පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වී සති දෙකක් ගතවෙමින් තිබේ. මේ වනවිට ආරක්ෂක අංශ ඉතාමත් යුහුසුලුව රට තුළ ආරක්ෂාව ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටියි. මේ අතර රටේ නායකයන් යැයි කියාගන්නා සියලු පාර්ශ්ව මේ සම්බන්ධයෙන් එකිනෙකාට ඇඟිල්ල දිගුකරමින් වගකීම් පැහැරහැර සිටිති. ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති බිය මෙතෙක් පහව ගොස් නොමැත. මෙවැනි තත්ත්වයක් හමුවේ රජය ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් අපි විමසුවෙමු.
මෙවැනි ප්‍රහාරයක් රට තුළ සිදුවුණේ කුමන හේතුවක් නිසාද?
මේ ප්‍රහාරය ඇතැම්විට ලංකාවේ දේශපාලනයේ අලුත් සූෂම දර්ශයක් වෙන ප්‍රහාරයක් වෙන්න පුළුවන්. ඒ මොකද අපේ දේශපාලනයේ පහුගිය සියවස ගත්තොත් මුල් කාලයේදී අපේ ක්‍රියාදාමය වුණේ වම දකුණ භේදය. ධනවාදයද? සමාජවාදයද කියන ප්‍රශ්නය තිබුණේ. ඒ මත තමයි ලංකාවේ දේශපාලනය ක්‍රියාත්මක වුණේ. එජාපය, ශ්‍රීලංනිපය, සමසමාජය, ඒ වගේ දේශපාලන මිනුම්දඬු වුණේ එයයි. එහි කූටප්‍රාප්තිය තමයි ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලය. සමාජවාදී රාජ්‍යයක් පිහිටුවන්න අවශ්‍යයි කියලා රටේ උගත් තරුණ පිරිසක් සිදුකරපු අරගලය තමයි ඒ ජනතා විමුක්ති පෙරමුණේ අරගලය. 1983 ජූලි කෝලහලයත් සමග එයට තිත තැබුණා.
එතෙක් කාලයක් අතුරු දහරාවක් විදිහට තිබුණු දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය ප්‍රධාන මිනුම්දණ්ඩ බවට පත්වුණා. ප්‍රභාකරන්ට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන දේ මත තමයි ලංකා දේශපාලනයේ අනිකුත් තත්ත්වයන් තීරණය වුණේ. විදේශීය වශයෙන් ඉන්දීය හමුදාවේ මැදිහත්වීම ආදී මේ හැම අවස්ථාවකම සෙසු දේශපාලන පක්ෂවල හැමෝගෙම මිනුම්දණ්ඩ වුණේ ප්‍රභාකරන් හා දෙමළ බෙදුම්වාදයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන කාරණය. ඒ ක්‍රියාදාමය ඒ විදිහට ගිහින් එල්ටීටීඊය යුදමය වශයෙන් බිඳවැටීමත් සමග එහි කූටප්‍රාප්තිය 2009 දී සිදුවුණා. නමුත් ඊට පසුවත් එයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද, දේශපාලන විසඳුම කුමක්ද, ව්‍යවස්ථා විසඳුම කුමක්ද? කියමින් අපි වසර 10ක් විතර කටයුතු කළා.
මේ අතරේ තවත් අතුරු දහරාවක් ක්‍රියාත්මක වුණා. ඒ තමයි මේ රටේ ඉස්ලාමීය රැඩිකල්කරණය. ඉස්ලාමීය රැඩිකල්කරණයේ කූටප්‍රාප්තිය ලෙස අපිට තවුහීද් ක්‍රියාකාරීන්, අයිඑස්අයිඑස් ත්‍රස්තවාදයේ පාස්කු ඉරිදා ප්‍රහාරය සලකන්න පුළුවන්.
මෙම ආගමික අන්තවාදය මුලිනුපුටා දැමීමේ කටයුතු වේගයෙන් සිදුකිරීමට රජය කටයුතු කරනවාද?
මෙම සිදුවීම අපි කළමනාකරණය කරන ක්‍රමය මත මෙය අපේ දේශපාලන කුණාටුවේ සිදුවුණ තව එක පුංචි සිදුවීමක් කියලා අමතක කරන තත්ත්වයක් හදාගන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් මෙය ඉදිරි දශකයේ හෝ දශක කිහිපයේ ලංකා දේශපාලනයේ මිනුම්දණ්ඩ බවට ආගමික ඝට්ටනය බවට පත්කරගන්නත් පුළුවන්.
