කාන්තාව දේශපාලනයට පිවිසීම පිළිබඳව රට තුළ විවිධ මත නිර්මාණය වෙමින් පවතී. ඒ සම්බන්ධව හා කාන්තා අයිතීන් බිඳවැටීම සම්බන්ධව සාකච්ඡා කිරීමට %ලක්බිමේ දියණියෝ^ සංවිධානයේ සභාපති සසනිකා ජයලත් ජයසුන්දර මහත්මිය සම්බන්ධ කර ගැනීමට අප සිතුවෙමු. මේ අප ඒ මහත්මිය සමග කළ සංවාද සටහනයි.
අද වන විට දේශපාලනයට කාන්තාවන් පිවිසීමේ වැඩිවීමක් තිබෙනවා. මේ සම්බන්ධව ඔබේ අදහස කුමක්ද ?
ඇත්තටම කාන්තාව දේශපාලනයට පිවිසීම අක්‍රීය මට්ටමක තිබුණේ. ඒ කියන්නේ 10෴කටත් අඩු ප්‍රමාණයක් තමයි පළාත් පාලන ආයතනවල හිටියේ . මේ ආණ්ඩුවේ මොන වැරදි තිබුණත් කාන්තාව දේශපාලනයට සම්බන්ධ කරගන්න ගත්ත ක්‍රියාමාර්ගය ගැන මම සතුටු වෙනවා. පළාත් පාලන ආයතන තුළ කාන්තා නියෝජනය වැඩි කරත් වෙනත් රටවල මෙය ඉහළ සිට පහළට තමයි සිදුකරන්නේ. අපේ රටේ කුමන හේතුවකටද මන්දා පහළම තැනින් තමයි මෙය පටන්ගෙන තිබෙන්නේ.
නමුත් කිසිවක් නොදැන දේශපාලනයට පිවිසි කාන්තාවන් අද පළාත් පාලන ආයතන තුළට තේරී පත්ව තිබෙනවා. මෙය ගැටලුවක් නේද?
රජය තීරණයක් ගත්තා කාන්තා නියෝජනය පළාත් පාලන ආයතන මැතිවරණය හරහා ප්‍රථම වරට වැඩි කරන්න ඕන කියලා. ඒ රෝසි සේනානායක මහත්මිය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි. ඇත්ත, අද වෙද්දී පළාත් පාලන ආයතනවලට තේරී පත්වුණ කාන්තාවන් කිසිම දෙයක් නොදැනයි තේරුනේ. ඔවුන් සිය කාර්යභාර්යය මොකක්ද කියලවත් දන්නෙ නැහැ. මෙයට ප්‍රධාන හේතුවක් තමයි කාන්තාවකට ඇවිත් වැඩ කරන්න දේශපාලන පක්ෂවල කිසිම වැඩ පිළිවෙළක් නොමැති වීම. ඒ නිසා තමයි පළාත් පාලන ආයත තුළට කාන්තාවන් තේරී පත්වුණාම රජය හිතපු දේ සිද්ධ වෙලා නැත්තේ.
මෙය පාර්ලිමේන්තුවට ගෙන ඒමටත් සූදානමක් තිබෙනවා නේද?
මම නම් දකින්නේ මෙය පටන් ගන්න තිබුණේ පාර්ලිමේන්තුවෙන්. වෙනත් රටවල එහෙමයි සිදුකරලා තියෙන්නේ. ඉහළින් ඕක කරාම පහළ නිකම්ම හැදෙනවා. ඒකේ වරදක් මම නම් දකින්නේ නැහැ.
නමුත් ඔබ පෙර පැවසුවා පළාත් පාලන ආයතනවලට තේරී පත්වුණ කාන්තාවන් කිසිවක් නොදැන ආවා කියලා. එතකොට පාර්ලිමේන්තුවට කිසිවක් නොදැන ගියාම රටක් දියුණු විය හැකිද?
මෙහෙමයි පළාත් පාලන ආයත තුළ සිදු වූ වරද අවබෝධ කරගෙන නිසි ක්‍රියා මාර්ග යොදවලා කරනව නම් මං හිතන්නෙ සාර්ථකවෙයි . අද අපේ රටේ පරිපාලන සේවයේ වැඩි වශයෙන් ඉන්නෙ කාන්තාවන්. මේවා පිළිබඳ ඉහළ නායකයන් තමයි තීන්දු තීරණ ගන්න ඕන. දේශපාලන අවබෝධය ලබාදීමයි වැදගත් වන්නේ.
එජාප මන්ත්‍රීවරියක් එල්ටීටීය යළි අවශ්‍ය බවට මත පළ කර තිබෙනවා. මෙය ඔබ දකින්නේ කොයි ආකාරයෙන්ද?
මේ රට හදන්න දකුණට හිටිලර් කෙනෙක් අවශ්‍ය බවට මහානායක හිමියන් අනුශාසනා කළා, ඒ වගේම විජයකලා මන්ත්‍රීවරිය උතුර හදන්න ප්රභාකරන් කෙනෙක් නැවත අවශ්‍යයයි කියනවා. මම නම් දකින්නේ මේ ප්‍රකාශ දෙකම වැරදියි. බෞද්ධාගම මූලික කරගත්ත රටක් විදිහට අප රට හදන්න මීට වඩා ප්රජාතන්ත්රවාදී ක්‍රම අනුගමනය කළ යුතුයි. සිංහල හෝ වේවා දමිළ හෝ වේවා මේ රටේ මතයක් නිර්මාණය කළ හැකි පුද්ගලයන් සිදුකරන ප්‍රකාශ අනුමත කළ නොහැකියි .
කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් අපේ රටේ ක්‍රියාත්මක වෙන සිවිල් සංවිධාන පිළිබඳව ඔබේ අදහස?
