අවසන් සතිය තුල ආවරණය වූ පුවත්වල බෙදීයාම
දමිළ භාෂා පුවත්පත් මගින් පසුගිය සතිය පුරා මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුර පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරන්නට යෙදිණි. එසේම පසුගිය සති කිහිපය පුරාවට සිංහල භාෂා පුවත්පත් වලට සමාන ලෙසින් දමිළ භාෂා පුවත්පත් ගවඝාතන තහනම පිළිබඳවද සාකච්ඡා කර තිබිණි.
ගව ඝාතනය: වෘෂභ අරගලයක්?
හින්දු පූජකවරුන්, සිවිල් වැසියන් සහ ව්‍යාපාරිකයින්ගෙන් සැදුම් ලත් හින්දු කණ්ඩායම් කිහිපයක් මගින් හින්දු ආගම සහ සංස්කෘතිය රැකගැනීම සම්බන්ධයෙන්, ඔක්තෝබර් මස මුලදී වවුනියාවේදී විරෝධතාවයක් පවත්වන්නට යෙදිණි. ඔවුන්ගේ ඉල්ලීම් වලින් එකක් වූයේ ගව ඝාතනය තහනම් කිරීමයි.
ගව ඝාතනය සම්බන්ධයෙන් යෝජනා වී ඇති තහනම පිළිබඳව දමිළ භාෂා පුවත්පත් සාකච්ඡාවන්, තුන් ආකාරයක වාර්තාකරණයන්ගෙන් සමන්විතව තිබිණි.
පළමුව, මෙම ගව ඝාතන තහනම සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති තර්ක විතර්කයන්හි ද්විප්‍රකාරත්වය දමිළ භාෂා පුවත්පත් මගින් ප්‍රශ්න කර තිබිණි. පුවත්පත් මගින් මත දක්වා තිබුණේ, මසට ඇතිදැඩි කරනා අනෙකුත් සතුන්ද ජීවත් වන බැවින් ගව ඝාතනය පමණක් ගැටළුවක් ලෙසින් සැලකෙන්නේ මන්ද යනුවෙනි. ශ්‍රී ලංකාව තුල ගව ඝාතනය තහනම් කිරීමත්, රට තුළ අවශ්‍යතාවයන් සැපිරීම සඳහා හරක් මස් ආනයනය කිරීමත් දමිළ භාෂා පුවත්පත් මගින් උත්ප්‍රාසයෙන් යුතුව දැක තිබිණි.
දෙවෙනුව, සිංහල භාෂා පුවත්පත් වලට සමාන ලෙසින් දමිළ භාෂා පුවත්පත් මගින්ද ඉස්මතු කොට දක්වා තිබුණේ, ගව ඝාතනය තහනම් කිරීමට වන ඉල්ලීම සිංහල-බෞද්ධ මෙන්ම හින්දු ආගමික සහ සංස්කෘතික හරයන් සමගින්ද එක්ව අනුනාද වීමයි. ගොවිතැන වැනි ජීවනෝපායයන් පවත්වා ගැනීම උදෙසා ගවයින් විසින් ඉටුකරනා ප්‍රමුඛ භූමිකාව ඔස්සේ, සිංහල-බෞද්ධ සංස්කෘතිය තුළ ගවයා රැකගත යුතු සම්පතක් ලෙසින් සැලකේ.
සියලු සත්වයන්ට හානි නොපැමිණවීමේ ප්‍රතිපත්තිය බෞද්ධ ඉගැන්වීම් වල මූලික කරුණක් වන බවත්, ඒ හෙයින් එය ගව ඝාතනය වැළැක්වීමට වන ඉල්ලීම හා අනුනාද වන බවත් දමිළ භාෂා පුවත්පත් මගින් ඉස්මතු කොට දක්වා තිබිණි. තවදුරටත්, හින්දු සම්ප්‍රදායන් මගින් ගවයා පූජනීය කොට සලකන අතර වන්දනාමානයටද ලක් කරයි.
එනිසා, ගව ඝාතනය තහනම් කිරීමට වන ඉල්ලීම සිංහල-බෞද්ධ සහ හින්දු සංස්කෘතික ලක්ෂණයන් හා බොහෝ දුරට සමීපව සම්බන්ධ වන බව සිංහල මෙන්ම දමිළ භාෂා පුවත්පත් මගින් දැක තිබිණි. එසේම දමිළ භාෂා පුවත්පත් මගින් පෙන්වා දෙනු ලැබූයේ, අතීතයේදී බෞද්ධ සහ හින්දු ජාතිකවාදී කණ්ඩායම් මගින් ගව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට යෙදුණු බවයි.
කෙසේ වෙතත් දමිළ භාෂා පුවත්පත් මගින් දැක්වී තිබුනේ, ගව ඝාතනය තහනම් කරන මෙන් නවමුව පැමිණෙන ඉල්ලීම් පැන නැගී ඇත්තේ බහුතර ජාතිකවාදී අවශ්‍යතාවයන් තුළින් බවයි. එනිසා, මෙම පියවර සිංහල සහ දමිළ භාෂා පුවත්පත් මගින් දැක තිබුණේ, රජයේ නායකත්වයෙන් පැමිණෙන පියවරක් ලෙසිනි.
තුන්වනුව, සිංහල භාෂා විකල්ප ධාරාවේ පුවත්පත් මගින් ඉදිරිපත් කළ සැලකිලිමත් වීම් ප්‍රතිරාවය කරමින් වීරකේසරී මගින්ද මෙම යෝජිත ගව ඝාතන තහනම ආර්ථිකමය තර්කනයක් ඔස්සේ ප්‍රශ්න කර තිබිණි. මෙම තහනම මගින් බොහෝ විට නිර්මාණය කිරීමට හැකි සෘණාත්මක ආර්ථික බලපෑම් සම්බන්ධයෙන් මෙහිදී පුවත්පත් සාකච්ඡා කර තිබිණි.
දේශීය පශුපාලකයින්ගේ රැකියාවන් නැතිවී යෑම, හරක් මස් ආනයනය කිරීමේ වැය සහ හරක් මස් සඳහා කළුකඩ නිර්මාණය වීම මෙම සාකච්ඡාවට ලක්වූ කරුණු අතර විණි. එනිසා, මෙම ගව ඝාතන තහනම මගින්, සිංහල මෙන්ම දමිළ ප්‍රජාවන් යන දෙකොටසටම බලපවත්වන ආර්ථික අභිලාෂයන්ට බලපෑමක් ඇති කෙරෙනු ඇති බවට වීරකේසරී මගින් තර්ක නගා තිබිණි. සිංහල භාෂා විකල්ප පුවත්පත් වලට ප්‍රතිවිරුද්ධ ලෙසින්, තමිලන් පමණක් මෙම යෝජිත ගව ඝාතන තහනම මුස්ලිම් ප්‍රජාවට එරෙහි ක්‍රියාමාර්ගයක් ලෙසින් ස්ථානගත කොට තිබිණි.
කොවිඩ්-19: සැලකිලිමත් විය යුතු කරුණු තුනක් පුවත්පත් විමසුමට
මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් කොවිඩ්-19 පොකුරක් පැන නැගීම, පසුගිය සතියේ දමිළ භාෂා පුවත්පත් තුළ ප්‍රමුඛත්වයක් ගෙන තිබිණි. කොවිඩ්-19 සම්බන්ධ වර්තමාන තත්වයට අදාළ සැලකිලිමත් විය යුතු කරුණු තුනක් පුවත්පත් මගින් අවලෝකනයට පාත්‍ර කොට තිබිණි.
සෞඛ්‍ය නිර්දේශයන් සමගින් අනුකූල වීමට දක්වන උදාසීනත්වය සම්බන්ධයෙන් සිංහල භාෂා ප්‍රධාන ධාරාවේ පුවත්පත් බහුතරයක් සහ ඇතැම් විකල්ප ධාරාවේ පුවත්පත් දක්වා තිබූ සැලකිලිමත් වීම්, දමිළ භාෂා පුවත්පත් තුළද ප්‍රතිරාව දී තිබිණි. මෙහිදී වරදකරුවන් ලෙසින් දමිළ භාෂා පුවත්පත් මගින් ඉස්මතු කොට දක්වා තිබූ කොටස් අතරට දේශපාලඥයින් සහ පොදු ජනතාවද ඇතුළත් විණි. ආරක්ෂාව සඳහා වන නිර්දේශයන්ට අනුකූල නොවීම ඔවුන්ට එරෙහිව පුවත්පත් මගින් එල්ල කර තිබූ ප්‍රධාන විවේචනයන් අතර එකක් විණි.
