ස්මාර්ට් ලෝකයට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක්


වර්තමානයේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට එල්ලවී ඇති බලපෑම සුළුපටු නොවේ. එයින් ළමයින් මෙන්ම දෙමාපියන්ද වැටී ඇත්තේ අර්බුදකාරී වාතාවරණයකටයි. කෙසේ හෝ මේවන විට රටේ ඇතිවී තිබෙන ගැටලු හමුවේ අනෙක් සෑම දෙයක්ම වෙනස් වන්නේ යම්සේද අධ්‍යාපන ක්‍රමයේද වෙනසක් ඇතිවිය යුතුබවට අදහස් පළවෙමින් පවතියි. මේ වන විට ඒ සඳහා අවධානය යොමුවී ඇති අතර, ඒ වෙනුවෙන් අවශ්‍ය මූලික පියවර රැසක්ද ගෙන අවසන්ය. මේ ඒ පිළිබඳ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නවරත්න මහතා දැක්වූ අදහස්ය.

පවතින යල්පැනගිය අධ්‍යාපන ක්‍රමය

තවමත් අපේ රටේ ළමයෙකු අධ්‍යාපනය ලබන ප්‍රධාන ක්‍රමය වන්නේ පාසලට ගොස් ලබන අධ්‍යාපනයයි. නමුත් වර්තමාන ලෝකය සොයාගෙන තිබෙන දෙයක් වන්නේ ළමයෙකුට අධ්‍යාපනය ලැබිය හැකි ක්‍රමවේද කිහිපයක්ම පවතින බවයි. ඒ අනුව පාසලෙන්, පන්ති කාමරයෙන්, ගෙදරින් හා සමාජයෙන් යන හතරෙන් ළමයෙකුට අධ්‍යාපනය ලැබිය හැකිය. වර්තමානයේ අංගසම්පූර්ණ අධ්‍යාපනයක් ලෙස දක්වන්නේ මේ හතරෙන් ලබන අධ්‍යාපනයට වේ.

නමුත් අපේ රටේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය සීමා වී ඇත්තේ පන්ති කාමරයට පමණි. ඒ අනුව මෙම අධ්‍යාපන ක්‍රමය යල්පැනගිය අධ්‍යාපනයක් ලෙස හඳුන්වා දේ. පන්තිකාමරයෙන් පමණක් අධ්‍යාපනය ලැබීමෙන් සමාජයට අවශ්‍ය, ගෙදරට අවශ්‍ය,විසිඑක්වන සියවසට ගැළපෙන දරුවෙකු බිහිනොවීම නිසා, එය යල්පැනගිය අධ්‍යාපනයක් ලෙස හඳුන්වයි.

ඒ අනුව අංගසම්පූර්ණ අධ්‍යාපනයක් ලැබීමටනම්පාසල, පන්තිකාමරය,නිවස හා සමාජය යන හතරෙන්ම අධ්‍යාපනයක් දරුවෙකුට ලැබිය යුතුය. පවතින අධ්‍යාපනයෙන් සිදුවන්නේ ගුරුතුමා හෝ ගුරුවරියක පන්ති කාමරයට ගොස් පාඩමට අදාළ සටහන් කියැවීමත්, ළමුන් එය සටහන් කර ගැනීමත්ය. ඒ සටහන් කරගත් දෑ කටපාඩම් කර විභාගයට ලිවීම අවසානයේ සිදුකරනු ලබයි. මෙයින් රටට අවශ්‍ය වන නවෝත්පාදන චින්තනයක් ඇති, අලුත් විදිහට හිතන,ව්‍යවසායකත්ව මනසක් සහිත, විචක්ෂණශීලි චින්තනයක් ඇති, ගැටලු විසඳීමට හැකියාවක් ඇති, අනෙකා සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි, කණ්ඩායම් හැඟීමක් ඇති, අනෙකා හොඳින් තේරුම් ගත්, අනෙකා සමග හොඳින් සන්නිවේදනය කළ හැකි දරුවෙක් බිහිවන්නේ නැත. වර්තමානයේ පාර්ලිමේන්තුව දෙස බැලුවද, සමාජය දෙස බැලුවද කවදාවත් ප්‍රශ්නයකට විසඳුමක් අලුතින් හිතන බවක් පෙන්නුම් නොකෙරෙන්නේත්, එක්ව කණ්ඩායමක් ලෙස ප්‍රශ්නයකට පිළිතුරු සොයන්නට නොහැකි වී ඇත්තේත් මෙම යල්පැන ගිය අධ්‍යාපන රටාව නිසාය. ආත්මාර්ථකාමී නැතිනම් තමන් ගැන පමණක් සිතා කටයුතු කරන තත්ත්වයක් හැමතැනම පාහේ දක්නට ලැබෙන්නේ ඒ නිසාය.

