දේශගුණික විපර්යාස වත්මන් ලෝකයේ සුලබ තත්ත්වයක් බවට පත්වන ආකාරයක් මේ වනවිට දක්නට ලැබේ. මේ සඳහා ගෝලීය ප්‍රජාව විවිධාකාරයේ වැඩසටහන් හා ක්‍රමවේද ඔස්සේ මුහුණදෙමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව මෙම විපර්යාස සඳහා මුහුණදීමට දක්වන සූදානම පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. එබැවින් එළඹෙන කාලගුණික හා දේශගුණික විපර්යාස අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳ ඔබ වෙත විග්‍රහයක් ගෙන ඒමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස පිළිබඳ ඒකකයේ අධ්‍යක්‍ෂ ආචාර්ය සුනිමල් ජයතුංග මහතා සම්බන්ධ කරගැනීමට %අද^ අපි සිතුවෙමු. මේ ඒ මහතා ඒ පිළිබඳව ගෙන ආ විග්‍රහයයි.
දේශගුණික විපර්යාස වත්මන් ලෝකයේ සුලබ තත්ත්වයක් බවට පත්වන ආකාරයක් මේ වනවිට දක්නට ලැබේ. මේ සඳහා ගෝලීය ප්‍රජාව විවිධාකාරයේ වැඩසටහන් හා ක්‍රමවේද ඔස්සේ මුහුණදෙමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව මෙම විපර්යාස සඳහා මුහුණදීමට දක්වන සූදානම පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. එබැවින් එළඹෙන කාලගුණික හා දේශගුණික විපර්යාස අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳ ඔබ වෙත විග්‍රහයක් ගෙන ඒමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස පිළිබඳ ඒකකයේ අධ්‍යක්‍ෂ ආචාර්ය සුනිමල් ජයතුංග මහතා සම්බන්ධ කරගැනීමට %අද^ අපි සිතුවෙමු. මේ ඒ මහතා ඒ පිළිබඳව ගෙන ආ විග්‍රහයයි.
&දේශගුණික විපර්යාස ඇතිවීමට හේතු ගණනාවක් පවතිනවා. නිරන්තරයෙන් වායුගෝලයට එක්වන හරිතාගාර වායූන් දිගින් දිගටම වැඩිවීම හේතුවෙන් වායු ගෝලය උණුසම් වීම සිදුවෙනවා. ඒ නිසා වායුගෝලයේ සාමාන්‍ය හැසිරීම අසාමාන්‍ය වෙනස්වීම්වලට ලක්වෙමින් පවතිනවා. ප්‍රධාන වශයෙන් අධික ප්‍රවාහනය, බලශක්ති උත්පාදන ක්‍ෂේත්‍රය, අවිධිමත් අපද්‍රව්‍ය කළමනාකරණය, කෘෂිකර්මය සහ සත්ත්ව පාලනය ආදී ක්‍ෂේත්‍රයන් තුළින් තමයි හරිතාගාර වායුන් නිකුත් වීම සිදුවෙන්නේ.
ඝර්ම කලාපීය රටක් විදියට ශ්‍රී ලංකාවට මේ දේශගුණික විපර්යාස ආකාර කිහිපයකින් බලපා තිබෙනවා. 2015 වසරේ සිට 2018 වසර දක්වා දිගුකාලීන වශයෙන් පවතින නියං තත්ත්වයකට ශ්‍රී ලංකාවේ වියළි කලාපය මුහුණදුන්නා. කන්න පහක් පමණ වගා කටයුතු සිදුකරගන්න නොහැකි වුණා. ඒ වගේම ඉතා කෙටි කාලයක් තුළ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ක්ෂණික ගංවතුර තත්ත්වයන්, මධ්‍යම කඳුකරයේ නායයෑම් ආදිය සුලභව ශ්‍රී ලංකාව තුළ වාර්තා වෙමින් තිබෙනවා.
