මහමැතිවරණය අවසන්ව තේරී පත්වූ නව මන්ත්රී්වරුන් සමගින් පාර්ලිමේන්තුව ලබන සතියේදී රැස්වීමට නියමිතව තිබේ. අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන පක්ෂ ඡන්ද ලබාගත් ආකාරය විමසා බැලීම වැදගත් වනුයේ මෙවර මැතිවරණය සුවිශේෂ වූවක් නිසාය.
එනම් එහිදී මෙතෙක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකක් ලෙස සැලකූ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැතිවරණයේදී පහළ බැස ඇති අතර, අලුතින් ආරම්භ කළ පක්ෂ මෙවර මැතිවරණයේදී ඉදිරියට පැමිණ ඇති බැවනි. ඒ අතරින්ද එක්සත් ජාතික පක්ෂයේ පසුබෑම පිළිබඳ සුවිශේෂී ලෙස අවධානය යොමුව තිබේ.
ලංකාවේ දේශපාලන පක්ෂැ ක්ර මයේ ආරම්භය සැලකූ විට ඉතා ඈත අතීතයක් එයට තිබේ. මෙරට පැරණිතම දේශපාලන පක්ෂලය වනුයේ 1935දී පමණ ආරම්භ කෙරුණු ලංකා සම සමාජ පක්ෂඑයයි. ඉන්පසුව, පක්ෂම විශාල ප්රපමාණයක් බිහි වූ අතර, මේ වනවිට පක්ෂ 70ක් පමණ ලියාපදිංචි කර තිබේ.
ප්රපධාන වශයෙන් ලංකාවේ පවත්නා දේශපාලන පක්ෂ්, දක්ෂි ණාංශික හා වාමාංශික වශයෙන් දෙකොටසකට බෙදිය හැකිය. මේ අතරින් මීට වසර 73කට පමණ පෙර ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂශය, ලංකාවේ බලගතුම දක්ෂිරණාංශික පක්ෂ ය වූ අතර, නිදහස් ලංකාවේ ප්රතථම ආණ්ඩුව පිහිටුවන ලද්දේද එම පක්ෂහය විසිනි
ව්යාුපාරිකයනට හිතැති ප්‍ර තිපත්තියක් අනුගමනය කරන පක්ෂයක් ලෙස එක්සක් ජාතික පක්ෂය සැලකෙන අතර, පෞද්ගලික අංශයට ප්‍රමුකස්ථානය ලබාදීම, එම පක්ෂකයේ මූලික ප්‍රතිපත්තිය වේ. පෞද්ගලික අංශය තුළින් මෙරට ධනෝපායන මාර්ග වැඩි දියුණු කරගත හැකිය යන්න එම පක්ෂ යේ විශ්වාසය වී තිබේ.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය ඇමෙරිකාව, බ්රි තාන්යෂය වැනි ධනවාදී රටවල් හා සමග කුලුපඟතාවක් පවත්වන ධනවාදී දේශපාලන ප්‍ර තිපත්තියක් අනුගමනය කරන පක්ෂයක් වන අතර, කෙසේ වුවත් දේශපාලන පක්ෂ ඉතිහාසය තුළ පක්ෂ කොපමණ තිබුණද මෙතෙක් බලයට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලකා නිදහස් පක්ෂපයත් පමණි .
මහින්ද රාජපක්ෂ මහතා 2015 දී ලද පරාජය සමගින් ශ්රීග ලංකා පොදු ජන පෙරමුණ පිහිටු වීමෙන් අනතුරුව එම තත්ත්වය වෙනස් වූ අතර, එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඇති කෙරුණු සමගි ජන බලවේගය නිර්මාණය කිරීමත් සමගම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය.
එක්සත් ජාතික පක්ෂය නිර්මාණය වීමෙන් පසුව එයින් මුලින්ම ඉවත් වූයේ ශ්රීනලනිපයේ නිර්මාතෘවරයා වූ එජාපයේ ආරම්භක සාමාජිකයෙකු වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාය. ඒ මහතා එජාපයෙන් ඉවත්ව ශ්රී් ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගත්තේය. ඉන් පසුවද වරින් වර විවිධ පිරිස් එක්සත් ජාතික පක්ෂය හැරගොස් විවිධ දේශපාලන ව්යාදපාර පිහිටුවා ගත් අතර, ඇතැම් ඒවා සාර්ථක වූවා සේම ඇතැම් ඒවා අසාර්ථක විය.
