මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම දිනෙන්දින ජනතාව ඉදිරියේ විවේචනයට ලක්වන අයුරු පෙනෙන්නට තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අප සියලු දෙනාගේම හැසීරීම මීට වඩා ප්රශස්ත මට්ටමකට පැමිණිය යුතු බව මාගේ හැඟීමයි. එසේ නොමැතිව මේ ආකාරයෙන් ඉදිරියට ගමන් කළහොත් නුදුරේදීම රටේ බහුතරයක් වන ජනතාව පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්වනු ඇත.
අනෙක් අතින් අපගේ හැසිරීම ප්‍රාදේශීය සභා මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන්ද ආදර්ශයට ගතහොත් එයද රටේ අනාගතයට සුබදායක නොවනු ඇත. මේ සඳහා හොඳම උදාහරණය ඊයේ (19දා) පැවැති බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරිම වෙනස් වීම සඳහා ප්‍රධාන වශයෙන්ම වගකිව යුතු වන්නේ කථානායක කරු ජයසූරිය මහතාගේ වගකීම් විරහිත හැසිරීමය. ඔහුගේ හැසිරීම හේතුවෙන් මන්ත්‍රීවරු නොසන්සුන්කාරී ලෙස හැසිරිණි. කථානායකවරයා අපක්ෂපාතී ලෙස කටයුතු කළේ නම්, මෙවැනි තත්ත්වයක් ඇති වීමට ඉඩ නොතිබිණි.
ආණ්ඩු පක්ෂය දිගින් දිගටම ඉල්ලා සිටියේ, ස්ථාවර නියෝග අනුව කටයුතු කරන ලෙසයි. නමුත් කථානායකවරයා එම ඉල්ලීම්වලට පිටුපා කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවත්, රටත් ජාත්‍යන්තරය තුළ විහිළුවක් බවට පත්වූ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.
එසේම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සැසිවාරයේ ඇතිවූ නොසන්සුන්තාව ජාත්‍යන්තරයේ බොහෝ මාධ්‍යයද වාර්තා කර තිබිණි. මෙයද රටට හිතකර තත්ත්වයක් නොවේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ වන විට නව අගමැතිවරයෙකු හා නව කැබිනට් මණ්ඩලයක් පත්කරමින් නව ආණ්ඩුවක් නිර්මාණය කර තිබේ.
යම් හෙයකින් අගමැතිවරයාට හෝ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය කටයුතු කරන්නේ නම්, වැදගත් වන්නේ පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව කටයුතු කරමින් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමය. පාර්ලිමේන්තු සැසිය අවසන් කර නැවත සැසිවාරයක් ආරම්භ කර ඇති හෙයින් පාර්ලිමේන්තුවේ සියලු කමිටු මේ වන විට අක්‍රිය වී තිබේ. මුලින්ම ඒ සඳහා පාර්ලිමේන්තු කමිටු පත්කර නීත්‍යනුකූලව න්‍යාය පත්‍රයට එම යෝජනාව ඉදිරිපත් කර ඉදිරි කටයුතු කරගෙන යා යුතුය.
එසේ කළේ නම් මෙවැනි ගැටලුවක් පාර්ලිමේන්තුවේ ඇති නොවීමට ඉඩ තිබිණි. සියලු දෙනාම පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා ව්‍යවස්ථාවට අනුව කටයුතු කළේ නම් මේසා ගැටලුකාරී තත්ත්වයක් ඇති නොවීමට ඉඩ තිබූ බව මගේ හැඟීමය.
අනෙක් අතින් කථානායක කරු ජයසූරිය මහතා මේ ආකාරයෙන් කටයුතු කිරීම පසුපස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිටින බවට මේ වන විට මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා හිතාමාතා කරු ජයසූරිය මහතාගේ ප්‍රතිරූපය විනාශ කිරීම වෙනුවෙන් ඔහුව මෙම හැසිරීම සඳහා පොළඹවා ඇති බවට මේ වන විට තොරතුරු හුවමාරු වෙමින් පවතී.
එසේම ඊයේ (19දා) දිනයේදී යම්තාක් දුරකට පාර්ලිමේන්තුවේ සන්සුන්තාවක් දක්නට ලැබිණි. ඒ සියලු දෙනාම පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව කටයුතු කළ හෙයිනි. මේ සඳහා ගෞරවය නියොජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාට ලබාදිය යුතු වෙයි. නැවතත් පාර්ලිමේන්තුව කැඳවීම සිකුරාදා (23දා) දිනයේදී සිදු වීමට නියමිතය. එදිනද අපගේ මන්ත්‍රීවරුන් වැදගත් ලෙස පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව කටයුතු කරනු ඇතැයි මම විශ්වාස කරමි.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් රට ඉදිරියට යෑමට නොහැකිය. ඒ සඳහා හොඳම විසඳුම වන්නේ ජාතික මට්ටමේ මැතිවරණයකට යෑමය. පාර්ලිමේන්තුව කල් තැබීමට අදාළ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයට මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලැබී ඇති හෙයින් එය නීතිය ඉදිරියේ පවතින දෙයකි. ඒ පිළිබඳ කතා කිරිම වැදගත් නොවේ.
ලබන මස 07 වැනිදා මේ සම්බන්ධයෙන් තවදුරටත් අධිකරණය කරුණු වාර්තා කරනු ඇත. එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනුයේ මුලින්ම ජනාධිපතිවරණයක් කැඳවන ලෙසය. අප ජනාධිපතිවරණයට මෙන්ම මහමැතිවරණයකටද සූදානම්ය. ජනාධිපතිවරණයක් කැඳවීම පිළිබඳ තීන්දුව ගනු ඇත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. එම තීරණය ඔහුට ගත හැකි වන්නේද ජනවාරි 08 වැනිදායන් පසුවය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට යෝජනා කරනුයේ ජනාධිපතිවරණයක් පවත්වන ලෙසය. කෙසේ වෙතත් මා හට හැඟෙන පරිදි ඔහුට මැතිවරණ ඉල්ලා සිටීමට අයිතියක් නොමැත. මන්දයත් පළාත් පාලන මැතිවරණය වසර දෙකහමාරක් කල් දැමූ, පළාත් සභා හයක නිල කාලය අවසන් වී තිබියදී, මැතිවරණය නොපැවැත්වූ ඔහු මැතිවරණ ඉල්ලා සිටීම විහිළුවකි.
තවත් අයෙකුට පැනනැගිය හැකි ප්‍රශ්නයක් වනුයේ ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් අපගේ සහාය ලබාදෙන්නේ කවුරෙකු වෙනුවෙන්ද යන්නය. ඒ සඳහා ලබාදිය හැකි පිළිතුර වන්නේ ජනාධිපතිවරණයක් සඳහා කල් තිබෙන බවය.
අනෙක් අතින් මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අප අතර හොඳ සම්බන්ධතාවක් ඇතිව තිබේ. මැතිවරණය පැමිණි විට ඒ පිළිබඳ සාකච්ඡා කළ හැකිය. නමුත් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අභිප්‍රාය වී ඇත්තේ පුළුල් ජාතික සන්ධානයක් තුළ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමය. ඒ හරහා අගාධයකට ගොස් ඇති රට ගොඩනැංවීමත් මූලික අරමුණ වී තිබේ.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!