බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව පිළිගත හැකි ද? යන මැයෙන් අලුත් පියාපත් සංවිධානය විසින් සංවිධානය කර තිබූ ඊචැට් කථිකාවේදී කෝප් කමිටුවේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පළ කළ අදහස් හා මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්න සඳහා ලබාදුන් පිළිතුරු ඇසුරින් සකස් කළ ලිපියකි. 2002 වසරේ සිට 2015 වසර දක්වා බැඳුම්කර ගනුදෙනුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෞද්ගලික ආයතනයක සේවය ලබාගනිමින් නිකුත් කර ඇති වෝහාරික විගණන වාර්තාව පිළිබඳ මේ වනවිට දේශපාලන පක්ෂ අතරත්, දේශපාලනඥයන් අතරත් කතාබහක් ඇති වී තිබේ. ඇතැම්හු එම වාර්තාව පිළිගත නොහැකි බව පවසති. ඒ පිළිබඳ කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා ලෙස සුනිල් හඳුන්නෙත්ති මහතා දැක්වූ අදහස් හා ප්‍රශ්නවලට ලබාදුන් පිළිතුරු මෙසේය.
"මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ දැනුම රටේ උගතුන් බොහෝ වේලාවන්වලදී යොදාගෙන ඇත්තේ සමාජ ප්‍රගමනයට වඩා හොරකමට. අද සිද්ධ වෙලා තියෙන්නෙත් එය. වෝහාරික වාර්තාවක් සකසන්නේම නිශ්චිතව හඳුනාගත් වරදකට, සාපරාධී මට්ටමින් අධිකරණ කටයුත්තකට කරුණු වාර්තා කිරීම සඳහාමයි. වෝහාරිකය කියන්නේම වරදක් සිදු වූ ආකාරය හොයන වාර්තාවක්. සමහරු කියනවා මේ විගණනයෙන් හොයලා තියෙන්නේ පාඩු ගැන විතරයි, ලාභ සොයලා නෑ කියලා. ලාභ හොයන්න වෝහාරික විගණනයක් අවශ්‍ය නෑ. මෙම වාර්තාවේ විෂය පථය බැඳුම්කරවලින් සිදුවූ පාඩුව සෙවීම. මේ වෙනුවෙන් කළ කෝප් වාර්තාවේ නිර්දේශවලින් එකක් ලෙස, මෙම ප්‍රශ්නගත බැඳුම්කරවලට අදාළ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ලෙස ඉතා කෙටි කාලයක් තුළ අධික ලාභයක් උපයා ඇති අතර, එසේ ලාභ ඉපයීමේ ක්‍රියවලිය පිළිබඳ පූර්ණ බලැති යාන්ත්‍රණයක් මගින් පරීක්ෂණයක් කළයුතු අතර, එමගින් ඔවුන්ගේ කටයුතු හරහා මහ බැංකුවට හා රජයට මූල්‍යමය පාඩුවක් සිදු වී ඇත්දැයි ඉතා කඩිනමින් අනාවරණය කරගැනීම මහ බැංකුවේ වගකීමකි^ යනුවෙන් සඳහන් වෙනවා.
