පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ දින දෙකක පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. එහි පළමු දිනය ලෙස ඊයේ(07දා) එම විවාදය පැවැත්වුණ අතර, එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙවැනි අදහස් ඉදිරිපත් කළහ.
අපි ඉල්ලා සිටින්නේ ව්‍යාපාරික ජනතාව නගාසිටුවන්න කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි - පා.ම නිමල් ලංසා,
පාස්කු ප්‍රහාරය නිසා ජීවිත දේපළ අලාභ හානි වුණා. ඒ වගේම සියලුම ව්‍යාපාරත් කඩාවැටිලා. වෙන රටවලට මෙවැනි දෙයක් සිදුවුණාම ඉක්මනින්ම යථා තත්ත්වයට පත්කරනවා. නමුත් මෙහේ එහෙම වැඩපිළිවෙළක් නැහැ. එකිනෙකාට ඇඟිල්ල දික්කරගන්න වැඩපිළිවෙළක් තියෙන්නේ. සංචාරක කර්මාන්තය නගා සිටුවන්න කටයුතු කරන්නේ නැහැ. මේ නිසා ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටින්නේ ව්‍යාපාරික ජනතාව නගාසිටුවන්න කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.
දහදාහකට වැඩිය ප්‍රමාණයක් බුද්ධි අංශවල ඉන්නවා.අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
මේ මරණ මතින් විපක්ෂය තමන්ගේ දේශපාලනය හදාගන්න උත්සාහ කරනවා. මොවුන් වැලේ වැල් නැතිව හිටියේ. බුද්ධි අංශ ගැන මෙතුමාලා බොහොම ආදරයෙන් කතාකරනවා. දහදාහකට වැඩිය ප්‍රමාණයක් බුද්ධි අංශවල ඉන්නවා. මේ අතරින් දහයක් වගේ ප්‍රමාණයක් තමයි සිරගත වෙලා ඉන්නේ. ඒ ඉන්නෙත් කප්පම් ගැනීම්, මංකොල්ලකෑම් වගේ සිදුවීම්වලට. සරත් ෆොන්සේකා මහත්තයට බෝම්බ වදිද්දී, ගෝඨාභය මහත්තයලාට බෝම්බ වදිද්දි බුද්ධි අංශ හිටියේ නැද්ද?. කන්න ඕන වුණාම කබරගොයා තලගොයා කරගන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. මේ අන්තවාදී සංවිධාන පෝෂණය කරන්න පහුගිය කාලයේ කටයුතු කළේ කවුද කියලා හැමෝම දන්නවා.
මේ පිපිරීම ඇතිවෙලා දවස් හත යන්න කලින් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂයා නම්කරනවා. මේ මිනී මතින් බලයට එන්න හදන අයද නායකයෝ. ජනාධිපතිවරණයට මාස කිහිපයක් තියද්දී මේවා වෙන්නේ කොහොමද කියලා අපිටත් සැක තියෙනවා. මේවා කොන්ත්‍රාත්ද කියලත් අපිට ප්‍රශ්නයක් තිබෙනවා.
පාසල්වල වටිනාකම දන්නේ නැති අය ගොඩක් ඉන්නේ. ඒ නිසා මේ අය කැමතියි පාසල් වහලා තියෙනවාට. රජයක් විදිහට ආරක්ෂාව තහවුරු කරගෙන පාසල් විවෘත කරන්න අපි තීරණය කළා. පළමුවැනි දවසේ අඩුවක් තිබෙනවා. නමුත් එය වර්ධනය වෙමින් තිබෙනවා. අධ්‍යාපනය කඩාකප්පල් කරලා ඇදිරිනීතිය දාලා තියෙනවාට ගොඩක් අය කැමතිවෙයි. නමුත් අපි රට ඉක්මනින් යථා තත්ත්වයට පත්කරනවා.*
රට තුළ විශාල අර්බුදයක් තිබෙන බව අපිට දැනෙනවා පා.ම එස් ශ්‍රීධරන්,
අප්‍රේල 21 වැනිදා රට අනතුරකට මුහුණ දුන්නා. අපේ රටේ ජනතාව වගේම විදේශිකයනුත් අනතුරට මුහුණ දුන්නා. රට තුළ විශාල අර්බුදයක් තිබෙන බව අපිට දැනෙනවා. යුද්ධය පැවැති කාලයට වඩා වැඩි ත්රීව්ර දේවල් සිදුවෙමින් තිබෙනව බව අපට දැනෙනවා.