කෙසේ වුවද ප්‍රථම ජාතික රාජ්‍ය මන්ත්‍රණ සභාව, දෙවැනි ජාතික රාජ්යා මන්ත්රැණ සභාව ආදියේ සිට මේ දක්වා ව්යේවස්ථාදායකය (පාර්ලිමේන්තුව) නියෝජනය කර තිබෙන එකම පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය හැඳින්විය හැකිය.
1977දී ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වය සමග බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් ලබා ගැනීමට හැකිවූ අතර, එය එක්සත් ජාතික පක්ෂයේ උච්චතම අවස්ථාව ලෙසද පෙන්වා දීමට පුළුවන. එම බලය භාවිත කරමින් ජේ.ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ක්රුමය ආරම්භ කිරීම, නව මැතිවරණ ක්රජමයක් ෙලස හඳුන්වාදී , විවෘත ආර්ථික ක්රයමය හඳුන්වා දීම ආදී කටයුතු රැසක් සිදුකළ අතර, ඉන් පසුව එක්සත් ජාතික පක්ෂය ව්යලවස්ථාදායකය තුළ නියෝජනය කළේ මෙලෙසිනි.
1989 පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මන්ත්රීක ආසන 110ක් ලබාගත් අතර, ජාතික ලයිස්තු මන්ත්රී් ධුර 15ක් හිමිවිය. ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීව ආසන 125ක බහුතරයක් ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවිය. 1994දී පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 81ක් හිමිකරගත් අතර ජාතික ලයිස්තු මන්ත්‍රී5 ධුර 13ක් එවර එක්සත් ජාතික පක්ෂයට හිමිවීමත් සමග පාර්ලිමේන්තුවේ මන්ත්රීහ ආසන 94කට එක්සත් ජාතික පක්ෂය සීමා විය.
2000 වර්ෂයේදී පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය මන්ත්රීත ආසන 77ක් දිනාගත් අතර ජාතික ලයිස්තුවෙන් හිමිවූ මන්ත්‍රී ආසන 12ත් සමග එවර පාර්ලිමේන්තුවේ මන්ත්රීත ආසන 89ක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය විය. නැවත 2001දී පැවැති මහ මැතිවරණයෙන් මන්ත්රීන ආසන 96ක්ද ජාතික ලයිස්තු මන්ත්රීි ධුර 13ක්ද හිමිකර ගැනීමට සමත් වූ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුෙව් මන්ත්‍රී ආසන 109ක බහුතරයක් දිනා ගැනීමට සමත් විය.
යළිත් 2004දී පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මන්ත්රී් ආසන 71ක් ලබාගත් අතර, ජාතික ලයිස්තු මන්ත්‍රී4 ආසන 11ක්ද හිමිවීමෙන් පාර්ලිමේන්තුවේ ආසන 82ක් එක්සත් ජාතික පක්ෂයට හිමි විය.
2010 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ආසන 51 දක්වා පහළ බැසීමකට ලක් වූ අතර, ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර 09 සමගින් සමස්ත මන්ත්‍රී5වරුන් ගණන 60ට සීමාවිය.
2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී1 ආසන 93ක් දිනාගත් අතර, ජාතික ලයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රී ආසන 13ද සමගින් සමස්ත මන්ත්රී් ආසන 106ත් දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්විය.
මෙවර 2020 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් කොටසක් වෙන්වී ගිය පසුවය. ඒ අනුව මෙවර මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය යොමු වූයේ &අලුතින් හිතන එකම නායකයා* සහ &එදත් අදත් හෙටත් රට අඳුනන අලියා* යන සටන් පාඨද සමගිනි.
කෙසේ වුවද මෙතෙක් පාර්ලිමේන්තුවේ මන්ත්රී් ආසන යම් ප්රනමාණයක් හෝ නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයෙන් කිසිදු ආසනයක් දිනා ගැනීමට නොහැකි විය. මෙවර එක්සත් ජාතික පක්ෂය දිනාගත් සමස්ත ඡන්ද ප්‍ර මාණය 249 435ක් වූ අතර, එය ප්රකතිශතයක් ලෙස 2.15෴ක් දක්වා අඩුවිය.
