සටහන - අමිල මහවත්ත
කොරෝනා වෛරස කාණ්ඩයේ තවත් රෝගකාරකයක් වන ”නව කොරෝනා-2019 වෛරසය” චීනයෙන් ආරම්භ වී මේ වන විට ලෝකය පුරා වසංගතයක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. මෙවැනි වසංගත තත්ත්ව ගණනාවක් ඉතිහාසයේ සිට මේ දක්වා ලෝකය පුරා ව්‍යාප්ත වී තිබෙන අතර මෙම ලිපියෙන් විමසා බලන්නේ ලෝකයට දැඩි බලපෑමක් කළ එවැනි සුවිශේෂී වසංගත තත්ත්ව කිහිපයක් පිළිබ`දව ය.
වසංගත රෝග තත්ත්වය සහ වසංගත අතර වෙනස
කිසියම් පැතිර යන රෝගයක් එක් රටකට පමණක් සීමා වේ නම් එය වසංගත රෝග තත්ත්වයක් ලෙස හදුන්වනු ලැබේ. වසංගතයක් යනු කිසියම් පැතිර යන රෝගයක් එක් රටක් ඉක්මවා ලෝකයේ විශාල කලාපයක පැතිර යාම ය.
වසංගතයක මූලික ලක්ෂණ වන්නේ ව්‍යාප්ත වන රෝගයක් වීම, පුළුල් ගෝලීය කලාපයක ව්‍යාප්ත වීම, රෝග ව්‍යාප්තිය ඉහළ වේගයකින් සිදු වීම, ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට බලපෑම් එල්ල කිරීම සහ රෝග ව්‍යාප්තිය සඳහා කෙටි කාලයක් පමණක් ප‍්‍රමාණවත් වීම යනාදිය ය.
වසංගත ව්‍යාප්තියට බලපාන සාධක
කිසියම් රෝග වාහකයෙකු මාර්ගයෙන් රෝගය බෝ වීමේ වේගය, පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය බෝ වීමේ ස්වභාවය සහ සංචාරක කටයුතු යනාදි සාධක කිසියම් වසංගතයක් ව්‍යාප්ත වීම කෙරෙහි බලපාන්නේ ය. බොහෝ වසංගත රෝග මිනිසාට වැල`දීමට පෙර සතුන්ට වැල`දී ඇති අතර පසුව එකී සතුන්ගෙන් එම රෝගකාරක මිනිසාට සම්පේ‍්‍රෂණය වේ.
කොරෝනා වෛරස කාණ්ඩය
කොරෝනා වෛරස යනු තවත් එක් වෛරස් කාණ්ඩයකි. මෙකී කොරෝනා වෛරසයේ ප‍්‍රධාන ලක්ෂණයක් වන්නේ එය සතුන්ගෙන් මිනිසුන්ට සම්පේ‍්‍රෂණය වීම ය. මේ අනුව 2003දී ව්‍යාප්ත වූ ”සාර්ස්” කොරෝනා වසංගතය උරුලෑවන්ගෙන් ද, 2012දී ඇතිවූ ”මර්ස්” කොරෝනා වසංගත රෝග තත්ත්වය ඔටුවන්ගෙන් ද, 2020 වර්ෂයේදී චීනයේ සිට ලෝකය පුරා ව්‍යාප්ත වීම ආරම්භ වූ ”නව කොරෝනා-2019 වෛරසය” සර්පයන්ගෙන් ද සම්පේ‍්‍රෂණය වී ඇති බව වාර්තා වේ. එමෙන් ම සත්ත්වයන් අතර සංසරණය වන තවත් කොරෝනා වෛරස වර්ග කිහිපයක් හඳුනාගෙන ඇතත් ඒවා තවමත් මිනිසාට වැලඳී නොමැත.
කොරෝනා වෛරස කාණ්ඩයේ රෝගවලට අදාළ පොදු රෝග ලක්ෂණ වන්නේ ශ්වසන අපහසුතා, උණ, කැස්ස, කෙටි හුස්ම ගැනීම් යනාදිය ය. මෙකී රෝග ලක්ෂණවල දිගුවක් ලෙස නිවුමෝනියාව, උග‍්‍ර ශ්වසන අපහසුතා, වකුගඩුවල තත්ත්වය බි`ද වැටීම මෙන් ම අවසානයේදී මරණය ද සිදු විය හැකි ය.
