කල්පිටිය අර්ධද්වීපයේ ඉදිකළ ප්‍රථම දෙතිස් රියන් හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම මහා සංඝරත්නයේ හා විශාල බෞද්ධ හා අන්‍යාගමික පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදු විය.
මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ කල්පිටිය නගර මැද විජය නාවික හමුදා කඳවුර ආසන්නයේ ඉදිකර තිබේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස්ඵල රු බෝධීන් අතුරින් එක් බෝධීන් වහන්සේ නමක් වන කල්පිටිය නගර මධ්‍යයේ ඇති බෝධීන් වහන්සේ අභිමුඛයේ අභිනවයෙන් ඉදිකළ හිටි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කෙරිණි.
මෙම අවස්ථාවට කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති දරණාගම කුසලධම්ම හිමියන් සහ මහා සංඝරත්නය වැඩමවා සිටි අතර, සෙත් පිරිත් මැද ධාතූන් වහන්සේලා තැන්පත් කර ඉන්පසු පිළිමය නිරාවරණය කිරීම සිදු විය.
කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතාගේ සංකල්පයෙන් අක්ෂි රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලයේ මූල්‍ය පරිත්‍යාගයෙන් කමාන්ඩර් එල්.එස්. විතානාරච්චි මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන් හා කල්පිටිය නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයාගේ හා සෙසු නිලධාරීන්ගේ දායකත්වයෙන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් එන්. හේරත් මහතා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා ඇතුළු පිරිසකගේ මැදිහත්වීමෙන් මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කිරීමට ඉඩකඩ ලබාදෙමින් වැඩ කටයුතු නිම කෙරිණි.