ලංකාවේ ප්‍රධාන භූ විද්‍යාත්මක කලාප 2ක් අතර පිහිටා ඇති සේරුවිල අරිප්පු, කොල්ලකුලම් බ්ලොක් %සී^ ප්‍රදේශයේ තඹ හා යකඩ නිධියේ රත්‍රන්, පැලේඩියම් මෙන්ම ප්ලැටිනම් ආදී ඉහළ අගයක් සහිත මූලද්‍රව්‍ය අඩංගු වන බවට ජාත්‍යන්තර පර්යේෂණ මගින් මේ වනවිට සනාථ වී තිබේ. මෙහි ඇති වැදගත් කරුණ නම් නිධියේ අඩංගු රත්‍රන් ඉහළ ප්‍රමිතියකින් මෙන්ම ඉහළ ආර්ථික වටිනාකමකින්ද යුක්ත වන බවට පර්යේෂණ මගින් තහවුරුව තිබීමයි. සැලකිය යුතු මට්ටමක පෘථිවි පෘෂ්ඨයෙහි සාමාන්‍ය වශයෙන් රත්‍රන් පවතිනුයේ කොටස් බිලියනයකට රත්‍රන් කොටස් 4ක් (4 PP6) වශයෙනි. නමුත් සේරුවිල නිධියෙන් ලබාගත් ඇතැම් සාම්පලවල කොටස් බිලියනයකට රත්‍රන් 1000 PP6 ඉක්මවා පවතින බවට දැනට තහවුරුව තිබේ. ඒ අනුව මෙම නිධිය බහු මූලද්‍රව්‍ය නිස්සාරණය කිරීමේ නිධියක් ලෙස හඳුනාගත හැකි බැවින් නිසි ප්‍රතිපත්තීන්ට යටත්ව විධිමත් ක්‍රමවේදයක් යටතේ නිධියේ කැණීම් සිදුකිරීම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අභිප්‍රායයි. ඒ සඳහා දේශීය, විදේශීය භේදයකින් තොරව ඉදිරිපත් වීමට ආයෝජකයන් හට මේ වනවිට අවස්ථාව ලබා දී ඇති අතර, එවැනි ධනාත්මක ආයෝජකයන්ට කාර්යාංශය විසින් විවෘත ආරාධනයක් කර සිටියි.
ප්‍රථම ගවේෂණය
1971 වර්ෂයේදී එවකට පැවති භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රංශ භූ විද්‍යා ආයතනය මගින් අදාළ ප්‍රදේශයේ හර විදුම් කුහර76ක් පමණ පොළොව තුළට විද සාම්පල රැගෙන ඇති අතර, එම විදුම් කුහරයන්හී උපරිම දිග මීටර 8000ක් පමණ වෙයි. එසේ ලබාගන්නා ලද සාම්පල අනතුරුව ප්‍රංශයේ භූ විද්‍යා හා කැණීම් පිළිබඳ පර්යේෂණ කාර්යාංශය වෙත යවා සවිස්තර පර්යේෂණ දත්ත ඇතුළත් වාර්තාවක් ලබාගෙන ඇත. එම වාර්තාවට අනුව මෙම නිධියෙන් ලබාගන්නා ලද ඛනිජ සාම්පලයන්හී 40෴ක් පමණ යකඩ හා 1.2෴ක් පමණ තඹ මිශ්‍රිත බවට තහවුරුව තිබේ.
තත්ත්වය එසේ වුවද 1970 - 1980 කාල වකවානුවේ රට තුළ පැවති සිවිල් යුදමය වාතාවරණය හේතුවෙන් එම ප්‍රතිඵල වඩාත් විද්‍යාත්මක ලෙස පරීක්ෂා කිරීමේදී ප්‍රායෝගික අපහසුතා පැන නැගී ඇත. එහිදී තඹ සහ යකඩ සඳහා ඉල්ලුම් මිල අවම වීම, නිධියේ පැතිරීමේ ස්වභාවය අනුව එය ආර්ථික වශයෙන් වඩා ලාබදායී ලෙස කැණීම් කිරීමේ හැකියාවක් නොමැතිකම ආදී කරුණු හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අතරමග නවතා දැමීමට සිදුව තිබේ.