යාපනය සරසවියේ ළමුන් පිරිසකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් කිසිදෙයක් සිදුකර නැහැ. අන්තවාදය රටට ගෙනආවේ කවුද කියා සොයා බැලිය යුතුයි. ඒ වගේම වෙනත් ජාතික පුද්ගලයින් ඝාතනය කරන්න පෙලඹුණේ කොහොමද කියා සොයා බැලිය යුතුයි.
ත්රස්ත්රවාදය නිසා අපි දුක්විඳපු හැටි අපි දැක්කා. දැන් එක් කණ්ඩායමක් කරපු වරදක් නිසා සියලු මුස්ලිම්වරු දෙස සැක සංකාවෙන් බලන තත්ත්වයකට පත්වෙලා. ඒ තත්ත්වය වෙනස් කළ යුතුයි. මෙවැනි සිදුවීම්වලට මුහුණ දුන් ජාතියක් ලෙසයි මම එය කියන්නේ. අපි හැමෝම මේ රටේ සමගියෙන් සිටිය යුතුයි. මුස්ලිම් කියන නම නිසා සැකෙන් බලන තත්ත්වය වෙනස් විය යුතුයි. රටේ යම් කණ්ඩායම් තමන්ගේ අරමුණ සහ ජාත්‍යන්තර අරමුණ වෙනුවෙන් මෙවැනි කලහකාරී දෙයක් සිදු කළා. නමුත් මුස්ලිම්වරු අපහසුතාවට පත්කළ යුතු නැහැ. මුස්ලිම් ජනතාවට එරෙහිව පනත් වෙනස් කරනවාට අපි කැමති නැහැ.*
සියලුදෙනා ජාතික ආරක්ෂාවට යටත් කළ යුතුයි. අමාත්‍ය කරුණාරත්න පරණවිතාරණ
මේ ත්රස්ත්රවාදී ප්‍රහාරය අන්තවාදී ඉස්ලාම් මූලධර්මවාදී ප්‍රහාරයක්. ජනතාව විනාශකරන්න ආපු ත්‍රස්තවාදී ව්‍යාපාරයක් විසින් මෙය කර තිබෙන්නේ. කුරාණයේ කියලා තියෙන කතාවක් මම කියන්නම්. දුර්වලම නිවස කින්නේ කකුළුවාගේ නිවස කියලා කුරාණයේ කියලා තියෙනවා. ප්රචණ්ඩත්වය වපුරන ආගම තමයි දුර්වලම ආගම කියලත් කියන්න ඕන. මේ රටේ වහාබ් වාදය පතුරවමින් යනවා. එය ලත් තැනම ලොප් කර රට තුළ සංහිඳියාව ඇති කිරීමට අපි කටයුතු කළ යුතුයි. එහෙම නැතිව ඡන්ද බලාගෙන මැතිවරණ බලාගෙන අපි මේ සම්බන්ධයෙන් කටයුතු කළහොත් අපි යළිත් අසාර්ථකත්වයට යන එක වළක්වන්න බැහැ.
මේ වනවිට අපේ ආරක්ෂක අංශ සිදුකරන මෙහෙයුම්වලට ඉස්ලාම් ජන සමාජය බොහෝ උපකාර සිදුකර තිබෙනවා. මේ සියල්ල උපයෝගී කරගෙන මෙය මුලිනුපුටා දැමිය යුතුයි කියා මා කියන්නට අවශ්‍යයි.
