‍‍සතිය ඔබට


මේ සතියේ  ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමි වීමේ භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර සමගම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, මකර, මීන වැනි ලග්නයන්ය.

එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට ඉහත කාර්යයන් කෙරෙන් ශුභඵල රැසක් මෙම සතිය තුළ ගෙන දෙන්නේය. පසුගිය දිනවල ඒවා කෙරෙන් මතුවෙමින් තිබූ දුෂ්කර දෑ කිහිපයක් සාර්ථක කර ගැනීමට පහසුකම් සැල‍සෙනු ඇත. ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සැලකිලිමත් වුවහොත් අනාගත අභිවෘද්ධියට අදාළ සැලැස්මකට අඩිතාලමක් දමා ගැනීමටද හැකිවනු ඇත. උරුම හිමිකම් පිළිබඳව පැවති ගැටලු නිරවුල් වන තැනට කටයුතු සිදුවේ. මෙය කුමන අයුරින් හෝ අතමිට මිල මුදල් ගැවසෙන සතියකි. ජීවනෝපාය මාර්ගවලට සම්බන්ධිත දෑ පිළිබඳ දියුණුවක්, ඉදිරියට යෑමක් ඇතිකරලීමේ පෙරනිමිති පහළ වන්නේය.

මේ සතියේ තම අධ්‍යාපන කටයුතු දැනුම කුසලතාවයට සම්බන්ධ සියලු කාර්යයන් මෙන්ම, ඊට සම්බන්ධ අරමුණු, සැලසුම්, ගමන් බිමන්වලට අදාළ කාර්යයන් මෙන්ම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්ට අවහිර බාධා, ප්‍රමාදවීම් ඇතිකිරීමට හේතු ගෙනෙන ලග්න වනුයේ වෘශ්චික, ධනු, කුම්භ වැනි ලග්නයන්ය.

එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබ ඉහත කාර්යයන් කෙරෙන් නිසි අවධානයකින් යුතුව තම පාසල් හා වෘත්තීය අධ්‍යාපන කාර්යයන්හී නිරත වන්න. අධ්‍යාපනය කෙරෙන් ඔබ තුළ පවතින හා පැවති  දක්‍ෂතාව, හැකියාව මෙම සතිය තුළ බොහෝදුරට යටපත් වන බවක් දක්නට ලැබේ. පවුලේ කෙනෙකුගේ හෝ ඇසුරු කරන අයෙකුගේ අවශ්‍යතාවයට පිහිට වීමට සිදුවීමෙන් අධ්‍යාපන කටයුතු අතපසු විය හැක. කරගෙන යන අධ්‍යාපන කටයුතු වලට බාධා, අවහිරකම් හෝ සිත අධෛර්ය වීමද ඇතිවන හෙයින් ඊට නතු නොවී ආත්මශක්තියෙන්, අරමුණුසහගතව ඉගෙනීම් කටයුතුවල නිරත වන්න.

 

මේ සතියේ ආදර සබඳතා හා යුගදිවියේ මෙන්ම ගෘහජීවිතයේ කාර්යයන්ට අදාළව යම් යම් ප්‍රශ්නකාරී, ගැටලුකාරී ස්වභාවයන් මතුවන, පැනනගින  ලග්න වනුයේ කටක, සිංහ, තුලා, වෘශ්චික වැනි ලග්නයන්ය.    

එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබ ඉහත කාර්යයන් කෙරෙන් නිසි අවධානයකින් යුතුව මෙම සතිය තුළ තම දෛනික කාර්යය කටයුතුවල නිරත වන්න. ප්‍රේම සම්බන්ධතා වලට බාධක එල්ලවීමට හේතු යෙදේ. යුගදිවිය තුළ යම් යම් ප‍්‍රශ්නකාරී ගති මතුවීමක් තුළින් නිවස තුළ විසීමට පවා සිත නොදෙන තත්ත්වයක් ඇතිවීමටත් ඉඩ ඇත. එබැවින් ඒ කෙරේ දෙවරක්, තෙවරක් සිතා කටයුතු කරන්න.

කේළාම්, කටකතා ඔස්සේ යුග දිවියට හා ප්‍රේම දිවියට අදාළ යම් යම් තීරණ ගැනීමට යොමු වීමෙන් විරුද්ධ ලිංගිකයා සමග පවතින සබඳකම් බිඳවැටීමට, ගිලිහී යෑමට වුව ඉඩ තිබෙන බැවින් ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. පසුතැවීමට සිදුවන දෙයින් මිදෙන්න.

බෙන්තොට-හේමන්ත.

www.hirumadala.lk අපගේ වෙබ් පිටුවෙන් ඔබගේ ජ්‍යෝතිෂ අවශ්‍යතා රැසක් සපුරනු ලැබේ.



Recommended Articles