සිංහල සහ දෙමළ භාෂා පුවත්පත් වාර්තා සැසඳුම
අවසන් සතිය තුල ආවරණය වූ පුවත්වල බෙදීයාම
පසුගිය සතියේ දමිළ භාෂා පුවත්පත් මගින් ප්‍රධාන කරුණු තුනක් කතිකාවට ලක් කොට තිබිණි. ඒවා නම්, (1) යෝජිත 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය, (2) සැප්තැම්බර් 26 දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අතර පැවැත්වුණු ද්විපාර්ශවික වීඩියෝ සමුළුව කරණ කොට ගනිමින් රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකරගේ මූලිකත්වයෙන් යුතුව රජයේ ඇතැම් අයවලුන් විසින් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එල්ල කළ විවේචන, සහ (3) රාසයියා පාර්තිපන් (නොහොත් තිලීපන්) අනුස්මරණය කිරීම වැළැක්වීමට ගත් පියවර සම්බන්ධයෙන් උතුරේ සහ නැගෙනහිර පැවැත්වුණු හර්තාලයන් වේ.
සුළුතර-බහුතර ගැටළුවක්ද?
පසු ගිය සති වලදී දමිළ භාෂා පුවත්පත් මගින්, යෝජිත 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සුළුතර ප්‍රජාවන්ට සිදුවන අහිතකර බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට යෙදිණි. කෙසේ වෙතත් පසුගිය සතියේ යෝජිත 20 වෙනි සංශෝධනයෙන් සුළුතරයන්ට වනබලපෑම පිළිබඳව වන සාකච්ඡාව වීරකේසරී වෙත පමණක් සීමා වි තිබූ අතර, වීරකේසරී මගින් එහිදී සඳහන් කර තිබුණේ, සුළුතරයන් 20 වෙනි සංශෝධනයෙන් ඈත්ව සිටිය යුතු බවයි.
මෙය, පසුගිය සතිවල දමිළ භාෂා පුවත්පත් මගින් යෝජිත 20 වෙනි සංශෝධනය මගින් සිංහල-බෞද්ධ ජාතිකවාදය ස්ථිරසාර කොට සුළුතර ප්‍රජාවන් ඈත් කරනු ඇති බවට දැක්වුණු මතයන්ගෙන් වෙනස් වූවකි. එසේම වීරකේසරී මගින් සඳහන් කරන්නට යෙදුණේ, අතීතයේ සහ වර්තමානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වූ සංශෝධනයන් මගින් සැලකිල්ලට ගනු ලැබ ඇත්තේ බහුතරයේ අවශ්‍යතාවයන් පමණක් බවයි.
එනිසා, යෝජිත 20 වෙනි සංශෝධනයට පක්ෂ වූවන් මෙන්ම විපක්ෂ වූවන්ද සුළුතර ප්‍රජාවන් පිළිබඳව සැලකිල්ලක් නොදක්වන හෙයින්, සුළුතර ප්‍රජාවන්ද යෝජිත 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් සැලකිලිමත් වීම අවශ්‍ය නොවන බවට වීරකේසරී මගින් මත පළවී තිබිණි.
මේ අතරම, සිංහල භාෂා පුවත්පත් වලට සමාන ලෙසින් දමිළ භාෂා පුවත්පත් මගින්ද, යෝජිත 20 වෙනි සංශෝධනය දූෂණය ඉහළ නැගීමට නැඹුරුතාවයක් සපයනු ඇතැයි යන්න පිළිබඳව වැඩි අවධාරණයකින් යුතුව සඳහන් කර තිබිණි.
දමිළ භාෂා පුවත්පත් මගින් යෝජිත 20 වෙනි සංශෝධනයට විවේචන එල්ල කොට සිටියේ, ඒ ඔස්සේ ස්වාධීන කොමිෂන් සභා දුර්වල වීමට සහ දූෂණය සඳහා අවකාශ සැලසීමට ඇති හැකියාව සම්බන්ධයෙනි. සිංහල භාෂා පුවත්පත් අදහස් ප්‍රතිරාවය කරමින් දමිළ භාෂා පුවත්පත් මගින්ද සඳහන් කර සිටියේ, යෝජිත විගණන සහ ප්‍රසම්පාදන ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීම සමගින් විධායක බලය අවභාවිතාව සහ වැරදි සිදුවීම වැළැක්වීම සඳහා ඇති අධීක්ෂණ පටිපාටීන් අඩු කිරීම එක් වූ විට, එය දූෂණය වැඩිවීමට ඉඩ සලසනු ඇති බවයි.
