ලබන මාසයේ අග වන විට කෝවිඩි සඳහා වැක්සීන් තුනක් පමණ ලෝක වෙළඳ පොළට නිකුත්වීමට නියමිතයි. වැක්සීන එකක් වෙනුවට තුනක්ම දොරට තට්ටු කරමින් හිටියත් අපි තවමහොඳටම නිදි. සියලුම ලාංකිකයන් පාහේ ඒ ගැන දරන්නේ මහ ඇල් මැරුණු ප්‍රතිචාරයක්.
ලංකාවෙ වෙන සීන් එක්ක ගත්තම වැක්සීන් එක සීන් එකක් නැතුව ශරීර ගත කර ගන්න බැරි වෙයිකියලා තමයි අපිට උපකල්පනය කරන්න පුලුවන්.
මිනිස්සුන්ගේ මේ උන්නත් දාහයි මළත් දාහයි තියරියට හේතු හොයන්න මම, හැම මගුලටම වගේෆෝන් එක අතට ගත්තා. ලෝකේ සියලුම දැනුම තියෙන ෆේස්බුක් එකට ගියා. ඒක දැක්කම මටකෝවිඩ් මෙලොවින් තුරන් වෙලානෙ කියලා සතුටකුත් උපන්නා.
ඊළඟට මම සියල්ල දත් මිතුරකුට කතා කළා.
“ඇයි ෆේස්බුක් බැලුවෙ නැද්ද?” ඒ පාර මිතුරාත් ඇහුවා.
“ෆේස්බුක් අනුරට, සමනලීට, මාවන්ට කරන උපන්දින සුබ පැතුම් වලින් පිරිලා” මම කිව්වා.
“වැක්සීන් එකකුත් නැති හින්දා මේ උන්ගේ උපන්දිනවලට සුබ පතන්න තියෙන අන්තිම අවස්ථාවකියලා මිනිස්සු හිතුවද දන්නෙ නෑ” මිතුරා කියපි.
මම ජඩ මාධ්‍ය මිතුරෙකුට කතා කළා.
“මචං අපේ චැනල් එකේ විදෙස් පුවත් වලට වැඩි ඉඩක් නෑනෙ ඉතිං” ඔහු මිමිණුවා.
“කෝවිඩ් වැක්සීන් එකක් වෙළඳ පොළට එන එක විදෙස් පුවතක් විතරද මනුස්සයෝ?” මමඇහුවා.
“අඩේ මම හිතුවෙ වැක්සීන් එක හොයා ගන්න ඇත්තේ ලෝකේ වෙන කොහේ හරි රටක කියලා. ඒකියන්නෙ ලංකාවේ වෙද මහත්තයෙකුත් බඩු හොයා ගෙනද? කොහෙද කියපංකො ආඩම්බරනොවී. අපි ගහමු බේරේකින් නිවුස් එකක් සිරිලකදේ සිරිසැපදේ කියලා. ලෙඩා මළත් මොකද බඩසුද්ද වෙනවනම්”
මම දුරකථනය විසංධි කළා.
“වැක්සීන් එක ලංකාවට එන විදිය ගැන ආරංචියක් නැද්ද?” මම පත්තර මිත්‍රයෙක්ගෙන් විමසුවා.
“ඇයි දැනටමත් ඔය කට්ටියක් චීන ඉන්ජෙක්ෂන් එකක් ගහ ගත්තා කියන්නේ. මම නම් කියන්නේකමක් නෑ. ගේන වැක්සීන් ඔක්කොම මුලින්ම පාර්ලිමේන්තුවේ ඉන්න දෙසීය විසි පහට දීලා ටෙස්ට්කරලා බලන්න ඕනේ. වැක්සීන් එක හොඳ නම් උන් බේරේවි. නැත්තං රට බේරේවි”
වැක්සීනය මිලදී ගැනීම සඳහා අයවැයෙන් මුදල් වෙන්කර නැතැයි සජිත් පාර්ලිමේන්තුවේ දිකියලා.