කොවිඩ්-19 මර්දනය සඳහා හමුදාව මගින් උපයෝගී කරගන්නා ක්‍රම සහ ප්‍රවේශයන් සිංහල භාෂා විකල්ප ධාරාවේ පුවත්පත් මගින් ප්‍රශ්න කර තිබුණත්, දමිළ භාෂා පුවත්පත් මගින් හමුදාව ඒ සඳහා යොදාගත් ක්‍රම සහ විධි පිළිබඳව විශේෂයෙන් සඳහන් කර නොතිබුණි. ඒ වෙනුවට දමිළ භාෂා පුවත්පත් මගින්, මෙම තත්වය පාලනය කිරීම උදෙසා සෞඛ්‍ය නිර්දේශයන්ට හා මගපෙන්වීම් වලට අනුගත වීමේ වැදගත්කම සහ සෞඛ්‍ය හා ආරක්ෂක නිලධාරීන් වෙත සහයෝගය ලබාදීමේ වැදගත්කම සම්බන්ධයෙන් පුන පුනා ප්‍රකාශ කරන්නට යෙදී තිබිණි.
සෞඛ්‍ය සහ ආර්ථික යන අංශ වෙත වර්තමාන කොවිඩ්-19 පොකුර මගින් එල්ල කළ හැකි අභියෝගයන්, දමිළ භාෂා පුවත්පත් මගින් ඉස්මතු කොට තිබිණි. පුවත්පත් මගින් පෙන්වා දී තිබුණේ, ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් වලට ඇති ධාරිතාවයේ සීමාවන් නිසා, කොවිඩ්-19 රෝගීන් විශාල සංඛ්‍යාවක් හා කටයුතු කිරීමට සෞඛ්‍ය අංශයට නොහැකි වනු ඇති බවයි. එනිසා, සෞඛ්‍ය මාර්ගෝපදේශනයන් තරයේ පිළිපදින ලෙසට මහජනතාවට අනතුරු හඟවා තිබිණි.
සිදු විය හැකි රට වසා දැමීමක් ඔස්සේ ඇතිවිය හැකි ආර්ථික ප්‍රතිවිපාකයන් සම්බන්ධයෙන් දමිළ භාෂා පුවත්පත් තුළ කොටසක් කරුණු විමසා තිබිණි. එහිදී මත දැක්වී තිබුණේ, මෙම වසරේ මාර්තුවේ සිදුවූ රට වසා දැමීමෙන් පසු, රටේ ආර්ථිකය තවමත් යථා තත්වයට පත් වීමට පොරබදමින් සිටි බවයි. එසේම, දේශීය අපනයනයන්ගෙන් විශාල කොටසක් වන ඇඟලුම් කර්මාන්තය සඳහා විශාල බලපෑමක් මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුර මගින් සිදුකර ඇති බවද එයින් හැඟවී තිබිණි. එනිසා, තවත් වරක් රට වසාදැමීමක් දේශීය ආර්ථිකයට හිතකර නොවනු ඇතැයිද පුවත්පත් මගින් දක්වා තිබිණි.
කෙසේ වෙතත්, රට වසාදැමීමකින් ඉදිරිපත් වන ආර්ථිකමය ගැටළු ඉදිරිපත් කළ පුවත්පත් සමහරක්ද ඇතුළු දමිළ භාෂා පුවත්පත් මගින් ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නය වූයේ, වෛරසය පැතිර යෑම මැඩ පැවැත්වීම උදෙසා සමස්ත රටම වසා දැමීමක් මෙතෙක් සිදුකර නොමැත්තේ මන්ද යන්නයි. එහිදී රට වසාදැමීමක් සඳහා පක්ෂව කරුණු දැක්වී තිබුණේ, රෝගීන් හඳුනාගැනීම සහ වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම උදෙසායි.
පුවත්පත් මගින් ඉදිරිපත් කර තිබූ තවත් ශංකාවක් වූයේ, කොවිඩ්-19 කෙරෙහි අවධානය යොමුව ඇති අතරවාරයේදී 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කඩිනම් වීමට ඇති හැකියාවයි. වීරකේසරී මගින් මත දක්වා තිබුණේ, ජනතාව 20 වෙනි සංශෝධනයට වඩා මේ මොහොතේ කොවිඩ්-19 පොකුර කෙරෙහි සැලකිලිමත් වන බවටයි.
තවදුරටත්, වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා විශාල ඒකරාශී වීම් නවතා දමා ඇති නිසා, 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සංවිධානය කර තිබූ විරෝධතාවයන්ද පසුබට වී ඇත. එනිසා, වීරකේසරී මගින් පෙන්වා දෙන්නට යෙදුණේ, රජයට 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරගැනීම සඳහා මෙම තත්වය මගින් අවස්ථාවක් ලබාදීමට ඉඩ ඇති බවයි.