ඉන්දියාව: මිතුරෙක්ද, පසමිතුරෙක්ද?
13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙසටත්, දමිළ ජනතාවගේ අභිලාශයන් කෙරෙහි ආමන්ත්‍රණය කරන ලෙසටත් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝඩි විසින් කළ ඉල්ලීම දමිළ භාෂා පුවත්පත් මගින් ඉස්මතු කොට දක්වා තිබිණි. මෙම ප්‍රකාශය දේශීය මාධ්‍ය මගින් පිළිගත් ආකාරයේ ඇති වෙනස පුවත්පත් මගින් පෙන්වා දී තිබිණි.
විශේෂයෙන්ම ආර්.සම්බන්ධන් සහ සී.වී.විග්නේෂ්වරන් වැනි දමිළ දේශපාලන නායකයින් විසින් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය දිගටම පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව නැවත නැවතත් පවසන ලෙසින් ඉන්දියාවෙන් ඉල්ලා සිටිනා පසුබිමක, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝඩිගේ ප්‍රකාශය බහුතරයක් දමිළ භාෂා පුවත්පත් මගින් සාදරයෙන් පිළිගන්නා ලදී. දමිළ භාෂා පුවත්පත් මගින් මෝඩිගේ ප්‍රකාශය සලකන ලද්දේ, දමිළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ඉන්දියාව දිගින් දිගටම සැලකිලිමත් වීමේ සහ ඊට සහාය ලබා දීමේ ලකුණක් ලෙසිනි.
කෙසේ වෙතත්, ඇතැම් සිංහල සහ දමිළ භාෂා පුවත්පත් මගින් පෙන්වා දෙන්නට යෙදුණේ, රජය මෝඩිගේ ප්‍රකාශය රටේ අභ්‍යන්තර ගැටළු සඳහා මැදිහත් වීමක් ලෙසින් දැක තිබෙනා බවයි. මෙහිදී දමිළ භාෂා පුවත්පත් මගින් සඳහන් කරන්නට යෙදුණේ වීඩියෝ සමුළුවෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කරන්නට යෙදුණු ප්‍රකාශයේ, 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සඳහන් නොවීම පිළිබඳවයි.
එය පුවත්පත් මගින් නිරීක්ෂණය කර තිබුණේ, 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව විසින් නියම කිරීම සම්බන්ධයෙන් රජයේ අසන්තෝෂය පළ කරනා හැඟවුමක් ලෙසිනි. රටේ අභ්‍යන්තර කරුණු සඳහා ඉන්දියාව මැදිහත් නොවිය යුතු බවට රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර සහ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි කළ ප්‍රකාශයන්ද මෙහිදී උපුටා දැක්වී තිබිණි. තවදුරටත් දමිළ භාෂා පුවත්පත් මගින් මත පළකොට තිබුණේ, ඉන්දියාව විසින් 13 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් පුන පුනා පැවසීම ඔස්සේ ඇතැම්විට ශ්‍රී ලංකා රජය ඉන්දියාව තනිකර දමා චීනය වෙත තවදුරටත් නැඹුරු විය හැකි බවටයි.
අයිතිවාසිකම් වෙනුවෙන් එක්සත්ව
තිලීපන්ගේ 33 වෙනි මරණානුස්මරණය සැමරීම වළක්වමින් රජයෙන් ගත් පියවර අනුව උතුරේ සහ නැගෙනහිර පැවැඨ්හ්වුණු හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් දමිළ භාෂා පුවත්පත් මගින් දිගින් දිගටම පුළුල් ආවරණයක් ලබාදී තිබිණි. පසුගිය සති වලදීද දමිළ භාෂා පුවත්පත් මගින් මෙම ගැටළුව සාකච්ඡාවට ගෙන තිබූ අතර, එහිදී තිලීපන් යනු විරුවෙකු ලෙසින් ඉස්මතු කරමින්, මෙම ගැටළුවේදී දමිළ දේශපාලන නායකයින් එක්සත් වීම සම්බන්ධව ප්‍රශංසා කර තිබිණි.
