කෝවිඩ් වසංගතයේ පැතිරීම වළක්වා ගැනීම සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම, ලොක්ඩවුන් කිරීම, සංචරණ සීමා යෙදවීම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ දෙයක්. නමුත් එය සාර්ථක වීමට නම් නියමිත පරිදි ලොක්ඩවුන් තත්ත්වය ක්‍රියාත්මක කළ යුතුයි. එය එසේ සිදුවුණේ නැහැ. ඒ වගේම සංචරණ සීමා කාලය තුළ රෝගීන් හඳුනා ගැනීම වැඩි කළේ නැහැ. ඒ නිසා මේ වසරේ සංචරණ සිමා ක්‍රියාත්මක කිරීම අසාර්ථකයි. මෙසේ සිය අහස් දැක්වූයේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා විසිනි.
සංචරණ සිමා ක්‍රියාත්මක කිරීම අසාර්ථකයි
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය
කෝවිඩ් වසංගතයේ පැතිරීම වළක්වා ගැනීම සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම, ලොක්ඩවුන් කිරීම, සංචරණ සීමා යෙදවීම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ දෙයක්. නමුත් එය සාර්ථක වීමට නම් නියමිත පරිදි ලොක්ඩවුන් තත්ත්වය ක්‍රියාත්මක කළ යුතුයි. එය එසේ සිදුවුණේ නැහැ. ඒ වගේම සංචරණ සීමා කාලය තුළ රෝගීන් හඳුනා ගැනීම වැඩි කළේ නැහැ. ඒ නිසා මේ වසරේ සංචරණ සිමා ක්‍රියාත්මක කිරීම අසාර්ථකයි.
මෙම තත්ත්වය ඉවත් කළ පසුව රෝගය පැතිරීම වළක්වා ගැනීමට නම්,
- සංචරණය සීමා කළ යුතුයි.
- රැස්වීම්, සම්භාෂණ, උත්සව ආදී සියලු දේට යම් සීමාවක් පාලනයක් ඇති කළ යුතුයි.
- සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයි.
- සෞඛ්‍ය කාර්ය මණ්ඩල දිරිගැන්විය යුතුයි.
- එන්නත්කරණය තවදුරටත් සිදුකළ යුතුයි.
- එම එන්නත්කරණය යම් වැඩපිළිවෙළකට අනුව සිදුකර ජනතාවගෙන් 20෴කට වත් ඉතා ඉක්මනින් එන්නත් ලබාදිය යුතුයි.
- පළමු මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව ලබා නොගත් පුද්ගලයන්ට කඩිනමින් එන්නත් ලබාදීම සිදුකළ යුතුයි.
- ජනතාව දැනුම්වත් කිරීම දිගින් දිගටම සිදුකළ යුතුයි.
- සත්‍ය දත්ත ප්‍රසිද්ධ කළ යුතුයි.
- කොරෝනා මැඬලීමේ මූලිකත්වය සෞඛ්‍ය අංශවලට ලබාදිය යුතුයි.
- සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන කාර්යසාධක බළකායක් ඇති කළ යුතුයි.
- කාර්යාලවලට සේවකයන් ගෙන්වීම තවදුරටත් සීමා කළ යුතුයි.
- නිවසේ සිට වැඩකරන තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුයි.
- මුලික සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කිරීම තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුයි.
- සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කළ යුතුයි.
රට වැහුවොත් හරි නොවැහුවොත් හරි මොකද වෙන්නේ කියලා මනින්න මිනුම් දණ්ඩක් තිබිය යුතුයි.
වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ්
- රට වසා තැබීමෙන් සහ විවෘත කළ පසු තත්ත්වය මනින්න මිම්මක් තිබිය යුතුයි.
- සෞඛ්‍ය අමාත්‍යාංශය කියන පරිදි රට වැහුවොත් හරි නොවැහුවොත් හරි මොකද වෙන්නේ කියලා මනින්න මිනුම් දණ්ඩක් තිබිය යුතුයි.
- රටක වසංගත රෝග අංශයක් වැඩ කරන විට එවැනි තත්ත්වයන් රටට හෙළිදරව් කිරීමේ වැඩපිළිවෙළක් තිබිය යුතුයි.
- සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදෙන උපදෙස් පිළිගත යුතුයි යන විද්‍යාත්මක පදනම ඇති කළ යුතුයි.
- මේ වනවිට පළමු පෙළ ආශ්‍රිතයන්ගේ පීසීආර් පරීක්ෂණ කිරීම නවත්වලා තිබෙනවා. එය නැවත සිදුකළ යුතුයි.
- වසංගතයේ ප්‍රමාණයට රෝගීන් ප්‍රමාණය හඳුනාගැනීමට සක්‍රීය පරීක්ෂණ සිදුකළ යුතුයි.
- ඒ සඳහා විද්‍යාත්මක ආවේක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කළ යුතුයි.
