කොතරම් දත් මැද මුඛ සෞඛ්‍ය පිරිසුදුව පවත්වා ගත්තත් වේදනා ගෙනදෙන කුඩා බිබිලි මතුවීම නැතිනම් ගම් බොයිල්ස් මතුවීම ඔබත් කවදාක හෝ අත්විඳ ඇති තත්ත්වයක් වෙන්නට පුළුවන්. මේවා මතුවෙන්නේ විදුරුමහේ දුර්වලකම නිසාද එහෙමත් නැතිනම් කිසියම් විෂ බීජයක් ඇතුළුවීම නිසාද කියන ප්‍රශ්නයෙන් හෙම්බත්වන බොහෝ දෙනෙක් කරන්නේ විවිධ අත්බෙහෙත් කරන්නට ඉදිරිපත්වීමයි. නමුත් මේ බිබිලි ඇතිවන්නට තවමත් නිශ්චිත හේතුවක් වෛද්‍ය විද්‍යාවෙන් සොයාගෙන නැති බවයි ඇත්ත.
මේ බිබිලි ඇතිවීම බොහෝ විට වයස් ගතවීමත් සමග අඩු බවක් දක්වන බව පැහැදිලියි. මේවා ගැන වැඩිපුරම පැමිණිලි කරන්නේ තරුණ කාන්තාවන්වීම බහුලයි. කෙසේ නමුත් මේ ගැන වැඩි දෙනෙක් කතානොකරන නිසා මෙයට විසඳුම් කවරේද යන්නට සොයා බලන්නට අප අදහස් කළා.
කටේ ඇතිවන මේ කුඩා බිබිලි ගැන ඔබ වඩාත් අප්‍රසාදයක් දක්වන්නට හේතුව මේවා ඉතාම වේදනාකාරී බව නිසා යැයි කිවහොත් අප එය බැහැර කරන්නේ නැහැ. ඔවු ඇත්තෙන්ම මේ බිබිලි විදුරුමස ආශ්‍රිතව මුඛයේ ඇතිවීම ඉතාවේදනාකාරී බවක් දැනීමට හේතුවක් වනුයේ අප ආහාර ගැනීමේදී එහි ඇති ලුණු සහ මිරිස් වැනි සංඝටක මේවා හා ගැටීම මේ වේදනාව වැඩිකිරීමට හෝ අපට වැඩිපුර දැනීමට හේතුවක් වන නිසයි.
කෙසේ නමුත් මේ ගම් බොයිල්ස් ඇතිවීම වැඩිපුරම හිරිහැරකාරී බවක් ලෙස පැමිණිලි කරන්නේ ගැහැනු ළමුන් බව පැවසුවහොත් එහි වරදක් නැහැ.ගැහැනු ළමුන්ට වැඩිපුර ගම්බොයිල් ඇතිවන්නට විශේෂ හේතුව කුමක්ද? මේ ඔබට ඇතිවෙන්නට පුළුවන් ඊළඟ ගැටළුව. ඇත්තෙන්ම ගැහැනු දරුවන්ගේ මාසික ඔසප් චක්‍රය හා මේ ගම් බොයිල් අතර සම්බන්ධයක් තිබේ යැයි පැවසුවහොත් එහි යම් තරමක පිළිගත හැකි සත්‍යයක් අන්තර්ගතයි.
ඒ ඔසප් හා මේවා අතර සම්බන්ධයක් ඇති නිසා යැයි අප නොකීවත් ඔසප් කාලයට කාන්තාවන් ඒ ඔසප් කාලය නිසා ඇතිවන උදරයේ අපහසුතා සහ නොයෙකුත් ශාරීරික අපහසුතා නිසා පීඩනයකට පත්වෙනවා. නමුත් එය හැම කාන්තාවකටම එකම ආකාරයෙන් ඇතිනොවන බව ඔබ දැන සිටිය යුතුයි. ඇතමුන්ට මෙසේ ගම්බොයිල් ඇතිවීම ඉතා කලාතුරකින් ඇතිවන තත්ත්වයක් බව හෝ ඇතැම්විට ඇතිවන්නේම නැති තත්ත්වයක් යැයි පැවසුවත් එය අසාමාන්‍ය තත්ත්වයක් නොවෙයි.
කෙසේ නමුත් මෙම ගම් බොයිල් හා මානසික තත්ත්වය අතර පැහැදිලිවම සම්බන්ධයක් පවතින බව නම් සත්‍යයක්. මෙම ගම් බොයිල් ඇතිවීම බොහෝ විට ගැහැනු දරුවන්ට තමන්ගෙ ඔසප් කාලයේදී වැඩි විය හැකි වුවත් ගැහැණු පිරිමි දෙපක්ෂයටම පොදුවේ මේවා කිසියම් මානසික පීඩනයක් සහිත කාලවකවානුවලදී ඇතිවෙන්නට පුළුවන්.