මෙවැනි සිදුවීම් වළක්වාගන්න අපි අධ්‍යාපන ක්ෂේත්රයේ, වෘත්තීය පුහුණු ක්ෂේත්රයේ වෙනස්කම් රාශියක් කළ යුතුයි. විශේෂයෙන්ම ඉස්ලාම් ආගම ප්‍රචාරය කරන අයුරින් මොළ සෝදන ව්‍යාපාර මර්දනය කළ යුතුයි. මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාලයේ බොහෝ වෙනස් කම් සිදුකර තිබෙනවා. මේනිසා අන්තවාදය අපේ රටින් සම්පුර්ණයෙන්ම වෙනස් කළ යුතුව තිබෙනවා. ඒ වගේම සියලුදෙනා ජාතික ආරක්ෂාවට යටත් කළ යුතුයි.*
ආරක්ෂක අංශවලට පමණක් එය සිදුකළ නොහැකියි.පා.ම අනුර දිසානායක,
මේ සිදුවීමේදී තවමත් ආණ්ඩුව නිවැරදි ක්‍රියාදාමයකට ප්රවිශ්ට වෙලා නැහැ. අගමැති කියනවා රට සාමකාමීයි කියලා. නමුත් තවමත් සාමාන්‍ය සමාජය ස්ථිර ආරක්ෂක වැඩපිළිවෙළක් කෙරෙහි විශ්වාසය තබා නැහැ. සති දෙකක් ගතවෙලත් රටේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්කරන්න ආණ්ඩුව සමත්වෙලා නැහැ. මේ සිදුවුණ දේ ස්භාවික ව්‍යසනයක් නොවෙයි. මෙය ඝාතනයක්. සැබැවින්ම මෙය දේශපාලන ඝාතනයක්. මේ තුළ දේශපාලනයක් තිබෙනවා. මෙය ඉස්ලාම් ආගමික අන්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයක්. ඉස්ලාම් භක්තිකයින් මෙලෙස හඳුන්වන්නවත් සූදානම් නැහැ. එය ප්‍රකාශ කරන්නේ නැහැ කියන්නේ මෙහි සබෑ ස්වරූපය රටට හෙළි කරන්න ආණ්ඩුව සූදානම් නැහැ කියන එක. ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් මෙය කියන්නේ නැහැ. ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න නම් එම ප්‍රහාරයේ සංයුතිය දැනගැනීම වැදගත්. මේ ඉස්ලාම් ආගමික අන්තවාදය තුළ උමතුවක් තිබෙනවා. මෙම ඝාතන පිළිබඳ ප්‍රධාන ලෙසම වරදකරුවන් දෙදෙනෙකු සිටිනවා.පළමුෙවන්නා එයට සම්බන්ධ වූවන්. ඒ වගේම මෙය නිශ්චිත ලෙස වළක්වා ගැනීමට අවස්ථාව තිබුණු දෙයක් වළක්වා නොගැනීම නිසා ඔවුනුත් එයට සම්බන්ධයි. ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආරක්ෂක ඇමතිවරයා සම්පූර්ණයෙන්ම මෙයට වගකිවයුතුයි. මෙයට සම්පුර්ණයෙන්ම වගකිවයුත්තේ ජනාධිපතිවරයා. ඔහු පාර්ලිමේන්තුවට පැමිණ කරුණු කිවයුතුයි. මෙය වළක්වාගැනීමට නොහැකි වූයේ දේශපාලන බල පොරය නිසා. බුද්ධි අංශ යොදවලා තිබුණේ අමාත්‍යවරු පස්සේ යන්න. ජාතික ආරක්ෂාව පයට පෑගෙන දූවීල්ලක් බවටවත් අගයකොට සැලකුණේ නැහැ. ඕනෑවට වඩා තොරතුර තිබුණු ප්‍රහාරයක් නිදැල්ලේ ඉටුවන්න මේ නායකයෝ ඉඩදුන්නා.
ඒ වගේම මම කියන්න ඕන මුස්ලිම් ජනතාවගේ ඡන්දයෙන් මේ මුස්ලිම් නායකයෝ ව්‍යාපාර කළා. ජාතික සමගියට මුස්ලිම් ජනතාව යොදවාගන්නේ කොහොමද කියන කාරණය නොකර ඔවුන්ගේ ඡන්දයෙන් ව්‍යාපාර කළා. ඒ නිසාම මේ අය ජාතිවාදය වැපුරුවා. කතෝලික ජනකොට්ඨාසයක් ඉල්ලක්කරගෙන මෙය පටන්ගත්තත් අන්තිමට මේ නායකයොත් විනාශ කරගෙන තමයි මෙය අවසන් වෙන්නේ. මේ වගකීමෙන් මුස්ලිම් නායකයන්ට ඉවත් වෙන්න බැහැ. මුස්ලිම් නායකයෝ පාර්ලිමේන්තුවෙන් නෙරපා හරින්න කතාකරනවා. නමුත් එය කරන්න එපා කියලා මම කියනවා. මුස්ලිම් ප්‍රජාත්‍රන්ත්‍රවාදී දේශපාලන නායකයන්ට මම නැවත නැවතත් කියන්නේ ප්රාජාත්රන්තවාදීව මුස්ලිම් ජනතාව පෙළ ගස්වන්න කියලයි.