සිංහල සහ දමිළ භාෂා පුවත්පත් මගින් මෙම ගැටළුව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ වාර්තාකරණය එකිනෙකින් වෙනස් වී තිබිණි. පසුගිය සතිවල පුවත්පත් ආවරණයන්ට සමාන ලෙසින් ඇතැම් සිංහල ප්‍රධාන ධාරාවේ පුවත්පත් මගින් මෙම අනුස්මරණය සහ හර්තාල් ව්‍යාපාරය දැක තිබුණේ එල්ටීටීඊ කාඩර්වරයෙකු අනුස්මරණය කිරීමක් ලෙසයි.
තවදුරටත්, ඇතැම් සිංහල ප්‍රධාන ධාරාවේ පුවත්පත් මගින් හර්තාලය පෙන්වා දී තිබුණේ අසාර්ථක ව්‍යාපාරයක් සහ මහජනයාට හිරිහැරයක් ලෙසයි. කෙසේ වෙතත්, දමිළ භාෂා පුවත්පත් මගින් පදනම් දෙකක් ඔස්සේ මෙම හර්තාලය සාර්ථක වූ බවට ස්ථානගත කොට තිබිණි.
පළමුව, පසුගිය සතිවලදී මෙන්ම දමිළ භාෂා පුවත්පත් මගින් මේ සම්බන්ධයෙන් උතුරේ සහ නැගෙනහිර දේශපාලන පක්ෂයන් එක්සත් ස්ථාවරයක සිටීම සාදරයෙන් පිළිගෙන තිබිණි. හර්තාලය සඳහා මුස්ලිම් ප්‍රජාවගේ සහභාගීත්වය අමතර සාර්ථකත්වයක් ලෙසින් සැලකී තිබිණි. දමිළ භාෂා පුවත්පත් මගින් දමිළ දේශපාලන පක්ෂයන්ට උදක්ම පවසා සිටින්නට යෙදුණේ, ස්ථිරසාර එක්සත්භාවයක් නිර්මාණය කරන්නට සහ එක්සත් පෙරමුණක් ලෙසින් දමිළ ප්‍රජාවගේ දුක්ගැනවිලි සඳහා ආමන්ත්‍රණය කරන්නට මෙය අවස්ථාව කරගන්නා ලෙසයි.
කෙසේ වෙතත් උක්ත කරුණු වලට ප්‍රතිවිරුද්ධ ලෙසින් දමිළ භාෂා පුවත්පත් මගින් ඉස්මතු කර දක්වන්නට යෙදුණේ, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද තමන් විසින් 'ඝාතකයෙකු' ලෙස නම් කළ තිලීපන් සැමරුම වාරණය කිරීම සම්බන්ධයේදී රජය හා එක්ව සිට ගැනීමයි.
දෙවෙනුව, පුවත්පත් මගින් මෙම හර්තාලය දැක තිබුණේ, දමිළ ප්‍රජාව සිය අයිතිවාසිකම් වෙනුවට සංවර්ධනයට ප්‍රමුඛත්වයක් ලබාදී ඇති බවට රජය විසින් කරන ප්‍රකාශයන් සාර්ථකව හෙළා දැකීමක් ලෙසයි. පුවත්පත් මගින් රජය විසින් අනුස්මරණයන් මැඩපැවැත්වීම සඳහා ගන්නා ප්‍රයත්නයන් වෙත විවේචන එල්ල කොට සිටියේ, එය දමිළ ප්‍රජාවගේ අයිතිවාසිකම් වැළැක්වීමක් ලෙසින් දක්වමිනි.
එනිසා, දමිළ භාෂා පුවත්පත් මගින් අවධාරණය කරන්නට යෙදුණේ, රජයෙන් ගන්නා මෙවන් උත්සාහයන්ට විරෝධය දක්වන හර්තාල් ව්‍යාපාරයක් මගින්, දමිළ ප්‍රජාව රජයෙන් ලබාදෙන සංවර්ධන උත්සාහයන් වෙනුවෙන් සිය අයිතිවාසිකම් පාවා දී නොමැති බවට වන පැහැදිලි පණිවුඩයක් ලබාදෙන බවටයි.
වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි