කෝවිඩ් 19 මර්දනය කිරීම සඳහා විශාල සේවාවක් සපයන කණ්ඩායමක් ලෙස රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් හැඳින්විය හැක්කේ, පුද්ගලයෙකු කෝවිඩ් අසාදිතයෙක් දැයි තහවුරු කෙරෙන පී.සී.ආර් නිදර්ශකය පරික්ෂා කරන්නේ ඔවුන් වීමයි. නමුත් ඔවුන්ට සිය රාජකාරිය ක්‍රමානුකූලව සහ කඩිනමින් ඉටුකිරීමට නොහැකි වන ගැටලු රැසකට ඔවුන් මුහුණ දෙයි. එම ගැටලු සහ පසුගිය කාලයේදී පී.සී.ආර් පර්යේෂණ ප්‍රමාද වීමට වන හේතු පිළිබඳව %වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ^ සභාපති රවී කුමුදේශ් මහතා මෙලෙස කරුණු සඳහන් කළේය.
පී.සී.ආර්. ගොඩ ගැසී තිබීමට හේතුව
පහුගිය දිනවල පී.සී.ආර්. පරීක්ෂණ 10,000කට වැඩි ප්‍රමාණයක් හිරවෙලා තිබුණා. ඒකට ඇත්තටම හේතු වෙලා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාරවලට අදාළ ප්‍රතික්‍රීයක නිවැරදිව ලබානොදීම, මුල්ලේරියාව රසායනාගාරයේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා තිබීම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විශ්ලේෂක යන්ත්‍රවලට ප්‍රතික්‍රීයක ලබානොදීම, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පර්යේෂණ ආයතනය පී.සී.ආර්. පර්යේෂණ කළාට පසුව සිදුවන ප්‍රමාදයන් නිසයි. ඔය හේතු තමයි ඒ අවස්ථාවේදී ප්‍රධාන ගැටලුවක් වෙලා තිබුණේ. නමුත් දැන් අපට ලැබෙන නිදර්ශක සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර 18න් පැය විසිහතරකට වඩා ප්‍රමාද වන්නේ නැහැ. පැය විසිහතරක ප්‍රමාදය කියන්නේ ප්‍රමාදයක් නොවෙයි. අපට දීලා තිබෙන තාක්ෂණය අනුව අනිවාර්යෙන්ම පැය අටක් පරීක්ෂණයක් සඳහා කාලය ගත වෙනවා. ඒ වගේම දැනට මේ තිබෙන ක්‍රමවේදය අනුව පරීක්ෂණයක් සඳහා නිදර්ශක ලැබෙන්නේ දවසේ හවස් කාලයේදී. එතකොට ඒ නිදර්ශක පර්යේෂණ සඳහා ගන්න වෙන්නේ පහුවැනිදා. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාරවලට අපට අතිකාල කරන්නවත්, පැය විසිහතරක් විවෘතව තබා වැඩ කරන්නවත් අවසරයක් දීලා නැහැ. සමහර තැන්වලදී වෛරසවේදීන් ඒකට අවසර දෙන්නේ නැහැ. අපට හවස 5න් පස්සේ වැඩ කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා දෙනවා නම් එදා ලැබෙන නිදර්ශක එදාම පරික්ෂා කරන්න පුළුවන්.
පී.සී.ආර් වාර්තාවක් ජනතාව අතරට යාමට ප්‍රමාද වීම
දැනට මේ පී.සී.ආර් පර්යේෂණවල ප්‍රමාදය තිබෙන්නේ පර්යේෂණාගාර ඇතුළේ නෙවෙයි. රසායනාගාරවල පර්යේෂණ කටයුතු ඉවර වුණාට පසුව අපි වෛරසවේදියාට තමයි වාර්තාව නිකුත් කරන්නේ. එතකොට ඔහු ඒ වාර්තාව පිරික්සීමට කොපමණ කාලයක් ගතවනවාද? ඉන් අනතුරුව ඔහු විසින් ඒ වාර්තාව වසංගත රෝග අංශයට එතැනින් ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයාටත් එතැනින් ප්‍රජා වෛද්‍යවරයාටත් යවනවා. මේ මාර්ගය ඔස්සේ වාර්තාව ගමන් කරලා මිනිස්සු අතරට යන්න අපි පර්යේෂණයක් කිරීමට ගතකරන කාලය මෙන් පස් ගුණයක් යනවා. විශේෂයෙන් පූර්ව රසායනාගාර අවධියේ සහ පශ්චාත් රසායනාගාර අවධියේ විශාල ප්‍රමාදයක් තිබෙනවා. ඒක කළමනාකරණ ප්‍රමාදයක්. ඒකට රසයානාගාර වෘත්තිකයෝ විදිහට අපට වගකියන්න බැහැ. පී.සී.ආර් පර්යේෂණයකින් පසුව ඒ වාර්තාව ජනතාව අතරට ගෙනයන කාලය කොපමණද කියලා කියන්න බැරි මේ හේතූන් නිසයි. මේ එක එක තැන්වල තිබෙන කළමනාකාරීත්වය සහ ඒ ප්‍රධානීන්ගේ තත්ත්වය අනුව ඒක වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) රසායනාගාරවල ඉන්න එක වෛරසවේදියෙක් වාර්තාව යවන්න දින දෙකක් ගන්නවා. තව වෛරසවේදියෙක් දින තුනක් ගන්නවා. තව කෙනෙක් වාර්තාව ලැබුණු ගමන් යවනවා. එතැනින් පසුව ප්‍රජාව අතර තිබෙන යාන්ත්‍රණය තමයි මහජන සෞඛ්‍ය සේවාවන්. ඔවුන්ගේත් තත්ත්වය අනුව තමයි ඉන්පසු පියවරට යැවෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ ඒ කාර්යය ඉතාම හොඳින් කරන අය ඉන්නවා. ඒ වගේම කාලය ගන්න අයත් ගොඩක් ඉන්නවා.
වාර්තාව යවන කාර්යය සිදුවන්නේ මැනුවල්නේ. මේකට රසායනාගාර තොරතුරු කළමනාකරණ පද්ධතියක්. අපට පුළුවන් රසායනාගාරයෙන් වාර්තාව අනුමත කරපු ගමන්ම අන්තර්ජාලය ඔස්සේ අදාළ සියලු ආයතනවලට යවන්න. මේක අද ලෝකයේ භාවිත කරන ඉතාම සරල ක්‍රියාවලියක්. දෛනික ජීවිතයේදීත් අප ඒවා කරනවනේ. අපි පසුගිය අප්‍රේල් මාසයේ ඉඳලම කියනවා මේ තොරතුරු කළමනාකරණ පද්ධතිය සමග මේ වැඩපිළිවෙළ හදන්න කියලා. ඒ වෙලාවේදි වසංගත රෝග අංශයේ එක් ප්‍රධානියෙක් කිව්වා ඒවා සුඛෝපභෝගී දේවල් කියලා. ඉතින් ඒ වගේම සමහර නිලධාරීන්ගේ තිබෙන ගතානුගතික අදහස් නිසා අපට මේවා හරි විදිහට දියුණු කරගන්න බැරි වෙලා තිබෙනවා. ඉතින් අපි වාර්තාව කරන්න යන කාලයට වඩා කාලයක් වාර්තාව එක් එක් අයගේ අතේ රැඳිලා තිබෙනවා. නිදර්ශකයක් දීලා ඒ වාර්තාව දවස් පහකින්වත් ලැබුණු නැති මිනිස්සු මේ රටේ ඉන්නවා. ඒක ඇත්තටම මේ පවතින ක්‍රමයේ වැරැද්දක්. රසායනාගාර කළමනාකරණය කියන්නේ ඇත්තටම විශේෂ කළමනාකරණයක්. ඒ පිළිබඳව විශේෂ දැනුම තිබෙන වෘත්තීයවේදීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අංශයට ගාව ගන්නේවත් නැහැ. ඉතින් එතැනම විශාල දුර්වලතාවයක්. ඉස්සර නම් සිරිතක් තිබුණා රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බිම් මට්ටමේ අය සමග කිසියම් ක්‍රමානුකූල සාකච්ඡාවක් පවත්වන. නමුත් අද වනවිට එවැනි කිසිදු සාකච්ඡාවක් මේ කරුණු සාකච්ඡා කරන්න, රසායනාගාර සේවාවල තිබෙන අඩුපාඩු සාකච්ඡා කරන්න පවත්වන්නේ නැහැ.