මේ අන්තවාදී කලලය වැඩෙන්නේ මුස්ලිම් සංස්කෘතිය ඇතුළේ. මේ විකෘති උමතු කලලය වර්ධනය කරනවාද විනාශ කරනවාද කියලා මුස්ලිම් ප්‍රජාව තීරණය කළ යුතුයි. මෙය විනාශ කළ හැකි වන්නේ එය නිර්මාණය කරන ලද ගර්භාෂයේ අයම එය විනාශ කිරීමට තීරණය කළොත් පමණයි. ආරක්ෂක අංශවලට පමණක් එය සිදුකළ නොහැකියි. මුස්ලිම් සමාජය මේ සඳහා පෙරට එන්නේ නැතිනම් එය විනාශ කළ නොහැකියි.
සිංහල ජාතිවාදය සිංහල ජන ප්‍රජාව ඇතුළෙත්, දෙමළ ජාතිවාදය දෙමළ ජනප්‍රජාව ඇතුළෙත්, මුස්ලිම් ජාතිවාදය මුස්ලිම් ජන ප්‍රජාව ඇතුළෙත් ජනප්‍රිය වෙමින් පවතිනවා. නමුත් නිවැරදි දේශපාලනය වන්නේ අන්තවාදය නෙවෙයි. ඒත් ආගමික අන්තවාදයක් තව ආගමික අන්තවාදයකින් පෝෂණය කරන්න පුළුවන්. නමුත් එයින් රටට වෙන්නේ විනාශයක්. ජාතිවාදය ආගම්වාදය තමන්ගේ දේශපාලනයේ මාවත කරගන්න එපා. ඒවාට එරෙහිව නැගී සිටීමයි අපි කාගේත් යුතුකම. මේ සිදුවීමෙන් පසුව ඒ වෙනුවෙන් නැගී සිටීමට ආණ්ඩු කටයුතු කර නැහැ. දෙගොල්ලෝ ගහගහන්න එකයි ඔවුන් මේ සිදුවීමෙන් පසුවත් කරන්නේ. ජනතාවගේ ආරක්ෂාව තිබෙන්නේ ආණ්ඩුව මතයි. ආණ්ඩුව ගහගන්නවා නම් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය තැබිය හැකියිද?. මෙම අන්තවාදය පරාජය කරනවා කියන ස්ථිර නිගමනයට ආණ්ඩුව පැමිණිය යුතුයි. ඒ වෙනුවෙන් වන යාන්ත්රණයට ආණ්ඩුව තවමත් ඇවිත් නැහැ.
එකරටක් එක නීතියක් තිබිය යුතුයි එහෙම බැරිනම් එයාලා යන්න ඔන - පා.ම දුමින්ද දිසානායක,
අපි අපේ වගකීම හරි ආකාරයෙන් ඉෂ්ට කළේ නැහැ කියලා මම කියනවා. මෙවැනි ව්‍යසන වෙද්දී අනෙකුත් රටවල් කටයුතු කළේ කොහොමද කියලා අපි දැක්කා. නමුත් අපේ රටේ එහෙම කරන්න අපිට බැරි වුණා. මේ සිදුවීමේ වගකීම භාරගන්නේ නැතිව එකිනෙකාට චෝදනා කරගත්තා. පහුගිය කාල සීමාවේදී අපි හැසිරුණු ආකාරය ගැන අපි ජාතියෙන් සමාව ගත යුතුයි.
ඒ වගේම බුද්ධි අංශ ගැන විවිධ කතාබහ තිබෙනවා. බුද්ධි අංශය අධෙර්යමත් කරන්න එපා. බුද්ධි අංශ වැඩකරන ක්‍රමය පාර්ලිමේන්තුව දැනගන්න ඕන නැහැ. බුද්ධි අංශය වැඩකරන විදිහ රටේ ජනතාව දැනගන්න ඕනේ නැහැ.
