සැදෑ සමය විසිතුරු අත්කම් වලින් සරසන අඹු සැමි අන්දරය


ජීවිතයේ සැදෑ සමයේ හුදකලා බව මිනිස් වර්ගයාට පොදු ධර්මතාවක්ව පවතී. දහසක් දෙනා පිරිවරා සිටියද ඒ හුදකලාවෙන් මිදීම පහසු නොවේ. මේ සනාතන දහම පසෙකලා විවිධ අත්කම් නිර්මාණ සමග සැදෑ සමය සතුටින්, සාමයෙන් ගෙවන අඹු සැමි යුවළක් සොයා අප ඉකුත් දින මග ගෙව්වෙමු. ගල්නෑව, මුදුන්ගොඩ ගම් පියස ජීව උයන කොටගත් ඒ. ප්රේදමාවතී මහත්මිය පන්පැඳුරු, වට්ටි, පෙට්ටි, මලු ආදිය අතර දවස ගෙවා දමන්නීය. ඇගේ සැමියා එන්.පී.ජී. සෝමදාස මහතා හොඳ පොල්කටු නිර්මාණකරුවෙකි. පොල් මටුලු මගින් ඔහු කළ බිත්ති සිතුවම්ද සිත්ගන්නා සුළුය.

69 වියැති සෝමදාස මහතා පෙදරේරුවෙකු ලෙස ජීවන වෘත්තියේ නියැළී දරුවන් උස්මහත් කොට දැන් ඉන් ඉවත්ව කාලය ගෙවයි. 67 වියැති ප්රේනමාවතී මාතාව පාසල් යන අවදියේ පටන් පන්නම් කර්මාන්තයට දෑත හුරුකොට ඇත. කැබිතිගොල්ලෑව, කහටගොල්ලෑව ගමේ සහ වාහල්කඩ ප්ර7දේශයේ සිය ළමා සහ නව යොවුන් අවදිය ගෙවා දමන ප්රේවමාවතී විවාහයෙන් අනතුරුව මුදුන්ගොඩ ගමට පැමිණ ඇත. ඒ මහවැලි ව්යාසපාරය මගින් මෙහි නව ජනාවාස ඇති කළ 1977 වර්ෂයේදීය. අතීතයේ හැම ගැමි ලියකම පාහේ හුරු කළ පන්නම් කර්මාන්තයට සිය දෑත හුරු වූ හැටි ප්රේමමාවතී මහත්මිය සිහිපත් කළාය.

“ඒ කාලේ අපේ අම්මලාගෙන් තමයි පැදුරු, වට්ටි වියන්න ඉගෙන ගත්තේ. ඉස්කෝලෙ යන කාලේ අත්වැඩ වලටත් පන් වැඩ කියලා දුන්නා. කොහොම හරි කරලම තමයි ඉගෙන ගත්තේ. ඉස්සර පැදුරක්, වට්ටියක් වියාගන්න බෑ කියන එක ලොකු අඩුවක්. ඉතිං කොහොම හරි ඉගෙන ගන්නවා. වෙල් පහල, වැව් තාවලු වල එහෙම ඒ කාලේ ඕනතරම් පන් ගාල් පිටින් හැදුණා. දැන් තියෙන ලොකුම ප්රනශ්නෙ තමයි හොඳ පන් හොයාගන්න නැතිකම. කුඹුරු වලට වල්නාශක ගහන්න ගත්තට පස්සේ පන් ගාල් පිටින් මැරිලා ගියා. මේ මහවැලි කලාපේ නම් දැන් හොඳ පන් ඇත්තේම නැති තරම්. හැතැම්ම සීයක් හමාරක් දුර ගිහිල්ලා වාහල්කඩ පැත්තෙන් තමයි දැන් පන් අරගෙන එන්නේ. ඒක ලේසි වැඩක් නෙමෙයි.”

 

සෝමදාස, ප්රේ මාවතී යුවළට දරුවන් සිවුදෙනෙකි. දියණියන් දෙදෙනෙකුට සහ පුතුන් දෙදෙනෙකුට මෙලොව එළිය දුන් මව්, පිය දෙපළ දරුවන්ගේ යුතුකම් මනාකොට ඉටුකොට සැදෑ සමය සැනසිල්ලේ ගත කරති. බිරිඳගේ පන් පැඳුරු වියමන් සඳහා අත දෙන අතරේ නිදැල්ලේ ගෙවී යන සිය කාලයට වටිනාකමක් දීමට සෝමදාස මහතා හිත එකලස්කොට ඇත. ඉසුරුමුනියේ පෙම් යුවළ, සප්ත නාරි ගැටය ආදිය ඔහුගේ පොල් මටුලු බිත්ති සිතුවම් අතර වේ. සිය වෑයම ගැන ඔහු පැවසුවේ මෙවැනි කරුණුය.

