මේ මස 21දා සිට ගුවන්තොටුපළ සංචාරකයන් සඳහා සම්පූර්ණයෙන් විවෘත කිරීමට රජය තීරණය කර ඇති අතර, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් ගෙන්වීමටද කටයුතු කරන බව රජය සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ඇති වැඩපිළිවෙළ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සමග සාකච්ඡා කළෙමු.
සංචාරකයන් සඳහා සම්පූර්ණයෙන්ම රට විවෘත කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මුලින්ම කතා කරමු?
විදෙස් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වා ගැනීම වගේම සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමයි අපේ අරමුණ. මොකද මේ රටේ ලක්ෂ 30ක පමණ පිරිසක් සංචාරක ව්‍යාපාරයෙන් ජීවත් වෙනවා. මේ පිරිසගේ රැකියාව සහ ජීවිතය තහවුරු කිරීම පිණිස යළිත් සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට අපි තීරණය කළා. සංචාරක ව්‍යාපාරය සඳහා සෞඛ්‍ය නිර්දේශ මේ වන විට ඉදිරිපත් වී තිබෙනවා. එම නිර්දේශ සමග ලංකාවට සංචාරකයෝ ගෙන්වීමට සංචාරක ව්‍යාපාරයේ යෙදෙන ඒජන්තවරුන්ට අවසර දීලා තිබෙනවා. ඒ අනුව රජය, සංචාරක මණ්ඩලය සහ පෞද්ගලික අංශය එකතුවෙලා මේ වැඩපිළිවෙළ දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. රට කෝවිඩ් අවදානමට ලක්නොවන ආකාරයට සෞඛාරක්ෂිතව එය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඉහළ සිට පහළටම වගකීම් බෙදී යන ආකාරයට අපි ඒ කටයුතු කරනවා. සංචාරක නියෝජිතයෝ හැසිරිය යුතු ආකාරය, ගුවන්තොටුපළ හැසිරිය යුතු ආකාරය, රියැදුරන් හැසිරිය යුතු ආකාරය, සංචාරක මගපෙන්වන්නන් හැසිරිය යුතු ආකාරය ආදී ලෙස සංචාරක ක්ෂේත්‍රයේ සෑම අංශයකම වෙන වෙනම මාර්ගෝපදේශ ඇතිකරලා තිබෙනවා. එම මාර්ගෝපදේශ සහ නිර්දේශ අනුව සෞඛ්‍යාරක්ෂිතව සංචාරකයන් ගෙන්වන්න අපි බලාපොරොත්තු වෙනවා.
සංචාරකයන් ගෙන්වීමේ නියමු ව්‍යාප්තියක් ලෙස ක්‍රියාත්මක කළ යුක්ක්‍රේන ජාතිකයන් මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලිය බලාපොරොත්තු වූ පරිදි සාර්ථක වුණාද?
මේ නියමු ව්‍යාපෘතියේ අසාර්ථකභාවයක් තිබෙනවා නම් තිබිය යුත්තේ ඒ නියමු ව්‍යාපෘතිය තුළින් ලංකාවේ කෝවිඩ් පැතිරීමක් සිදුවුණා නම් හෝ ලංකාවේ සෞඛ්‍ය අංශ වලට බාධාවක් සිදුවී ඇත්නම්, එහෙමත් නැතිනම් යළිත් සංචාරකයන් ගෙන්වාගන්න බැරිවුණා නම් පමණයි. නමුත් අපිට ඉතාම සාර්ථකව ලංකාවට සංචාරකයන් ගෙන්වාගන්න අවස්ථාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි සියලු කටයුතු සෞඛාරක්ෂිතව සිදුවුණා. ඒ වගේම යුක්ක්‍රේන සංචාරකයන් ගෙන්වීම නියමු ව්‍යාපෘතියක්. එහි අඩුපාඩු තිබෙන්න පුළුවන්. ඒ අඩුපාඩුත් නිවැරදි කරගෙන තමයි අපි 21දාට ගුවන්තොටුපළ විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ.
ඔබ පවසන ආකාරයට එම නියමු ව්‍යාපාතියෙන් හඳුනාගත් අඩුපාඩු මොනවාද?