මහාමාරිය වසංගත හා ”කළු මරණ ඛේදවාචකය”
ලෝක ඉතිහාසයේ අවස්ථා ගණනාවකදී මහාමාරිය වසංගතය ව්‍යාප්ත වී ඇති අතර ක‍්‍රිස්තු වර්ෂ 165, 250, 541, 1350, 1665, 1855 යන කාලයන්හිදී ප‍්‍රධාන වශයෙන් ලෝකයේ විවිධ කලාපවල මහාමාරිය වසංගත ව්‍යාප්ත වී තිබේ.
මේ අතුරෙන් 1350 මහාමාරිය වසංගතය ”ක`ඵ මරණ ඛේදවාචකය” ලෙස ඉතිහාසගත වී තිබේ. මෙකී වසංගතයෙන් යුරෝපා සහ ආසියානු කලාප දෙකේ ජනගහනයෙන් තුනෙන් එකක පිරිසක් මරණයට පත්විය. මේ අතුරෙන් යුරෝපා මහද්වීපයේ පමණක් මිලියන 20ක් හෙවත් කෝටි දෙකක ජනතාවක් මිය ගියහ. මෙම මහාමාරිය වසංගතය ආසියා මහද්වීපයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ අතර පසුව යුරෝපයට ද ව්‍යාප්ත විය.
මහා බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරට ද දරුණු මහාමාරිය වසංගත රෝග තත්ත්වයක් 1665දී ඇතිවූ අතර එයින් එකල ලන්ඩනයේ ජනගහනයෙන් සියයට 20ක් හෙවත් ලක්ෂයක පිරිසක් මිය ගිය බව ද වාර්තා වේ.
තෙවැනි දරුණු මහාමාරිය වසංගතය 1855 වර්ෂයේදී චීනයෙන් ආරම්භ වී තිබේ. එය පසුව ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක ව්‍යාප්ත වී ඇති අතර එහිදී මිලියන 10කට වැඩි ප‍්‍රමාණයක් හෙවත් කෝටියකට වැඩි පිරිසක් මරණයට පත්වූ බව වාර්තා වේ.
මහා කොලරා වසංගත සප්තකය
ලෝකය තුළ මේ වන විට මහා පරිමාණ කොලරා වසංගත 07ක් ඇති වී තිබෙන අතර ලේඛනගත තොරතුරු අනුව එකී වසංගත තත්ත්වය 1817 වර්ෂයෙන් ආරම්භ වී තිබේ. එතැන් සිට 1829, 1852, 1863, 1881, 1899, 1961 යන වර්ෂවලදී ද තවත් කොලරා වසංගත 06ක් ලෝක ව්‍යාප්ත විය.
මුල් ම කොලරා වසංගතය 1817දී අග්නිදිග ආසියාවෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත විය. එතැන් සිට ආරම්භ වූ මහා පරිමාණ කොලරා වසංගතවලින් ආසියානු කලාපය බොහෝ අවස්ථාවල පීඩා වි`ද තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ස`දහන් කරන ආකාරයට මෑත ඉතිහාසයේ කොලරා වසංගත හත හේතුවෙන් මිලියන ගණනක ජනතාවක් මරණයට පත්වී තිබේ.
”ස්පාඤ්ඤ උණ” වසංගතයේ සිට ”ඉන්ෆ්ලූවෙන්සා උණ” දක්වා
ලේඛනගත තොරතුරු අනුව දැනට පැරණි ම වසංගත උණ තත්ත්වය වාර්තා වී ඇත්තේ 1889දී වන අතර එය ”රුසියානු වසංගත උණ” ලෙස හ`දුන්වා තිබේ. මෙම වසංගත උණ තත්ත්වය 1889දී රුසියාවෙන් ආරම්භ වී ඇති අතර පසුව මු`ඵමනින් ම යුරෝපයේ ද ව්‍යාප්ත විය. ඉන් අනතුරුව ගෙවී ගිය වසරවල මෙම වසංගත උණ තත්ත්වය උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව, අප‍්‍රිකාව හා ආසියාව යන කලාපවලට ව්‍යාප්ත වූ අතර 1890දී එම වසංගත තත්ත්වය අවසන් වන විට මිලියනක හෙවත් ලක්ෂ 10ක ජනතාවක් මෙම වසංගතයෙන් මිය ගොස් සිටි බව වාර්තා වේ.
