නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සංකල්පයකට අනුව, නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ආණ්ඩුකාර කාර්යාලය ඒකාබද්ධව, කීඩෑ උවදුර මර්දනය කිරීමට හා කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීමේ අරමුණින්, 2020 යල කන්නයේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ දැයට හිතැති ගොවිතැන නමින් අක්කර 100ක කාබනික වී වගා කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබිණි.
ඒ අනුව මෙම ව්‍යාපෘතියේ අස්වනු නෙළීම මේ වනවිට සිදුකර ඇති අතර, එහි අලුත් සහල් මංගල්‍යය අද (08දා) සහ හෙට (09දා) කන්තලේ වැව් බැම්ම මතදි පැවැත්වීමට නියමිතය. උත්සවයේ ආරම්භය අද (08දා) පස්වරු 4.30ට ආරම්භ වනු ඇත.
මේ ඊට සමගාමීව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය හා අද අතර වූ සංවාද සටහනකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සහ ඊට හිතවත් දේශපාලඥයන් කීපදෙනෙකු විසින් එම පක්ෂ ප්‍රබලයන්ගෙන් ඔබේ ආණ්ඩුකාර ධුරය ඉල්ලා තිබුණා නේද?
ඔව්. මටත් අපේ පළාතේ ජනතාව හරහා ඔය ආරංචිය ලැබුණා. ඒ ගැන දැනගත්තාම ජනතාවත් කලබලයට පත්වුණා. නමුත් මම ඒවට කිසිම කලබලයක් වුණේ නෑ. මොකද මම මේ අභියෝගය බාරගත්තේ නැගෙනහිර පළාතට යම් දෙයක් කරන්න අවශ්‍ය නිසා. මම නොපිරිහෙළා ඒ වගකීම ඉටුකරමින් සිටිනවා.
ඔබ හිතනවාද ආණ්ඩුකාර ධුරය භාරගත්තාට පසු නැගෙනහිර පළාත තුළ වෙනසක් සිදුකළා කියලා?
ඇත්ත වශයෙන්ම මම ආණ්ඩුකාර ධුරය බාරගත්තායින් පසු පැහැදිලි වෙනසක් සිදුවෙලා තියෙනවා කියල කියන්න පුළුවන්. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව බෙදී වෙන් වෙලා ජීවත් වුණේ. මම ආණ්ඩුකාර ධුරය භාර අරගෙන එහෙ ගියාට පසු ඒ සියලුදෙනා මා හමුවෙලා කතාබහ කරලා කිසිම ජාති භේදයක්, ආගම් භේදයක් නැතිව ඒගොල්ලන්ගේ ප්‍රශ්න කියන්න ගත්තා. ඒ ප්‍රශ්නවලට කිසිම භේදයකින් තොරව මම විසඳුම් ලබාදෙනවා. මම ඒවට උත්තර ලබාදෙන්නේ බොහොම මානුෂීය විදිහට.ඒ අතින් බැලුවාම විශාල වෙනසක් සිදුවෙලා තියෙනවා කියල හිතෙනවා. ඇත්තටම නැගෙනහිර පළාත තුළ මම ප්‍රාර්ථනා කරපු දේත් ඒකම තමයි. මට හිතෙනවා අද මම හිතපු ඒ කටයුත්ත සාර්ථක වෙලා තියෙනවා කියලා.
නැගෙනහිර පළාතේ සිංහල ජනතාව පැත්තකට දමා දේශපාලකයන් කටයුතු කළ බවට චෝදනාවක් තිබෙනවා?
ඇත්තම කිව්වොත් පසුගිය ආණ්ඩුව ඒ පළාතේ හිටපු සිංහල ජනතාව විතරක් නොවෙයි, සියලු ජනතාව අමතක කරලයි කටයුතු කළේ. දෙමළ ජනතාවට හෝ යම් සහනයක් ලැබිලා තියෙනවා නම් ඒව ලැබිලා තියෙන්නෙත් රාජ්‍ය නොවන සංවිධාන හරහා. රජය හරහා කිසිම දෙයක් නැගෙනහිර ජනතාවට වෙලා තිබුණ නෑ. මම මඩකලපුවේ ගියා, මඩකලපුවේ තවමත් ඉන්නවා වැන්දඹු කාන්තාවන් 35000ක් පමණ. ඒ අයට කිසිම දෙයක් පසුගිය ආණ්ඩුවෙන් කර තිබුණේ නෑ. යුද්ධයෙන් අවතැන් වුණු ජනතාව වෙනුවෙන් වත් කිසිම දෙයක් කරන්න පසුගිය ආණ්ඩුව සමත් වෙලා තිබුණෙත් නෑ.