ලෝකයේ ඕනෑම රටක පී.සී.ආර්. පර්යේෂණයක් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෙක් අත්සන් කළාට පස්සේ ඒක ජනතාව අතරට යනවා. කිසිම වෙලාවක ලෝකයේ අනෙක් රටවල වෛරසවේදීන් ඒක අත්සන් කර කර ඉන්නේ නැහැ. වෛරසවේදීන් ඉන්නේ ක්ෂේත්‍රයේ. ඔවුන් තමයි අලුත් ප්‍රභේද මොනවාද කියලා හොයන්නේ. පර්යේෂණ පැත්තේ විශාල වැඩකොටසක් කරන්නේ ඔවුන්. ඔවුන්ට පී.සී.ආර්. වාර්තාව අත්සන් කරන්න වෙලාවක් නැහැ. එහෙම වුණොත් ඒ වාර්තාවන් ප්‍රමාද වෙනවා. නමුත් අපේ රටේ වෙන්නෙ ඒකෙ අනෙක් පැත්ත. රසායනාගාර වෘත්තිකයෙක් ඒක අත්සන් කරලා යැවුවාම ඉතා ඉක්මනට වාර්තාව ජනතාවට යනවා. ලෝකෙම නැති තත්ත්වයක් අපේ රටේ තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන්නේ සෞඛ්‍ය පරිපාලනයක් නෙවෙයි වෛද්‍ය පරිපාලනයක්. වෛද්‍යවරයෙක් නොවන තැනකින් වාර්තාවක් එළියට යවන්න දෙන්නේ නැති ඒකාධිකාරියක් ඔවුන් නිර්මාණය කරගෙන තිබෙනවා. රසායනාගාර කළමනාකරණයේදී ඒ වගේ අනවශ්‍ය අතපෙවීම් ප්‍රමාණයක් තිබෙනවා වගේම ඒක දියුණු කරන්න ඕන සැපයුම් දාමය මාසයකට සැරයක්වත් සාකච්ඡා කරන්නවත් තැනක් නැහැ. M.R.I එකේ මොනවද තියෙන අඩුපාඩු, B.I.I. එකේ මොනවාද?, මොනවාද ඉල්ලලා තියෙන්නේ, මොනවාද ලබාදෙන්නේ කියලා හොයන්නේ නැහැ. මේවා එදිනෙදා මතුවෙන ගැටලුනේ. මේවා එකවර කියන්න පුළුවන් දේවල් නෙවෙයි. දිනපතා යාවත්කාලීන කිරීමේ ක්‍රමයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ නිර්මාණය කරන්න ඕනේ. ඒකෙ වගකීම තියෙන්නේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට. අපි අවුරුද්දක් කෝවිඩ් එක්ක වැඩ කරනවා. ජනමාධ්‍ය හරහා තමයි අපේ ගැටලු අපි සන්නිවේදනය කළේ. ඒ සම්බන්ධව විධිමත් ක්‍රමවේදයක් නිර්මාණය කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරිවෙලා තියෙනවා. අපට තිබෙන රසායනාගාර 18න් දැන් තිබෙන තාක්ෂණය අනුව අපට පුළුවන් දිනකට පී.සී.ආර් පර්යේෂණ 25,000ක් පහසුවෙන් කරන්න. නමුත් අපට විවිධ මට්ටම්වලින් කරන කෙනෙහෙලිකම් සහ පීඩන නිසා අපි මේක අමාරුවෙන් තමයි කරගෙන යන්නේ.
රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් මුහුණ දෙන ගැටලු
ඇත්තටම අපට ප්‍රතික්‍රීයක ඉල්ලගෙන පස්සෙන් යන්න වෙලා තිබෙනවා. මේක අපේ ඇගේ හයියට කරගෙන යන තැන් තිබෙනවා. ඉතින් මේ නිසා සැපයුම්දාමය දිනෙන් දින දුර්වල වනවා. රසායනාගාර වෘත්තිකයන්ට විශාල ගැටලු ඇතිවෙලා තිබෙනවා. අඩුම ගානේ ඔවුන්ට තාවකාලික නවාතැන් පහසුකමක්, තේ එකක් බොන්න තැනක්වත් නැහැ. ඔවුන් පර්යේෂණයක් පටන් ගත්තාම අතිකාල දුන්නත්, නැතත් ඒ පර්යේෂණය ඉවර කරලා ගෙදර යන්නේ. ඒ වෙලාවට තේ එකක් බොන්න, විවේකයක් ගන්න කැන්ටිමක්වත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නැහැ. අවුරුද්දක් තිස්සේ මේ කාර්යමණ්ඩලය විශාල කැපකිරීමක් කරලා මේ සේවය කරනකොට අතිකාල අනුමත කරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයට දැන්වුවාම ඒ ෆයිල් දවස් ගණන් එහේ මේස උඩ තියෙනවා. දැන් අපිට තේරෙන්නේ මේක කාර්යක්ෂමව සිදුකරන්න උවමනාව සහ දැනුමත් ඔවුන්ට නැහැ කියලා.