එසේ පැවසීමට හේතු මොනවාද?
එයට කරුණු කිහිපයක් තිබෙනවා. එකක් තමයි මේ ක්‍රියාවලියට මැදිහත් වුණ පාර්ශ්ව දෙක වන ක්‍රිස්ත්‍රියානි පාර්ශ්වය හා ඉස්ලාම් පාර්ශ්වය. මේ දෙකම අතීතයේ වාමාංශික දේශපාලන දක්ෂිණාංශික ගැටුමේදී හෝ දෙමළ බෙදුම්වාදී ගැටුමේදී ප්‍රධාන නළුවන්ගේ භූමිකාව කරපු අය නෙවෙයි. ප්‍රධාන භූමිකාව තිබුණේ සිංහල, දෙමළ අතර. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ලේදීත් මේ පාර්ශ්ව දෙක ලොකු මැදිහත්වීමක් සිදුකළේ නැහැ. මෙවර මේ ඝට්ටනය උඩට ඇවිත් තිබෙනවා. එයට හේතුවුණ කරුණු මොනවද? ඒවා තමයි ලංකාවේ ඉස්ලාම් සමාජයේ අනුක්‍රමයෙන් ඇතිවුණ රැඩිකල්කරණයේ ක්‍රියාදාමය. පසුගිය 19 වැනි 20 වැනි සියවස්වල ලංකාවේ තිබුණු ඉස්ලාම් සමාජය බොහෝදුරට සාම්ප්‍රදායික සමාජයක් වුණා. ලංකාවට මුස්ලිම්වරු ඇතුල් වෙලා තිබුණේ වෙළෙන්දෝ ලෙස මිසක් ආක්‍රමණිකයෝ හැටියට නෙවෙයි.
වහාබ්වාදයට රට ගොදුරු වීමට පාර කැපුණේ කෙසේද?
ඉන්දියාවෙන් පාකිස්තානය වෙන්වී යාමත් සමග ඉන්දියාව තුළ කුරානය පිළිබඳ ඇතිවුණු ක්‍රියාදාමය නිසා කුරානය හරහා හැඩගැසීම් කළ යුතුයි කියන සංකල්පයෙන් තබ්ලික් ජමාත් ව්‍යාපාරය වන ඉස්ලාමීය උගතුන්ගේ ව්‍යාපාරයක් ඇතිවුණා. ඒ නිසා ලංකාවේ ඉස්ලාම් සමාජයේත් වෙනසක් ඇතිවුණා. කුරානය කියවන්න , කුරානයේ හැටියට ජීවත් වෙන්න ඕන කියන දේවල් ගැන කතාබහ වුණා. සෞදි ආරාබියානු වහාබ් ආගමේ බලපෑම සමග මේ ක්‍රියාදාමය පහුගිය දශක කිහිපය තුළ තවදුරටත් ව්‍යාප්ත වුණා. වහාබ්වාදයට ලංකාව ගොදුරු වෙන්න කරුණු කිහිපයක් බලපෑවා. ලංකාවේ අය සෞදි ආරබිය වගේ රටවල්වලට ගියවිට එහි තියෙන මුස්ලිම් සමාජය අනුකරණය කරන්න පුරුදු වුණා. ලංකාවේ මුස්ලිම් සමාජය අරාබිකරණය වුණා. අරාබි විදිහට අඳින්න, අරාබි භාෂාව කතා කරන්න සිංහල, දෙමළ අමතක කරලා දාන්න, අරාබි කෑම කන්න පුරුදු වුණා. ලංකාවේ නීතිය වෙනුවට ශරියා නීතිය අනුගමනය කරන ක්‍රියාවලියක් ආරම්භ වුණා. ලංකාවට පැමිණි වහාබ්වාදය සෞදිය හා අනිකුත් තැන් අනුගමනය කළත් ලංකාවේ දෙමළ කතාකරන මුස්ලිම්වරුන්ට ඉන්දියාවේ තමිල්නාඩුව කේරළය වගේ ප්‍රදේශ තුළින් විශාල බලපෑමක් සිදුකර තිබෙනවා. තවුහීද් ජමාත් ව්‍යාපාරය කියන්නේ තනිකරම දකුණු ඉන්දියාවේ නිෂ්පාදනයක්. ඒ වගේම ඊශ්‍රායල් පලස්තීන ගැටුම, ඊට පසුව ඇතිවුණ ඇෆ්ගනිස්තාන ගැටුම ඒ නිසා එළියට ආපු තලෙයිබාන් ව්‍යාපාරය, එහි ප්‍රතිඵලයක් විදිහට ආපු අල්කයිඩා, ඉරානය, සෞදි අරාබිය වගේ ඉස්ලාමීය රාජ්‍ය දෙකක් බිහිවීම, මේ රාජ්‍ය දෙක අතර තිබෙන තරගය, ඔවුන් සතු තෙල් අරමුදල් තමන්ගේ ආගම ව්‍යාප්ත කිරීමට යෙදවීමට පටන් ගත්තා.