රට තුළ ජාතිවාදයක් ඇතිකරන්නේ නැතිව කටයුතු කිරීම පිළිබඳව බෞද්ධාගමිකයන් ඇතුළු සියලුම ජනතාවට අපි ස්තූතිවත්න විය යුතුයි. රටේ වැටුණු ව්‍යාපාර නැගී සිටුවීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුතුයි. එයට විපක්ෂයත් සහයෝගය ලබාදිය යුතුයි. අද වනවිට තමන්ගේ පාර්ශ්ව විසින් සිදුවුන අඩුපාඩු ගැන කතාකරනවා. නමුත් මේ අඩුපාඩු සිදුකර තිබෙන්නේ දේශපාලනඥයන්ම තමයි. ඒ වරද නිවරදි කරන්න අද අවස්ථාව උදාවී තිබෙනවා.
දේශපාලනඥයෝ සිදුකරපු වරදින් තමයි අද දුක්විඳින්නේ. තමන් බලයට පත්වෙන්න ආණ්ඩු හදාගන්න ඔවුන් මේක පාචිච්චි කරලා තියෙනවා. දැන්වත් මේක නවත්වන්න ඕන. එක රටක්, එක නීතියක් තිබිය යුතුයි. එය ජාතිය, ආගම සමග වෙනස් වෙන්න බැහැ. මේ වෙච්ච පාඩම හිතට අරගෙන එක රටක්, එක නීතියක් ඇතිකරන්න පුළුවන් නම් එය සාර්ථක ආරම්භයක් වේවි. අද රටේ ජනතාව ඉල්ලන්නේ එයයි.
ඒ වගේම ඉදිරියේදී එන දේශපාලන පක්ෂ ජාතික, ආගමික කුලවලට බෙදීම නොකළ යුතුයි. අධ්‍යාපනයත් ඒ විදිහටමයි. රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු සේම දේශපාලන පක්ෂත් වෙනස් විය යුතුයි කියා මතක් කරන්නට අවශ්‍යයි.
එක රටත් තුළ එක නීතියක් ස්ථාපිත කරන්න ඔන. එක රටකට එක නීතියයි තියෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිතිය එකිනෙකාට වෙනස් වෙන්න බැහැ. ජාතියත් එකක් ආගම එක්ක ඒ නීතිය වෙනස් වෙන්න බැහැ. මේ වෙච්ච පාඩම හිතට අරගෙන අපේ දරැවන්ගේ අනාගතය සුබවාදී කරන්න පුළුවන්වන්ම් එක රටක් එක නීතියක් කියන සංකල්පය මේ රටේ ඇතිකරන්න ඒක තමයි දේශපාලන පක්ෂවල අද අවශ්‍යතාවය වෙලාතියෙන්නේ . අද මේරටේ සමස්ත ජනතාව ඉල්ලන්නේ එයයි. අද රටේ සියලුම ජාතීන්ට 18 වෙනකම් ඉන්න ඔන බදින්න. නමුත් ඉස්ලාම් ධර්මය තුළ වැඩිවියට පත්වුණ දරැවාට බදින්න පුළුවන්. ආගමික වෙනස්කම් තියෙන්න පුළුවන් නමුත් රටේ නීතිය එකක් විය යුතුයි. මුස්ලිම් නායකයෝ අපේ රට බෞද්ධ රටක් කියලා පිළිගන්නවා. එහෙමනම් මුස්ලිම් නායකයෝ තමන්ගේ වැරදිටික සමාජයට පෙන්වන්න ඔන. තමන්ගේ ආගම තුළත් මේරටට ගැලපෙන්නේ නැති දේවල් තියෙනවානම් ඒවා නිශ්ශබ්ද කරගන්න ඔන එහෙම බැරිනම් ඒදේවල් පිළිගන්න රටකට එයාලා යන්න ඔන කියලා මම යෝජනා කරනවා.
මේ කල්ලියට මුස්ලිම් ප්‍රජාවේ කිසිම සහයෝගයක් නැහැ- අමාත්‍ය රවුෆ් හකීම්
මුළු රටම එක්සේසත් වෙලා, මේ පහර දීමට වගකිව යුතු කුඩා කල්ලියක් වැළැක්වීමට කටයුතු කිරීමයි අපට තිබෙන්නෙ. ඒ හැර වෙනත් ක්‍රියාමාර්ගයක් නැහැ. එකිනොකට ඇඟිල්ල දිගුකරමින් චෝදනා කර ගන්නා තත්ත්වයටකට රට පත්වෙයිද කියන සැකය අපට තිබෙනවා.
