මේ සතියේ ධනය, දේපළ, ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම්, අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ,වෘෂභ,කටක ,සිංහ, කන්‍යා,ධනු,මකර වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට මෙම සතිය තුළ සතුට ප්‍රීතිය ඇති වේ. වැඩකටයුතු සාර්ථක වේ. ඥාති මිත්‍රයන් සමගත්, උසස් අය සමගත් ආශ්‍රය ඇති වේ. යම් යම් ලාභ ප්‍රයෝජන ලැබෙන සතියක් වන්නේය. මිල මුදල් හා වෙනත් ද්‍රව්‍යමය ලාබයක් ලැබෙන සතියකි. දෛනික මූල්‍ය අවශ්‍යතාවය සැලසුම් කළ පරිදි සපුරාගත හැකි වන්නේය. රැකියා අංශවල නිරත අයට නොසිතූ වාසිදායක තත්ත්වයක් ඇති වේ. ආයතනය තුළ අමනාපව සිටි අය යළි හිතවත් කර ගැනීමට දැරූ උත්සාහය ඵල දරයි. විදෙස් රැකියාවක් පිළිබඳ අදහස් ඉටුකර ගත හැකි වේ. හවුල් හෝ ස්වයං ව්‍යාපාර කරන ඔබගේ අපේක්ෂිත ව්‍යාපාර ඉලක්ක සපුරාගත හැකි වන්නේය. අධ්‍යාපනය ලබන අයගේ අධ්‍යාපනයට අදාළ සැලසුම් බොහොමයක් ඉටුවන සතියක් වන අතර, ශාස්ත්‍රීය කටයුතුවලට වැඩිපුර යොමුවන්නන්ට ඉන් සාර්ථක ඵල අත්කරගත හැක. යුග දිවියේ හා ප්‍රේම දිවියේ වැඩකටයුතුවල නව මුහුණුවරක් ඇති වීමෙන් සිතට සතුටක් ගෙන දේ. ගෙදරදොර විවාහයට සම්බන්ධ ප්‍රීතිමත් අවස්ථාවකට කටයුතු පිළියෙළ වේ.
මේ සතියේ තම අධ්‍යාපන කටයුතු දැනුම කුසලතාවයට සම්බන්ධ සියලු කාර්යයන් මෙන්ම ඊට සම්බන්ධ අරමුණු, සැලසුම්, ගමන් බිමන්වලට අදාළ කාර්යයන් මෙන්ම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්ට අවහිර බාධා ප්‍රමාදවීම් ඇතිකිරීමට හේතු ගෙනෙන ලග්න වනුයේ වෘශ්චික, කුම්භ, මීන වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබ ඉගෙනීම් කටයුතු වලට ගතවූ දිනවල පැවැති ස්වභාවයට වඩා උනන්දුව, උද්යෝගය බෙහෙවින් අඩු වී යයි. ගතවූ සතියට සාපේක්ෂව ඉගෙනීම් කටයුතු වලට තිබූ උද්යෝගය කාර්යශූරත්වය හීන කරයි. ඔබ තුළ පොතපත කියවීමටත්, දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමටත් ආශාව ඇතිවුවත් විනෝදයටද බර වීම නිසා ඉගෙනීම් කටයුතු මගහැරීම්ද සිදුවෙයි. මෙවැනි දෙයට නතු නොවී උනන්දුවෙන් උද්යෝගයෙන් ඉගෙනීම් කටයුතූවල නිරත වන්න. මිල මුදල් අතමිට ගැවසුණත් විශේෂයෙන් විනෝදාස්වාදයට හා ගමන්බිමන් වලට වැඩිපුර මුදල් වැය වේ. ආදායම් වියදම් සම තත්ත්වයේ පවත්වා ගැනීමට අසීරු වෙයි. ආදායම් මාර්ග යහපත් වුවද අනවශ්‍ය වියපැහැදම් නිසා යමක් ඉතිරි කර ගැනීමට නොහැකි වේ. ප්‍රමාණයට වඩා තම තත්ත්වය පෙනෙන ලෙස වියදම් කිරීමටත් සිත් දෙන බැවින් ඊට නතු නොවන්න.
3)මේ සතියේ ආදර සබඳතා හා යුගදිවියේ මෙන්ම ගෘහජීවිතයේ කාර්යයන්ට අදාළව යම් යම් ප්රශ්නකාරී, ගැටලුකාරී ස්වභාවයන් මතුවන, පැනනගින ලග්න වනුයේ මිථුන, සිංහ, තුලා වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට මෙම සතියේදී නව ආදර සබඳතාවකට හා විවාහ යෝජනාවකට පසුබිම සැකසුණත් කියූ දේ අනූව ක්‍රියා කිරීමට අපොහොසත් වීම හා පොරොන්දුවක් කඩ කිරීම මත ප්‍රේමවන්තයා / ප්‍රේමවන්තිය අමනාප වීමට ඉඩ ඇත. ඔහු හෝ ඇය වෙනුවෙන් යම් යම් ආකාරයේ වියදම්ද යෙදේ. ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය දුන් පොරොන්දුවක් පිළිබඳ විටින් විට සිතට සැකසංකා වැනි දෙයක් හට ගනී. සන්නිවේදන මාර්ග ඔස්සේ විරුද්ධ ලිංගිකයා සමග වැඩිපුර සම්බන්ධ වීමට හැකිවන්නේය. පහසුවෙන් විරුද්ධ ලිංගික සබඳතා ගොඩනැගුණත් හැඟීම් වලට මුල්තැන දී ඊට වහල් වී ක්‍රියා නොකරන්න. විටෙක මෙවැනි දෑ හේතුකොට ගෙන තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයාගේ විවේචනයට වුව ලක්විය හැක.
බෙන්තොට-හේමන්ත.
www.isiwarajothisa.com