ඇත්තටම වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයෝ ලෙස අප ක්‍රියාත්මක කරනවා පර්යේෂණාගාර 18ක්. මේවායින් වැඩි ප්‍රමාණයක් අපි ලබාගත්තේ අපේ ඇගේ හයියට රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට බල කරලා. කොයි වෙලාවකවත් එවැනි දේවල් සම්බන්ධයෙන් අපට දීමනා ගෙවනවා කියලා අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ. අපි ඉල්ලලාත් නැහැ. මොකද මේක ජාතික වගකීමක්. ඒ නිසා අපි ඒ කාර්යය කරන්න ඕනේ. හැබැයි රසායනාගාර පැය විසිහතර හෝ ඒ අවශ්‍ය කාලපරිච්ඡේදයට ගෙවනවා නම් අඩුම තරමේ ඒ වැඩේ කරන පුද්ගලයාට සේවා කාලයට අමතරව ඉන්න එකට සාමාන්‍ය අතිකාල දීමනාවක් හෝ ලබා දිය යුතුයිනේ. එහෙම වෙනවා නම් අපිට එදා දවසේ ලැබෙන නිදර්ශක එදා දවසේම පරීක්ෂණ කරලා අවසන් කරලා යන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න අය නිකනුත් අතිකාල ලබාගන්නවා. සමහරු කෑම පැය වෙලාවටත් අතිකාල ගන්නවා. මෙතන මුදල් නැති ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම මුදල් නැති ප්‍රශ්නයක් නම් අපි ලෑස්ති නිකන් හෝ කාර්යය සිදුකරන්න. සමහර ආයතනවල මිනිස්සු නිකන් ඉඳලා අතිකාල ගනිද්දි මේ පී.සී.ආර් පර්යේෂණ කරන අයට ඒ අතිකාල දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත දිගහැරෙන්නේ නැති එක බරපතළ ප්‍රශ්නයක්. ඒකට අපට කන්නලව් කරන්න, පස්සෙන් යන්න සිදුවෙලා තිබෙනවා. අපට ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒක සෞඛ්‍ය අමාත්‍යංශයේ යුතුකමක්.
රසයානගාරයක් ඇතුළට ගියාම එළියට එන්නේ පර්යේෂණයක් ඉවර කරලා. එතකොට එහෙම එළියට ඇවිත් පොඩි විවේකයක් ගන්න සුදුසු පරිසරයක් නිර්මාණය කරන්න එක් අධ්‍යක්ෂවරයෙකුටවත් බැරිවෙලා තිබෙනවා. දැන් M.R.I එක වගේ තැනක කොහොමත් එළියට එන්න බැහැ. එතකොට ඒ අයට තේ එකක් ගන්න පුළුවන් කැන්ටිමක් හදන්න ඒ අධ්‍යක්ෂවරුන්ට බැරිවෙලා තිබෙනවා. ඒ අධ්‍යක්ෂවරු දුර්වලයි.
ජාතික රෝහලෙයි, කුරුණෑගලයි අපි කෑ ගහලා රසායනාගාර දෙකක් පටන් ගත්තා. නමුත් ඒවා විවෘත කරනකොට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ට එන්න කියලවත් නැහැ. වෙන කවුරුහරි පිරිසක් ඇවිත් විවෘත කරලා යනවා. අද වන විට ජාතික රෝහලේ ඒ වැඩේ කරවන්න මිනිස්සු යවාගන්න බැහැ. මොකද ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය එතැන ඉන්න ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරිය අවුල් කරලා. සමහර ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරු මේකෙ ලොකු පුටු අරගෙන වැඩේ කරන්නෙ නැතුව ඒකට බාධා ඇතිකරනවා. සාමූහිකත්වය වර්ධනය කිරීමේ කිසිම හැකියාවක් මෙතැන නැහැ. වෛරසවේදීන් හතරදෙනෙක් විතර සාමූහිකව වැඩ කරනවා. ඒ හැරෙන්න අනිත් බහුතරයක් පිරිස සාමූහිකත්වය දිය කරලා.
තාක්ෂණයේ දුර්වලතා
මේ වනවිට අපට තිබෙන තාක්ෂණය ගැන විශේෂයෙන් කිව යුතුයි. මේ තාක්ෂණය මීට අවුරුදු පහළොවකට කලින් තිබුණ තාක්ෂණයක්. එතකොට මේ තාක්ෂණය යොදවලා අපි කොච්චර වේගයෙන් වැඩ කළත් ප්‍රතිඵල එළියට එන්න පැය අටක් ගත වනවා. ලෝකයේ පැය එකහාමාරකින් පී.සී.ආර් පරීක්ෂණ කරන්න පුළුවන් තාක්ෂණය තිබෙනවා. මේවාට මුදල් නැහැ කියන්න බැහැ. දැන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට අපි මේක කිව්ව නිසා එක් සමාගමක් පැය එකහමාරකින් පරික්ෂා කරන්න පුළුවන් යන්ත්‍රයක් පරිත්‍යාග කරලා තිබෙනවා. නමුත් ඒක මාස තුනක් තිස්සේ ඒක හයි කරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරිවෙලා තිබෙනවා.