ජපානය වැනි රටක යම් ප්‍රශ්නයකට පිළිතුරු සොයන්නේ KKKB යන ක්‍රමවේදයට අනුවය.එනම් Kuni - රට,Kaisha - ආයතනය/ පක්ෂය,  Kazoku -පවුල,Boku-මම ලෙසරට, මහජනතාව, සමාජය ගැන පළමුවසිතා කටයුතු කිරීමත්, දෙවනුව තමන්ගේ ආයතනය, පක්ෂය ගැන සිතීමත්, තෙවනුව තම පවුල හා ඥාතීන් ගැන සිතීමත්, අවසානයේ තමන් ගැන සිතීමත් ඔවුන්ගේ ක්‍රමවේදය වේ. නමුත් අපේ රටේ පවතින්නේ රටට හෙන ගැසී ගියත් තමන් හම්බකරගන්නා ක්‍රමවේදයකි. ඒ අනුවමේ සියල්ල වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.

මෙරට පවතින අධ්‍යා්‍ය්‍යාHd්‍යාපන ක්‍රමය අනුව සැකසෙන්නේ ස්ථාවර නැතිනම් ලෑන්ඩ් ෆෝන් එකක් වැනි දරුවෙකි. එනම් එවැනි දුරකථනයකින් සිදුකළ හැකි වන්නේ අංක කිහිපයක් ඔබා යම් අයෙකු ඇමතීම පමණි. වර්තමානයේ ලෑන්ඩ් ෆෝන් එකකට ඇති ඉල්ලුම අඩු වී ඒ වෙනුවට ස්මාර්ට් ෆෝන්වලට ඇති ඉල්ලුම වැඩි වී තිබේ. එයට හේතුව වී තිබෙන්නේ ස්මාර්ට් ෆෝන් එකකින් ලබාගත හැකි සේවාවන් රැසක් පැවතීමයි. මෙය Convergent ලෙස හඳුන්වනු ලබයි. ඒ අනුව සියලුම දේ අතේ ගෙන යන ස්මාර්ට් තත්ත්වයකට ලොව සැකසී  ඇත.  වර්තමානය වන විට අධ්‍යාපනය ලැබීමට පවා ජංගම දුරකථනය භාවිත කරයි. වර්තමානයේ පවතින ඩිජිටල් ලෝකයට ස්ථාවර දුරකථන නැතිනම් ලෑන්ඩ් ෆෝන් ගැළපෙන්නේ නැත.

අපේ රටේ ස්මාට් ෆෝන් හා සමානව  මිනිසුන්ගේ අවශ්‍යතාවය පැවතියත්, අධ්‍යාපන ක්‍රමයෙන් එළියට බිහිකරන්නේ ලෑන්ඩ් ෆෝන් වැනිඅදට නොගැලපෙන පිරිසකි. වර්තමානයේ රටට අවශ්‍ය වන්නේ ෆුල් ඔප්ෂන් දරුවෙකි. ස්මාර්ට් දරුවෙකි. එහෙත් පවතින අධ්‍යාපන ක්‍රමය සකස්ව ඇත්තේ ලෑන්ඩ් ෆෝන් හා සමානව අංක පමණක් ඩයල් කළ හැකි දුරකථන හා සමාන හැකියා ඇති අද කාලයට නොගැලපෙන දරුවෙකි.

මෙතෙක් රටේ ක්‍රියාත්මක වන, පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ බිහිවන දරුවා හඳුන්වන්නේ  3Rදරුවෙක් ලෙසය.එනම් wRting-ලිවීම, Reeding- කියවීම, aRithmaticගණන් හැදීම යන හැකියාව හා විෂයන් වල න්‍යාය පමණක් ඉගෙන ගන්නා දරුවෙකි.