සංචාරක නියෝජිතයන්ට සෞඛ්‍ය නිර්දේශ අපි ලබාදී තිබුණා. නමුත් යුක්ක්‍රේන සංචාරකයන් යාල සෆාරි සඳහා ගිය අවස්ථාවේදී මේ නිර්දේශ පිළිබඳව පහළ මට්ටමේ පුද්ගලයන් දැනුම්වත් වී නොතිබුණ තත්ත්වයක් අපි දුටුවා. මොකද යාල රියැදුරන් සම්පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කට්ටලය ඇඳගෙන හිටියෙ නැහැ. ඒ ගැන ඔවුන් දැනුම්වත් වෙලා හිටියෙ නැහැ. සංචාරකයන් ප්‍රවාහනය කරන රියැදුරන් මුහුණු ආවරණ පැලඳ සම්පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කට්ටලයෙන් සැරසී සිටිය යුතුයි. එහෙම නැතිවුණ නිසා එම රියැදුරන් පිරිස ගෙදර යවනවා වෙනුවට නිරෝධායනයට යොමු කරන්න සිදුවුණා. මේ අඩුපාඩුව අපි හඳුනාගත්තා. ඉදිරියට සියලුම ආයතනවල ඉහළ සිට පහළටම සෞඛ්‍ය නිර්දේශ දැනුම්වත් කරන්න අපි කටයුතු කරනවා. ලංකාවට පැමිණෙන සංචාරකයන් වගේම සංචාරක ව්‍යාපාරයේ සියලුදෙනාවත් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ලංකාවට පැමිණෙන සංචාරකයන් දින 14ක් නිරෝධායනයට ලක්කිරීමේ නීතිය මේ වන විට ඉවත්කර තිබෙනවාද?
සංචාරකයන් ලංකාවට පැමිණීමේදී පැය 96ක් ඇතුළත පීසීආර් පරීක්ෂණයක් සිදුකරගෙන තමාට කෝවිඩ් නොමැති බවට සහතික කරවාගෙන තමයි පැමිණෙන්නේ. පසුව ලංකාවට පැමිණි පසුව පීසීආර් පරීක්ෂණයක් සිදුකර කෝවිඩ් නොමැති බවට එයිනුත් තහවුරු උනොත් දවස් 14ක නිරෝධායනයට යටත්ව සංචාරය කරන්න අවසර දෙනවා. ඒ කියන්නේ මේ සංචාරක පිරිස ජෛව බුබුලක් ලෙස සංචාරය කරන්න අවස්ථාව සලසා දෙනවා. ශ්‍රී ලාංකිකයන් සමග ගැටීමක් නැතිව, සමාජය සමග ගැටීමක් නැතිව මේ සංචාරකයන්ට සංචාරය කරන්න අවස්ථාව දෙනවා. එම සංචාරක ස්ථාවලදී ශ්‍රී ලාංකිකයන් සමග නොගැටෙන පරිදි ඔවුන්ව සංචාරය සඳහා යොමුකරන්න කටයුතු කරනවා. විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට වගේම මේ පුද්ගලයන්ටත් දින 14ක නිරෝධායනය අනිවාර්යයි.
මෙලෙස රටට පැමිණෙන සංචරකයන්ට ලබාදෙන වීසා කාලය සම්බන්ධයෙන් කුමන ආකාරයේ එකඟතාවයක්ද තිබෙන්නේ?
විශේෂයෙන්ම මාසයක කාලයක් සඳහා තමයි වීසා කාලය ලබාදෙන්නේ. යුක්ක්‍රේන සංචාරකයන්ටත් මාසයක කාලයක් ලබාදුන්නා. වීසා කාලය සම්බන්ධයෙන් දැනට කිසිම වෙනස් වීමක් නැහැ.
පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් සහ කෝවිඩ් වසංගතය නිසා සංචාරක ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා සිටිනවා. ඔවුන්ව නගාසිටුවන්නට වැඩපිළිවෙළක් තිබෙනවාද?
සංචාරක අමාත්‍යාංශයේ අරමුදල් පවා යොදවලා ලංකා ඉතිහාසයේ පළමුවැනි වතාවට සංචාරක ක්ෂේත්‍රයේ පිරිස් වෙත සහන ලබාදෙන්න කටයුතු කළා. තවදුරටත් දුෂ්කරතාවයන් සහිත පිරිස් ඉන්නවා නම් මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව සමග සාකච්ඡා කරලා එම අපහසුතා මගහරවන්න පහසුකම් සපයන්න බලාපොරොත්තු වෙනවා. එය කෙටිකාලීන විසඳුමක්. දීර්ඝකාලීන විසඳුමක් ලැබෙන්න නම් සංචාරක ව්‍යාපාරය ආරම්භ වෙලා තව තවත් සංචාරකයෝ ලංකාවට පැමිණෙන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් දීර්ඝකාලීන විසඳුමක් වෙනුවෙනුයි අපි කටයුතු කරගෙන යන්නේ.