අරාබි ව්‍යාප්තිය හරහා ඉස්ලාම් ව්‍යාප්තිය ගැන පල්ලි සෑදීම, මුස්ලිම් ජනගහනය වැඩි වීම, යුරෝපයට ගියත් ඇෙමරිකා එක්සත් ජනපදයට ගියත් මේ දේ ගැන කතා වෙනවා. මෑතකදී පැවැති ස්පාඤ්ඤ මැතිවරණය, ප්‍රංශයේ ජනාධිපතිවරණයේදී, යුක්රේන හා ඉන්දියානු මහ මැතිවරණවලදී මේ ගැන කතා වෙනවා. සිරියාව, ඉරාකය මුසුන් නගරය මුල්කරගෙන බිහිවෙච්ච සුන්නි අයිසිස් කලිබාතය මේත් එක්ක ගොඩනැගුණු ක්‍රියාදාමයක්. ඒ වගේම 1986, 1987 වගේ කාලේ ඇතිවූ දේශපාලන ක්‍රියාදාමය නැගෙනහිර කාන්තන්කුඩි ප්‍ර‘දේශයේ ඇතිවුණු ගැටුම් නිසා. එතෙක් දෙමළ එක්සත් පෙරමුණේ වෙනම රාජ්‍යයක් ලෙස පෙනී සිටි ඇතැම් මුස්ලිම් නායකයන් එච්.එම් අෂ්රෆ් වැනි අය කුරානය මත පදනම් වුණ, නැගෙනහිර පළාත මත පදනම් වුණ මුස්ලිම් කොංග්‍රසය නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවනවා. මේ මුස්ලිම් කොංග්‍රසය බස්නාහිර පළාතට උතුරු පළාතට ක්‍රමයෙන් ව්‍යාප්ත වෙනවා. 1994 දී පමණ අෂ්රෆ් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් දේශපාලනය කේවල් කරන්න පටන් ගත්තා.
පසුගිය කාලයේ විල්පත්තු අරුවක්කාලු කසළ රදවනයට ඇතිවුණ විරෝධය වැනි දේවල් වලින් ලංකා රාජ්‍ය සමග කරන අන්තවාදී කේවල්කම් දැකගන්න පුළුවන් වුණා.
අයිඑස්්අයිඑස්් (ISIS) බලපෑමට ලංකාව නතු වුණේ කොහොමද?
ජාත්‍යන්තර ප්‍රචණ්ඩ ක්‍රියාදාමයකට යා යුතුයි කියමින් මුස්ලිම් සමාජය තුළ ඇති වෙච්ච මතවාදයක් 2012 - 2013 අතර කාලයේ යම් ගිනිපුපුරු තිබ්බා. නිලාම් නමින් මහනුවර ප්‍ර‘දේශයේ පුද්ගලයෙකු හා ඔහුගේ පවුලේ උදවිය සිරියාවේ සටන් පුහුණු වෙන බවට ලංකාවට තොරතුරක් ලැබුණා.
