කිතුල් කර්මාන්තය යනු ශතවර්ෂාධික කාලයක් තිස්සේ ලංකාවේ පැවැති ප්‍රාථමික කර්මාන්තයකි. එසේම පසුගියදා කිතුල් ප්‍රධාන වැවිලි භෝගයක් බවටද නම්කරනු ලැබීය. කලින් කලට විවිධ කිතුල් ප්‍රවර්ධන ව්‍යාපෘති සම්බන්ධව කතිකාවන් ඇතිවුවත්, ඒවා කාලයේ වැලිතලා මතම වැසී ගොස් තිබෙන පසුබිමක, ලංකාවේ කිතුල් ජාත්‍යන්තරයට රැගෙන යමින් විදේශ විනිමය මෙරටට රැගෙන එන කිතුල් ආශ්‍රිත නව ව්‍යාපෘතියක් අරඹන්නට ප්‍රභාත් මහේෂ්ද අල්විස් මහතාගේ සභාපතීත්වයෙන් යුත් ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම කටයුතු කරමින් සිටී.
ලංකාවේ ඉබේ වැවෙන කිතුල් ජාත්‍යන්තරයට රැගෙන යන එකී නව ව්‍යාපෘතිය තුළින් %K වයින්^ නම් නව නිෂ්පාදනයක් පළමුවරට ලොවට හඳුන්වා දීමට නියමිත අතරම, කිතුල් මල් මදින්නන් ලංකාවේ පළමුවරට ස්ථිර වැටුපක් සහිත විධිමත් සේවා නියුක්තිකයෙක් බවට පත්වී සිටී. යුරෝපයේ බෙහෙවින් ජනප්‍රිය මිදි මූලික වයින් සමග තරග කිරීමට ලංකාවේ ඉබේ වැවෙන කිතුල් යොදා ගැනීමට අදහස් කළ ප්‍රභාත් මහේෂ් ද අල්විස් මහතාගෙන් අපි මේ පිළිබඳව විමසා සිටියෙමු.
&මුලින්ම මම කිතුල් රා කෑන් කරන්න තමයි අදහස් කළේ. එය මගේ බිරිඳ වන මහේෂාද අල්විස්ගේ අදහසක්. ඇය අපගේ ආයතනයේ කළමනාකාර අධ්‍යෂවරියද වනවා. ඉන්පස්සෙ ඊට අදාළව අයි.ටී.අයි සමග සාකච්ඡා කරන්න ගියහම ආචාර්ය පද්මසිරි රණසිංහ මහතා මට යෝජනාවක් දුන්නා ඔවුන් සතු තාක්ෂණය යොදාගෙන කිතුල්වලින් වයිට් වයින් සකසා කෑන් ලෙස වෙළෙඳ පොළට නිකුත් කිරීම සම්බන්ධව.
මේ නිෂ්පාදනය ඉතා හොඳ මට්ටමේ කටයුත්තක් උනත් ඒ ක්‍රියාවලිය පහසු කටයුත්තක් නෙවෙයි. මෙහි මූලිකම ප්‍රශ්නය තමයි කිතුල් තෙලිදිය සැපයුම් මාර්කට් එකක් ලංකාවේ නැහැ. මොකද වගාවක් ලෙස කිතුල් වගාකරුවන් ලංකාවේ නැහැ. ඉබේ වැවුණු කිතුල් පමණයි තිබෙන්නේ. ඒ වගේම මධ්‍යසාර කර්මාන්තයේ පොඩි ප්‍රමාණ වෙනුවෙන් සැකසූ මැෂින් නැහැ. ඒවා සකසා තිබෙන්නේ විශාල ප්‍රමාණ සඳහායි. නමුත් කිතුල් එලෙස විශාල වශයෙන් සකසා ගැනීමට හැකියාවක් නැති නිසා අපි කුඩා ප්‍රමාණයේ යන්ත්‍ර සකසා ගැනීමට දේශීය යන්ත්‍ර නිෂ්පාදකයන් සොයාගෙන ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස අපට අවශ්‍ය මැෂින් වලින් 80෴ක් ලංකාව තුළම සකසා ගැනීමට හැකිවුණා. ඉතිරි ප්‍රමාණය පමණයි ආනයනය කළේ.