එමෙන් ම දැනට වාර්තා වී ඇති දරුණු ම උණ වසංගතය ලෙස පිළිගැනෙන්නේ 1918දී ආරම්භ වූ ”ස්පාඤ්ඤ වසංගත උණ” තත්ත්වයයි. 1918දී ස්පාඤ්ඤ වසංගත උණ තත්ත්වයෙන් අනතුරුව මේ වන තෙක් දරුණු උණ වසංගත ත‍්‍රිත්වයක් ව්‍යාප්ත වී තිබේ. මේ අනුව 1957දී ”ආසියානු වසංගත උණ” ද, 1968දී ”හොංකොං වසංගත උණ” ද, 2009දී ”ඉන්ෆ්ලූවෙන්සා ඒ (එච්1එන්1*” වසංගත උණ ද ව්‍යාප්ත විය.
”ස්පාඤ්ඤ වසංගත උණ” ලෝකය පුරා මිලියන 500ක ජනතාවකට (කෝටි 50ක* වැල`දුනු බව දැනට ඇස්තමේන්තු කර ඇති අතර එය එකල ජනගහණයෙන් තුනෙන් එකකි. එමෙන් ම ස්පාඤ්ඤ උණ රෝගයෙන් මිලියන 20ත් 50ත් අතර ප‍්‍රමාණයක් (කෝටි 2ත් 5ත් අතර* මිය ගිය බව ද ඇස්තමේන්තු කර තිබේ. ස්පාඤ්ඤ උණ රෝගය මුලින් ම යුරෝපයෙන් හ`දුනාගෙන ඇති අතර පසුව අමෙරිකාව, ආසියාව යන කලාපවලට ද පසුව ලෝකය පුරා ද පැතිර ගොස් තිබේ. එකල මෙකී උණ වසංගතයට ප‍්‍රතිකාරයක් ද නොතිබූ බව පැවසේ.
එමෙන් ම ”ආසියානු වසංගත උණ” නැගෙනහිර ආසියාවෙන් මුලින් ම සොයාගත් අතර පසුව ලොව පුරා ව්‍යාප්ත විය. මෙයින් ලක්ෂ 10ත් 20ත් අතර ප‍්‍රමාණයක් මරණයට පත්වූ බව ඇස්තමේන්තු කර තිබේ.
”හොංකොං වසංගත උණ” චීනයෙන් ආරම්භ වූවක් වන අතර එයින් ලක්ෂ 10ත් 40ත් අතර ප‍්‍රමාණයක් මිය ගිය බව වාර්තා වේ.
”ඉන්ෆ්ලූවෙන්සා ඒ (එච්1එන්1*” නොහොත් මුලින් ”සූකර උණ” ලෙස හ`දුන්වනු ලැබූ වසංගත උණ 2009දී මුලින් ම අමෙරිකා මහද්වීපයෙන් හ`දුනාගෙන තිබේ. පසුව එය ලොව පුරා ව්‍යාප්ත වූ අතර ලක්ෂ හයකට ආසන්න පිරිසක් මෙම වසංගත උණ තත්ත්වය හේතුවෙන් මිය ගිය බව වාර්තා වේ.
”සාර්ස්” කොරෝනා වසංගතය
”සාර්ස්” කොරෝනා වසංගතය 2003 පෙබරවාරි මාසයේදී මුලින් ම ආසියානු කලාපයෙන් හ`දුනා ගත් නමුත් මෙය මුලින් ම මිනිසෙකුට වැල`දී ඇත්තේ 2002දී දකුණුදිග චීනයෙන් බව පසුව අනාවරණය විය. 2003දී ආසියානු කලාපයෙන් සාර්ස් කොරෝනා වෛරසය සොයා ගැනීමෙන් අනතුරුව ගතවූ මාස කිහිපය තුළ අමෙරිකානු සහ ආසියානු කලාපයේ රටවලට මෙය ව්‍යාප්ත විය. කෙසේ නමුත් මින් වැඩි ම බලපෑම සිදුවූයේ ආසියානු කලාපයටය.