අපේ රටට නිදහස ලැබුණු දා ඉඳලා පදිංචි වෙලා හිටපු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල, මොරවැව, පදවි ශ්‍රීපුර වගේ පළාත් වල හිටපු සිංහල ජනතාවට කිසිම දෙයක් කරලා තිබුණේ නැහැ. ඔවුන් ජීවත් වන්නේ කෘෂිකාර්මික වශයෙන්. ඔවුන්ට අවශ්‍ය අවම පහසුකම්වත් ලබාදෙන්න පහුගිය ආණ්ඩුව කටයුතු කරල නෑ. රටේ 25෴ක් තරම් වී නිෂ්පාදනය ලැබෙන පළාතක් වෙලත් අඩුම තරමේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් වත් ලබාදෙන්න යහපාලන ආණ්ඩුව කටයුතු කරලා තිබුණේ නෑ. රජයේ මැදිහත්වීම මත ක්‍රියාත්මක කෙරෙන කර්මාන්තපුර කිහිපයක්ම අපේ පළාතේ තියෙනවා. ඒ කර්මාන්ත වලත් දැනට ක්‍රියාත්මක වන 5෴ක් වගේ ප්‍රමාණයකට අවශ්‍ය තරම්වත් පහසුකම් ලබලා දීලා නෑ.
දැන් ඔබ මොනවද ඒ වෙනුවෙන් සිදුකරන්නේ?
අපේ පළාත රටේ කෘෂිකාර්මික නිෂ්පාදන වලින් 25෴ක් පමණ ලබාදෙන පළාතක්. ඒ ඒ නිෂ්පාදන ප්‍රමාණය තවදුරටත් ඉහළ මට්ටමකට රැගෙන ආ යුතුයි කියලා මම තරයේම විශ්වාස කරනවා. ගොවියා ශක්තිමත් කරමින් අපි ඒ කටයුත්ත ඉදිරියට ගෙනියන්න ඕනෑ. ඔවුන්ට අවශ්‍ය සහනාධාර, ඒ වගේම ජලය අවශ්‍ය වෙලාවට ලබා දීලා ගොවියා ආරක්ෂා වෙන ක්‍රියාමාර්ග ගන්නට ඕනෑ. ඊට අමතරව අපෙන් ලැබෙන නිෂ්පාදනය ඉතාම ඉහළ මට්ටමකට ගේන්න ඕනෑ. ඒ වෙනුවෙන් කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමේ ඉලක්කය දක්වාම අපේ පළාතේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න ඕනෑ. අපේ පළාත 100෴ක්ම කාබනික කෘෂිකර්මාන්තයට ගෙන ඒමට කටයුතු කළ යුතුයි.
ඒ සඳහා කාබනික පොහොර නිෂ්පාදනාගාරය අපේ පළාත තුළ ඇති කිරීමේ කටයුත්ත අපි දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෙයින් අපිට හොඳ අස්වැන්නක් ලැබෙනවා පමණක් නොවෙයි, අපේ පළාතේ පොළොවත් සාරවත් වෙනවා. රසායනික පොහොර වතුරට එකතු වීමෙන් අපේ ජලය දූෂණය වීමත් මේ තුළින් අවම වෙනවා. ගහකොළ සතා සිවුපාවාන් ආරක්ෂා වෙනවා.
රසායනික පොහොර භාවිතය ඉවත් කිරීමට කටයුතු කරද්දී ලැබෙන අත්දැකීම් කොහොමද ?
ඇත්තටම එය විශාල අභියෝගයක්. නමුත් එහෙම කියලා අපි කාබනික ගොවිතැනට අපේ ගොවීන් හුරු කරන එක නතර කරන්නේ නෑ. ඒ අභියෝග ජයගන්න ඒ තරම් අමාරු නැහැ කියලයි මම විශ්වාස කරන්නේ. පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා අපේ පළාතට ඇවිල්ලා අපේ ගොවීන් දැනුවත් කළා, අපේ කෘෂි කාර්මික නිලධාරීන් දැනුවත් කළා, අපි කොහොමද කාබනික ගොවිතැනට හුරු වෙන්නේ කියලා. ඒ අනුව පොහොර අධ්‍යක්ෂ ජනරාල්තුමා අපට ඉලක්කයක් දුන්නා මෙවර කන්නේදී අපේ පළාතේ කාබනික වී ගොවිතැන අක්කර 6000ක් වගා කරනවා කියලා. අපේ ගොවීන් ඉතාම ආශාවෙන් ඒ අභියෝගය බාර අරගෙන තියෙනවා.
