බෙල්ලන ධර්මපාල පිරිවෙනට වසර 100 යි


සිල්වත් ගුණවත් සඝ පරපුරක් බිහිකිරීමට අතීතයේ පටන් කටයුතු කළ බෙල්ලන ශ්‍රී ධර්මපාල මහා පිරිවෙනේ සියවස් සැමරුම අද (17දා) ට යෙදී තිබේ.

බෙල්ලන ශ්‍රී ධර්මපාල මහා පිරිවෙනෙහි ආදී කර්තෘ පූජ්‍ය රන්කොටුපල ශ්‍රී සෝරත හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විසිදෙදෙනෙකු සඳහා අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස එම පිරිවෙන මීට වසර සියයකට පෙර ආරම්භ කර තිබේ.

මේ වනවිට පිරිවෙන් කෘත්‍යාධිකාරී හා විහාරාධිපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්‍යාණි කාරක සංඝසභාවේ බස්නාහිර පළාත් උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය මාලේවන පුණ්‍යරතන ස්වාමීන්වහන්සේ කටයුතු කරති.

ලක්දිව සෑම ප්‍රදේශයකම ශිෂ්‍ය හිමිවරුන් මෙම පිරිවෙනින් අධ්‍යාපනය ලබන අතර, අධ්‍යාපනය හැදෑරූ හිමිවරු විශාල ප්‍රමාණයක් දැනට ආගමික ශාසනික සේවයේ නිරතව සිටිති.

 



Recommended Articles