විගණකාධිපතිවරයා එම වාර්තාවේම සඳහන් කරනවා %මෙම වාර්තා සැකසීමේදී විගණකාධිපතිගේ බලතල හා විෂය සීමාව තුළ කටයුතු කර ඇති බව අවධාරණය කරනු ලැබේ. ඉන් ඔබ්බට සාපරාධී හෝ විගණකාධිපතිට නිගමනය කළ නොහැකි මට්ටමේ නීති විරෝධී කටයුතු සිදු වී ඇත්දැයි පරීක්ෂාවට ලක්නොවූ හෙයින් එවැනි පරීක්ෂාවක් අවශ්‍ය යැයි හැඟී යන්නේ නම් ඒ පිළිබඳ විශේෂිත පරීක්ෂණයක් කළ යුතුය^ යනුවෙන්. ජනාධිපති කොමිසමෙන් මෙම කෝප් කමිටු වාර්තාව බලලා බැඳුම්කර ක්‍රියාවලියෙන් රජයට සිදු වූ පාඩුවේ තරම ගණනය කරන්න වෝහාරික විගණනයක් සිදුකළ යුතුයි යන නිගමනයට පැමිණියා. බැඳුම්කර වාර්තාවට ෆුට්නෝට් දාපු කල්ලිය කිව්වේ මේක ගනුදෙනුවක්, ඒ නිසා පාඩුවක් වෙලා තියෙනවා, මේක වංචාවක් නෙමෙයි කියලා. මේ වෝහාරික විගණනයේ වාර්තා 05ක් තිබෙනවා. පළමු එක 2002 සිට 2015 දක්වා බැඳුම්කර ගනුදෙනු සිදු වූ ආකාරය සහ ප්‍රාථමික හා ද්විතියික වෙළෙඳ පොළේ කටයුතු සිදු වූ ආකාරය සම්බන්ධයෙන්. දෙවැනි එකේ අර්ථසාධක අරමුදල බැඳුම්කර ක්‍රියාවලියට සම්බන්ධ වූ ආකාරය, 03 වැනි කොටසේ අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳ පොළට සම්බන්ධ වූ ආකාරය, 04 වැනි කොටසේ තියෙන්නේ 2015 පෙබරවාරි 27 සිට 2016 දක්වා සිදුකළ බැඳුම්කර ගනුදෙනුව. 05 වැනි කොටසේ විශේෂිත බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සඳහන් වෙනවා.
මෙය හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා වගේ කියලා සමහරු චෝදනා කරනවා. එහෙම කියද්දි මේ වාර්තාව ගැන විශ්වාසයක් තියන්න පුළුවන්ද?
ලංකාවේ විගණකාධිපතිතුමා මේ ගැන විගණන වාර්තාව සකස් කළාම කිව්වේ එතුමට මේ ගැන විෂයානුබද්ධ පෘථුල දැනුමක් නෑ, තාක්ෂණික දැනුමක් නෑ කියලා. අදාළ විෂයගත කරුණු පිළිබඳ උපදෙස් ලබාගැනීමට නිශ්චිත කාලයක් නොතිබීම නිසා මේ ගැන විශ්වාසයක් නෑ කියලා. ලෝකයේ ඕනෑම විගණන ආයතනයක් තමන් විගණන කටයුතු කළායින් පසු එහි වගකීම භාරගන්නවා. අවසන් ලෙස වාර්තාවට අත්සන් කරන්නේ ඒ ආයතනයේ නමින්. රටක මහ බැංකුවේ කටයුතු ගැන විගණනය කිරීමට පැමිණි කණ්ඩායමක් කියන්නේ ලෝකයේ පිළිගත් ආයතනයක නිලධාරීන් පිරිසක්. මේ විගණනය සිදු කිරීමට ආයතන තෝරාගැනීම සිදුකරන්නේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව ටෙන්ඩර් කැඳවීමකින්. මේ ආයතනයේ විගණන ක්‍රියාවලිය වැරදි නම් එය ඔප්පු වෙනවා අධිකරණයේදී. මෙහි නම් සඳහන් අයට තමන් නිර්දෝෂී බවට සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්.
මෙම වෝහාරික විගණන වාර්තාව පිළිගත නොහැකි බවට අදහස් පළවෙනවා. ඇත්තටම මේ වාර්තාව පිළිගත නොහැකිද?
වෝහාරික විගණන වාර්තාව සකස් කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පවා වාර්තා සියල්ල ලබා දී තිබෙනවා. ඒ සාක්ෂි සටහන් සහිතවයි මෙම වාර්තාව සකස් කර තිබෙන්නේ. ඉහළ තනතුරුවල සිට පහළ තනතුරු දක්වා සේවකයන්ගෙන් පවා සාක්ෂි ලබාගෙන තිබෙනවා. ඒ නිසා ක්‍රමවත්ව හා විධිමත්ව සකස් කල වාර්තාවක් පිළිගන්න බෑ කියලා කියන්න බෑ.