2016 වසරේ මැයි මාසයේදී අරණායක ප්‍රදේශයට දින තුනක කාලයක් ඇතුළතදී මිලිමීටර් 300කට වැඩි වර්ෂාපතනයක් ඇතිවුණා. ඒ දිනවලම කොළඹ ආශ්‍රිත ප්‍රදේශ වෙත මිලිමීටර් 200කට වැඩි වර්ෂාපතනයක් ලැබුණා. එහි ප්‍රතිඵල විදිහට සාමසර කන්ද නායයෑම, කොළඹ මහා ගංවතුර තත්ත්වය වැනි ඛේදවාචක කිහිපයකටම අපිට මුහුණපාන්න සිදුවුණා. ඒ තත්ත්වය 2017 වසරේදීත් මැයි මාසයේදී ඇතිවුණා. එම වසරේ මැයි මාසයේ එක් රාත්‍රියක් ඇතුළත මිලිමීටර් 300කට වැඩි වර්ෂාපතනයක් ඇතිවුණා කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයට එයින් විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවුණා.
මේ විපර්යාස වර්තමානයේදී
ශ්‍රී ලංකාව තුළ සුලභ ලෙසින් සිදුවෙමින් පවතින අතරේ ලෝකයේ සාගර ජල මට්ටම වැඩි වීමත් සමග ක්‍රම ක්‍රමයෙන් වෙරළ කලාප අහිමි වීමේ නොපෙනෙන අවදානමකටත් අප මුහුණදෙමින් සිටිනවා. ඒ අවදානම අපිට සියැසින් දැකගන්න පුළුවන් මාලදිවයිනේදී. මේ විපර්යාස ඇතිවීම සඳහා වැඩිම දායකත්වයක් දක්වා තිබෙන්නේ ලෝකයේ ඇති සංවර්ධිත යැයි සැලකෙන රටවල් විසිනුයි. අධික කාර්මීකරණයත් සමග එම රටවල්වලින් පරිසරයට වී ඇති විනාශය අතිවිශාල අගයක් ගන්නවා. සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටවල් එම විපර්යාස සඳහා දක්වන්නේ ඉතාමත් අවම දායකත්වයක්. ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ දායකත්වය 1.0෴ක් පමණ වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල හරිතාගාර වායු විමෝචනය වසරකට කිලෝග්‍රෑම් 780ක පමණ අගයක් ගන්නවා. නමුත් ඇමෙරිකාව වැනි රටවල ඒ අගය 23000-25000 අතර වෙනවා. නමුත් මේ විනාශයන් ඔස්සේ එන ඵල විපාකයන් රටවල්වල දායකත්වය අනුව බෙදී යන්නේ නැහැ. එය සමස්ත ලෝකයටම දැඩි සේ බලපානවා.
ගෝලීය ප්‍රජාව 1992 වසරේදි දේශගුණික විපර්යාස පිළිබඳව අවධානය යොමුකරමින් මිහිකත සම්මුතිය අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය පිහිටුවා ගත්තා. ශ්‍රී ලංකාව 1993 වසරේ සිටම මේ සම්මුතියේ පාර්ශ්වකරුවෙක් වෙනවා. ඒ සම්මුතියේ කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ තමයි සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් කියන කණ්ඩායම් දෙක. මෙහිදී හරිතාගාර විමෝචනය අඩු කිරීම සඳහා සම්මුතිය යටතේ සංවර්ධිත රටවල් 1990 වසරේ පැවැති හරිතාගාර විමෝචන අගය මෙන් 5%ක ප්‍රමාණයක් අඩුවෙන් 2007 – 2012 කාල පරාසය තුළ පවත්වාගෙන යෑමට එකඟ වුණා. නමුත් ඇමෙරිකාව මේ සඳහා සහයෝගයක් දැක්වූයේ නැහැ. දෙවැනිවර 2013 වසරේ සිට 2020 දක්වා කාලය තුළ 1990 වායු විමෝචන අගය මෙන් 18෴ක ප්‍රමාණයක් අඩු කරගන්න එකඟ වී තිබෙනවා. නමුත් දෙවැනි වාරය සඳහාත් සංවර්ධිත රටවල් ගණනාවක් එකඟ වී නැහැ. මේ ආකාරයෙන් මතභේද පැවතීම හේතුවෙන් තමන්ට හැකි ප්‍රමාණයන්ගෙන් වායු විමෝචනය අඩු කිරීමටත්, වායු විමෝචන මට්ටම 2.0෴ක මට්ටමේ පවත්වාගෙන යෑමටත් ඉතිරි රටවල් එකඟතාවක් ඇතිකරගත්තා.
