‍‍සතිය ඔබට කොහොමද ? ජනවාරි-18 සඳුදා සිට 24 ඉරිදා


මෙම සතියේ  ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියමි ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන, තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදිය හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න, වනුයේ සිංහ, කන්‍යා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන වැනි ලග්නයන්ය.

එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට ඉහත කාර්යයන් කෙරෙන් ශුභඵල රැසක් මෙම සතිය තුළ ගෙන දෙන්නේය. හොඳ කලක් ලබන පෙරනිමිති දක්නට ලැබෙන සතියකි. කුමක් හෝ අලුත් දෙයක් ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රසිද්ධිය මෙන්ම ආර්ථික ඵල ප්‍රයෝජනද ලබා ගැනීමටත් අවකාස සැකසේ. මිලමුදල් ඉපැයීම් සඳහා විවේකය ගැන නොසලකා කාලයත් ශ්‍රමයත් යොදා විශේෂ උනන්දුවකින් ක්‍රියා කිරීමට පෙළඹේ. මේ නිසාම වාසිදායී තත්ත්වයක් ආර්ථිකමය වශයෙන් ලබාගත හැක. රැකියාවේ තනතුරු ලාභයකට හෝ ස්ථිර වීමකට අවකාශ වැඩකටයුතු සැකසේ. රැකියාව වෙනුවෙන් ඵලදායක ගමන්බිමන්ද ඇති වේ. අතිරේක ව්‍යාපාරික කටයුතුවලට අදාළ ඉපැයීම් මාර්ග වලට සම්බන්ධ වීමක් සිදුවේ. නැතහොත් නව නිෂ්පාදන කාර්යයකට හෝ මුල පුරයි. අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අභිමතාර්ථ සාධනයක් ඇති වන්නේය. අලුත් පොතපත මිලදී ගනී. භේදභින්න වී සිටින ආදරවන්තයන් හෝ අඹුසැමියන් අතර එක්තරා ප්‍රමාණයක සාමකාමී බවක් ඇති වේ. නව ආදර සබඳතාවකටද පසුබිම සැකසේ. කල් ගිය හෝ අතපසුවී ගිය විවාහ යෝජනාවක් නැවතත් ඔබ වෙත ගෙන දෙනු ලැබේ.

මෙම සතියේ  තම අධ්‍යාපන කටයුතු දැනුම කුසලතාවයට සම්බන්ධ සියලු කාර්යයන් මෙන්ම ඊට සම්බන්ධ අරමුණු සැලසුම් ගමන් බිමන්වලට අදාළ කාර්යයන් මෙන්ම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්ට අවහිර බාධා ප්‍රමාදවීම් ඇතිකිරීමට හේතු ගෙනෙන ලග්න වනුයේ මේෂ, සිංහ, මකර වැනි ලග්නයන්ය.

එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට මෙම සතිය පුරාවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතැම් කටයුතු වලදී සැක බිය උපදවන දෑ සිදුවේ. ඉගෙනීම් කටයුතු පැහැදිලි මනසකින් කරගෙන යාමට තරම් සිත තැන්පත් නොවේ. අධ්‍යාපනයට අවශ්‍ය නේවාසික පහසුකම් සම්බන්ධ ප්‍රශ්නයක් පැන නැගීමටද පිළිවන. ඉගෙනීමට ආශාව, යොමු වීම ඇති කළත් අධ්‍යාපනයට අදාළව කරන වැඩකටයුතු වල නව වෙනසක් කෙරේ සිත නොයොදන්න.  මිල මුදල් හානියක් හෝ නිෂ්ප්‍රයෝජන වියදමක් ගෙන දීමේ අවකාශ පවතී. ගනුදෙනු වලදී හා මුදල් පරිහරණයේදී පරිස්සම් වන්න. හදිසි වියදමකට කරුණක් උද්ගත වන අතර, දේපළ ආදායම් මාර්ග වලටද කිසියම් සතුරු බලපෑමක් මතු විය හැකි බැවින් ඒ කෙරේ කල්පනාකාරීව කටයුතු කරන්න. එනමුදු සතිය අවසන් වීමට පෙර කිසියම් මුදල් ලාභයක්ද අතට ලැබේ.

මේ සතියේ ආදර සබඳතා හා යුගදිවියේ මෙන්ම ගෘහජීවිතයේ කාර්යයන්ට අදාළව යම් යම් ප්‍රශ්නකාරී, ගැටලුකාරී ස්වභාවයන් මතුවන, පැනනගින  ලග්න වනුයේ වෘෂභ, මිථුන, කටක,තුලා වැනි ලග්නයන්ය.      

එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට ඔබ මෙම සතියේදී තොරතුරු හරිහැටි නොදන්න, හොඳින් හඳුනන්නේ නැති අය සමග ආශ්‍රය කිරීමට නොයන්න. දැන දැන වැරදි කිරීමෙන්ද වළකින්න. එමෙන්ම ගමන්බිමන් වලදී ආරක්‍ෂා වන්න. ආදර දිවිය හා යුග දිවිය ගෞරවයෙන් ගත කිරීමට උත්සාහ ගන්න. විවාහ වූ අයට නම් තම බිරිඳට හෝ ස්වාමියාට අසනීප වැනි දෑ මතුකරයි. සුළු සුළු දෙයට පවා විරුද්ධ ලිංගිකයා සමග වාද විවාද, මතගැටුම් ඇති විය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. විවාහක ඔබ තම සහකරු සහකාරිය සමග හොඳ හිත වර්ධනය කර ගැනීමට සැලකිලිමත් වන්න. මංගල යෝජනාවක් අතපසු වීමට ඉඩ තිබේ. එමෙන්ම තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා වෙනුවෙන් වැඩිපුර කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ.

බෙන්තොට-හේමන්ත.

www.isiwarajothisa.com



Recommended Articles