- රටපුරා ව්‍යප්ත වූ අහඹු පරීක්ෂණ ක්‍රියාවලියක් තිබෙනවා නම් සමාජයේ සිටින රෝගීන් ප්‍රමාණය සම්බන්ධයෙන් යම් නිගමනයකට එන්න පුළුවන්. එවන් තත්ත්වයක් ඇති කළ යුතුයි.
- තමා විසින්ම තමාටම සීමා ඇති කරගත යුතුයි.
- සංචරණ සීමා ඉවත් කළත්, රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වසංගතය අඩුකර ගැනීමට කැපවීමෙන් කටයුතු කළ යුතුයි.
නව ප්‍රභේදයට හරියන විද්‍යාත්මක පිළියමක් නිර්මාණය කරන්න ඕනේ
විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා
මේ වෙද්දි කොළඹ ඇතුළුව බස්නාහිර පළාත තුළ ඩෙල්ටා ප්‍රභේදයේ රෝගීන් වාර්තා වෙනවා. රට විවෘත කරන අවස්ථාවක අමාත්‍යාංශ හරියටම හොයාගන්න ඕනේ මේ ප්‍රභේදය බස්නාහිරෙන් එළියටත් ගිහිල්ලාද කියලා.
- එහෙම වෙලා නම් දිගටම අපිට සංචරණ සීමා තියාගන්න වෙනවා.
- එන්නත්කරණය පුළුවන් තරම් ඉක්මනට කරන්න ඕනේ.
- එන්නත්කරණය සිදුකරන අතරතුරම ආර්ථික අතින් අත්‍යාවශ්‍යම ආයතනවලට පමණක් අවසර දීලා ඉතුරු අයට තවදුරටත් නිවසේ සිට වැඩ කරන්න අවස්ථාව දිය යුතුයි.
- ITවලින් වැඩ කරන අයට ගෙදර ඉඳලා වැඩ කරන්න පුළුවන්.
- පාසල් ක්ෂේත්රය තුළත් හරියටම ගුරුවරුන්ට එන්නත් ලබාදෙන්න කලින් කිසිසේත්ම පාසල් විවෘත කරන්න බැහැ.
- නව ප්‍රභේදය වයස අඩු අයටත් බලපාන්න පුළුවන් නිසා ඒකට හරියන විද්‍යාත්මක පිළියමක් නිර්මාණය කරන්න ඕනේ.
- අත්‍යාවශ්‍ය වශයෙන්ම පවත්වාගෙන යායුතු ආයතන ඇතුළේ පුද්ගලයන් විසින් මුව ආවරණ නිවැරදිව පැලඳීම, පරතරය පවත්වාගෙන යාම අනිවාර්යයි.
- ආයතන ඇතුළේ එකට හිඳ ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි.
- ඒ වගේම පුළුවන් තරම් වායුසමීකරණ ක්‍රියා විරහිත කරලා ජනෙල් දොරවල් ඇරලා ආයතන පවත්වාගෙන යා යුතුයි.
ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම හෙළි නොකර රට විවෘත නොකළ යුතුයි
පවුල් වෛද්‍ය විශේෂඥ තුෂ් වික්‍රමනායක
&ජනාධිපතිතුමා හදිසියේම කියනවා දීල තියෙන මරණ සංඛ්‍යාව, දත්ත වැරදියි කියලා. එතකොට අපිට සැකයක් ඇතිවෙනවා. මොකද ජනාධිපතිතුමාම පත්කරපු කෝවිඩ් 19 බළකාය මෙහෙම නම් දත්ත සපයන්නේ, අපිට ඔවුන් ගැන පුදුම සැකයක්, කලකිරීමක් ඇතිවෙනවා. ඒ වගේම සෞඛ්‍ය අංශ පසුගිය සතියේ කිව්වා ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් සොයාගත්තා කියලා. නමුත් එතැනින් එහාට ඒ ගැන කිසි දෙයක් අපිට කියලා නැහැ. ඩෙල්ටා ප්‍රභේදය කොපමණ පැතිරිලාද, ඒකෙන් කවුරුත් මැරිලද කියල කිසිදෙයක් අපි දන්නෙ නැහැ. මෙවැනි තත්ත්වයකදී රට විවෘත කරන එකට පෞද්ගලිකව මම විරුද්ධයි.*
- අපේ ආර්ථික ක්‍රමවේදය සහ වෙනත් දේවල් මත රට විවෘත කළයුතු නම් රජය සහ ජනතාව මේ දේවල් ගැන සැලකිලිමත් විය යුතුයි.
- රජය මුලින්ම අවංකභාවයකින් සහ විනිවිදභාවයකින් දත්ත සැපයිය යුතුයි.
- මීට අදාළ පුද්ගලයන් හැර විෂයට පරිබාහිර පුද්ගලයන්, රජයේ නිලධාරීන්, මැතිඇමතිවරුන් මේ පිළිබඳ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම හෝ තම තමන්ගේ පෞද්ගලික මත ප්‍රකාශ කිරීම තහනම් කළ යුතුයි.