බ්‍රිතාන්‍යයේ හටගෙන තිබෙන නව කෝවිඩ් වෛරස් ප්‍රභේදය සංචාරක ව්‍යාපාරය සමග ලංකාවට පැමිණීමේ අවදානම ඉතා ඉහළයි. මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවාද?
මේ වන විට එවැනි අවදානමක් ඇති රටවල් අපි හඳුනාගෙන තිබෙනවා. එංගලන්තයේ එම ප්‍රශ්නය ඇතිවූ මොහොතේ සිය එංගලන්තයෙන් පැමිණෙන ගුවන් මගීන් ලංකාවට එන එක සම්පූර්ණයෙන්ම නැවැත්වුවා. ඒ වගේම ආසන්න දවස් 14ක් ඇතුළත් එංගලන්තයට සංචාරය කර තිබෙන මගීන්ට පවා ලංකාවට පැමිණීමට අවස්ථාව ලබාදී නැහැ. ඒ නිසා ලෝකය සහ විවිධ රටවල තත්ත්වයන් පිළිබඳව අපි නිරන්තර අවධානයෙන් ඉන්නේ. අපි කටයුතු කරන්නේ ඒ අනුව. කෝව්ඩ් මර්දන කමිටුව අපිට ලබාදෙන නිර්දේශ අනුව සංචාරකයන් ගෙන්වීමට අවසර හිමිවන රටවල් වලින් පමණයි අපි මෙරටට සංචාරකයන් ගෙන්වන්නේ.
සංචාරක ව්‍යාපාරය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීමට ඔබලා සතු සැලසුම් මොනවාද?
පවතින තත්ත්වය අනුව අපි සියලුදෙනා කෝවිඩ් සමග ජීවත් විය යුතුයි. අපි සංචාරක ව්‍යාපාරය නංවාලනවා වගේම අනිත් අතින් අපි සෞඛ්‍යාරක්ෂිතව රට බේරගත යුතු වෙනවා. ඊට අමතරව පසුගිය යහපාලන ආණ්ඩුව රටට ගෙන ආ වොක්ස්වැගන් වැනි පුහු ආයෝජන වෙනුවට අද ලංකාවට ආයෝජන එමින් තිබෙනවා. හම්බන්තොටට ඩොලර් මිලියන 300ක ආයෝජනයක් පැමිණ තිබෙනවා. ඒ වගේම වරාය නගරයට ඩොලර් බිලියනයක ආයෝජනයක් ලැබී තිබෙනවා. මෙවැනි ආයෝජන රාශියක් ඉදිරියේදී අපිට ලැබෙන්න තිබෙනවා. ඒ අයෝජන සහ දේශීය කර්මාන්ත තුළින් අපනයනය මුල්කරගත්තු ආර්ථිකයක් අපි ඇතිකරනවා. ඒ අනුව කෘෂිකර්මාන්තය ඇතුළු දේශීය කර්මාන්ත දියුණු කරලා විදෙස් රටවලින් හැමදේම ගෙන එනවා වෙනුවට ලංකාවේ නිෂ්පාදන අපනයනය කරන තත්ත්වයට පත්කරන්න ඉදිරි වර්ෂවලදී අපි අපි කටයුතු කරනවා. කෝවිඩ් තත්ත්වය තුළත් එය සාර්ථක වෙමින් තිබෙනවා.ඉදිරියේදී තවදුරටත් එය සාර්ථක වනු ඇතැයි අපි විශ්වාස කරනවා.
ඒ වගේම අපි සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් සෑම අමාත්‍යාංශයක් සමගම සාකච්ඡා කරමින් යනවා. උදාහරණයක් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය සමග සාකච්ඡා කරලා එල්පීඑල් තරගාවලිය සමග සංචාරක ව්‍යාපාරය නගාසිටුවන්න කටයුතු කළා. ඒ වගේම සෑම මසකම අන්තර්ජාතික වැඩසටහනක් පවත්වන්න අපි සැලසුම් කරගෙන යනවා. ඒ අනුව ලංකාවට සංචාරක ආකාර්ෂණය වැඩි කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයේම ක්‍රීඩා අමාත්‍යාංශය සමග එකතුවෙලා සෑම මසකම අන්තර්ජාතික ක්‍රීඩා වැඩසටහනක් පවත්වන්න අපි සැලසුම්කර තිබෙනවා. ඒ හරහා විශාල විදේශ විනිමයක් ලබාගන්න පුළුවන් වේවි කියා අපි විශ්වාස කරනවා. මේ ආකාරයට සෑම අංශයක් සමගම සංචාරක අමාත්‍යාංශය එක්ව විවිධ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කර සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අපි කටයුතු කරනවා.