“මේ ළඟක් වෙනකන්ම මං මේසන් වැඩ කෙරුවා. ඒත් පලංචි උඩ යන්න වෙන හින්දා දරුවො කැමති නෑ දැන් මං රස්සාව කරනවට. ඉතිං ගෙදරට වෙලා නිකං ඉන්නකොට හරිම කම්මැලියි. ගොවිතැන් කරන්නෙත් කන්නෙකට සැරයයිනේ. ඉතිං නිකං ඉන්න එකේ මොනව හරි කරන්න ඕන කියලා කල්පනා කරලා තමයි පොල්කටු නිර්මාණ කරන්න ගත්තේ. මල් වාස්, පීරිසි කෝප්ප, දරුවන්ගේ සෙල්ලම් බඩු වගේ ගොඩක් දේවල් පොල්කටු වලින් හදන්න පුළුවන්. ඉවසීම විතරයි ඕන. වැඩේ හොඳටම අල්ලලා ගියා. පොල් මටුලු වලින් බිත්ති පින්තූර කරන එකත් දැනට කරගෙන යනවා. සල්ලි හොයන්න නෙමෙයි මේ වැඩෙන් හිතට ලොකු සහනයක් දැනෙනවා. නෝනගේ පැදුරු වියන වැඩ වලටත් උදවු කරගෙන සන්තෝසෙන් ඉන්නවා.”

සිය පන්නම් කර්මාන්තය උදෙසා ප්රේනමාවතී මහත්මිය අවස්ථා ගණනාවකදී සම්මානයට පාත්රූ වීම ජීවිතයේ සොඳුරු මතකසටහන් අතර වේ. උතුරු මැද පළාත් කර්මාන්ත සහ ග්රා මසංවර්ධන අමාත්යාං ශය, පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව සමග එක්ව වාර්ෂිකව සංවිධාන කරන හස්ත කර්මාන්ත තරග අතුරින් අවස්ථා ගණනාවකදී සම්මාන, උපහාර ලැබීමට ඇය භාග්යලවන්ත වී ඇත. ශ්රීි ලංකා ජ්යෙරෂ්ඨ පුරවැසි ජාතික සංවිධානය මගින් පිරිනැමුණු ගෞරව ප්රෙණාම සන්නස් පත්ර  උපහාරයද ඇයට අමතක නොවන්නකි. අතීතය, වර්තමානය එකිනෙක ගළපා ප්රේ‍මවතී මහත්මිය මෙසේ කීවාය.

“පන් හිඟ වෙනකොට සමහරු ඔය ප්ලාස්ටික් පටි වලින් වට්ටි, මලු එහෙම වියන්න ගත්තා. මමත් පුළුවන් විදිහට දැන් ප්ලාස්ටික් පටි වලින් වට්ටි, පෙට්ටි, මලු එහෙම වියනවා. වියන පන් පැදුරු එහෙම ජාතික ශිල්ප සභාවේ අනුරාධපුරේ, කඩ පනහේ තියෙන මධ්ය,ස්ථානේ විකුණන්න තියල තියෙනවා.  ඒ ඇරුණහම ඉතිං සමහරු ගෙදරට ඇවිල්ලා පැදුරු එහෙම අරන් යනවා. වෙන කොහෙවත් කඩවලට විකුණන්න අරන් යන්නෙ නෑ.*

පන් කපා, වේලා, පදම් කොට, වර්ණ ගන්වා දින ගණනක් දෑගිලි අපමණව වෙහෙසවා පැදුරක නිමාව දැකිය යුතුය. ප්රේ මාවතී මහත්මිය පැදුර හා බැඳි සංස්කෘතික වටිනාකම පැහැදුවේ මෙපරිද්දෙනි.  

“ඉස්සර අඩුම ගානේ අපි සතියකට සැරයක් හරි පන් කපන්න වෙලට යනවා. නැත්නම් වැවට යනවා. අම්මලා වියනකොට අපිත් වියනවා. ඒත් දැන් ඉන්න ළමයින්ට මේවා ගැන උනන්දුවක් නෑ. හම්බ කරන්න නෙමේ ගෙදරට වට්ටියක්, පෙට්ටියක්, පැදුරක් වියාගන්න පුළුවන් නම් ඒක ලොකු හයියක්. දැන් හැමදේම කඩෙන් ගන්න එක තමයි පුරුද්ද වෙලා තියෙන්නේ. ඉස්සර අම්මලා දුවලා තියෙන ප්රරශ්න කතා කෙරුවේ පැදුරක්, වට්ටියක් වියන ගමන්. දැන් ඒවා මොකුත් නෑ. ඉතිං ප්රනශ්න වැඩියි.”

මෙරට සංස්කෘතිකමය වටිනාකම අන් කවර හෝ ජාතියකට හෝ පසුබට නොවන්නකි. අප සතුව පවතින ජන සම්ප්රිදායන්, වටිනාකම් සහ කුසලතාවයන් ඊට මනා පිටිවහලකි. පාරම්පරික හස්ත කර්මාන්තයද ඒ වගට මනා සවියකි. මේ බොහෝමයක් හස්ත කර්මාන්ත හා සම්බන්ධ පාරම්පරික ක්ර්ම ශිල්ප රැසක් අදද දැකගත හැකිව තිබේ. අමුද්රතව්යස සපයාගැනීමේ සිට එහි නිමාව දක්වා වූ සියුම් ක්රිතයාවලිය ගැමියන්ගේ දින චර්යාව හා බැඳී පවතින්නේ ගහට පොත්ත පරිද්දෙනි. වර්තමානයේදී විවිධ අසීරුතා මැද වුවද පාරම්පරික හස්ත කර්මාන්ත ශිල්පයට පණ දෙන්නට වෑයම් කරන ප්රේ මාවතීලාගේ, සෝමදාසලාගේ වටිනාකම තවත් වැඩි වන්නේ එහෙයිනි.

සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග



Recommended Articles