රටේ පාලන බලය හෙබ වූ එක්සත් ජාතික පක්ෂය මෙවර සිවුවැනි බලවේගය බවට පත්වී ඇති අතර, මෙවර ජාතික ලයිස්තුවෙන් පමණක් එක් මන්ත්රීෙ ආසනයක් ඔවුනට හිමිවී තිබේ. එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ගොස් සමගි ජන බලවේගය නිර්මාණය කරගත් සජිත් ප්රේිමදාස මහතා ඇතුළු පිරිස මෙවර මහ මැතිවරණයේදී ඡන්ද 2,771,988ක් හිමිකරගත් අතර, එය ප්රමතිශතයක් ලෙස 23.98෴කි. සමගි ජන බලවේගය මන්ත්රී් ආසන 47ක් හිමිකරගත් අතර, ජාතික ලයිස්තු මන්ත්රීස ආසන 07ක් හිමිකරගෙන තිබේ.
ලද පරාජය සමග එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සිට වෙනස්කම් රැසක් සිදුවිය යුතු බව එම පක්ෂයේ සමාජිකත්වය දරන හිටපු පාර්ලිමේන්තු මන්ත්රීේවරු පවසති. ඒ සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරන බවද ඔවුහු සඳහන් කරති.
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්රිමසිංහ මහතා මෙවර මහමැතිවරණයට පෙර %අද^ පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේදී පැවසූයේ සාම්ප්රවදායික දේශපාලනය දැන් අවසන් වී ඇති බවයි. ඔහු පැවසූ දෙය මෙවර මැතිවරණ ප්ර්තිඵලය සමග සන්සන්දනය කර බැලිය හැකිය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වික්රමමසිංහ මහතා මෙසේද පැවසීය.
&රාජ්යව පාලනයට තරුණ පරපුර පැමිණිය යුතුයි. තරුණ පරපුරට මේ දේවල් දෙන්න අවශ්යරයි. නමුත් ඔවුන් එය භාර ගන්න කලින් ඒ සඳහා පළපුරුද්ද ඇති කරගත යුතුයි. තරුණයෝ මේ තනතුරුවලට ඒම වළක්වන්න බැහැ. අපි තරුණයන්ව ඉදිරියට ගෙන ආ යුතුයි. දැන් කොහොමත් අපි මේව අනික් පරපුරට භාරදෙන්න වෙලාව හරි. ඒ පසුබිමත් ඇතිකරගෙන අපි ඉදිරියට යා යුතුයි.
කෙනෙක් පළපුරුද්ද නැතිව ඉදිරියට ගියොත් වැඩිහිටියන්ගෙන්, සමාජයෙන් ඉගෙන ගන්නේ නැත්නම් ඒකෙන් ලේසියෙන්ම පහළ වැටෙනවා. මම අපේ පක්ෂයට කියලා තියෙන්නේ පාලනයට සුදුසු එක්කෙනෙක් නෙවෙයි කණ්ඩායමක්ම සකස් විය යුතුයි කියලා. මොකද එක්කෙනෙකුට නායකයෙක් වෙන්න පුළුවන්. නමුත් කණ්ඩායමක් අවශ්‍ය වෙන්නේ පක්ෂය සහ ආණ්ඩුව සාර්ථකව ඉදිරියට ගෙන යාමටයි. ඒක කරන්න බැරි නම් තනිවම පුද්ගලයන් පෙන්නලා වැඩක් නැහැ. මම කියන ආකල්පයෙන් බැහැර වෙලා අපි කියන ආකල්පයෙන් වැඩ කළ යුතුයි.
ඒ වගේම කොහොමත් යන්න වෙලාව එනවා. එතකොට යන්න ඕන කලකිරිලා නෙවෙයි සතුටින්. දේශපාලනයට ඇවිත් කලකිරිලා යන අයත් ඉන්නවා. සතුටින් යන අයත් ඉන්නවා. මම දේශපාලනයෙන් ඉවත් වෙනවා නම් ඉවත්වෙන්න කැමති සතුටෙන්. කොහොම වුණත් මම බෞද්ධයෙක් හැටියට සතුට, කලකිරීම කියල දෙයක් නැහැ. මැදුම් පිළිවෙත අනුව කටයුතු කරනවා. යනුවෙනි.
කෙසේ වෙතත් රටට නිදහස හිමිකර ගැනීමට නායකත්වය සැපයූ ඩී.එස් සේනානායක මහතාගෙන් ආරම්භ වූ එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ කුමන ආකාරයෙන් නිරූපණය කරනවාද නැද්ද යන්න තීරණය කිරීම එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ සාමාජිකයන් සතු කාර්යයි. එම නිරූපණය අනුව ප්ර්තිචාර දැක්වීමට ඡන්ද දායකයන්ද කටයුතු කරනු ඇත.