2015දී සිදු වූ ගනුදෙනු පිළිබඳ සෙවීමට ගොස් පැරණි ගනුදෙනු සෙවීමට යෑමෙන් නේද මේ ගැටලු මතු වී තියෙන්නේ?
බැඳුම්කර ගනුදෙනුව කියන්නේ ක්‍රියාවලියක්. ඒ නිසා මේ ගැන ගැඹුරින් හොයන්න කියන ඉල්ලීම අපිත් කළා. මීට පෙර සිදු වූ ගනුදෙනුවල ස්වභාවය ගැන හොයන්න කියන ඉල්ලීම ජනාධිපති කොමිසමත් කරලා තියෙනවා. මේ වාර්තාව ආවාම භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ කටයුතු කරන්න දෙයක් නෑ. සුනිල් මෙන්ඩිස් අධිපතිතුමා සද්දයක් නෑනේ. ඇයි මේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා කලබල වෙලා තියෙන්නේ? වරදක් වුණේ නැත්නම් කලබල වෙන්න දෙයක් නෑ. මේ වාර්තාව හෑල්ලුවට ලක්කරන්න ඕන නෑ. අජිත් නිවාඩ් කබ්රාල් 2007දිත් කෝප් කමිටුවට ආවා. මේ ඥාති කතා ඔයිට කලිනුත් කියලා තියෙනවා. එතකොට සභාපති හිටියේ ඩිව් ගුණසේකර මහත්මයා. තමන්ගේම ආණ්ඩුවෙන් තෝරාගත් සභාපති ඉන්නවා නම් ඉතින් ලේසියිනේ. කතා කරලා විසඳගන්නවා. මේක ගැඹුරට යද්දි තමයි ප්‍රශ්නේ. මේ සිදුවීමෙන් පස්සෙ දැන් අපේ මහ බැංකුවේ ගනුදෙනු සිදුවෙන්නේ ඍජු හා වෙන්දේසි ක්‍රමය දෙකම මිශ්‍ර වූ ක්‍රමයකටයි. දැන් මහ බැංකුවේ ගනුදෙනු සිදුවීම කිසිවෙකුට මැදිහත් වෙන්න බැරි ලෙස ජාලගත වෙලා තියෙන්නේ. අපි මේක හොයන වෙලාවේ රටේ පොලී අනුපාතය තිබුණේ 9%යි. ඇලෝසියස්ගෙයි මහේන්ද්‍රන්ගෙයි ගනුදෙනුවෙන් පස්සේ රටේ පොලී අනුපාතය 15෴ට ඉහළ ගියා. මේ ගනුදෙනුව හෙළිදරව් වුණේ නැත්නම් පොලී අනුපාතය 40෴ට ඉහළ යන්න ඉඩ තිබුණා. අර්ජුන් මහේන්ද්‍රන් මේ බැඳුම්කර වෙන්දේසියට යන්න තීරණය කළේ මුදල් මණ්ඩලයේ හෝ කාගෙවත් අනුමැතියක් නැතිව. ඒ නිසා තමයි එයාගේ බෑණට විශාල ලාභයක් ලබන්න ඉඩ හැදුණේ. ඒක මේ වාර්තාවේ පැහැදිලිව තියෙනවා.
අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීමේදී වංචාවක් සිදුව ඇත්තේ කෙසේද?