තෙලිදිය සැපයුම සඳහා අපි අපේ වෙනත් සමාගමක් හා දුන්හිද ප්ලාන්ටේෂන් සමග එක්ව ඔහුන්ගේ වතුවල තිබෙන ඉබේ වැවුණු, මෙතෙක් කිසිදු ඵලදායී කාර්යයකට යොදා නොගත් කිතුල් ගස් යොදා ගන්නවා. මේ තෙලිදිය සැකසීම සඳහා අපි අපේ සේවකයන්ට වෙනමම පුහුණුවක් ලබාදී තිබෙනවා. මේ කටයුත්තට අපි නූතන තාක්ෂණය වැඩි වශයෙන් යොදා ගන්නවා. එහි කිතුල් මල් කැපීම සම්බන්ධව වෙනමම මොඩ්ල් එකක් සකසා තිබෙනවා. එතන සකසන තෙලිදිය අපි කුරුවිට කර්මාන්තපුරයේ තිබෙන අපේ කර්මාන්ත ශාලාවට ගෙනැවිත් වයින් බවට පත්කරනවා. මෙය සම්පූර්ණයෙන් ස්වයංක්‍රීය යන්ත්‍රානුසාරයෙන් සිදුකෙරෙන කටයුත්තක්. ඒ වගේම මෙය අපනයනය කිරීම හා විදෙස් සංචාරකයන් ඉලක්ක කරගෙන කරන නිෂ්පාදනයක්. මේ වනවිට ජපානයට අපනයනය කිරීමට අවස්ථාව සැලසී තිබෙනවා. තවත් රටවල් කිහිපයකම අවසරය ලැබීමට නියමිතව තිබෙනවා.
අපගේ ඉලක්කය කිතුල් කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යාමයි. එසේ ගෙන යාමට නම් ඉහළ අගයක් ඇති නිෂ්පාදනයක් කළයුතු අතරම සංවිධානාත්මක සහ විධිමත් ලෙස මෙම කර්මාන්තය ප්‍රතිසංවිධානය කළයුතුව තිබුණා. එසේම මේ තුළින් ලබන මූල්‍යමය වාසි සියලු පාර්ශ්වකරුවන් වෙත ගලා යාමේ ක්‍රමවේදයක් සකස් කළයුතුව තිබුණා. මේ සියල්ල කළයුතුව තිබුණේ පැණි හා හකුරු කර්මාන්තය ආරක්ෂා කර ගනිමිනුයි. ඒ නිසා පැණි, හකුරු කර්මාන්තයට සම්බන්ධ තෙලිජ්ජ බින්දුවක්වත් අපි මේ කර්මාන්තයට යොදා ගන්නෙ නැහැ. ඇග්‍රි දේශීය ප්‍රයත්නය එයයි.
ලංකාවේ මෙතෙක් භාවිතයට නොගත් කිතුල් ගස් තිබෙන අයට අපි සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මහා පරිමාණව කිතුල් වගාකරන්න යමෙක් අදහස් කරනවා නම් අපත් සමග සම්බන්ධ විය හැකියි. ගස් මැදීමේ සිට ඉන් එහා ක්‍රියාවලිය සම්බන්ධව ඔවුන්ට පුහුණුවක් ලබාදී ඒ තෙලිජ්ජ මිලදී ගන්න අපි සූදානම්.