මේ කල්ලියට මුස්ලිම් ප්‍රජාවේ කිසිම සහයෝගයක් නැහැ. එය අපි පැහැදිලිව කියනවා. මෙවැනි කල්ලියක් අනුමත නොකළ යුතුයි. මෙවැනි කල්ලිවලට මේ රටේ මුස්ලිම් ජනතාව කිසිම සහයෝගයක් ලබාදෙන්නේ නැහැ කියලා අපට පැහැදිලිව කියන්න පුළුවන්.
ආණ්ඩුව වගකීමෙන් මිදෙන්න උත්සාහ කරනවා - පා.ම කංචන විජේසේකර
මේ ව්‍යවසනය සිදු වූ වෙලාවේ සිට මේ වනතෙක් එහි වගකීම ගන්න දේශපාලනඥයන් මැලිවෙද්දි කාදිනල් හිමිපාණන් ජනතාවට නායකත්වය දුන්නා. අපි එයට ගරු කළ යුතුයි. ආණ්ඩුව මේ වගකීමෙන් මිදෙන්න උත්සාහ කරනවා අපි දකිනවා. විපක්ෂනායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඒ වගකීම කරට අරගෙන කටයුතු කරනවා අපි දැක්කා.
පසුගිය වසර හතර තුළ බුද්ධි අංශ නිලධාරීන් තුන්සියක් පමණ පිරිසක් ප්‍රශ්න කිරීම්වලට ලක්කළා. මේ ක්‍රියාවලිය තුළ බුද්ධි අංශවල මානසිකත්වය බිඳ දැම්මා. රටේ හමුදාවල ශක්තිය බිඳින්න පාර්ලිමේන්තුව පාවිච්චි කරලා. ඇමති මණ්ඩල වැඩිකර ගන්න යෝජනා ගෙනෙද්දි ජාතික ආරක්ෂාව වැඩි කරන එක යෝජනාවක්වත් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ.
ඒ වගේම මේ සම්බන්ධ පූර්ණ අනතුරු ඇඟවීම් කර තිබුණත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කටයුතු කළේ නැහැ. මුස්ලිම් නායකයන් එක වේදිකාවට ඇවිත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා අපි දැක්කේ නැහැ.
සංචාරක කර්මාන්තය කඩා වැටී තිබෙනවා. එය අනතුරකට ලක්වෙලා තිබෙනවා. එය නගාසිටුවන්න නම් ආණ්ඩුවේ මැදිහත්වීම අවශ්‍යයි. තීන්දු තීරණ ගත යුතුයි. නමුත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමතිවරුන් කරන ප්‍රකාශ ගැන අපි කනගාටු වෙනවා.
සංචාරක ක්ෂේත්රයේ ව්‍යාපාරිකයන්ට සහන දෙනවා - අමාත්‍ය ජෝන් අමරතුංග
රටට එන සෑම විදේශිකයෙකුටම රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරනවා. සංචාරක ක්ෂේත්රයේ ව්‍යාපාරිකයන්ට සහන දෙනවා. දිගුකාලීනව ණයක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. වැට් බද්ධ 05෴ දක්වා අඩු කරලා තිබෙනවා. මේ සහන සංචාරක ක්ෂේත්රයේ සියලු දෙනාටම ලබාදෙන්න තීරණය කර තිබෙනවා. අපි කැබිනට් මණ්ඩලය විදියට මේ තීරණ ගත්තා. දැන් ඒවා ක්‍රියාත්මකයි. හෝටල් ක්ෂේත්රයට, සැපයුම් ක්ෂේත්රයට මේ හැමෝටම සහනාධාර දෙන්න අපි කටයුතු කරනවා. මේ ආකාරයට සහන පැකේජයක් දෙනවා. අපි මෙය ආරම්භ කරනවා. මෙහි අඩුපාඩු තියෙන්න පුළුවන්. එය නිවැරදි කරගෙන ඉදිරියට කරගෙන යනවා.
බොහෝ දෙනෙක් හෝටල් නවීකරණය කරන්න ණය අරගෙන තිබෙනවා. මේ ක්ෂේත්රය දියුණුවෙමින් පැවතුණේ. ඒ අනුව වසරක් ඇතුළත සංචාරක කර්මාන්තය නගාසිටුවන්නට අපි කටයුතු කරනවා කියලා මතක් කරනවා. විනාශ වුණ පල්ලි ගොඩනැගීමටත් අපි කටයුතු කරනවා.