ඒ තොරතුරු මත අයි.එස් ත්‍රස්තවාදීන්ගේ කුඩා කණ්ඩායමක් ලංකාවේ මුස්ලිම් සමාජය තුළ පිළිකා සෛලයක් ලෙසින් ක්‍රියාත්්මක වුණා. මතුපිටින් විශාල ගැටුම් ඇතිවුණේ නැහැ. සුළු සුළු දේවල් සිදුවුණත් ඒ පිළිබඳ අවධානයක් යොමුකළේ නැහැ. බේරුවල ප්‍ර‘දේශයේ මිනිස්සු මැරීම, හලාල් සහ බොදුබල සේනා වැනි ප්‍රශ්න එක්ක මේක ආවා. අලුත්ගම, දිගන, අම්පාර ප්‍ර‘දේශවලිනුත් යම් යම් ගැටුම් ඇති වුණා. නමුත් ඒ ගැටුම්වලට කිසිම සම්බන්ධයක් නැතුව තමයි අයි.එස් පිළිකා සෛලය වැඩෙන්නෙ. දකුණු ඉන්දියාවෙන් තව්හීද් ජමාත් එක්ක ගැටගැසුණු අන්තර්ජාතික තව්හීද් හා ජිහාඩි ව්‍යාපාරයක් පැමිණීමත් සමග මේ ප්‍රවාහ දෙකේ එකතුවෙන් තමයි මේ සන්නද්ධ කණ්ඩායම ඇතිවෙන්නේ. අයි.එස්. පුහුණුව ලබපු පිරිස සහ අන්තර්ජාතික ජමාත් ව්‍යාපාරය එක්ක ගොඩනැගුණු සන්නද්ධ කණ්ඩායම් දෙක තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකරන්නේ.
මේ පිළිබඳ මුස්ලිම් සමාජය රජයට දැනුම් දුන්නා යැයි ඔවුන්ගේ ඇතැම් සංවිධාන පවසනවා?
මේත් සමග සිද්ධි කීපයක් ඇති වෙනවා. අයි.එස්. සම්බන්ධ අනතුරු ඇඟවීම සහ සහරාන්ගේ ක්‍රියාකාරීත්වය ඉතා පැහැදිලි අභියෝගාත්මක එකක් විදිහට 2013, 2014 වර්ෂවල ලැබෙනවා. මුලින් තවුහීද් ජමාත් සංවිධානය අභියෝග කළේ කතෝලික ජනතාවට නොවෙයි සාම්ප්‍රදායික මුස්ලිම් පල්ලිවලට. ඔවුන්ට වුවමනා වුණේ සහරාන් හා ඔහුගේ ක්‍රියාකාරීත්වය රාජ්‍යය ලවා සම්පූර්ණයෙන් මර්දනය කිරීමට. වවුනතිව්වල දෙදෙනෙකුගේ මරාගෙන මැරීමක් සිදු වෙනවා. අපි හිතන්නේ එල්.ටී.ටී. ප්‍රහාරයක් කියලා. නමුත් එය සහරාන් හෂීම්ගේ ක්‍රියාවක්. ඒක අපේ වැරදි නිගමනයක්.
ඊළඟට මාවනැල්ලේ බුදුපිළිම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයා සිරියාවේ පුහුණුව ලැබූ අයෙක්. බොදුබල සේනාවට විරුද්ධව සිදුකළ දෙයක් යනුවෙන් අපගේ වැරදි නිගමනය නිසා තමයි මේ ප්‍රශ්නය මෙතරම් දුරදිග ගියේ. මුලින්ම ක්‍රිස්තියානි දේවස්ථානවලට හානි සිදු කිරීම් ආරම්භ වන්නේ පාස්කු දිනය වගේම නත්තල් දිනයේ. එනම් 2018 වර්ෂයේදී. බුදුපිළිමවලට හානි කිරීමෙන් තමයි මේ පිළිබඳ හෙළිදරව් වුණේ. ඒත් සමග කබීර් හෂීම්ගේ ලේකම්ට වෙඩි තබනවා. අපි මේ හැම එකක්ම නිවැරදිව හඹා නොගිහින් සිටීම තමයි මේ සියල්ලටම මුල. 2017 වසරේ පල්ලියක මිනිසුන්ට ගහලා සහරාන් හෂීම්ට නඩුවක් තියෙනවා. මුස්ලිම් දේශපාලනඥයන් ඇතුළු බොහෝ දෙනෙක් කිව්වෙ මෙවැනි අයි.