දීර්ග කාලීන පුරෝකථන අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ වියළි කලාපය වෙත ලැබෙන වර්ෂාපතනය තව තවත් අඩු වීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම තෙත් කලාපයට ලැබෙන වර්ෂාපතනය තවත් වැඩි වීමක් පෙන්නුම් කරනවා. 2016 වසරේ දත්ත වාර්තා අනුව ගංවතුර හේතුවෙන් අවතැන් භාවයට පත්වූ පවුල් ප්‍රමාණය 340,000ක් පමණ වෙනවා. 2017 වසරේදී ගංවතුරින් අවතැන්වූ පවුල් ප්‍රමාණය 630,000ක් පමණ වෙනවා. %ජර්මන් වොච්^ ආයතනය විසින් මෑතකදී සිදුකළ අධ්‍යයනයකට අනුව දේශගුණික විපර්යාසයන්ගේ අවදානම වැඩි රටවල් අතර දෙවැනි ස්ථානය විදිහට ශ්‍රී ලංකාව නම්කොට තිබෙනවා. IPCC සංවිධානයේ දත්ත වාර්තා අනුව 2090 වසර වනවිට ශ්‍රී ලංකාවේ නිරිත දිග මෝසමින් ලැබෙන වර්ෂාපතනය වැඩිවෙලා තෙත් කලාපයේ ගංවතුර හා නාය යෑමේ අවදානම් තත්ත්ව ඉහළ යනවා. ඒ වගේම 2090 වනවිට ඊසාන දිගින් ලැබෙන වර්ෂාපතනය අඩු වීම හේතුවෙන් වියළි කලාපයේ නියං තත්ත්ව ඇතිවීමේ අවදානම තවත් ඉහළ යනවා.
වැඩි වෙමින් පවතින දේශගුණික සහ කාලගුණික විපර්යාසයන්ට මුහුණදීම සඳහා අප මේ වනවිට ජාතික වශයෙන් වැඩසටහන් සහ සැලසුම් ගණනාවක්ම හඳුනා ගනිමින් ක්‍රියාත්මක කරමින් සිටිනවා. වර්ෂාපතනයේ වැඩිවීම්වලට හා නියං තත්ත්ව සඳහා මුහුණදීමට ශ්‍රී ලංකාවේ පැවැති කුඩා වැව් පද්ධති නැවත පණ ගැන්වීමට පියවර ගෙන තිබෙනවා. ඒ යටතේ මේ වනවිට ශ්‍රී ලංකාව පුරාම වැව් 42,000ක් පමණ හඳුනාගෙන තිබෙනවා. මේ වැව්වල ධාරිතාවය තවත් වැඩි කරමින් වැසි ජලය මතු ප්‍රයෝජනය සඳහා ගබඩා කර ගැනීමට සහ ගංවතුර තත්ත්ව අවම කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම තවත් යෝජනාවක් තිබෙනවා තෙත් කලාපයට ලැබෙන අධික වර්ෂාපතනය පරිසර හිතකාමී ආකාරයෙන් වියළි කලාපය වෙත ගෙන යෑමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවට. ඒ සම්බන්ධයෙන් විවිධ මතභේද පැවතුණත් එය කළ නොහැකි කාර්යක් නොවේ. ඒ වගේම අනෙක් කටයුත්ත විදිහට මධ්‍යම කඳුකරයේ හානියට පත්ව ඇති ජල පෝෂක ප්‍රදේශ නැවත ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරනවා.
ඒ වගේම 2025දී ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස සඳහා අනුහුරු කිරීමේ ජාතික සැලැස්ම මේ වනවිට සකස් කර තිබෙනවා. මහවැලි ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව වැසි ජලය යොදා ගනිමින් කෘෂිකර්මාන්තයේ නියැළෙන ප්‍රජාව අනාගතයේ ඇතිවීමට ඇති දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් තත්ත්ව සඳහා අනුගත කිරීමේ ව්‍යාපෘති මැදිරිගිරිය, ලංකාපුර සහ වලපනේ ප්‍රාදේශීය කොට්ඨාසවල දැනට ක්‍රියාත්මක කරමින් සිටිනවා.
සටහන - නඳුන් ශ්‍යාමාල්