මානසික ආතතිය වැඩිවන කාලපරිච්ඡ්දවලට උදාහරණ ලෙස කිසියම් විභාගයකට මුහුණ දෙන අවදිය නැතිනම් කිසියම් රැකියාවක සම්මුඛ පරීක්ෂණයකට සූදානම්වන අවදිය හෝ තම නිවසින් බැහැරව ජීවත්වන්නට යාමට සූදානම්වන අවස්ථා විවාහයට සූදානම්වීම වැනි කාරනා යම් බලපෑමක් කරන්නට පුළුවන්. විශේෂයෙන් මේ කාරනාම නොවුනත් මානසික වශයෙන් ආතතියක් ඇතිකරලීමට හේතු සාධක පවතින ඕනෑම අවස්ථාවක ගැහැණු පිරිමි වෙනසක් නොමැතිව මේ තත්ත්වය බහුලව ඇතිවෙන්නට පුළුවන්. එමෙන්ම මෙය වැඩිහිටි පුද්ගලයන්ට වඩා තරුණ තරුණියන් අතර වඩාත් බහුල බවකුත් දකින්නට පුළුවන්.
කරුණු කෙසේ වුවත් මේවා ඇතිවන්නට හේතුව කුමක්දැයි තවමත් වෛද්‍ය විද්‍යාත්මකව නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැහැ. කෙසේ නමුත් මෙයින් ඇතිවන අධික දැවිලි සහිත වේදනාව හැර මෙයින් වෙනත් ආකාරයක බලපෑමක්ද නොවීම එයට හේතුව සහතික කිරීම ප්‍රමාද වන්නට හේතුවක් විය හැකියි. මේ ගම්බොයිල්ස් ඇතිවීමට ආරයේ බලපෑමක්ද පැවතිය හැකියි. පරම්පරාවේ සමීප අයෙකුට නිතර නිතර මේ ගම් බොයිල් ඇතිවීමේ තත්ත්වය පැවතියේ නම් තමන්ටද ඒවා ඇතිවීමට පොඩි බලපෑමක් එල්ලවෙන්නට හැකියි.
නමුත් පරම්පරාවේ අයෙකුට තිබූ පමණින් මෙය අනිවාර්යෙන්ම ඔබට ඇතිවන බවට බියපත් විය යුතු නැහැ. දැන් අප මෙම තුවාලවල ස්වභාවය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කතාකරමු. මුඛයේ ඇතිවන තුවාල හැම එකක්ම පාහේ ගම් බොයිල් නෙවෙයි. සති දෙකකට වඩා වැඩි කාලයක් සුවනොවී පැවතෙමින් කිසියම් ආකාරයකට විවිධ වෙනස්කම්වලට භාජනය වෙන පැහැයේ හෝ ස්වභාවයේ වෙනස්කමක් දක්වන තුවාලයක් නම් එය දන්ත වෛද්‍යවරයෙකුට හෝ කායික රෝග පිළිබඳ වෛද්‍යවරයෙකුට හෝ උගුර කණ නාසය වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කරවා ගැනීම වඩා වැදගත් බව මතක තබා ගන්න.
මන්ද ඇතැම් විට මුඛ පිළිකාවල ලක්ෂණ ලෙසද මුඛයේ ඇතිවන සුව නොවන තුවාල යන ලක්ෂණය බලපානු ලබන බැවිණි. මේනිසා මුඛයේ ඇතිවන හැම තුවාලයක්ම ගම් බොයිල් එකක් සේ සිතීමත් මුඛ පිළිකා ලක්ෂණයක් සේ සිතීමත් වෛද්‍ය පරීක්ෂාවකට නිසි පරිදි ලක්වීමට ප්‍රථමව නොකළ යුතු දෙයක් බව මතක තබා ගන්න. පැහැදිලිවම ගම් බොයිල් යන තුවාල හඳුනාගන්නට හැකිවන ලක්ෂණ අප දැන් සලකා බලමු. මෙම තුවාල සාමාන්‍යයෙන් රවුම් හැඩැතිය .
එමෙන්ම ගැඹුරු තුවාල නොවේ. විෂ්කම්භය මි මි 05 ට අඩුය .මේ තුවාල හට ගන්නා මුල් අවස්ථාවේ දැවිල්ලක් හට ගනී. සතියක් දෙකක් පමණ හෝ ඊට අඩු දිනගණනක් මෙය පැවතීමට ඉඩ තිබේ. කම්මුලේ ඇතුල් පැත්තේ සහ තොල්වල ඇතුල් පැත්තේ නිතර හටගැනීමට ඉඩ ඇති අතර කලාතුරකින් නමුත් දිවේද ඇති විය හැකිය. සමහරු මේවා උෂ්ණ බිබිලි ලෙසද හඳුන්වන අතර ශරීරයේ උෂ්ණ බව නිවෙන්නට යැයි කියා විවිධ ආහාර පාන ඇසුරු කරයි.