එස්. සංවිධානයක් මේ රටේ නෑ කියලා. මේ වසරේ පෙබරවාරි මාර්තු මාසවල මාවනැල්ල බුදුපිළිම ප්‍රශ්නය, අරුවක්කාරු පුහුණු කඳවුරු සැකකරුවන් අත්අඩංගුවට ගත්තම ඥාතීන් සමග පැමිණ ඇපවෙලා කිව්වේ මේ අය නිදහස් කරන්න කියලා. ඒ තුළින් මෙය වසාගැනීමක් සිදුවුණා. අපට විදේශ තොරතුරක් මාර්ගයෙන් අප්‍රේල් 04 ප්‍රහාරයක් සිදුවීම වාර්තා වෙනවා. පිලිපීනයේ පල්ලියක සිදුකළ ප්‍රහාරයක් වාර්තා වෙනවා. ඒ හා සමාන ප්‍රහාරයක් කේරළය, තමිල්නාඩුව, ආන්ද්‍රා ප්‍ර‘දේශයේ සිදුවීමත් එයට සම්බන්ධ පුද්ගලයන් 07 දෙනෙකු මෙරටේ සිටින බවට නම් සඳහන් වෙනවා. මේ ප්‍රහාරය හා ඒ සම්බන්ධ අයගේ නම් සියල්ල අපට දැන්වුවත් ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසයි මෙවැනි දෙයක් සිදුවූයේ. අප්‍රේල් 16 පුපුරන ද්‍රව්‍ය අත්හදා බැලීමක් සිදුකරනවා කාන්තන්කුඩි ප්‍ර‘දේශයේ. අපේ අය මේ පිපිරීම් පරීක්ෂා කිරීමට ගියත් එය ගණන් ගන්නේ නැහැ. සහරාන් හෂීම්ගේ ක්‍රියාකලාපය එළිපිට සිදුවන්නක් මිසක් සැඟවී කිරීමක් නොවේ. වවුනතිව්, මාවනැල්ල, අරුවක්කාරු පුහුණු කඳවුර, කාත්තන්කුඩි යන සියල්ලෙන් මේ බව මනාව පැහැදිලියි. මාස දෙකක් ඇතුළත 20 ලක්ෂයක මුස්ලිම් ප්‍රජාව අතරින් සැඟවී සිටින මෙම අන්තවාදී පිරිස හඳුනාගැනීම කරන්න ඕන. අරාබිකරණය වීම නවත්වා සිංහල මුස්ලිම්කරණය කරන්න ඕන. කතාවෙන්, කෑමෙන් බීමෙන්, ඇවතුම් පැවතුම්වලින් කරන්න ඕන. නිවැරදි ත්‍රස්තවාදීන් පෙන්වා දෙන්න ඕන සහ ත්‍රස්තවාදීන්ට උදවු කිරීමෙන් වැළකී සිටීම කරන්න ඕන. මෙතනින් මේක මර්දනය කරන්න ඕන.
මෙම ප්‍රහාරය හමුවේ රටට සිදුව ඇති බලපෑම කෙබඳුද?
මෙය සමස්ත ආර්ථිකයටම බලපෑමක් එල්ල කිරීමක්. ලංකාවට වැඩියෙන් සංචාරකයන් පැමිණෙන්නේ චීනය හා ඉන්දියාවෙන්. නමුත් බටහිර යුරෝපයේ පුරවැසියන් ප්‍රධාන ඉලක්කය වුණේ විදේශ මුදල් විශාල වශයෙන් මෙරටට පැමිණීම වැළැක්වීම. විසිපන් ලක්‍ෂයක් සංචාරකයන් ලංකාවට පැමිණීම වළක්වාලීමෙන් අපේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. සංචාරක ව්‍යාපාරය නැවැත්වීම තමයි ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය. මේ වසරේ ඩොලර් බිලියන පහක් බලාපොරොත්තු වුණා. මේ තුළින් යැපෙන විවිධ ක්‍ෂේත්‍රවල පිරිසට මෙයින් දැඩි ප්‍රහාරයක් එල්ල වුණා. ලංකාවට තිබෙන ආයෝජන මාර්ග වැළැක්වීම, ලංකාව පිළිබඳ විදේශ රටවල පැවැති විශ්වාසය බිඳවැටීමක් කිරීම හා ඒ සියල්ලෙන්ම රට අස්ථාවර කර බිඳවැටීමක් කිරීම තමයි ප්‍රධාන අරමුණ වුණේ. රාජ්‍ය‘යේ ආරක්‍ෂාව නොමැති වීමෙන් ඇති හැකි අය රටින් පිටවීමට උත්සාහ දැරීමත්, තවත් පිරිසක් ගමන් බිමන් සීමා කරමින් තමන්ගේ වැඩ කිරීමත් තවත් පිරිසක් මේවාට ප්‍රතිචාර දැක්වීමට පෙළඹීමක් සිදු වුණා.