අපි දැන් කාබනික පොහොර නොමිලේ ලබාදීම ආරම්භ කර තිබෙනවා. ඒ වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරන සමාගම් සියලුදෙනාම ඇවිල්ලා පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙන්න අවශ්‍යයි. ඔවුන් ලියාපදිංචි වෙනකොට ඔවුන්ගේ පොහොර නිෂ්පාදනය, පොහොර ධාරිතාව සහ ඒ හරහා වගා කරන්නට පුළුවන් ඉඩම් ප්‍රමාණය අපිට දැනුම් දුන්නාම ඉඩම් ප්‍රමාණයට හරියන්න ගොවීන් සොයා දීමේ කටයුත්ත අපිට කරන්න පුළුවන්. ඉන් අනතුරුව පොහොර ලේකම් කාර්යාලය හරහා අපි එම ගොවීන්ට කාබනික පොහොර නොමිලේ ලබාදෙනවා. මම හිතන්නේ කාබනික පොහොර රසායනික පොහොර වලට වඩා මිලෙන් අඩුයි. මේ හරහා රජයටත් යම්කිසි මුදලක් ඉතිරි වෙනවා. රසායනික පොහොර ආනයනය කරලා රටට අහිමි වන විදේශ විනිමය කාබනික පොහොර අපේ රට තුළ නිෂ්පාදනය කරලා ඉතිරි කරගන්න පුළුවන්.
මිට සමගාමීව එල්ලංගා වැව් පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය කිරීම හරහා කෘෂිකර්මාන්තය දියුණු කළ යුතුයි. ඉන් අපේ පළාතේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍යයි.
නැගෙනහිර පළාත තුළ අධ්‍යාපන අංශයේ ගැටලු හා දුෂ්කරතා රාශියක් දක්නට ලැබෙනවා. එම අංශය නඟාසිටුවීමට ඔබ ඉදිරිපත් කර ඇති විසඳුම් මොනවාද?
ඇත්තටම පළාත් 9 ගත්තම අපේ පළාතේ අධ්‍යාපනය අන්තිම මට්ටමේ තමයි තියෙන්නේ. අපිට අධ්‍යාපනය ඉහළ නංවන්න තියෙන ලොකුම අභියෝගය තමයි ගුරු හිඟය. අපේ පළාත් දුෂ්කර පළාත් නිසා ගුරුවරු අඩුයි. පිට පළාත්වලින් ගුරුවරු ආවත් ඒ තරම් කාලයක් අපේ පළාතේ රැඳෙන්නේ නෑ. ඒ මොකද, ඔවුන්ට අවශ්‍ය පහසුකම් වගේම ඉඳුම්හිටුම්වත් නොමැති නිසා. සිංහල, දෙමළ ගුරුවරු වෙන වෙනම අවශ්‍යයි. එතනත් අපිට යම් ගැටලුවක් ඇතිවෙලා තියෙනවා.
ඊට විසඳුමක් ලෙස අපි ගුරුවරුන්ට වගේම රාජ්‍ය නිලධාරීන් සඳහාම වෙන්වූ රජයේ නිල නිවාස ඉදිකිරීමේ වැඩකටයුතු පටන් අරගෙන තියෙනවා. ඊට අමතරව අපි ගුරු සහායක ලෙස උසස් පෙළ සමත් තරුණ තරුණියන් බඳවාගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන අතරතුර අපි ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදෙන්න දැනටමත් කටයුතු සූදානම් කර අවසන්.
ඊට අමතරව විභාග කාල වලදී අපි විශ්වවිද්‍යාල සිසුන් හරහා සෑම පාසලකම විශේෂ සම්මන්ත්‍රණ පැවැත්වීමටත් කටයුතු කර තිබෙනවා. රජයේ මුදල් මේ සඳහා වෙන් කිරීමට නොමැති නිසා අපි විවිධ පෞද්ගලිකෙ හිතවත්කම් මත තමයි මේ වැඩකටයුතු සිදුකරන්නේ.
ප්‍රාදේශීය දේශපාලනඥයන්ව මඟහැර තනි ගමනක් පළාත තුළ ගෙන යෑමට ඔබ උත්සාහ දරනවාද? එහෙම චෝදනාවක් තියෙනවා නේද?
පළාතේ ආණ්ඩුකාරවරිය විදිහට මම ඉතාම සහයෝගයෙන් තමයි හැමදෙනා එක්කම වැඩ කරන්නේ. මට අවශ්‍යතාවය තියෙන්නෙත් හැමදෙනාම එකතු කරගෙන මේ පළාත දියුණු කරන්න. පළාත දියුණු කිරීමේ වගකීම මට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ වගේම මේ සෑමදෙනාගේම සහය මට අවශ්‍යයි. මම තනි ගමනක් යන්න කිසිම සූදානමක් නෑ. තනි ගමනක් ගිහින් කවදාවත් මම බලාපොරොත්තු වන ඉලක්කයට යන්න පුළුවන්කමක් නෑ. මම ඒක හොඳටම දන්නවා. මට ඕනෑ පළාත දියුණු වෙන්න. පළාත දියුණු වෙනවා කියන්නේ ඒ පළාතේ ඉන්න ජනතාවට අවශ්‍ය පහසුකම් ලැබෙනවා කියන එක. ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙත් එකම අරමුණ එය කියලයි මම විශ්වාස කරන්නේ.