මේවා පවතින්නේ සති දෙකක පමණ කාලයකට පමණ යැයි කීවාට කලාතුරකින් නමුත් කාලයක් පවතින විශාල තුවාලද මෙසේ වරින්වර ඇති විය හැකිය. එවන් තුවාල සැබවින්ම ගම් බොයිල්ස්මද යන්න හඳුනාගැනීමට වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙන්නේ එබැවිණි. සමහර විට මෙවැනි කල් අල්ලන විශාල තුවාල මුඛ පිළිකා ලක්ෂණ වලින් වෙන්කර හඳුනා ගැනීම අපහසු බවක් දක්වන බැවින් එවන් අවස්ථාවක වෛද්‍ය නියමය අනුව මෙම තුවාලය සැත්කමකින් ඉවත් කරන්නට කටයුතු යොදන අතර එය පටක පරීක්ෂාවකට යොමු කෙරේ. පටක පරීක්ෂාවේදී ලබන තීරණය අනුව ඒ සඳහා වෛද්‍ය නිගමනය ලබාදෙනු ඇත.
දැන් අප මේ සඳහා තිබෙන ප්‍රතිකාර මොනවාද යන්න විමසමු. කෙසේ නමුත් මේ සඳහා ප්‍රතිකාර ගැන කතාකරන්නට පළමු මෙහි ඇති සුවවීමේ ස්වභාවය සම්බන්ධයෙන් අප අවධානය දැක්වීම වැදගත්ය. මන්ද මේවා කිසිම ප්‍රතිකාරයකින් තොරව වුවද සුව වන බව සත්‍යයක් හෙයිනි. යම් දිනක මේවා ඔබට ඇති වී ඇත්නම් ඔබ කිසිදු ප්‍රතිකාරයක් නොකල නමුත් ඉබේම ඒවා සුව වී ගිය බව ඔබට මතක ඇති.
නමුත් මෙය නිසා ඇතිවන වේදනාකාරී බව නවතා ගන්නට කිසියම් පිළියමක් නැතිද යන්න ඔබ වඩා විමසිලිමත් වනු ඇති. කෙසේ නමුත් මේවායින් ඇතිවන වේදනාව ඉක්මණින් අඩු කර ගැනීමට ප්‍රතිකාර පවතින බව කිව යුතුය. සරල ප්‍රතිකාරයක් වශයෙන් ඔබට ටෙට්‍රාසයික්ලීන් කරලක් ගෙන එහි ඇතුළත ඇති ඖෂධ කුඩු වතුර ටිකකට දමා මුසු කර කලතා මුඛ්‍ය තුළට ගෙන දිගු වේලාවක් තබාගෙන ඉවත දැමීම සුළු ප්‍රතිකාරයක් ලෙස යොදා ගත හැකිය. මේ සඳහා ඖෂධ අලෙවි සැල්වලින් ජෙල් වර්ගයක් ගෙන ආලේප කරන්නටද හැකියාව තිබේ.
සටෙරොයිඩ අඩංගු මුඛයේ ආලේප කළ හැකි ජෙල් වර්ගද ටියුබ් වශයෙන් මිලදී ගැනීමට ඇත. මේවා රාත්‍රියට ආලේප කිරීමෙන් ඉක්මණින් සුව කර ගත හැකිය. කෙසේ නමුත් තනි තුවාල නැතත් තුවාල රාශියක් එකවර මතුවන අවස්ථාද තිබිය හැකිය. මේ සඳහා ස්ටෙරොයිඩ පෙති ලබා ගත හැකි නමුත් එම පෙති වර්ග වල අතුරු ඵල රාශියක්ම පවතින බව දැන සිටීම වැදගත්.ඒ නිසා ඒවා හිතුමනාපයේ ලබාගන්නට උත්සහ කරන්න එපා.
මේවා ඇතිවීම නැවතිය හැකි ඔසුවක් මෙතෙක් නොපවතින නමුත් ක්‍රම ක්‍රමයෙන් වයස් ගත වන විට මේවා ඇතිවීමේ ප්‍රවණතාවය අඩු වී යයි. මේ නිසා ඔබට මුඛයේ මෙවන් තුවාල නිතර නිතර ඇතිවෙන්නේ නම් ඔබේ මානසික ආතතිය අවම කර ගැනීමට කිසියම් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නට වග බලා ගන්න.
මේ හැරෙන්නට කාන්තා ඔබගේ මාසික ඔසප් දින ආසන්නයේ මෙම බිබිලි මතුවන්නේ නම් මෙහි දක්වා ඇති සරල ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඔබේ මානසික ආතතිය අවම වන ලෙස කටයුතු කරමින් මෙම තත්ත්වයට මුහුණ දෙන්න. මානසික ආතතිය වැඩිවන විට මේ බිබිලි සෑදීමේ ප්රවණතාවයද එයින් ඇතිවන අපහසුතාවයද දැඩි විය හැකිය. හේතුව දැන් ඔබ දන්නා හෙයින් එය පාලනය කරගන්නට කටයුතු කරන්න.
උපදෙස් උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය
සටහන - නාලිකා රාජපක්ෂ