උදාහරණයක් ලෙස ඉන්දියාවේ ශිවසේනා ව්‍යාපාරය බිහිවීමත්, එල්.ටී.ටී.ඊ. හිටපු අය කියන්නෙ ආරක්‍ෂක හමුදා තියාගෙන ඉස්ලාම් අන්තවාදය තමයි ප්‍රශ්නයක් වෙන්නෙ කියලා. ක්‍රිස්තියානි ප්‍රජාව ලංකා ඉතිහාසයේ ආර්ථිකයට මැදිහත් වුණේ නෑ. ඒ සමාජය දැන් දැඩිව දේශපාලනික බල කණ්ඩායමක් ලෙස ඉදිරියට එනවා. මේවා කළමනාකරණය අත්‍යවශ්‍යයි. ඉදිරි මාස කිහිපයේදී දේශපාලනික වශයෙන්, ආර්ථික වශයෙන්, නීතිමය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් සක්‍රියව ඇතිකර ගන්න අවශ්‍යයි. ලංකාවේ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරපු අය මේ ප්‍රහාරය නිසා ආපසු යයි කියලා ඇතැම් අය හිතුවා. එහෙම වෙලා නැහැ. කිසිම කෙනෙක් ආපසු ගිහින් නැහැ. මේ ප්‍රශ්නය පාලනය කරන්න පුළුවන් ප්‍රශ්නයක් කියලා හැමෝටම තේරිලා තියෙනවා.
යථා තත්ත්වයට පත්වීම සඳහා රජය මෙතෙක් වැඩපිළිවෙළක් සකස් කර නොමැතිද?
යම් වැඩපිළිවෙළක් රජයට යෝජනා කරලා තිෙයනවා. සමහර දේවල් දැනට කරගෙන යනවා. ලංකාවේ ප්‍රතිරූපය පැහැදිලි කරන්න ඕන විදේශ රටවලට. විදේශයෙන් අපට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අයි.එස්. සංවිධානය ලංකාවට පමණක් සීමා වූවක් නොවේ. ලෝකයේ බොහෝ රටවල ව්‍යාප්ත වූ සංවිධානයක්. ඉන්දියාවේ සහ මෑතකදී බංග්ලාදේශයේ පිපිරවීම්, චීනයේ, රුසියාවේ රාජස්තාන්වල, මොස්කව් නගරවල පිපිරීම්, යුරෝපයේ පැරීසිය, ලන්ඩනය, ස්පාඤ්ඤය, එක්සත් ජනපදයට, ආරාබිය, උතුරු අප්‍රිකාව වැනි බොහෝ ස්ථානවලට ප්‍රහාර සිදුකර තිබෙනවා. ඔවුන් එක්සත් ජනපදයට අමතක නොවන ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඔවුන් ආරබියේ යුද්ධ කරනවා. මේ හැම රටකටම ව්‍යාප්තවාදීන් සටන් කරනවා. ඒ නිසා මෙයට එරෙහිව හොඳ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. තොරතුරු හුවමාරු කරගත යුතුයි.
මුස්ලිම් ප්‍රජාව තුළින් මෙම පිළිලය ඉවත් කර ගැනීමට මුස්ලිම් නායකයන් ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද?
නැවත ඒ ප්‍රශ්නය ඇති නොවන බව අපි තහවුරු කරලා, මේ ත්‍රස්තවාදී පිළිල සෛලය මුස්ලිම් සමාජයෙන් අපි කපා දමා, නැවත ඒ පිළිල ඇති නොවන නිර්රැඩිකල්කරණය මුස්ලිම් සමාජය තුළ ගොඩනැගීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා මුස්ලිම් නායකයන්ට වගකීම් දෙකක් තිබෙනවා. එකක් මේ රට අරාබිකරණයෙන් මුදවා ගැනීමට ක්‍රියාකළ යුතුයි. ඒ වගේම නිර්රැඩිකල්කරණය තුළ ත්‍රස්තවාදී පිරිස් නීතිය ඉදිරියට ගේන්න ක්‍රියා කළ යුතුයි. මේ ක්‍රියාදාමයන් අපි සක්‍රීය විදියට අනුගමනය කළොත් ඉදිරි මාස කිහිපය තුළ මෙය පාලනය කරගන්න අපට පුළුවන්.
මෙම ප්‍රහාරයෙන් පසු ජනතාවගේ හැසිරීම ඔබ දකින්නෙ කෙසේද?