“මිනිස්සුන්ටත් උනන්දුවක් නැති නිසා බොරුවට සල්ලි නාස්ති කරන්න ඕනෙ නෑ කියලා ආණ්ඩුවහිතන්නැති. මුට්ටියක් මතුරලා නාථා දෙය්යන්ට කියලා ලාබෙට කරන්න පුළුවන් දේට මොකදවිදේශ විනිමය වැය කරන්නේ.” මිතුරා කීය.
මේවන විටත් සමහර රටවල් වැක්සීන් වර්ග තුනෙන්ම මිලියන ගණන් ඇණවුම් කරලා. ඒවුණාටලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන තෙක් කිසිදු වැක්සීනයක් මිලදී නොගන්නා බවත්ලංකාවේ තම ඡන්ද දායකයින් පර්යේෂණ මීයන් ලෙස අවභාවිත කිරීමට ඉඩ නොදෙන බවත්නාමල් කියලා.
“එතකොට දිලිත් ගේන වැක්සීන් එක ගහන්නේ වෙන රටක ඉන්න මීයන්ටද?” දැන් මිත්‍රයාට මීප්‍රශ්නයක්.
“වැක්සීන් වර්ග තුනක් තියෙන නිසා ඊළඟ දෙක ආනයනය කර වසංගතයෙන් වසංතය උදාකරගන්නා අනෙක් වාසනාවන්තයින් දෙදෙනා කවුරු වෙයි ද? ඒ වාසනාවන්තයින් නම් කර ඔබත්වැක්සීනයක් ඇණ ගන්න අවස්ථාව උදාකරගන්න’ කියලා පත්තරේ තරඟයක් පටන්ගත්තොත්නරකද? එතකොට මිනිස්සුත් දැනුවත් වෙනවනෙ” මිතුරා කීය.
“ෆයිෆර්, මොඩර්නා, ඔක්ස්ෆර්ඩ් වැක්සීන තුන අහසට පොළව වගේ වෙනස් මිල ගණන් තියෙන්නේ. එතකොට වැඩිම ලාබය උපයන වාසනාවන්තයා හොයන එක තවත් අමාරුයි. ඒනිසා තරඟයතවත් අදියරකට යන්න පුළුවන්”
සමහර රටවල් වැක්සීනය ජනතාවට ලබා දියයුතු ක්‍රමෝපායන් පවා සකසලා. මුලින්ම වැඩිමඅවදානම් ඇති මහළු අයට හා සෞඛ්‍ය සේවකයන්ට යනාදි ලෙසට. ලංකාවේ දී වැක්සීනය ලොතරුයි දිණුම් ඇදීමක් මගින් ජනතාවට ලබා දෙන බව සෞඛ්‍යට කිසිම සම්බන්ධයක් නැති පවිත්‍රා කියලා තිබුණා.
“අන්න ඒක මරු වැඩේ. ඒකෙන් කියවෙන්නෙ මෙහේ ජීවත්වෙන එකම සූදුවක් නිසා පණ බේරගන්න අවස්ථාව ලැබෙන්නෙත් වාසනාවන්තයින්ට විතරයි කියලද? නැත්තන් ලංකාව වගේවාසනාවන්ත රටක ජීවත් වෙන්න ලැබෙන්නෙ වාසනාවන්තයින්ට විතරයි කියලද? නැත්තන් ඕකටවාසනාවේ කිසිම සම්බන්දයක් නෑ කියලද?”
එහෙත් මේ කිසිවක් වැක්සීන පිළිබඳ ජනතාවගේ උනන්දුව අඩු වීමට තරම් කාරණා නෙමෙයි. පණබේර ගන්න තියෙන බෙහෙතක් වුණත් විනෝදයක් නොදී අපේ අතට පත් නොකරන්න අපේවිනෝදකාමී පාලකයෝ වගබලා ගන්න එක අමුතු දෙයක් නෙමෙයි. එහෙම ගත්තම අපි හරිමප්‍රීතිමත් ජාතියක්.
“මට පේන්නෙ වැක්සීන ලංකාවට ගේන එකේ තේරුමක් නෑ. ලංකාවෙ මිනිස්සුන්ට දැන් ජීවත් වෙලාඇති වගේ” මිතුරාට නම් හිතුනේ මෙහෙම.