නවීන විශ්ලේෂණ උපකරණ භාවිතය
අනතුරුව ගතවූ දශකයක පමණ කාලය තුළ යුදමය වාතාවරණය අවසන් වීමත් සමග භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නැවතත් සේරුවිල ඛනිජ නිධියෙහි ගවේෂණ කටයුතු ආරම්භ කර තිබිණි. ඒ අනුව ඒවා භූ රසායනික ක්‍රම මගින් තහවුරු කර ගැනීමට උත්සාහ දැරුවද එය ව්‍යර්ථව තිබුණේ අවශ්‍ය නවීන විශ්ලේෂණ උපකරණ ශ්‍රී ලංකාව සතු නොවීම හේතුවෙනි. කෙසේවුවද පසුගිය වසර වන විට මෙම ඛනිජ ගවේෂණ කටයුතු සඳහා අදාළ විශ්ලේෂණ උපකරණ හා දැනුම කාර්යාංශය සතු වීමෙන් නැවතත් මෙම ඛනිජ නිධිය භූ භෞතික විද්‍යාත්මක ක්‍රම අනුසාරයෙන් ගවේෂණය කර තිබේ. එහිදී මීට දශක 4කට පෙර කැණීම් කර කාර්යාංශ හර විදුම් ගබඩාවෙහි ආරක්ෂිතව ගබඩා කර තිබූ සාම්පල 25ක් පමණ කාර්යාංශයේ විශ්ලේෂණ විද්‍යාගාරයෙන් පරීක්ෂා තර තිබූ අතර, එහිදී තහවුරුව තිබුණේ ඉන් ඇතැම් සාම්පලයන්හි රත්‍රන් අඩංගුව ඇති බවයි. මේ බව විදේශ විද්‍යාගාරවලදී කරන ලද නිරීක්ෂණ තුළින්ද වඩාත් තහවුරුව ඇත.
අසේල ඉද්දවෙල මහතා - සභාපති - භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය -
කාර්යාංශයේ ගබඩාවෙන් දශක 4ක පමණ කාලයක් සංරක්ෂිතව ගබඩා කර තිබූ මෙම සාම්පල මාධ්‍යයට ප්‍රදර්ශනය කිරීමට හේතුව වන්නේ නැවතත් මෙම නිධියෙහි කැණීම් සඳහා සුදුසුම කාලය එළඹ තිබීමයි. ඒ පිළිබඳව ආයෝජකයන් දැනුවත් කර ආකර්ෂණය කර ගැනීම අපේ අපේක්ෂාවයි. කොහොම වුණත් මේ සඳහා වූ කැණීම් බලපත්‍ර කාර්යාංශයට ස්වාධීනව නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. ඒවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාළ ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ඒකාබද්ධ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව, ටෙන්ඩර් පටිපාටියක් මගින් විනිවිදභාවයකින් යුක්තව නිකුත් කළයුතු වනවා.
ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන මහතා අධ්‍යක්ෂ ජෙනරාල් - භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය
ලංකාවේ රුවන්වැලිසෑය ඉදිකරන අවස්ථාවේදී එම භූමියෙන්ද රත්‍රන් හමු වී තිබෙනවා. නුවරඑළිය, රත්නපුර ප්‍රදේශවල ගංඟා ආශ්‍රිතවත්, 1850 ගණන්වල බ්‍රිතාන්‍ය යුගයේදී රඹුක්කන මාඔය ආශ්‍රිතවත්, 2000 වර්ෂයේදී ඇඹිලිපිටිය, කිරිඉබ්බන්ආර ප්‍රදේශයේදීත් වගේම 2012 වර්ෂයේදී කැලණි ගංඟාවෙන්ද රත්‍රන් හමුව තිබෙනවා. මේ වන විටත් කැලණි ගඟෙහි රත්‍රන් සඳහා බලපත්‍ර විශාල ප්‍රමාණයක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
ආචාර්ය බර්නාර්ඩ් ප්‍රේම් මහතා හිටපු අධ්‍යක්ෂ ජනරාල්/වත්මන් උපදේශක- භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය
මෙතෙක් හමුව ඇති සියලු රත්‍රන් ගංඟා ආශ්‍රිතව ගවේෂණය කර සොයාගත් ඒවායි. ඒ අනුව ඒවා මව් පාෂාණයෙන් ගැලවී ගොස් දීර්ඝ කාලයක් තිස්සේ ජීර්ණය වී තිබෙනවා. නමුත් සේරුවිල නිධියෙන් සොයාගත් රත්‍රන් මවු පාෂාණය තුළින්ම විසිරී ගොස් ඇති බැවින් ඒවා පවතින තත්ත්වයෙන්ම උකහා ගැනීම වඩාත් පහසුයි. ලංකාවේ භූමියෙන් එවන් රත්‍රන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙම සේරුවිල නිධිය වීම විශේෂත්වයක්.