සාර්ස් කොරෝනා වසංගතයෙන් පුද්ගලයන් 8,000කට වැඩි පිරිසක් රෝගී වූ අතර 800කට වැඩි පිරිසක් මරණයට පත්වූහ. එනම් සාර්ස් වසංගත රෝගය වැල`දුනු පුද්ගලයන් 10දෙනෙකුගෙන් එක් අයෙකු මිය යෑම සිදු විය. තව ද වයස අවුරුදු 65ට වැඩි පිරිසට මෙය වැල`දීම ඉතා අවදානම්කාරී වූ අතර එකී වයස් කාණ්ඩය තුළ රෝගය වැල`දුනු පිරිසගෙන් අඩකට වඩා මරණයට පත්විය.
”මර්ස්” කොරෝනා වසංගතය
සවුදි අරාබියෙන් 2012 සැප්තැම්බර් මාසයේදී පළමුවරට ”මර්ස්” කොරෝනා වෛරසය හ`දුනාගත් අතර පසුව කරනු ලැබූ විමර්ශනවලදී මෙකී කොරෝනා වෛරස ප‍්‍රභේදය 2012 අපේ‍්‍රල් මාසයේදී ජෝර්දානයෙන් මුල්වරට වාර්තා වී ඇති බව සොයා ගැනිණි. කෙසේ නමුත් අරාබි අර්ධද්වීපය ආසන්නයේ රටවලට මර්ස් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මෙකල ඇතිවී තිබිණි.
මර්ස් කොරෝනා වෛරසය සෞදි අරාබිය තුළ ව්‍යාප්ත වීමෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ 2015දී දකුණු කොරියාවට ද ව්‍යාප්ත විය. මේ දක්වා මර්ස් කොරෝනා වසංගතය 2,500කට ආසන්න පිරිසකට වැල`දී ඇති අතර එයින් පුද්ගලයන් 850ක් මියගොස් තිබේ. මේ අනුව මර්ස් කොරෝනා වෛරසය වැල`දුනු පිරිසගෙන් සියයට 35ක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ස`දහන් කරයි. එමෙන් ම මර්ස් කොරෝනා වෛරසය වැල`දී ඇති පිරිසගෙන් 2,000ක් ම සවුදි අරාබි ජාතිකයන් වන අතර මිය ගිය පිරිසෙන් 780ක් ද සවුදි අරාබි ජාතිකයන් වන බව වාර්තා වේ.
”චිකුන්ගුන්යා” වසංගතය
”චිකුන්ගුන්යා” වෛරසය සහිත මදුරුවන් දෂ්ඨ කිරීමෙන් ”චිකුන්ගුන්යා” වසංගත රෝග තත්ත්වය ඇති වේ. චිකුන්ගුන්යා වෛරසය මුල්වරට හ`දුනාගනු ලැබුවේ 1952දී දකුණුදිග ටැන්සානියාවෙන් වන අතර එය දැඩි ලෙස ලෝකය කලඹනු ලැබුවේ 2013 වර්ෂයේදී අමෙරිකානු කලාපයේ කැරිබියන් ¥පත්වලින් නැවත වරක් මෙම වෛරසය සොයා ගැනීමෙන් අනතුරුව ය. ඉන් පසු චිකුන්ගුන්යා වසංගතය අමෙරිකා මහද්වීපයේ ලක්ෂ13ක පිරිසකට වැල`දුනු අතර එයින් මරණ 190කට වඩා වාර්තා විය.
”ඉබෝලා” වසංගතය
”ඉබෝලා” රෝගය ද වෛරසයකින් පැතිරෙන වසංගත රෝගයක් වන අතර මෙහි වසංගත තත්ත්වයක් මුලින් ම වාර්තා වූයේ 2014-2016 කාල සීමාවේදී මධ්‍යම අප‍්‍රිකානු කලාපයෙනි. වසංගතයක් බවට පත්වීමට පෙර 2013 වර්ෂයේදී අප‍්‍රිකාවේ ගිනියා රාජ්‍යයෙන් ඉබෝලා රෝග තත්ත්වය පළමුවරට වාර්තා විය. අනතුරුව මෙම වසංගත රෝග තත්ත්වය අසල්වැසි ලයිබීරීයාව සහ සියෙරාලියෝන් යන රාජ්‍යයන්වලට ද ව්‍යාප්ත විය.