මේක තමයි කිතුල් තෙලිජ්ජවලට ලබාදිය හැකි ඉහළම අගය එකතු කිරීමේ කටයුත්ත. මීට අදාළ නෛතික අවසරය ලබාගැනීම පහසු කටයුත්තක් නෙවෙයි. රත්නපුර සුරාබදු කාර්යාලයට මුලින්ම මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කළා. එතැනදි ඔවුන් මේ කටයුත්ත ඉතා ඉහළින් අගය කළා. මේ වන විට මේ සඳහා අවශ්‍ය පරිසර බලපත්‍රය, ප්‍රාදේශීය සභා අනුමැතිය ඇතුළු සියලු අනුමැතියන් ඉතාම නිවැරදි පටිපාටිය අනුගමනය කරමින් අපි ලබාගෙන තිබෙනවා. ISO 22000 ප්‍රමිතියට අනුව තමයි අපි මේ කටයුත්ත සිදුකරන්නේ.
අපි මේ ව්‍යාපෘතිය තුළින් කිතුල් තෙලිජ්ජ කර්මාන්ත ශාලාවක් කියන දේ සහ කිතුල් වයින් කියන ට්‍රෙන්ඩ් එක පළමුවරට ලෝකයටම හඳුන්වා දෙනවා. එසේම කිතුල් කර්මාන්තයට අදාළ මොඩ්ල් එකක් අපි සකස් කරලා වර්ධනය කරමින් මේ වනවිට මහපොළවේ පැළ කරමින් යනවා. මේ තුළින් අපි කිතුල්වලට වෙන හැඩයක් ලබාදීමට උත්සාහ කරනවා. විශේෂයෙන් කිතුල්වලට අදාළ වටිනාකම මේ හරහා අපි සමාජයට නිරාවරණය කිරීමට සූදානමින් සිටිනවා.
මෙහිදී අවධාරණය කළයුතු කරුණක් තිබෙනවා. එනම් අපි ලංකාවේ පළමුවරට කිතුල් මදින්නෙක් EPF, ETF ලබන සේවකයෙක් බවට පත්කර තිබෙනවා. එය කිතුල් කර්මාන්තයේ යෙදෙන ශ්‍රමිකයෙන්ගේ හැරවුම් ලක්ෂ්‍යයක්. අපි එක පැත්තකින් කිතුල් තෙලිජ්ජ අගය එකතු කළ නිමි භාණ්ඩයක් ලෙස ජාත්‍යන්තරයට රැගෙන යන අතරම, කිතුල් මැදීම පිළිගත් රැකියාවක් බවට පත්කර තිබෙනවා. එසේම අපගේ ස්ථිර සේවකයන්ට ජීවිත රක්ෂණයක් මෙන්ම ලාභාංශ ගෙවීමේ වැඩපිළිවෙළක්ද ඇග්‍රි දේශීය ආයතනය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.
වයින් හෝ බියර් කර්මාන්තයේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගන්නා ටැංකියක් අවම වශයෙන් ලීටර් 30,000ක් පමණ වනවා. නමුත් අපිට කිතුල් වයින් සඳහා භාවිත කරන්න සිදුවෙලා තිබෙන්නේ ලීටර් 150ක පමණ කුඩා ටැංකි පද්ධතියකුයි. මධ්‍යසාර කර්මාන්තයට අදාළව එවැනි ටැංකි කිසිවෙක් නිපදවා නැති නිසා අපිට සිදුවුණා වෙනමම ඒ වෙනුවෙන්ම ටැංකි පවා සකසා ගන්න. එහිදී දේශීය කර්මාන්තකරුවන්ගෙන් ලැබුණු සහය අගය කරන්න ඕන.
එසේම මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට අයි.ටී.අයි.හි නිලධාරීන්ගේ සිට අපේ ආයතනයේ සියලු සේවකයන් ලබාදුන් සහය අගය කරනවා. එසේම විෂය භාර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙන්ම කිතුල් ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් ලබාදුන් සහයෝගයද අගය කරනවා. දේශීය නිෂ්පාදනයක් ලෝකයට ගෙන යන ප්‍රයන්තයට, කිතුල් කර්මාන්තයට හා කිතුල් මදින්නන්ට අභිමානයෙන් තම වෘත්තිය පිළිබඳව කිවහැකි මට්ටමට මේ කර්මාන්තය තව තවත් දියුණු කිරීමට, මේ සියලු කාරණා හරහා විදෙස් විනිමය මෙටට රැගෙන එන මේ කර්මාන්තයට අදාළ පාර්ශ්වවල සහය ලැබේවි යැයි මා අපේක්ෂා කරනවා.