අර්ථසාධක අරමුදල ගැන වාර්තා දෙකේම පැහැදිලිව තියෙනවා. 2013.06.05 අජිත් නිවාඩ් කබ්රාල් මහතා අධිපති ලෙස ඉන්නකොට අර්ථසාධක ආයෝජන කමිටුවට නිර්දේශයක් යවලා තියෙනවා, &ප්‍රාථමික වෙළෙඳ පොළට යොමුවෙන්න එපා, ද්විතියික වෙළෙඳ පොළට වැඩි වශයෙන් යොමුවෙන්න. එතනට ආයෝජන මුදල් වැඩි වශයෙන් යොදවන්න* කියලා. ඒ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ තමයි පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනය මහ බැංකුවට තැරැව්කාරයෙක් විදියට බැඳෙන්නේ. ඒ ප්‍රකාශයෙන් පස්සේ අර තත්ත්වයට අර්ථසාධක අරමුදල හරවනවා. ඉන්පසු අර්ථසාධක අරමුදලට සිදුවුණා පර්පෙචුවල් ආයතනයෙන් බැඳුම්කර මිලදී ගන්න. මේ වාර්ථාවේ සඳහන් වෙනවා 2014 ජුනි මාසේ සිදුවුණ ගණුදෙණුවක් නිසා එනම් අර්ථසාධක අරමුදල ද්විතියිකව පර්පෙචුවල් ආයතනයෙන් බැඳුම්කර මිලදී ගත් නිසා මිලියන 97ක පාඩුවක් වුණා කියලා අන්න ඒ ගනුදෙනුවෙන් පස්සෙ තමයි පර්පෙචුවල් ට්‍රෙෂරීස්ලා මේක විනාශ කරන්න පටන් ගන්නේ.
අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නංගි ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ මහත්මිය 2013.12.23 වැනිදා ඉඳලා පර්පෙචුවල් ට්‍රෙෂරීස් එකේ වැඩ කරන්න පටන් ගන්නවා. මේ ගැන වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා. මේ ළබැඳියාවන් නිසා තමයි ගැටලු පටන්ගත්තේ. මේ දේවල් වැරදි නම් අධිකරණයට යන්න. එහෙම ගියාම මේ ප්‍රශ්නය විසඳෙනවා.
එක් පාර්ශ්වයක් මෙය පාඩුවක් පමණක් ලෙස හා තව පාර්ශ්වයක් මෙය වංචාවක් ලෙස අර්ථගන්වනවා. මෙම ගනුදෙනුවෙන් රටේ ජනතාවට සිදු වූ පාඩුව කුමක්ද?
පාඩුවක්, වංචාවක් කරන්නත් පුළුවන්. වංචාව, පාඩුව ලෙස පරිවර්තනය කරලා පෙන්නන්නත් සමහරුන්ට පුළුවන්. අර්ථසාධක අරමුදලට ලාභයක්ද, පාඩුවක්ද වුණේ කියලා තීරණය වෙන්නේ අර්ථසාධක අරමුදලේ නියාමනයන්, මෙහෙයුම් අත්පොත්, ආයෝජන කමිටුවේ ප්‍රතිපත්තිවලට අනුකූලව එම ගනුදෙනුව සිදුකළාද කියන එක මත. අර්ථසාධක අරමුදල වෙනුවෙන් මුදල් මණ්ඩලය තීරණයක් ගත්තා. බැඳුම්කර නිකුත් කිරීමේදී ද්විතියික වෙළෙඳ පොළේ මිල අනුපාතයට වඩා දශම බින්දුවයි පහක් එකතු කරනවා කියන තීරණය. අර්ථසාධක අරමුදලින් ගන්න මුදල්වල මේ ආකාරයට ගත්තම එහි ප්‍රතිලාභ යන්නේ වැඩ කරන ජනතාවට. එහෙම පොතේ තිබුණට මේ අය කළේ වෙන දෙයක්. ද්විතියික වෙළෙඳ පොළේ තියෙන අනුපාතයටත් වඩා අඩු අනුපාතයක් අර්ථසාධක අරමුදලට ලබාදුන්නේ. මේ නිසා අවස්ථා 94කදී අර්ථසාධකයට සිදු වූ පාඩුව කෝටි 871යි. ප්‍රාථමික වෙළෙඳ පොළේ ගනුදෙනුවලින් අර්ථසාධක අරමුදලට වෙච්ච පාඩුව කෝටි 907ක්. තිබුණ ප්‍රතිපත්තිය බිඳවට්ටලා කරපු පාඩුව, පාඩුවක් නෙමෙයි වංචාවක්. ඒ ප්‍රතිපත්තිය කැඩීමට වගකිවයුත්තෝ කවුද කියන එක හෙව්වොත් වගඋත්තරකරුවන් හමුවෙනවා.