 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ බිහිකරන දරුවා    

නව අධ්‍යාපනප්‍රතිසංවිධානයටතේ3R වලට අමතරව3Lහැකියාසහිතදරුවෙකු සකස් කිරීමට බලාපොරොත්තුවේ. ඒ අනුව පළමු L අක්ෂරයෙන්ඉගෙනුම් කුසලතා (learning Skills)සහිත දරුවෙක් බිහිකිරීම බලාපොරොත්තු වේ. ඒ අනුව ඉගෙනුම් කුසලතා යටතේ 4Cලෙස කුසලතා හතරක් දරුවෙක්ගෙන්බලාපොරොත්තුවේ. එම කුසලතාවන් වන්නේ,

  • පළමුවැන්න (Creativity , innovativeness, entrepreneurship) නිර්මාණශීලීත්වය, නවෝත්පාදනචින්තනය හා ව්‍යවසායකත්ව මනස දැක්විය හැකිය.
  • දෙවැන්න වන්නේ (Critical thinking and problem solving) විචක්ෂණශීලී චින්තනය, ගැටලු විසඳීමේ හැකියාවයි.
  • තුන්වැන්න වන්නේ (Collaboration and Team work) සහයෝගීතාවය හා කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමේ හැකියාවයි.
  • සිව්වැන්න වන්නේ (Communication) සන්නිවේදනයයි.

මෙකී ඉගෙනුම් කුසලතා පෙළගැසෙද්දී දෙවැනි Lයටතේ (literally Skills )සාක්ෂරතා කුසලතා ඇති කිරීම අවශ්‍යය. සාක්ෂරතා කුසලතා යටතේ,

  1. මාධ්‍ය සාක්ෂරතාව (Media literacy )
  2. තොරතුරු සාක්ෂරතාව( Information literacy)
  3. තාක්ෂණ සාක්ෂරතාව(Technological Literacy)

යන සාක්ෂරතාසහිත වීම අත්‍යාවශ්‍ය වේ. ඒ අනුව පවතින තාක්ෂණය හා මාධ්‍ය භාවිතාව නිවැරදි ආකාරයෙන් භාවිතය කුසලතාවක් ලෙස ලබා දිය යුතුය. මෙය දැලිපිහියෙන් කිරිකනවා හා සමාන දෙයක් නිසා වගකීමෙන් මේවා භාවිතයට ගන්නේ කෙසේද යන කුසලතාව ලබාදීම වැදගත් වේ.තොරතුරුලබාගැනීම හා තොරතුරු ලබාදීම මෙන්ම ගැටලුවක් විසඳීමට තොරතුරක් ලබාගෙන ඒවා විශ්ලේෂණය කර එකී තොරතුරු ඇසුරෙන් නිවැරදි පිළිතුරු ලබාදීමේ හැකියාවක් දරුවෙකුට තිබිය යුතුවේ.

තාක්ෂණ සාක්ෂරතාවය යටතේ දරුවෙකුට Zoom,Google Classroom භාවිතයෙන් ඉගෙන ගන්නේ කෙසේද යන්නේ සිට, පවතින නූතන තාක්ෂණයන් නිවැරදිව භාවිත කරන ආකාරය පිළිබඳ හැකියාව ලබා දිය යුතුවේ.

මීළඟට තුන්වැනි L ලෙස  life Skills නැත්නම් ජීවන කුසලතා ඇති කිරීම අවශ්‍ය වේ. ඉගෙනුම් කුසලතා, සාක්ෂරතා කුසලතා කොතරම් තිබුණත්, ජීවන කුසලතා නැතිනම් දරුවෙකුට ජීවිතය සාර්ථක කරගැනීම අපහසුය. ඒ අනුව සමාජයේ ජීවත් විය යුත්තේ කෙසේද, ආයතනයකකටයුතු කළයුත්තේ කෙසේද,නිවසක ජීවත් විය යුත්තේ කෙසේද, අනෙකා සමග සහයෝගයෙන් කටයුතු කරන්නේ කෙසේද යන ඒවා ජීවන කුසලතා යටතේ අවධානය යොමුකරයි. ඒ අනුව ජීවන කුසලතා යටතේ තවත් කරුණු පහක් පිළිබඳ අවධානය යොමු කරනු ලබයි. ඒවා නම් නම්‍යශීලීභාවය, නායකත්වය, වැඩක් භාරගත් පසු එය සාර්ථකව නිමකිරීමේ හැකියාව, ඵලදායීතාව, සමාජයත් සමග වැඩකිරීමේ හැකියාව යන ඒවාය. මෙහි සමාජයත් සමග වැඩ කිරීමේ හැකියාව Social and Emotional learning ලෙස දක්වන අතර,ඒ යටතේ කරුණු පහක් පිළිබඳ අවධානය දක්වයි.