කිතුල් වැවීම සඳහා රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ යථාර්ථයක් බවට පත්කිරීමට නම් ඉහළ අගයක් ඇති නිෂ්පාදනයක් කළ යුතුයි. ඇග්‍රි දේශීය ක්‍රියාන්විතය එයයි."
ලංකාවේ කිතුල් ජාත්‍යන්තරයට රැගෙනයාමට අදාළව ප්‍රමුඛතම කාර්යභාරය ඉටුකරනු ලැබූ අයි.ටී.අයි හි ආචාර්ය පද්මසිරි රණසිංහ මහතාගෙන් මෙවැනි සංකල්පයක් යථාර්ථයක් දක්වා ගමන් කරවූයේ කෙසේද යන්න පිළිබඳව අපි විමසීමක් කළෙමු.
"කිතුල් ප්‍රවර්ධන කටයුත්තක් මුලින්ම ඇරඹෙන්නේ 2003දී පමණ. එවකට ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යවරයාව සිටි බන්දුල ගුණවර්ධන මහතාගේ මැදිහත්වීම මත සිදුකෙරුණ ප්‍රතිපාදන ලබාදීම තුළින් ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද කිතුල් ව්‍යාපෘතිය තුළිනුයි ඒ කටයුත්තට මුල පිරුවේ.
අපට මධ්‍යසාර පානයක් කියන තැනින් එහාට ගිහින් කිතුල් රාවල අඩංගු අනෙකුත් ගුණාංග හා කිතුල් කර්මාන්තයක් ලෙස ගොඩනැගීමට එයට ඇති ඉතා ඉහළ විභවය සැලකිල්ලට ගෙන තමයි මේ SAP වයින් කියන සංකල්පය ගේන්නෙ. මේ පිළිබඳ මූලික පරීක්ෂණ සිදුවන්නේ 2010 වගේ ඈත කාලයේ. ඒ මූලික නිපැයුම සැලකිය යුතු ලෙස අපි මේ වන විට වැඩිදියුණුකොට තිබෙනවා. මේ නිෂ්පාදනයේ ප්‍රධානම අරමුණක් වන්නේ ශ්‍රී ලාංකික නොවන පිරිසක් වෙත කිතුල්වලින් සිදුකළ හැකි උපරිම වාණිජ විභවය සහිත නිෂ්පාදනයක් හඳුන්වා දීමයි.
මේ කාරණයේදී පැහැදිවම කිවයුතු කරුණ තමයි අපි මේක විදේශිකයන් ඉලක්ක කර ගනිමින් සිදුකරන නිෂ්පාදනයක් කියන දේ. විදේශ විනිමය රටට ගෙනෙන ව්‍යාපෘතියක් කියන තැන සිට තමයි අපි එදා සිට අද දක්වාම කටයුතු කරන්නේ.
කිතුල් කර්මාන්තය හා බැඳුණු ප්‍රධාන ගැටලුව තමයි මල් මදින්නන්ගේ ගැටලුව. අපට පෙර සිටම අවශ්‍ය වෙලා තිබුණා වෘත්තීය මට්ටමේ කිතුල් කාර්මිකයන් පිරිසක් සකසා ගන්න. එතැනදී සාම්ප්‍රදායික මල් මදින්නා කියන තැන සිට මේක කරන්න බැහැ. නව තාකෂණය සමගින් කටයුතු කරන මල් මදින්නන් කිතුල් කාර්මිකයන් බවට පරිවර්තනය කිරීම තමයි වැදගත් වෙන්නේ."