සතිය ඔබට කොහොමද?පෙබරවාරි-22- සඳුදා සිට 28 ඉරිදා


මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතියපුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, කටක, කන්‍යා, මීන වැනි ලග්නයන්ය.

එබැවින් මෙවැනි ලග්නයකින් උපන්  ඔබට මෙය සාරවත් හා ප්‍රයෝජනවත් වැඩවල නිරත විය හැකි සතියකි. නිදහස් මානසික තත්ත්වයෙන් උද්යෝගිමත්ව කටයුතු කිරීමට හැකි වීම නිසා ජීවිතයේ කිසියම් ස්ථාවරත්වයකට අඩිතාලම යොදා ගැනීමට හැකි‍ වෙයි. මිල මුදල් අතමිට ගැවසේ. සැපසම්පත් භුක්ති විඳීමට වැඩි ආශාවක් උපදින නිසා වියදම්ද අධික වේ. පියාගෙන් හෝ උරුම දේපළකින් අමතර මුදලක් අතට ලැබේ. රැකීරක්ෂා රාජකාරිය තුළින් මතුවීමට තිබූ කරදරයක් හෝ ආරවුලක් මෙන්ම සිත් තැවුලක් යන දෙයකින් අනපේක්ෂිත ලෙස මිදීමට හැකි වේ. රැකියා කටයුතු සාමාන්‍ය පරිදි ගත වේ. තම වෙළෙඳ ව්‍යාපාරාදියේ දියුණුව උදෙසා කටයුතු පිළියෙළ වේ. නව නිපැයුම්වලට මතුව තිබූ තහංචියක් හෝ බාධාවක්ද ඉවත්ව යයි. අධ්‍යාපනයට අදාළ තරගකාරී කටයුතුවලින් කුසලතා පෙන්වමින් අන්‍ය ශිෂ්‍යයන් අතර කැපී පෙනෙමින් කටයුතු කරන සතියක්ද වෙයි. ප්‍රේමාන්විත හැඟීම් මතුවන අතර ආදර කටයුත්තක් සම්බන්ධව හදිසි තීන්දු තීරණයන්ට නිගමනයන්ට එළඹීමටද සිදුවන වාතාවරණයක් උද්ගත වේ. යුග දිවිය සිත් සහනයෙන් සතුටින් ගත වේ.

2. මෙම සතියේ තම අධ්‍යාපන කටයුතු දැනුම කුසලතාවයට සම්බන්ධ සියලු කාර්යයන් මෙන්ම ඊට සම්බන්ධ අරමුණු සැලසුම් ගමන්බිමන්වලට අදාළ කාර්යයන් මෙන්ම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්ට අවහිර බාධා ප්‍රමාදවීම් ඇතිකිරීමට හේතු ගෙනෙන ලග්න තුලා, ධනු, මකර වැනි ලග්නයන්ය.

එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට මෙම සතිය තුළ පොතපතට සිත යෙදුනත්, අධ්‍යාපන කටයුතු මඟහැරී යන්නේය. හුදෙක් යහළු යෙහෙළියන්ගේ වැඩ නිසාද මෙවැනි තත්ත්වයන් මතුවේ. අනුන්ගේ වැඩකටයුතු වලට වෙහෙසීමට සිදුවීමෙන් ඉගෙනීම් කටයුතු අතපසු වී යයි. අධ්‍යාපනයට පැවති කරදර බාධක මෙන්ම උදාසීන ගති මඟහරවා ගැනීමට ගන්නා උත්සාහයන්ද ව්‍යර්ථ වී යෑමට හැකි බැවින් ඒ කෙරේ සැලකිලිමත් වන්න. ප්‍රශ්න මධ්‍යයේ නමුදු රාජකාරිය කෙසේ හෝ කර ගනී. රාජකාරි ස්ථානය තුළ තමාට අවංක නැති අය සමග ඇසුර මෙම සතියේදි ප්‍රවේශමෙන් කළ යුතුය. සේවා ස්ථානය තුළ රාජකාරී වගකීම් අතපසු වීමට හෝ යම් යම් අය සමග මත ගැටුම්, වාද විවාද පැටලිලි ඇතිවීමටත් ඉඩ තිබෙන නිසා ඥාණාන්විත වන්න. අවධානයෙන් කටයුතු කරන්න.

3). මේ සතියේ ආදර සබඳතා හා යුගදිවියේ මෙන්ම ගෘහජීවිතයේ කාර්යයන්ට අදාළව යම් යම් ප්‍රශ්නකාරී, ගැටලුකාරී ස්වභාවයන් මතුවන, පැනනගින  ලග්න වනුයේ මිථුන, සිංහ, වෘශ්චික, කුම්භ වැනි ලග්නයන්ය. 

එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට මෙම සතියේදී රහස් පෙම් සබඳතා ඇතිවීමෙන් හෝ නුසුදුසු අනියම් සබඳතා පවත්වන්නට යෑමෙන් තම හොඳ නමට කැලැල් ඇතිවන කරුණු යෙදේ. මේවා හේතු කොටගෙන යුගදිවියේ හා ප්‍රේම දිවියේ කටයුතුවල ප්‍රශ්නයක්ද මතුවිය හැක. ඊට නතු නොවන්න. පවතින ආදර කටයුතු කැඩී බිඳී යෑමට හෝ අපේක්‍ෂිත සබඳතා බිඳවැටීමට වුව හේතු වන ක්‍රියා සිදුවීමට ඉඩ තිබේ. සහකරු, සහකාරිය සමග කටයුතු කිරීමේදී වාද විවාද ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇතිනොකර ගැනීමටත් උත්සාහ ගන්න.

ඔබ තම ගෞරවය ආරක්‍ෂා කරගෙන කටයුතු කිරීමට උත්සාහ ගන්න. ගෙදරදොර කටයුතු පිළිබඳවත් හොඳින් සොයා බලන්න. ශුභ ඵල තරමක් හීන වන සතියකි. සිතේ සතුට මැනවින් පවත්වා ගැනීමට වෙහෙසක් දරන්නට සිදුවේ. ගතවූ දිනවල පැවති උනන්දුව ක්‍රියාශීලීභාවය ඔබ තුළින් මෙම සතියේදී පිළිබිඹු නොවේ.

බෙන්තොට-හේමන්ත.



Recommended Articles