ජනාධිපතිවරණය කල් දැමීමේ සූදානමක් ඇති බවට විපක්ෂය කටකතා පැතිරවූවත් ජනාධිපතිවරයා නියම වේලාවට මැතිවරණය පවත්වන බවත් ඉන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කොට රටේ ආර්ථික ප්‍රශ්ණය විසදා රට නිසි තැනකට ගෙන එනු ඇති බවත් ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ගම්පහ , ගනේමුල්ලේදී පැවසීය.
ගණේමුල්ල , හොරගොල්ල දකුණ ග්‍රාම නිලධාරී වසමේ ඉදිකරන ලද සේවා පියස ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රුවන් විජයවර්ධන මහතා එසේ සදහන් කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීය.
" ජනාධිපතිවරණයට මුහුණ දීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානම්. රනිල් මහතා , වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් පෙන්වාදී තිබෙනව එතුමාට මේ රට හරි තැනකට ගෙන ඒමට පුලුවන් බව. වසර දෙකක් යාමට පෙර බංකොලොත්ව තිබූ රටක් , බංකොලොත් භාවයෙන් නිදහස් කරල රටේ ස්ථාවරභාවයකට ගෙනැවිත් අද යම්කිසි විදියකට රටේ ජනතාවට ජීවත්වීමට ඉඩ ප්‍රස්ථාව සලසා දී තිබෙනව , ක්‍රියාවෙන්.
අපිට ජනාධිපතිවරණය ප්‍රශ්ණයක් නැහැ. ඊට මුහුණ දෙන්න පුලුවන්. රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයකු ලෙස අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනව. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය කල්දාන්න හදන බවට විපක්ෂයෙන් කටකතා පැතිරුවත් එතුමාට ජනාධිපතිවරණය කල් දැමීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ. ජනාධිපතිවරණය නියම වෙලාවට පවත්වාවි.ඉන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරල , රටේ ආර්ථික ප්‍රශ්ණය විසදල රට හරි තැනකට ගෙන ඒමට අවස්ථාව ලැබෙනව.
මාධ්‍ය :- ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර නැහැ නේද ?
රුවන් විජයවර්ධන මහතා :- " එතුමා හරි වෙලාවට ප්‍රකාශ කරයි.දැන්ම ප්‍රකාශ කරන්න කිසිම හදිස්සියක් නැහැ. ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය රනිල් වික්‍රමසිංහ මහත්තය දන්නව. හරි වෙලාවට ඡන්දය තියයි. "
මාධ්‍ය :- ජනාධිපතිධූරයේ කාලය සම්බන්ධයෙන් යළිත් අධිකරණය හමුවට ගොස් තිබෙනව. ජනතාව හිතන්නෙ මෙය ජනාධිපති ඇතුලු රජය පැත්තෙන් වන දෙයක් බවයි.
රුවන් විජයවර්ධන මහතා:- " ඒක වැරදියි. මෙය විපක්ෂය විසින් පතුරුවන දෙයක්. ජනාධිපතිවරණය කල්දාන්න අවශ්‍යතාවයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයට මුහුණ දෙන්න බය නැහැ. හරි වෙලාවට ඡන්දය තියන බව එතුමා ප්‍රකාශ කර තිබෙනව. රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ව්‍යවස්ථාවට ගරු කරන දේශපාලනඥයෙක්. ඒ නිසා ව්‍යවස්ථාවට අනුව ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරණය පවත්වන්නට තිබෙනව. හරි කාලයට ඡන්දය පවත්වන්නට එතුමාට කිසිම බාධාවක් කරන්නේ නැහැ.
රටේ ව්‍යාපාරික ප්‍රජාව අතර කතා බහක් ඇතිව තිබෙනව දැනට රටේ ස්ථාවරත්වයක් තිබෙන නිසා ජනාධිපතිවරණය කල් දාන්න කියල. දැනට ව්‍යාපාර හොදින් කරගෙන යන නිසා ජනාධිපතිවරණයක් හෝ යම් මැතිවරණයක් තිබුනොත් ආපසු රටේ ස්ථාවර භාවයට ප්‍රශ්ණ ඇතිවේද කියල. මෙලෙස යම් යම් ඉල්ලීම් ඇතත් ජනාධිපතිවරයා කියන්නෙ , රටේ ව්‍යවස්ථාට ගරු කර ජනාධිපතිවරණය නිසි වේලාවට පැවැත්විය යුතු බවයි."
මාධ්‍ය :- පොහොට්ටුව සමග ඇති සම්බන්ධතාවය කුමක්ද. ?
රුවන් විජයවර්ධන මහතා :- " රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නෙ.අපි කවුරුත් දන්නව බංකොලොත්ව පැවති යුගයක රට බාරගෙන කෙටි කාලයකින් රට යම් තැනකට ගෙනැවිත් තිබෙනව.
අපි කවුරුත් දන්නව රට බංකොලොත්ව පැවති යුගයක රට බාරගෙන කෙටි කාලයකින් රට යම් තැනකට ගෙනැවිත් භාණ්ඩාගාරයේ අද වනවිට ඩොලර් බිලියන 5 දශම 5 තිබෙනව. රනිල්වික්‍රමසිංහ මහතාට ඒ හැකිතාව තිබෙනව. මේ නිසා එතුමා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන නිසා පක්ෂ ගණනාවක් සහාය ලබාදීමට තීරණය කොට තිබෙනව."
මාධ්‍ය :- රනිල් ජනපති නාමල් අගමැති කියල ප්‍රචාරයක් යනව.
රුවන් විජයවර්ධන මහතා :- " එහෙම තීරණයක් ගෙන නැහැ. ඒක පක්ෂ සමග සාකච්ඡා කර තීරණයක් ගනීවි. සුදුසු පුද්ගලයාට අගමැතිකම ලබා දේවි. නිසි වෙලාවට හරි තීන්දුවක් ගනීවි. "
ගම්පහ තිලකරත්න දිසානායක.