර මහා පින්කම් නාවික හමුදාවේ අනුග්‍රහයෙන්  පැවැත්වුණි.
දඹකොළ පටුන විහාරස්ථානයේ කඨින චීවරය රැගත් ‍ෙපරහර පසුගියදා (06දා) වීථි සංචාරය කිරීමෙන් අනතුරුව උතුර නාවික විධාන අඥාපති රියර් අද්මිරාල් ජයන්ත සිල්වා මහතා විසින් එම චීවරය නාගදීප රජමහා විහාරාධිපති උතුරු පළාතේ ප්‍රධාන සංඝ නායක ප්‍රවීණාචාර්ය ධර්මකීර්ති ශ්‍රී පූජ්‍ය නවඳගල පදුමකිත්ති තිස්ස හිමියන්ට පිළිගන්වන ලදී. එදින දහවල් පැවති සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව කඨින පින්කමේ කටයුතු අවසන් කෙරුණි.

ඉන් අනතුරුව (13දා) නාගදීප පුරාණ රජමහා විහාරයේදී වාර්ෂික කඨින පින්කම පැවති අතර එහිදී උතුරු විධාන නාවික අාඥාපතිවරයා හා කපිතාන් කෝසල වරණකුලසූරිය මහත්වරුන් විසින් වැඩම කළ සධාතුක කරඬුව හා කඨින චීවරය නාගදීප විහාරාධිපති උතුරු පාළාතේ ප්‍රධාන සංඝ නායක ප්‍රවීණාචාර්ය ධර්මකීර්ති ශ්‍රී පූජ්‍ය නවඳගල පදුමකිත්ති තිස්ස හිමියන්ට පිළිගන්වන ලදී.එහිදී නාවික හමුදාවට මෙන්ම බැතිමතුන්ට සෙත් පතා සංඝයා වහන්සේ විසින් පිරිත් සජ්ඣායනයක්ද පැවැත්වුණි.
උතුරු නාවික විධාන භාර රියර් අද්මිරාල් ජයන්ත සිල්වා මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම පින්කම් සඳහා එක්ව සිටියහ.

 - වවුනියාව - මධුෂංඛ අමරසිංහ

6 7 14 18 19



Recommended Articles