පළමුවරට 1976 වර්ෂයේදී ඉබෝලා වෛරසය හ`දුනාගෙන තිබූ අතර 2014-2016 කාල සීමාවේ ඇතිවූ ඉබෝලා වසංගත රෝග තත්ත්වයෙන් දැඩි හානියක් සිදු වූයේ මධ්‍යම අප‍්‍රිකානු කලාපයට ය. 2016 වන විට ඉබෝලා වසංගතයෙන් බටහිර අප‍්‍රිකානු කලාපයේ 11,000කට වැඩි පිරිසක් මිය ගොස් සිටියහ.
බටහිර අප‍්‍රිකානු කලාපයෙන් 2016දී ඉබෝලා වසංගතය තුරන් කිරීමෙන් අනතුරුව 2018 අගෝස්තු මාසයේදී අප‍්‍රිකාවේ කොංගෝ රාජ්‍යයේ කිවු ප‍්‍රදේශයේදී යළිත් ඉබෝලා වසංගත රෝග තත්ත්වයක් වාර්තා විය. කොංගෝ රාජ්‍යයේ ව්‍යාප්ත වෙමින් තිබූ ඉබෝලා වසංගත රෝග තත්ත්වය 2019 ජූනි මාසයේදී උගන්ඩාවෙන් ද වාර්තා වූ අතර එයට හේතුවී ඇත්තේ ඉබෝලා ආසාදිත වූ පවුලක් කොංගොවේ සිට උගන්ඩාවට ඇතු`ඵ වීමය.
2018-2019 කාලයේදී ව්‍යාප්ත වෙමින් පැවති මෙම ඉබෝලා වසංගතය ලෝක ඉතිහාසයේ දෙවැනි විශාල ම ඉබෝලා තත්ත්වය විය. මේ වන විට කොංගෝවේ ඉබෝලා වසංගත තත්ත්වය හේතුවෙන් මරණ 2,200කට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වී තිබේ.
”සීකා” වසංගතය
”සීකා” යනු 2015-2016 කාලයේදී අමෙරිකානු කලාපය තුළ ව්‍යාප්ත වෙමින් පැවති වසංගත තත්වයක් ය. සීකා වෛරසය සහිත ”ඊඞ්ස්” වර්ගයේ මදුරුවන් දෂ්ඨ කිරීමෙන් අනතුරුව සීකා රෝග තත්ත්වය වැල`දීම සිදුවූ අතර මෙහි බරපතළ ම තත්ත්වය වූයේ මෙම වෛරසය ගැබිණි මව්වරුන්ට ආසාදනය වීමෙන් අනතුරුව ඔවුන්ට දාව උපදින දරුවන්ට ද මෙම වෛරසය ආසාදනය වීම සහ එසේ උපදින දරුවන්ගේ හිස කුඩා වීම ය. තව ද මෙය ආසාදනය වන පුද්ගලයන්ගේ සම මත කුෂ්ඨ ඇති වීමක් ද සිදු වේ. එමෙන් ම සීකා වසංගත තත්ත්වය පාලනය කිරීම ස`දහා එන්නතක් හෝ වෙනත් වෛද්‍ය ප‍්‍රතිකාරයක් නොවූ අතර එවැනි තත්ත්වයක් තුළ සීකා වෛරසයේ බලපෑම ද ඉතා දැඩි විය.
සීකා වසංගත රෝග තත්ත්වය දකුණු අමෙරිකානු රාජ්‍යයක් වූ බ‍්‍රසීලයෙන් ආරම්භ වූ අතර පසුව එය උතුරු හා දකුණු අමෙරිකාවේ අනෙකුත් ප‍්‍රදේශවලට ද ව්‍යාප්ත විය. බ‍්‍රසීලයෙන් සීකා වෛරසය සොයාගැනීමෙන් අනතුරුව මාස දෙකක පමණ කාලයක් තුළ බ‍්‍රසීලයෙන් පමණක් වෛරසය ආසාදනය වීම් 7,000ක් පමණ වාර්තා විය.
අනෙකුත් වසංගත
මීට අමතරව වසූරිය, ලාදුරු, සරම්ප වැනි රෝග ද විවිධ අවස්ථාවල ලෝකයේ ව්‍යාප්ත විය.
(මෙම ලිපිය සකස් කිරීම සඳහා WHO,CDC.NHS WHO, CDC, NHS, Britannica Encyclopedia, History, CNN යන වෙබ් අඩවි භාවිත කෙරිණි)