ඒ වගේම සංචාරක කර්මාන්තය සඳහා නව තාක්ෂණය භාවිත කරන්න අපි මේ වන විට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. සංචාරක මණ්ඩලය තුළින් සංචාරකයන් සඳහා වෙනමම මෘදුකාංගයක් හඳුන්වාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් සියලුම කටයුතු සිදුකරගන්න පුළුවන් ආකාරයට එය නිර්මාණය කරන්න ඔවුන් සැලසුම් කර තිබෙනවා.
විශේෂයෙන්ම මේ මොහොතේදී ලංකාවට තනි තනියෙන් පැමිණෙන සංචාරකයන් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. යම්කිසි ඒජන්තවරයෙකු හෝ යම්කිසි ආයතනයක් විසින් හෝ වගකිවයුතු පුද්ගලයෙකු සමග පැමිණෙන සංචාරක කණ්ඩායම් සඳහා පමණයි අවස්ථාව ලබාදෙන්නේ. මොකද තනි තනි වශයෙන් සංචාරකයන් ගෙන්වීම මේ අවස්ථාවේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් නෙවෙයි. එහි අවදානම පවා ඉහළයි.
ඒ වගේම මේ වනවිට දේශීය සංචාරක කර්මාන්තය ආරම්භ වී තිබෙනවා. මේ නිසා සියලුම සංචාරක ආකර්ෂණීය තැන්වල නඩත්තු කටයුතු සිදුවෙනවා. දේශීය සංචාරකයන්ටත් විශේෂ තැනක් ලබාදී තිබෙනවා. ලංකාවෙන් පිටරටට යෑමේ අවදානම සමග දේශීය සංචාරකයන් වැඩි වශයෙන් රට තුළ සංචාරය කරමින් සිටිනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් අපි සපයා දෙනවා.
සංචාරක කර්මාන්තය වර්ධනය සඳහා රට තුළ ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් තිබෙනවාද?
කටුනායක ගුවන්තොටුපළේ මගී ධාරිතාවය තිබෙන්නේ වසරකට මිලියන 06ක් වගේ ප්‍රමාණයක්. නමුත් ක්‍රමයෙන් මගීන් ප්‍රමාණය වැඩි වෙමින් තිබෙන නිසා දෙවන පර්යන්තයේ කටයුතු මේ වන විට ආරම්භකර තිබෙනවා. ඒ තුළින් අවම මිලියන 15ක පිරිසක් ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම කටුනායක ගුවන්තොටුපළේ ගුවන් යානා නැවැත්වීමේ පහසුකම් සහ ඉන්ධන පිරවීම් කළ හැකි පහසුකම් වැඩි කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මත්තල ගුවන්තොටුපළ දියුණු කිරීම සඳහා වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපි සැලසුම්කර තිබෙනවා. පලාලි ගුවන්තොටුපළේ වෙනස් කිරීම් රාශියක් සිදුකරන්න තිබෙනවා. එම වෙනස්කම් කරමින් ගුවන්තොටුපළ සංවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
විදෙස්ගත ශ්‍රීලාංකිකයන් ගෙන්වා ගැනීමට වැඩි වශයෙන් ගුවන් යානා යෙදවීමට බලාපොරොත්තු වෙනවාද?
මීට පෙර දිනකට 500කට වැඩි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් ගෙන්වා ගත්තා. අපේ තිබෙන සෞඛ්‍ය පහසුකම් අනුව මේ ආකාරයට දිනකට 500 බැගින් ගෙනැවිත් මේ වනවිට 70,000කට වැඩි පිරිසක් ගෙනැවිත් තිබෙනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වා ගැනීම වැඩි කරන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් ලබාදී තිබෙනවා. කෝවිඩ් මර්දන කමිටුව සහ විදේශ අමාත්‍යාංශය මැදිහත්ව එය සිදුකරනවා. මේ ගෙන්වන ප්‍රමාණය වැඩිකර හැකි ඉක්මනින් එම ශ්‍රී ලාංකික පිරිස ගෙන්වා ගැනීමට රජය ඉදිරියේදී කටයුතු කරයි.