මේ සතියේ ධනය දේපළ ඉපැයීමි මාර්ග මෙන්ම උරුම හිමිකමි අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යවශ්‍ය කාර්යන්හි ප්‍රගතියක් සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන ගොඩනගන සතියේ ශුභ ඵලදායි ලග්න වනුයේ, මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, මීන වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට මෙම සතිය තුළ ඔබගේ යහපත් අරමුණු සිතුවිලි සාර්ථක කරගත හැකි වන්නේය. තම වචනයේ බලය පෙන්වීමටද ඉඩ ලැබෙන සතියකි. අත්‍යවශ්‍ය හා සැලසුම් කළ වැඩවලට අවශ්‍ය මිල මුදල් කෙසේ හෝ ලැබේ. අලෙවි කර ගන්නට නොහැකි වූ නිශ්චල චංචල දේපළක්ද අලෙවි කර ගැනීමට පසුබිම සැකසේ. රාජකාරියට බලපෑ බාධාකාරී පසුබිමක් පහව යයි. ආයතනය තුළ තමාට දී තිබූ දඬුවමකින් මිදීමට අවස්ථාව සැලසේ. අපේක්ෂා කළ දෙස් විදෙස් රැකියාවක් උදෙසා බලපෑ බාධාවන්ද පහව යයි. තම වෙළෙඳ ව්‍යාපාරයට මෙන්ම නිෂ්පාදන හා අලෙවියට අදාළව බලපෑ ගැටලූසහගත තැන් නිරවුල් කර ගැනීමටත් ඉඩ ලැබේ. ඉගෙනීම බාධාවකින් තොරව කර ගෙන යාමට හැකි වේ. පොත් පත් ලිපි ලේඛනාදී තෑගි භෝගාදියක් ලැබේ. යුග දිවියේ හා පේ‍්‍රම දිවියේ කටයුතු සම්බන්ධයෙන් නවෝදයක් ඇති වේ. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි සහයෝගය අනුකූලතාව දැක්වීමට ඉදිරිපත් වෙයි. මේවායින් සිතට සතුට සැනසීම ලැබේ.
2. මෙම සතියේ තම අධ්‍යාපන කටයුතු දැනුම කුසලතාවට සම්බන්ධ සියලු කාර්යන් මෙන්ම ඊට සම්බන්ධ අරමුණු සැලසුමි ගමන් බිමන්වලට අදාළ කාර්යයන් මෙන්ම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යවශ්‍ය කාර්යයන්ට අවහිර බාධා ප්‍රමාද වීම් ඇති කිරීමට හේතු ගෙනෙන ලග්න කන්‍යා, ධනු, කුමිභ වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබ අද දිනයේදී ඔබගේ ඉගෙනීම් කටයුතුවල නිසියාකාරව නිරත වන ආකාරයක් නොපෙනෙන බැවින් ඊට නතු නොවන්න.
ඉගෙනීම් කටයුතු අතපසු වන දෑ ඇති කෙරේ. ඉගෙනීමට පොතට පතට සිත යොමු කිරීමට අපහසු වාතාවරණයක් උද්ගත වන සතියක් බැවින් අවබෝධයෙන් කටයුතු කරන්න. ඉගෙනීම් කටයුතුවල ප්‍රගතියට කටයුතු සිදු වුවත් අධ්‍යාපනයට අදාළ නොවන ගමන් බිමන්වලද නිරත වේ. ඊටද නතු නොවන්න.
මිල මුදල් හා ගනුදෙනු සම්බන්ධ යම් යම් ගැටලු මතු වීමටත් දෛනික ආදයමේ යම් යම් පසු බෑම්ද ඇති වීමටත් ඉඩ තිබෙන බැවින් කල්පනාකාරී වන්න. ඔබට අපේක්ෂිත මුදල් ඒ අයුරින්ම නොලැබීමට ඉඩ ඇත. සුළු වශයෙන් ලැබෙන මුදලද වියදම් වී යයි. යම් යම් මූල්‍ය ලාභ ලැබෙන්නට තිබූ අවස්ථාවන්ද මග හැරී යාමට වුව ඉඩ තිබේ.
3. මේ සතියේ ආදර සබඳතා හා යුගදිවියේ මෙන්ම ගෘහජීවිතයේ කාර්යන්ට අදාළව යම් යම් ප්රශ්නකාරී ගැටලුකාරී ස්වභාවයන් මත වන පැන නගින ලග්න වනුයේ මිථුන, කටක, කුම්භ වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට මෙම සතියේදී කේලාම් ඕපා දූප කථාවක් හේතු කොට ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමග හෝ යුග දිවිය තුළ හෝ මත බේදකාරී ස්වරූපයක් හට ගනී. ඒ නිසා දෙදෙනාට දෙදෙනා අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීමට කල්පනාකාරී වන්න. පවතින ආදර සබඳතා මෙන්ම නුසුදුසු සබඳතාවන්ට සම්බන්ධ වීම්වලින් සිත් තැවුල් හා විවිධ කරදර පැටලිලි ඇති වීමට ඉඩ තිබේ. සිතුවිලි හා හැඟීම් පාලනය කර ගනිමින් හැසිරෙන්න. ගතු කේලාම්වලටද නතු නොවන්න. විවාහයට හා පේ‍්‍රම දිවියට සම්බන්ධ කටයුතුවලදී යම් යම් නිගමනයන්ට එළඹීමට අවස්ථාව සැලසුනත් ස්ත්‍රීන් හා පුරුෂයන් වෙනුවෙන් අනවශ්‍ය ලෙස වියදම් කිරීමටත් නිෂ්ප්රයෝජන ගමන් බිමන් යෑමටත් සිදු වන්නේය.
බෙන්තොට-හේමන්ත.
www.isiwarajothisa.com