සමහර ගනුදෙනු සිදුකරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම අධිපතිවරයාගේ අභිමතයට අනුව බවට වාර්තාවේ සඳහන් වෙනවා. මේ වාර්තාවේ ඕනෑ තරම් සාක්ෂි තියෙනවා මුදල් මණ්ඩලය සොයා නොබලපු ගනුදෙනු පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණට හා ඔබට චෝදනාවක් එල්ල වෙනවා නේද මේ ගැන කතා කරන විට එක් පාර්ශ්වයක් ආරක්ෂා කරනවා කියලා?
මම මෙහි එක් පැත්තකට පෙනී සිටින බවට රාවයක් පැතිරෙනවා. ඒ නිසාමයි මං කියන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ ගනුදෙනු ගැන තියෙන වාර්තාවෙන්ම මේ නඩු කටයුත්ත පටන් ගමු. එක් පාර්ශ්වයක් බැඳුම්කරේ ගැන කතා කරනවා. අනිත් පාර්ශ්වය කියනවා අර්ථසාධකය ගැන. මුලින්ම අපි බැඳුම්කරය ගැන හොයමු. හතරවැනි වාර්තාවේ තියෙනවා සම්පූර්ණ විස්තරය. අර්ජුන් මහේන්ද්‍රන්ගේ ගනුදෙනුව. මුලින්ම ඒකට නඩු දැම්මා නම් අනිත් කාරණාවලට නඩු ක්‍රියාමාර්ග සඳහා යන්න පුළුවන්.
මෙම වාර්තාව ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් තිබීම පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කිරීමේදී ගැටලුවක් නේද?
මේ වාර්තාව භාෂා තුනෙන්ම හදලා එළියට එන්න ගියා නම් මේ ආණ්ඩු කාලෙත් අවසන් වෙනවා. මෙහි ඇමිණුම් 54ක් තියෙනවා. ඒවත් සිංහල දෙමළ භාෂාවලට පරිවර්තනය කරන්න ගියාම ලොකු කාලයක් ගතවෙනවා. මේ වාර්තාව කෝප් කමිටුවට ඉදිරිපත් කළා නම් මෙහි සාරාංශය සිංහල භාෂාවට පර්වර්තනය කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. යමෙකුට මේක සංකීර්ණ කරන්න අවශ්‍ය නම්, යටි අරමුණක් ඇතිව මේක භාෂා තුනෙන්ම ඕන කියලා කියන්න පුළුවන්.
කතිකාවේ අවසන් වටයේදී අදහස් දැක්වූ හදුන්නෙත්ති මහතා,
2015 පෙබරවාරි 27 මේ ගැන හෙළිදරව් වුණා. අපි ජනතා විමුක්ති පෙරමුණ විදියට පළමු මාධ්‍ය සාකච්ඡාව තිබ්බා. පසුව අනුර දිසානායක සහෝදරයා මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. ඒ ආරම්භය අද මේ දක්වා ඇවිත් තියෙනවා. එජාප ආණ්ඩුව බිඳවැටෙන්න ප්‍රධාන හේතුව යාළුවෝ ආරක්ෂා කරපු එක. දැන් මේ ආණ්ඩුව කරන්නෙත් ඒක. අර්ථසාධක අරමුදලේ ආයෝජන මණ්ඩලයේ වැඩ කරන අතරතුර කොටස් වෙළෙඳ පොළේ කොටස් මිලදී ගන්න අය නම් වශයෙන් මේ වාර්තාවේ සඳහන් වෙනවා. මේ ඉතිහාසය වැහුවොත් සිද්ධ වෙන්නේ තවදුරටත් මේ හොරකම්වලට රුකුල් දීමක්. මෙය මෙතනින් අවසන් කළ යුතුයි.