මේ තරම් ව්‍යවසනයක් රටට කරලා කිසිම කෙනෙක් ප්‍රතිචාර දක්වන්න නොයාම පිළිබඳ අපි රටේ ජනතාවට ස්තුතිවන්ත විය යුතුයි. මොකද අපි දන්නවා වෙනත් යුරෝපා රටවලදී පවා මෙවැනි ව්‍යවසනයක් වුණාම අවට මුස්ලිම් ප්‍රදේශවලට ප්‍රතිචාර දැක්වුවා. ඒ වගේම සමහර විට තනි පුද්ගලයන් ගිහින් ප්‍රහාර දියත් කළා. එවැනි දේවල් සිදු නොවීම ගැන අපි ජනතාවට ස්තුතිවන්ත වෙනවා. ලංකා ආණ්ඩුවට මේ වගකීම භාරදීලා තියෙනවා. ලංකා ආණ්ඩුව එය නිවැරදිව ඉටු නොකළොත් ප්‍රතිප්‍රහාර හැම තැනින්ම මතුවෙයි. ඒ නිසා මේ තත්ත්වය පාලනය කරගෙන මාස තුනක් ඇතුළත මෙය පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුයි.
මෙවැනි ප්‍රහාර සඳහා බෞද්ධ අන්තවාදය රුකුලක් වූ බවට ඇතැමුන් පවසනවා?
ලංකාවේ මේ වගේ ප්‍රශ්නයක් වුණාම කරුණු කිහිපයක් ගෙනහැර දක්වනවා. පළමු වැනි එක තමයි දේශපාලන ගැටුම්. එල්.ටී.ටී.ඊ.ය දළදා මාලිගාවට පහර දුන් අවස්ථාවේදී එල්.ටී.ටී.ඊ.ය තහනම් කළ යුතුයි කියලා කවුරුවත් කිව්වේ නැහැ. අපි විතරයි ඒක කිව්වේ. හැමෝම කිව්වේ අනුරුද්ධ රත්වත්තේ අස්විය යුතුයි කියලා. පටු, කැත තුච්ච දේශපාලනයක් තමයි ලංකාවේ තිබෙන්නෙ.
දෙවැන්න කුමන්ත්‍රණ න්‍යාය. මොනවාහරි වුණාම ලොකු කුමන්ත්‍රණයකින් මේක වුණා කියලා කියන්න හදනවා. එහෙම කියලා හතුරා හඳුනා ගන්න තියෙන සත්‍යය කලඹලා දානවා. ඇතැම් අය කිව්වා මේක සිංහල අන්තවාදීන් කරපු වැඩක් කියලත්.
ඒ වගේම සමාජ දේශපාලනය විග්‍රහය තුන්වැනියට සිදු කරනවා. මේක ඇතිවෙන්න ඇත්තතේ මෙහෙමයි, බොදුබල සේනා හේතු වුණා වගේ කතා. නමුත් මේ ප්‍රශ්නයට අයි.සිස්. එක උත්තර දීලා තියෙනවා. ඔවුන් කියනවා ක්‍රිස්තියානු හමුදාව ඔවුන්ගේ බගුවිශ් නගරය අල්ලා ගත්තා, අපි ඒකට ප්‍රතිචාර දැක්වුවා කියලා. ඔහු එහෙම කිව්වේ නැතිනම් බොහෝ දෙනෙක් මේ විදියේ සමාජ දේශපාලන විග්‍රහයන් කරනවා.
කොච්චිකඩේ, කාත්තන්කුඩි, මීගමුවේ මිනිස්සු ඉරාකයේ පහර දෙන්න ගියේ නැහැනේ. මේක ඉතාම පැහැදිලිව උමතු ඉස්ලාමීය මතයක්. අපි ඒක හොඳින් මතක තියාගත යුතුයි. ඒ උම්මත්තකයන් ඉවර කරන්න ඕන. ඒ උම්මත්තකභාවයට සමාජ දේශපාලන කතා පවත්වලා හරියන්නේ නැහැ.
මුස්ලිම් අන්තවාදය උගන්වන පාසල් සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කුමක්ද?
හතු පිපෙන්නා සේ ඇතිකර තිබෙන මද්‍රසා පාසල් සහ ඉස්ලාමීය විශ්වවිද්‍යාල අනිවාර්යයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ඇතුළත් විය යුතුයි. මුස්ලිම්වරු තමයි දෙවියන් වහන්සේගේ තෝරා ගැනීම කියන මතය ගේන්නේ මේ තුළින්. මේ විදිහට දරුවන්ගේ මොළ හෝදන මේ දේවල් නැතිකළ යුතුයි. ඒ වගේම වාලච්චේනේ හදන විශ්වවිද්‍යාලය එහි කොන්දේසි කඩකර තිබෙන්නේ. 2014 දී ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා සමග ඇතිකර ගත් එකඟතාව සම්පූර්ණයෙන් කඩකර තිබෙන්නෙ. එය රජයේ විශ්වවිද්‍යාලයක් බවට පත්කළ යුතුයි. ඒ වගේම මද්‍රාසා පාසල් සම්පූර්ණයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගත යුතුයි.
මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ සංවිධාන තහනම් කරන බව පැවසුවත් මේ වෙනකම් ඒවා තහනම් කරලා නැහැ. ඒ ඇයි?
අපේ රටේ හැටි එහෙම තමයි. හදිසි නීතිය දාන්න කිව්වා, ඒකට කල්ගියා. මේක තහනම් කරන්න කියලා කිව්වා ඒක කල්ගියා. මෙම ත්‍රස්ත කියාවලට සම්බන්ධ තවත් සංවිධානවල තොරතුරු ලැබිලා ඒවා හොයනවා කියලා ආරංචියකුත් තිබෙනවා. කෙසේ නමුත් ඒ තීරණය අරගෙන තිබෙනවා. ඒක අපි අගය කරනවා. මේ තීරණය මත මේ සංවිධාන තහනම් කරන්න ඕන. මේ පල්ලි නීතිවිරෝධී කරලා ඒවා තහනම් කරන්න ඕන. තවුහීද් ජමාත් ව්‍යාපාරය මේ රටේ මුලින් උපුටා දාන්න ඕන. ඒ වගේම එයට ආසන්නයෙන් වැඩ කරන පිරිස් ඒ සම්බන්ධයෙන් දැඩිව විමර්ශනය කරන්න අවශ්‍යයි.
මෙවැනි අවස්ථාවක පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ජනතාව අතර විවේචනයක් ඇතිවී තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
අනාරක්‍ෂිතභාවය පිළිබඳ ප්‍රශ්නයක් මිනිසුන්ට තිබෙනවා. සුරක්‍ෂිතතාව ඇතිකිරීම සඳහා රජය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ සඳහා හොඳ පුහුණුවක් සහිත අය අපට ඉන්නවා. එල්.ටී.ටී.ඊ.ය පරාජය කළා වගේ එකක් නෙවෙයි මෙය. කාලතුවක්කු ත්‍රස්තවාදයක් මෙතැන නැහැ. කොහොම වුණත් රටට පුපුරන ද්‍රව්‍ය සහ මත්කුඩු ගෙන ඒම වැළැක්වීමට හොඳ නාවික වැටක් ඇතිකළ යුතුයි. නාවික හමුදාව බලගතු ලෙස ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම මෙය ව්‍යාප්ත වන ප්‍රධානම ස්ථානය තමයි අන්තර්ජාලය. එය තහනම් කිරීම නෙවෙයි කළ යුත්තේ, අන්තර්ජාලය නියාමනය කරමින් අන්තර්ජාලය තුළ මොවුන්ගේ ක්‍රියාකාරකම් විමර්ශනය කරමින් ඔවුන්ව දඩයම් කිරීමට අපිත් භාවිත කළ යුතුයි. ඒ වගේම නිර්අරාබිකරණයෙන් ශ්‍රී ලාංකියයන් බවට පත්වීමට සමාජය විසින් දැඩි බලපෑමක් එල්ල කළ යුතුව තිබෙනවා.
ඒ වගේම මේ රටේ නිපුණතාවට, කුසලතාවයට මුල් තැන නොදීම නිසා ඇතිවෙලා තිබෙන තත්ත්වය මෙතැනින් පැහැදිලි වෙනවා. නිපුණතාවට, කුසලතාවට මුල්තැන නොදීම නිසා සැහැල්ලු, හානිකර, වැඩ බැරි දේශපාලකයෝ පිරිසක්, නිලධාරීන් පිරිසක් පත්වෙනවා. වැඩ පුළුවන් පිරිස් ඕනතරම් ඉන්නවා. මේ පිරිස හරියට හඳුනාගෙන අදාළ තැන්වල ස්ථානගත කර ජාතියක් හැටියට ප්‍රතිචාර දැක්වීම කළ යුතුයි. දේශපාලන භේද ඇතිව මෙය විසඳන්න බැහැ. එය මතක තියාගෙන කටයුතු කළ යුතුයි. ඒ වගේම ආගමික උම්න්තකවාදය පරාජය කිරීමට බලගතු සමාජ ව්‍යාපාරයක් අවශ්‍යයි.