- මිලිටරිකරණයෙන් රෝග මර්දනය නොව සෞඛ්‍ය ප්‍රවර්ධනයෙන් රෝග පාලනය කළ යුතුයි.
- දිනපතාම රජයේ පිළිගත් නිවේදන ක්‍රමයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ යුතුයි.
- අවම වශයෙන් සතියකට වරක් හෝ වසංගත රෝග විශේෂඥයන්ගෙන් සහ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්ගෙන් සැදුම්ලත් මාධ්‍ය සාකච්ඡාවක් අවශ්‍යයි.
- ඒ මාධ්‍ය සාකච්ඡාව ජනයා දැනුම්වත් කිරීමටත්, බලාත්මක කිරීමටත් කටයුතු කළ යුතුයි.
- කැකිල්ලේ ක්‍රමයට නීතිය ක්‍රියාත්මක නොකර සෑම පුද්ගලයෙකුටම නීතිය එහ හා සමානව ක්‍රියාත්මක කළ යුතුයි.
- පීසීආර් පරික්ෂණ, මියයන පුද්ගලයන්ගේ දත්ත, එන්නත් ක්‍රමවේදය ක්‍රමානුකූලව වැට පැනීමකින් තොරව සත්‍ය ලෙස සහ කඩිනමින් කළ යුතුයි.
- පුරවැසියෙක් ලෙස තමන්ගේ ආරක්ෂාව තමන් විසින් තහවුරු කරගත යුතුයි.
- ෆේස් ෂීල්ඩ් වෙනුවට මුව ආවරණයක් භාවිත කළ යුතුයි.
- ඔබට අවස්ථාව පැමිණි විට අනිවාර්යයෙන් එන්නත් ලබාගැනීම සිදුකරගන්න.
- එන්නත් ලබාගත් පසු ඇතිවන තාවකාලික රෝගයන්ට වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.
- තහවුරු නොකරන ලද තොරතුරු, කටකතා, මිත්‍යාවන් සමාජ මාධ්‍ය හරහා සහ අවට පිරිස් වෙත පැතිරවීමෙන් වැළකිය යුතුයි.
- රජයේ වසංගත විද්‍යා ඒකකයේ නිල වෙබ් අඩවියෙන් තොරතුරු ලබාගැනීම සිදුකරන්න.
පළාත් අතර සංචරණ සීමා දැඩිව පාලනය කළ යුතුයි
මහේන් බාලසූරිය (මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්)
සංචරණ සීමා හදිසියේ පනවන්නට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශයේ උපදෙස් සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවේ දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි.
- ඒ අනුව රැස්වීම් , සම්භාෂණ, උත්සව ආදී සියලු දේට මාර්ගෝපදේශවලට අනුව සීමාවක්, පාලනයක් දැමිය යුතුයි.
- වෙළෙඳ සැල්, සුපිරි වෙළෙඳ සැල්, ෆාමසි වැනි ආයතනවල එක් වරකට පිවිසිය හැකි පුද්ගලයන් සංඛ්‍යාව ප්‍රදර්ශනය කළ යුතුයි.
- ඒ සීමා ක්‍රියාත්මක නොකරන ස්ථානවල බලපත්‍ර තහනම් කිරීම හෝ දැඩි නීති ක්‍රියාත්මක කළ යුතුයි.
- පොදු ප්‍රවාහනයට අනිවාර්යයෙන් දැඩි සීමා පැනවිය යුතුයි.
- අත්‍යාවශ්‍යම සේවා සඳහා කැඳවන පුද්ගලයන් සඳහා ක්‍රම ක්‍රමයෙන් පොදු ප්‍රවාහන කටයුතු සලස්වා දීමට කටයුතු කළ යුතුයි.
- ආයතන වල ප්‍රධානීන් දැනුම්වත් කරමින් අත්‍යාවශ්‍ය සේවකයන් පමණක් ගෙන්වා ගත යුතුයි.
- නගර ආශ්‍රිතව තදබදයක් ඇතිවීම වගේම ප්‍රවාහන මාධ්‍ය තුළ තදබදයක් ඇති වුණොත් මේ වෛරස ව්‍යාප්තිය පාලනයෙන් ගිලිහේවි.
- පළාත් අතර සංචරණ සීමා දැඩිව පාලනය කළ යුතුයි.
- ඒ සඳහා පසු විපරම් කිරීම ආරක්ෂක නිලධාරීන් විසින් දැඩිව සිදුකළ යුතුයි.
- නිරෝධායන දින ගණන 21 දක්වා වැඩි කර තිබීම නිසා දැඩිව සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මක කළ යුතුයි.
කැළුම් ෙද්වින්ද / නදීශානි පතිරණ / චාමර සම්පත්