සතිපතා රැස්වන ජාතික මෙහෙයුම් මණ්ඩලයක් හදන්න - පා.ම අතුරලියේ රතන හිමි
ඉස්ලාම් අන්තවාදය එක වැඩපිළිවෙළකින් නතර කරන්න බැහැ. මේ සම්බන්ධයෙන් කතිකාවක් ඇති විය යුතුයි. කොටි සංවිධානය ඇතුළු සංවිධානවලට ඉන්දියාව පුහුණුව ලබාදුන්නා කියලා අපි දන්නවා.
අයි.එස්.අයි.එස්. සංවිධානය කියන්නේ දැවැන්ත කියවීමක් තිබෙන සංවිධානයක්. මේ ප්‍රහාරවලින් මියගිය මරාගෙන මැරුණු පුද්ගලයන් සාමාන්‍ය දුප්පත් මිනිස්නු නෙවෙයි. පසුගිය වසර 20 තුළ වහබ්වාදය ඉල්ලාම් පාසල්වල උගන්වන්න පටන්ගෙන තිබෙනවා. ඒවා නවත්වන්න වැඩපිළිවෙළක් නැතිව අන්තවාදී වැඩපිළිවෙළ නවත්වන්න බැහැ. මේ මතවාදය පරාජය කරන්න මතවාදී පෙරමුණක් අපට අවශ්‍යයි. ඒ දැක්ම මේ සමාජයේ නැහැ.
අද ලෝකයේ පැති දෙකයි තිබෙන්නේ. බටහිරි ලෝකයේ කනබොන සමාජයක් කියන සංකල්පය. එහි අනිත් අන්තවාදය අල්ලා දෙවියන්ට වහල් වූ ජනතාවක් කියන සංකල්පය. මේ අන්තවාදය තුළ මනුෂ්‍යත්වය නැහැ. මනුෂ්‍යත්වයක් නැති දෙවියන් වහන්සේ ගැන අන්තවාදයක් බිහිවෙලා. අන්තර්ජාතිකව ඇති වන ගැටුමේ කොටසක් තමයි ලංකාවේ මේ සිදුවුණේ.
මේ සිදුවීම ගැන හැමෝම දැනගෙන හිටියා. අද මේ ත්රස්ත්රවාදය මෙතැනට ආවේ මතවාදයක් නැති කණ්ඩායමක් නිසා. ප්‍රතිත්‍රස්ත පනත් පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ නැතිව ජාතික වැඩපිළිවෙළක් හදන්න කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලනවා. සතිපතා රැස්වන ජාතික මෙහෙයුම් මණ්ඩලයක් හදන්න. රටේ අරගල ඇතිවෙන කිසිම යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න එපා.
ජෛව දත්ත පද්ධතියක් රටට අවශ්‍යයි - පා.ම ආශු මාරසිංහ
මේ කාරණයට අපි පාර්ලිමේන්තුව හැටියට 225ම වගකිව යුතු වෙනවා. ශ්‍රී ලංකේය ජාතිය හැටියට අපි අද එකමුතු වෙලා ඉන්නේ ජාත්‍යන්තර ත්රස්තවාදයක් මර්දනය කරන්න. එකිනෙකාට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව ජාතික ආරක්ෂාව තර කරන්න අපි හැමෝම එකතු වෙමු කියලා මම යෝජනා කරනවා.
ජාතික ආරක්ෂාව ගැන වැඩිම අත්දැකීමක් තියෙන සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් මහත්මාට ඒ ගැන වගකීමක් ලබාදෙන්න කියා ඉල්ලා සිටියා. ආණ්ඩු පක්ෂය හැටියට ජනාධිපතිතුමාගෙනුත් අපි ඉල්ලා සිටින්නේ එයයි.
ජාතික ආරක්ෂාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික ජාලයක් ඇතිකර ගැනීම වහාම සිදුකළ යුතුයි. ලෝකයේ අනිත් රටවල භාවිතා කරන ජෛව දත්ත පද්ධතියක් රටට අවශ්‍යයි. මේ තුළින් ජාතික ආරක්ෂාව සම්බන්ධ තීරණ ගන්න අපට පුළුවන් වෙනවා. මඩකලපුව ශරියා විශ්වවිද්‍යාල රජයට පවරා ගත යුතුයි කියලා මම යෝජනා කරනවා.