මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවීමේ භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර සමගම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන ශුභඵලදායී ලග්න වනුයේ මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු, මකර වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට ඔබගේ දෛනික බොහෝ කටයුතු සතුටුදායක තත්ත්වයකින් නිම කිරීමට හැකිවනු ඇත. විනෝද සංචාරක ගමන් පිළියෙළ වේ. සුවපහසුවට අවශ්‍ය දෑ ලැබේ. හදිසි ධන ලාභ හෝ ද්‍රව්‍යමය ලාභ ගෙන දෙන බවක් පෙනේ. ගත් ණය මුදලකින් හෝ ලැබීමට ඇති මුදලකින් හෝ කොටසක් නැවත ලැබේ. රැකී රක්ෂා ලාභයක් හෝ දැනුම් කුසලතාවන්ට සරිලන පරිදි තනතුරු ඉහළ යෑමකට කටයුතු සිදුවුවත් විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණයකටද මුහුණදීමට සිදුවේ. තම ව්‍යාපාරයට අවශ්‍ය වූ ඉඩම්, ද්‍රව්‍යමය දෑ හෝ කාර්යාලයීය අවශ්‍යතාවයක් සපුරා ගැනීමට ගත් උත්සාහය සාර්ථක වේ. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින ඔබට මෙම සතියේදී එහි ප්‍රගතිය, දියුණුව සලසා ගත හැකි වන්නේ අමතර කාර්යයන්හී නිරත නොවුණොත් පමණි. ප්‍රේම සබඳතාවලට හා යුග දිවියට බලපා තිබූ ගැටලුසහගත තත්ත්වයක් ඥාතියකුගේ මාර්ගයෙන් විසඳා ගැනීමට අවස්ථාවක් සැකසේ. පහසුවෙන් විරුද්ධ ලිංගිකයන් තමා වෙත ආකර්ෂණය වන්නේය. පැරණි සබඳතා නැවත ගොඩනැගේ.
මේ සතියේ තම අධ්‍යාපන කටයුතු දැනුම කුසලතාවයට සම්බන්ධ සියලු කාර්යයන් මෙන්ම ඊට සම්බන්ධ අරමුණු, සැලසුම් ගමන්බිමන්වලට අදාළ කාර්යයන් මෙන්ම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්ට අවහිර බාධා, ප්‍රමාදවීම් ඇතිකිරීමට හේතු ගෙනෙන ලග්න වනුයේ මේෂ, කටක වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට පොතපතට සිත යෙදුනත් අධ්‍යාපන කටයුතු මගහැරී යන්නේය. හුදෙක් යහළු යෙහෙළියන්ගේ වැඩ නිසාද මෙවැනි තත්ත්වයන් මතුවේ. අනුන්ගේ වැඩකටයුතු වලට වෙහෙසීමට සිදුවීමෙන් ඉගෙනීම් කටයුතු අතපසු වී යයි. අධ්‍යාපනයට පැවති කරදර බාධක මෙන්ම උදාසීන ගති මගහරවා ගැනීමට ගන්නා උත්සාහයන්ද ව්‍යර්ථ වී යෑමට හැකි බැවින්, ඒ කෙරේ සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතු පසෙක දමා තම ඥාතීන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් මෙම සතියේදී වෙහෙසීමට සිදුවේ. එමෙන්ම උදාසීන ගති මතුවන සතියකි.
මේ සතියේ ආදර සබඳතා හා යුගදිවියේ මෙන්ම ගෘහ ජීවිතයේ කාර්යයන්ට අදාළව යම් යම් ප්‍රශ්නකාරී, ගැටලුකාරී ස්වභාවයන් මතුවන පැනනගින ලග්න වනුයේ මේෂ, වෘෂභ, තුලා, වෘශ්චික, මීන වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට මෙම සතිය තුළ ඉහත කාර්යයන් කෙරෙන් යුග දිවියේ හෝ ආදර දිවියේ සාමය බිඳීමට ඉවහල් වන ප්‍රශ්නයක් මතුවිය හැක. ඇසුරු කරන තැනැත්තා හෝ තැනැත්තිය පිළිබඳ වැරදි ආකල්පයක් විරුද්ධකාරයෙකු විසින් තම වැඩිහිටියන්ට පැවසීමට ඉඩ ඇත. ඒ කෙරේ අවධානයෙන් පසුවන්න. ප්‍රේම සම්බන්ධතාවලට හිත යොමු වේ. ඒ එසේ වුවත් ප්‍රේම සම්බන්ධතා විවාහ යෝජනාදිය වැනි කාර්ය කටයුතු සාර්ථක වීමේ බලය අඩුය. ගෙදරදොර පවුල තුළින් තමා ඇසුරු කරන තරුණයා/තරුණිය මුල්කොට තම ආත්ම ගරුත්වයට හානිදායක අභූත ප්‍රචාරයන් පැතීරිමට පිළිවෙන. එබැවින් ඔබ ඥානාන්විත වන්න. ප්‍රේම දිවිය හා යුග දිවිය සතුටින් ගත කිරීමට අසීරු වන සතියක්ද බැවින් අවධානයෙන්, අවබෝධයෙන් කටයුතු කරන්න. පොදුවේ මෙම සතියේදී ඔබගේ දෛනික කාර්ය කටයුතු යම් යම් අවහිර බාධා ප්‍රමාදවීම් මධ්‍යයේ කරගැනීමට සිදුවන නිසා හොඳින් සොයා බලා කටයුතු කරන්න. අන්‍යයන්ගේ සිත් නොබිඳෙන ලෙසට කටයුතු කරන්න. හිතේ තිබෙන අදහස් මිතුරු මිතුරියන් සමග හෙළි කරයි. ඒ නිසා සමහර විට කේලාම් කියන්නෙකු මෙන් අන්‍යයන්ගේ දෝෂ දර්ශනයට වුව ලක්වේ. ශුභ ඵල හීන සතියකි.
බෙන්තොට-හේමන්ත.
www.hirumadala.lk