එම කරුණු පහ නම්,

  1. තමන් පිළිබඳ අවබෝධ කරගැනීම.
  2. තමන්ව පාලනය කර ගැනීම.
  3. අනෙකා තේරුම් ගැනීම.
  4. අන්අය සමග මනා සම්බන්ධතා පවත්වා ගැනීම.
  5. වගකීමෙන් තීරණ ගැනීම.

ඉහත සඳහන් කළ කුසලතා තුන (3L)හා ඒවායේ අනු කොටස් දොළහා 21වෙනි සියවසේ දරුවෙකු සතුවිය යුතු කුසලතා වේ. නමුත් පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ මෙකී කුසලතා වෙනුවට 3Rසහිත දරුවෙක් පමණක්බිහිකරයි. එසේනම්

3R +3L එකතු කළයුතු වේ. මෙම 3L කුසලතා පමණක්ම නොව, එයටCharacter and Citizenship Education  ද එකතු කළ යුතුය.එයින් චරිත සංවර්ධනය හා පුරවැසිභාවය පිළිබඳ අධ්‍යාපනය දරුවෙක්ට ලැබෙයි. චරිත සංවර්ධනය යටතේ ආකල්ප හා වටිනාකම් සංවර්ධනය කළ යුතුය. සමාජය ගැන සිතන, රට ගැන සිතන පුරවැසියෙක් මේ යටතේ බිහිවේ. මීට අමතරව Self Directed Learner (SDL)ස්වයං අභිප්‍රේරණ ඉගෙනුම්කරුවෙක් යන ගුණාංගය සහිත දරුවෙක් බිහිවිය යුතුය. එසේ නැතිනම් Life long leaner (LLL)නැතිනම් ජීවිත කාලයේම ඉගෙන ගන්නා පුද්ගලයෙක්,දිනපතා යාවත්කාලීන (update)වන අයෙක් බිහි විය යුතුය. ඒ අනුව Keyword එක දැනගෙන අන්තර්ජාලය හරහා නව දැනුම සොයාගෙන යාවත්කාලීන වන පුද්ගලයෙක් බිහිවිය යුතුය. එසේනම් 21 වන සියවසට අවශ්‍ය වන්නේ 3R +3L+ 2C'S+SDL/LLLයන ගුණාංග සියල්ලම එකට එකතුවී අධ්‍යාපනය තුළින් පිටවන දරුවෙකි.මේ අධ්‍යාපනය ලබා පාසලෙන් සමාජයට එකතු වෙන දරුවෙකු සතුව ගුණාංග 6ක් ජාතික අධ්‍යාපනයේ ගුණාංග ලෙස සංවර්ධනය කළ යුතු බව ජාතික අධ්‍යාපන ආයතනය විසින් හදුනාගෙන ඇත.. ඒවා නම්,

01.ජාතික සංවර්ධනයට ක්‍රියාශීලීව දායක වීම.

02. සඵලදායී හා කාර්යක්ෂම සේවකයෙක් හෝ සුහුරු  හා වෘත්තීමය ස්වයංරැකියාධාරියෙකු වීම.

03.ව්‍යවසායකයෙක් හෝ ව්‍යවසායකත්ව මනසක් සහිත පුද්ගලයෙක් වීම.

04.රටට ආදරය කරන පුද්ගලයෙක් වීම.

05. හොඳ මනුස්සයෙක් වීම.

06.සතුටෙන් ජීවත්වන පවුලක සාමාජිකයෙක් වීම.

මෙකී සියල්ලෙන් සන්නද්ධ පුරවැසියෙකු බිහිකිරීමට නම් ගුරුවරයා පන්තිකාමරයේ සටහන් කියවන ඉගැන්වීම් ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් විය යුතුය. ඒ අනුව පන්ති කාමරයේ ළමයින් කණ්ඩායම් වලට බෙදාසමාජීය ගැටලුවක් ලබාදී එයට විසඳුම් විවිධ ක්‍රමවේද ඔස්සේ සොයාගෙන නිර්මාණශීලීව එය ගුරුවරයාට නව තාක්ෂණය යොදා ගනිමින් ඉදිරිපත් කිරීම සිදුවිය යුතුය. ඒ අනුව ගුරුවරයාගේ භූමිකාව වන්නේ ළමයින් නිවැරදිව මෙහෙයවීමය. නැතහොත් ඔවුන්ට නිවැරදිව මඟපෙන්වීමයි.එය වෙනත් වචන වලින් කිවහොත්  "අඩුවෙන් උගන්වා දරුවන්ට වැඩියෙන් ඉගෙනීමට මග සැලැස්වීමයි"යනුවෙන්දහඳුන්වාදියහැකිය.

