දළදා මාලිගාවේ තේවාව අස්ගිරියට


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිදු උදෙසා පවත්වනු ලබන තේවා කටයුතු මල්වතු මහා පාර්ශ්වයෙන් අස්ගිරි මහා පාර්ශ්වයට පැවැරීම ඊයේ (20දා)  පස්වරුවේ දළදා මාළිගාවේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානාහිමිවරුන් ඇතුඵ කාරක සංඝ සභාවේ හිමිවරුද, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක්ද සහභාගී වූහ.

මල්වතු මහා විහාරීය පාර්ශ්වය මගින් වසරක කාලයක් ශ්‍රී දළදා සමිඳු උදෙසා තේවා කටයුතු සිදුකළ අතර, තේවා මාරුව ඊයේ (20දා) සිදුවීමෙන් පසු ලබන වසරේ ඇසළ පොහෝ දිනට පසු දින දක්වා අස්ගිරි මහා විහාරීය පාර්ශ්වය විසින් ශ්‍රී දළදා සමිඳු උදෙසා තේවා කටයුතු සිදුකරනු ලබයි.



Recommended Articles