‍‍සතිය ඔබට කොහොමද?


මෙම සතියේ  ධනය දේපළ ඉපැයීමි මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන, ගොඩනගන මේ සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර,  කුම්භ, මීන වැනි ලග්නයන්ය.

එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට ඉහත කාර්යයන් කෙරෙන් ශුභඵල රැසක් මෙම සතිය තුළ ගෙන දෙන්නේය. කරන කටයුතුවලින් සතුටුදායක ප්‍රතිඵල අත්වීම නිසා සිතේ සතුට, පී‍්‍රතිය ඇති වී සාර්ථක සතියක් බවට පත්වන්නේය. අතිරේක මුදලක් අතට ලැබීමෙන් රෙදිපිළි හෝ අලංකාරවත් දෑ මිලදී ගැනීමකට ඉඩකඩ සැලසේ. කිසියම් අලුත්වැඩියා කටයුත්තකටද මුදලක් වියදම් කරන්නට හැකි වේ. රැකීරක්ෂා රාජකාරිය සිතැඟි පරිදි කරගෙන යාමට හැකි වේ.

දැන උගත් අයගේ සහයෝගය ලබාගැනීමට හැකි වීම නිසා වෘත්තීය දැනුම තව තවත් වර්ධනය කර ගැනීමටත් ඉඩ ලැබේ. තම වෙළෙඳ ව්‍යාපාරයන්හී දුර්වලව පැවැති නිෂ්පාදන අලෙවිය හෝ ප්‍රචාරක කාර්යයන් විධිමත් අයුරින් කර ගැනීමට පසුබිම සැකසේ. අධ්‍යාපන කටයුතු නව මගකට යොමු වේ. ඉතා ප්‍රයෝජනවත්, සාරවත් පොතපත කියවීමටත් අවස්ථාව සැලසේ. ඇසුරු කරන තරුණයා, තරුණිය මෙන්ම යුග දිවියේ හවුල්කරු, හවුල්කාරිය සමග සුහදතාව රැකගෙන කටයුතු කිරීමට හැකි වන්නේය. විරුද්ධ ලිංගික ආකර්ෂණය ලැබෙන සතියකි.

මෙම සතියේ තම අධ්‍යාපන කටයුතු, දැනුම කුසලතාවයට සම්බන්ධ සියලු කාර්යයන් මෙන්ම ඊට සම්බන්ධ අරමුණු සැලසුම්, ගමන් බිමන්වලට අදාළ කාර්යයන් මෙන්ම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්ට අවහිර බාධා, ප්‍රමාදවීම් ඇතිකිරීමට හේතු ගෙනෙන ලග්න වනුයේ කටක, සිංහ වැනි ලග්නයන්ය.

එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබ ඉහත කාර්යයන් කෙරෙන් උත්සාහයේ උනන්දුවේ තරමට ප්‍රතිඵල නොලැබීම නිසා සිත කලකිරීමට වුව පත්වේ. වගකීමකින් තොරව තමන්ගේ දැඩි තීරණ යටතේ ක්‍රියා කිරීමට නොයන්න. කලබලකාරී ගතියත්, නොඉවසීමත් නිසා වැඩකටයුතු අවුල් කර ගැනීමට ඉඩ තිබේ. පොදුවේ මෙම සතිය තුළ තම අධ්‍යාපන කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය, උදව් උපකාර තරමක් දුරට අඩු වීමට ඉඩ තිබේ. එනමුදු උත්සාහය අත්නොහරින්න. පොතපත හා විෂය දැනුම දියුණු කර ගැනීමට වැඩි උනන්දුවක් නොදක්වයි. උදාසීනභාවයෙන් මිදෙන්න.

මෙම සතියේ ආදර සබඳතා හා යුගදිවියේ මෙන්ම ගෘහජීවිතයේ කාර්යයන්ට අදාළව යම් යම් ප්‍රශ්නකාරී, ගැටලුකාරී ස්වභාවයන් පැනනගින  ලග්න වනුයේ වෘෂභ, මිථුන වැනි ලග්නයන්ය. 

එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබ ඉහත කාර්යයන් කෙරෙන් නිසි අවධානයකින් යුතුව මෙම සතිය තුළ ගතකරන්න. සුබ ඵල හීන සතියක් බැවින් හොඳින් සිතා බලා කටයුතු ක්‍රියාවන්හී නිරත වන්න. ජීවන වටපිටාව පරිසරය සම්බන්ධිත කරදරකාරී වාතාවරණයක් ගොඩනැගීමට වුව පුළුවන. සෑම දෙයක්ම ලොකුවට කරන්නට යාම නිසා ක්‍රමානුකූලව කිසිවක් කිරිමට නොහැකි වේ. තම ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය හෝ ස්වාමියා බිරිඳ කෙරෙහි සිතට සැකයක්, අවිශ්වාසයක් ඇති වන දෙයක් පහළ වේ. ක්‍ෂණික සැප සෙවීමට සිත දුවයි. හික්මීමෙන් යුතුව කටයුතු කරන්න. ප්‍රේම දිවියට අදාළ නිෂ්ප්‍රයෝජන ගමන් යෙදේ. ඔබ තුළ ක්‍රියාත්මක වන හැඩි දැඩි මුරණ්ඩු තීරණ හා අයහපත් හැසිරිම් රටාව නිසා ඔහුගේ හෝ ඇයගේ සිත බිඳී යාමටත් ඉඩ තිබේ.

බෙන්තොට-හේමන්ත.

www.isiwarajothisa.com



Recommended Articles