වෙනස් වෙන ඉගෙනුම් ඉගැන්නුම් ක්‍රමවේදය

හඳුන්වා දීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ගුරු භූමිකාව වෙනස් වනවා මෙන්ම, පැය තුනේ විභාග ක්‍රමයද වෙනස් වේ. ඒ වෙනුවට න්‍යායාත්මක දැනුම පරික්ෂා කිරීමට ලකුණු 30කින් යුතු ප්‍රශ්න පත්‍රයක්ද, ඉතිරි ලකුණු 70 ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලටද වෙන්වේ. එහිදී දරුවාගේ එදිනෙදා පැමිණීම, ඉදිරිපත්වීම්, ගැටලුවලට අලුත් විදිහට සිතීමේ කුසලතාව, විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරත වීම,නිවසේදී සිදුකරන කටයුතු, තමන්ගේ ගමේ හෝ ජීවත් වන වටපිටාවේ සිදුකරන සමාජ කටයුතු, යම් ආයතනයකින් ලබාගන්නා පුහුණු ආදියට එම ලකුණු 70 බෙදා වෙන්වේ.

ඒ අනුව පාසලේ පන්ති කාමරයට කොටු නොවී පාසල,පන්තිය, නිවස හා සමාජය යන කොටස් හතරෙන්ම ඉගෙනගන්නා ආකාරයේ නව අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් වනු ඇත.

පැවැති කෝවිඩ් වසංගතයත් සමග ළමුන්ට පාසල් අධ්‍යාපනය අහිමිවීම තුළින් නිවසේ සිට අධ්‍යාපනය ලැබීම සම්බන්ධ අත්දැකීමක් ලැබිණ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අනුව නිවසේදී  තමන්ගේ කටයුතු තමන් විසින්ම සිදුකරගැනීම, නිවසේදී යම් මුදලක් උපයන කුඩා ව්‍යාපාරයක් පවත්වාගැනීම ආදී දේ සඳහාද ලකුණු ලබාදීම, ගමේ ග්‍රාමසේවක මහතා හෝ යම් රාජ්‍ය නිලධාරියෙකු හමුවී ගමේ තිබෙන ප්‍රශ්න, ගැටලු හඳුනාගෙන ඒවාට යම් නව විසඳුම්ඉදිරිපත් කිරීම ආදියට ලකුණු හිමිවේ. මෙම ක්‍රමවේදය හරහා තමන්ට ආදරය කරන, පවුලට ආදරය කරන, සමාජයට ආදරය කරන, රටට ආදරය කරන පුරවැසියෙකු ක්‍රමානුකූලව බිහිවේ.

මේ වන විට මෙකී ක්‍රමවේද යටතේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කරමින් පවතියි. ජාතික අධ්‍යාපන ආයතනය ඇතුළු මෙරට අධ්‍යාපන බලධාරීන් උත්සාහ කරන්නේ මෙකී නව ක්‍රමවේදයන් යටතේ ළමුන්ට අධ්‍යාපනය ලබාදීම 2023 වර්ෂයේ සිට ආරම්භ කිරීමටයි. මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ වැදගත්කම මේ මොහොතේ අධ්‍යාපනඥයන්, දෙමාපියන්, දරුවන් ඇතුළු සියලුදෙනා වටහා ගත යුතුවේ. ඒ අනුව ගෙදරට, ගමට, රටට අවශ්‍ය දරුවෙකු අනාගතයේ බිහිවනු ඇත. මේ වන විට විෂයමාලා සංවර්ධනය, ගුරුවරුන්, විදුහල්පතිවරුන් පුහුණුකිරීම ආදිය සිදුකරමින් සිටී. ඒ අනුව කෙසේ හෝ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අවුරුදු පහක් තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබෙනු ඇත.



Recommended Articles