ලංකාවේ දේශපාලනය තුළ මේ සතිය උණුසුම් වූයේ ජනාධිපතිවරයා විසින් හදිසියේම තවත් අගමැතිවරයෙකු පත්කිරීම හේතුවෙනි. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම පාක්ෂිකයෝ ජනාධිපතිවරයා කෙරෙහි තදින් උරණව සිටිති. ජනාධිපතිවරයාගේ මෙම හැසිරීම ජාත්‍යන්තරය විසින් ප්‍රථමයෙන් විශ්වාස නොකළ අතර, ඔවුන් ජනාධිපතිවරයාගේ මානසික සෞඛ්‍ය ප්‍රශ්න කර සිටි බවටද තොරතුරු පළවේ. ඔහු විසින් සිදු කරන ලද ක්‍රියාව ලංකාවේ මිලියන 23ක් වන ජනතාවගේ ජීවිත බරපතළ අවදානමකට දමා තිබේ. රටේ ආර්ථිකය, දේශපාලනය හා පැවැත්ම සම්පූර්ණයෙන්ම මේ මොහොතේ ඇත්තේ බරපතළ අවදානමකය. අගමැතිවරයාගේ ඉවසීමත්, වෘත්තීයභාවයත් හේතුවෙන් ලංකාව ලේ විලක් බවට පත්නොවී තිබේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ බලය අත නොහැරීමේ දැඩි තීන්දුවක ඉන්න බව පෙනෙන්නට තිබේ. එම පක්ෂය ඉතිහාසයේ කෙදිනක හෝ නොවූ අයුරින් සටන්කාමී මාවතකට එළඹෙමින් තිබේ. ඒ පිළිබඳ මේ රටේ සිවිල් ජනතාවගේ, දේශපාලන ක්‍රියාදරයන්ගේ මෙන්ම ජනතාවගේ ආශීර්වාදය හිමිවෙමින් තිබේ. රටේ මෙන්ම ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් මේ මොහොතේ මුහුණදී තිබෙන තත්ත්වයෙන් රට මුදවා ගැනීමේ වගකීම ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය.
රාජපක්ෂවරුන් මෙහිදී මෙම ක්‍රියාවලියට සම්බන්ධ වන්නේ ඔවුන්ට එරෙහිව ඇති අධිකරණ ක්‍රියාවලියන්ගේ තීරණාත්මක අවසානයකට ළඟා වෙමින් පවතින වටපිටාවක් තුළය. නැතිනම් ආණ්ඩුක්රමය පිළිබඳ රාජපක්ෂවරුන්ගේ අවබෝධය ජනාධිපතිවරයාට වඩා බොහෝ ඉහළය. නමුත් හිරේ විලංගුවේ නොවැටී සිටීමට බලය අත්පත් කරගැනීම ඔවුන්ගේ පැත්තෙන් අනිවාර්යය කොන්දේසියකි. ඒ වෙනුවෙන් රටේ ජනතාව ඕනෑම මිලක් ගෙවීම ඔවුන්ට අදාළ නොවේ.
අනෙක් අතින් ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ සිට විහිළුකාරයෙකු බවට මෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් හා ඔහුගේ උපදේශකයන් පත්කර තිබේ. ඔහුගේ දේශපාලන ක්‍රියාකාරීත්වය අපිරිසුදු, අණක්ගුණක් නැති, කිසිවෙකුටත් පාලනයක් නැති තත්ත්වයකට පත්කොට තිබේ. එමෙන්ම ඔහු ඉතා භයානක පුද්ගලයෙකු බවට පත්ව ඇත. ලෝකයේ අන්ත ඒකාධිපතියන් බවට පත්ව ඇත්තේ දුර්වල හා සංකූලතා සහිත පුද්ගලයන් බව ලෝක ඉතිහාසය පෙන්වාදී තිබේ.
මෙම සටන රාජපක්ෂවරු හෝ ජනාධිපති සමග සටනක් නොව රටේ අනාගතය පිළිබඳ සටනකි. යක්ෂයා සමග සටනකි. මෙම සටන එක්සත් ජාතික පක්ෂය ජයගත යුත්තේ බලය නිසා නොව ඒකාධිපතිත්වයෙන් රට ආරක්ෂා කිරීමේ දේශපාලන වගකීම ඇත්තේ එම පක්ෂයට බැවිනි. මෙරට ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම එක්සත් ජාතික පක්ෂයේ පරම වගකීමකි. එය මගහැරීමට පක්ෂයට හැකියාවක් නොමැති අතර, මෙරට ජනතාවගේ අරක්ෂාව පක්ෂය මත පැටවී තිබේ.