ඇත්තටම වෙනත් රටවල් ගත්තම කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් කරන්නෙ සිවිල් සංවිධාන. ඒ අය පොලීසියටත් වඩා බලවත් කාන්තාවන්ට වරදක් වුණාම. හැබැයි අපේ රටේ තිබෙන කාන්තා සංවිධාන සේයා දැරිය ඝාතනය කළ අවස්ථාවේදී, එහෙම නැත්නම් වෙනත් අසාධාරණයකදී හඬ නගන්නේ නැහැ. අපේ රටේ තියෙන කාන්තා සංවිධාන පිළිබඳව මම නම් තෘප්තිමත් නැහැ. මොකද අපේ කාන්තාවන් පුරුදු වෙලා තියෙනවා &ඒක මං කාන්තාවක් නිසා වුණ දෙයක්* කියලා සද්ද නැතුව ඉන්න. අන්න ඒක නිසා තමයි කාන්තා සංවිධානවලින් ප්‍රයෝජනයක් නැත්තේ. ඒ සංවිධානවල මතය වන්නේ %හඬක් නැතුව කොහොමද අපි කතා කරන්නෙ කියන එකයි. එවැනි තත්ත්වයක් තමයි මම දකින්නේ.
එතකොට ‘‘ලක්බිමේ දියණියෝ සංවිධානය මගින් කාන්තාවන් වෙනුවෙන් කුමන සේවයක්ද කර තිබෙන්නේ?
අප සංවිධානයේ ඉන්නේ තරුණ කාන්තාවන්. දැනට අපි නායකත්ව වැඩමුළු පවත්වනවා. අධ්‍යාපනයෙන් පසුව කාන්තාව යොමුවිය යුතු තැන පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළු, කාන්තා අයිතිවාසිකම් පිළිබද විවිධ වැඩසටහන්, නිහඬ කාන්තාවන්ගේ හඬ අවදි කිරීමේ දිරි ගැන්වීම්, වැනි වැඩකොටසක් අපි කිසිදු ජනප්‍රියත්වයක් නොදී කරගෙන යනවා.
ඔබ එජාපයෙන් දේශපාලනයට පිවිසීමට සූදානම් වෙන බවට මත පළ වෙනවා?
ඔව්. මම දේශපාලනයට පිවිසීමේ සූදානමක් තියෙනවා. හැබැයි කාන්තාවන්ට හොඳ තත්ත්වයක් ඇතිවුවොත් තමයි. ඒ කියන්නේ කාන්තාවන්ට දේශපාලනයට පිවිසීමේ සුදුසු තත්ත්වයක් ඇතිවෙන්න ඕන. මගේ එකම අරමුණ තමයි කාන්තාව වෙනුවෙන් යම් දෙයක් කරන එක . ඒ සඳහා තමයි දේශපාලනයට පිවිසෙන්න අදහස් කරන් ඉන්නේ.
ඇයි ඔබ එජාප යොවුන් පෙරමුණේ සමාජ මාධ්‍යය ප්‍රධානී තනතුරෙන් ඉවත් වුණේ ?
මම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේ ඉඳන් යොවුන් පෙරමුණත් සමග කටයතු කළා. සමාජ මාධ්‍ය ප්‍රධානී තනතුරෙන් මට හැකි විලස ලොකු සේවයක් සිදුකළා. මම එම තනතුරින් ඉවත් වුණේ කාන්තාවන් වෙනුවෙන් යම් දෙයක් කරන්න ඕන නිසයි.
යහපාලන රජය බලයට පැමිණීමට සමාජ මාධ්‍ය විශාල වශයෙන් බලපෑවා නේද?
ඔව්. අද ඉන්න තරුණ පිරිස් බොහො සේ කාර්ය බහුලයි. ඒ අයට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙන්න අමාරුයි. ඒ අයට කරන්න පුළුවන් දේ සමාජ මාධ්‍යවලින් කරනවා. ඒ නිසා සමාජ මාධ්‍ය අදත් හෙටත් බලපානවා.
නමුත් සමාජ මාධ්‍ය තුළින් බලයට ආ රජය එය වාරණය කිරීමට විවිධ නීති සකස් කරමින් පවතිනවා නේද ?
මම හිතන්නේ නැහැ එහෙම කරයි කියලා. පසුගිය කාලේ කෝලහලය පැවැති අවස්ථාවේදී සීමා පැනෙව්වා එය පාලනය කිරීමට. මොකද සමාජ මාධ්‍ය වේවා වෙනත් දෙයක් වේවා වැරදි පැත්තට යනවා නම් වාරණ ගෙන එන්න ඕන. නමුත් මම දන්නා තරමින් දැන් එහෙම වාරණයක් ගෙන එන්න රජයේ සූදානමක් නැහැ.
කාන්තා අයිතීන් සුරැකීමට නම් ජනමාධ්‍ය පැත්තෙන් කුමන සේවයක් ඉටුවිය යුතුද?
මාධ්‍ය අසරණ වූ කාන්තාව උලුප්පලා ගන්නේ රේටින් වැඩි කර ගන්නයි. මාධ්‍යය මීට වඩා ඉහළ තැනකට යා යුතුයි. කාන්තාවන් පිළිබඳ වාර්තා කරණයේදී ඇයගේ ප්‍රතිරූපයට හා ආරක්ෂාවට හානි නොවන සේ වාර්තා කිරීම, කාන්තා හිංසන පිළිබඳව වැඩසටහන් ඉදිරිපත් කිරීම, කාන්තා දක්ෂතාවන්ට විශේෂ තැනක් ලබාදීම වගේ විශාල කාර්ය භාර්යයක් තිබෙනවා ඔවුන්ට සිදුකිරීමට.