මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදිය හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතියපුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න, වනුයේ මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබගේ ගෙදරදොර හා දෛනික වැඩකටයුතුවල පැවැති අකාර්යක්ෂමතාව පහවී ගොස් නිසි පිළිවෙළක් ඇති වේ. සහය ලැබිය යුත්තන්ගේ සහය තම කටයුතුවලට ලැබේ. උත්සාහවන්ත සතියකි. මිල මුදල් උපයා ගැනීමට හෝ අයකර ගැනීමටත් වෙහෙසක් දැරීමට සිදුවේ. එනමුදු අපේක්ෂිත අයුරින්ද කිසියම් මුදල් ලාභයක් හිමි වේ. රාජකාරී ස්ථානය තුළ තම සේවය සැලකිල්ලට ලක්වීම නැතහොත් සතුටුදායක සිදුවීම් හා යහපත් ආරංචි ලැබීම් ආදී යමක් සිදුවේ. ස්වයං හා කොටස්කාර ව්‍යාපාරාදියේ වැඩිදියුණුව වෙනුවෙන් අමතර වැඩකොටසක් ක්‍රියාවට නැංවීමට අවස්ථාව සැකසේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතු ගැටලුවකින් තොරව කෙරෙනු ඇත. අධ්‍යාපනික පාඨමාලාවන්ට හා අධ්‍යාපනික ආයතනවලට අදාළව හටගෙන තිබූ ගැටලුවක් නිරාකරණය වීමෙන් සිතට ප්‍රීතියක් ඇති වේ. පසුගිය දිනවල තමා ඇසුරුකරන විරුද්ධ ලිංගිකයා සමග දුරස්ව පැවැති සබඳතා සමීප වීම ඇරඹේ. රාජකාරී ස්ථානය තුළින් හෝ නව ආදර සබඳතාවකට විවාහ යෝජනාවකට කටයුතු පිළියෙළ වේ.
2. මෙම සතියේ තම අධ්‍යාපන කටයුතු දැනුම කුසලතාවයට සම්බන්ධ සියලු කාර්යයන් මෙන්ම ඊට සම්බන්ධ අරමුණු සැලසුම් ගමන්බිමන්වලට අදාළ කාර්යයන් මෙන්ම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්ට අවහිර බාධා ප්‍රමාදවීම් ඇතිකිරීමට හේතු ගෙනෙන ලග්න වෘෂභ, මකර, කුම්භ, මීන වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට මෙම සතිය තුළ අධ්‍යාපන කටයුතු පසෙක දමා තම ඥාතීන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. එමෙන්ම උදාසීන ගති මතුවන සතියකි. විනෝදාස්වාදයට යොමු වීම වැඩි වන බැවින් ඉගෙනීම් කටයුතු අතපසු වී යයි. පොතපතට පැවති යොමු වීම අඩු වීමක් පෙන්නුම් කරන අතර විෂයන් හා අධ්‍යාපන ආයතන වෙනසක් කෙරේද සිත යොමු වෙයි. උත්සාහයේ ඵල අඩු වන අතර, රහස් සතුරන් නිසා සිතට බිය උපදවන ස්වභාවයක් වුව ඇතිවේ. වැඩවලට පැවති උනන්දුව, උද්යෝගයද අඩු වී යයි.
3. මේ සතියේ ආදර සබඳතා හා යුගදිවියේ මෙන්ම ගෘහජීවිතයේ කාර්යයන්ට අදාළව යම් යම් ප්රශ්නකාරී, ගැටලුකාරී ස්වභාවයන් මතුවන, පැනනගින ලග්න වනුයේ මේෂ, කටක, වෘශ්චික වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට මෙම සතියේදි යුගදිවියේ හා ප්‍රේම දිවියේ ගැටලු වැඩි වශයෙන් ඇති නොවුණද, එහි සාමයට බාධා ඇති විය හැකි සුළු සුළු සිද්ධීන් ඇතිවේ. විවාහ යෝජනාවක් වෙනස් වී යාමට වුව ඉඩ තිබේ. පහසුවෙන් ආදර සබඳතා දැනහැඳිනුම් වැනි දෑ ගොඩනැගුණත් පවතින ආදර සබඳතාවලට හා යුග දිවියේ ඇතැම් කටයුතුවලට වැඩිහිටි පාර්ශ්වයෙන් විරුද්ධකම් හා බාධා කිරීම් වැනි දෑ ඇතිවන්නේය. ඒ කෙරේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කළයුතු සතියකි. සිතෙහි සහනය තරමක් අඩු වීමට ඉඩ තිබෙන අතර, කළයුතු නොකළ යුතු දෑ තේරුම් බේරුම් කර ගැනීමට අසීරු වන තත්ත්වයකට වුව පත්වීමට ඉඩ ඇත. ශුභ ඵල හීන සතියක් බැවින් හොඳින් සිතා බලා දෛනික කටයුතුවල නිරත වන්න. අතිරේක වගකීම් තමන්ට දැරීමට සිදුවීම නිසා විවේකයට බාධා ඇතිවේ.
බෙන්තොට-හේමන්ත