අනෙක් අතින් මෙම ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය රාජ්‍ය විරෝධී කුමන්ත්රණයකි. එයට සම්බන්ධ වන ඕනෑම කෙනෙකුට වසර විස්සක සිරදඬුවම් ලබාදිය හැකිය. එනම් එයට පක්ෂව මත පළකරන්නන්ට වුවද එම දඬුවම ලබාදිය හැකිය. නීත්‍යනුකූලව මැතිවරණයකින් ජනවරමක් ලබා, බලයට පත්වූ ආණ්ඩුවක් විධිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ක්‍රියාවලියකින් තොරව ජනමතයක් රහිතව බලයෙන් පහකිරීමට උත්සාහ කරන්නේ නම්, එය රාජ්‍ය විරෝධී කුමන්ත්රණයකි. ජනාධිපතිවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව රාජ්‍ය විරෝධී ක්‍රියාවලියක යෙදී තිබේ. රාජපක්ෂවරු කෙළින්ම එයට සම්බන්ධ වී තිබේ. එසේම එයට පක්ෂව මත පළකරන්නන් සහයෝගය දක්වන්නන්, සියලුම දෙනා වසර විස්සක සිරදඬුවම් ලැබීමට හැකි වරදක් සිදුකරන්නෝ වෙති. වසර විස්සක් යනු ඉතා දිගු කාලයකි.
මෙම අර්බුදය රටේ එදිනෙදා ජන ජීවිතය ඉදිරි සතිය තුළ මුළුමනින්ම බිඳ දමන්නක් බවට පත්වේ. මන්දයත් ආණ්ඩුවේ එදිනෙදා කටයුතු කිරීමේදී නිලධාරීන් විචිකිච්ඡාවට පත්වීම මත රජයේ කටයුතු කඩාකප්පල් වනු ඇත. එසේම ජාත්‍යන්තර සම්බාධක පැනවීම පිළිබඳ යුරෝපා සංගමයත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් සලකා බලමින් තිබෙන බව තානාපති ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. දීර්ඝ කාලයක් ප්රජාතන්ත්රවාදී වටපිටාවක කටයුතු කළ රටක් එම පීල්ලෙන් මිදී කටයුතු කිරීම ශීලාචාර ජාතීන් ඉවසන්නක් නොවේ. විශේෂයෙන් ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම හා චීනය ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ශීලාචාර යුරෝපා ජාතීන්ගේ සැකයට හේතු වී තිබේ. එම නිසා ඉදිරි සති දෙක තුළ මෙම අර්බුදය විසඳීමට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ හා නායකයන් අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර සම්බාධක පැනවීමට ඇති ඉඩකඩ වැඩි වේ.
මෙය විසඳිය හැකි ක්‍රමවේදය වන්නේ අගමැතිවරයා ප්‍රකාශ කරන පරිදි හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවා බහුතරය ඇත්තේ කාටදැයි පෙන්වා ආණ්ඩුව පවත්වාගෙන යෑමයි. ඒ සඳහා ප්රජාතන්ත්ර විරෝධී ක්‍රමවලින් පාර්ලිමේන්තුව කල්දමා මෙය කුමන්ත්‍රණයක් ලෙස පවත්වාගෙන යෑමට හා මෙරට අනාගතය අවදානමට දැමීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති අතර, ඒ සඳහා ක්‍රියාත්මක වීම හා කුමන්ත්‍රණය කිරීම වසර විස්සක් සිරදඬුවම් ලබාදිය හැකි වරදක් බව ආණ්ඩුව විසින් ප්‍රකාශ කළ යුතුය.
අවසාන වශයෙන් කිවයුත්තේ මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය මත පැවරී ඇති වගකීම වන්නේ බලය රැකගැනීම නොව, මෙරට විශාලම ප්රජාතන්ත්රවාදී දේශපාලන බලවේගය ලෙස ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම ආරක්ෂා කිරීමත්, ඒකාධිපතිවාදයට ගමන් කරමින් තිබෙන මෙම ක්‍රියාවලිය අවසන් කර මෙරට ජනතාවගේ අයිතිවාසිකම් හා ස්වාධිපත්‍ය ආරක්ෂා කර ඔවුන්ට නිදහස්, නිවහල් රටක ජන ජීවිතය පවත්වාගෙන යෑමට ඇති අවස්ථාව සලසා දීමය. එය එක්සත් ජාතික පක්ෂයට මගහැරිය නොහැකි වගකීමකි.