පසුගිය වසරේ තිරගත වූ ජනප්‍රිය මලයාලම් චිත්‍රපටයක් වන %වයිරස්^, මේ දිනවල බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. ඒ මේ දිනවල පවතින වසංගත තත්ත්වයට සමාන කතා වස්තුවක් මෙම චිත්‍රපටයට පාදක වී ඇති බැවිනි.
ප්‍රතිශ්‍යා රෝගය හා බැඳුණු හඳුනා නොගත් බෝවන වසංගත තත්ත්වයකින් මුළු රටම බේරා ගැනීමේ සටනක නිරත වන ක්‍රියාකාරී සෞඛ්‍ය කණ්ඩායමක් වටා ගෙතෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ආෂික් ආබු විසිනි. 2018 වසරේ මැයි මසදී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඇතිවූ %නීපා (Nipha)^ වයිරසයේ පැතිරීම පාදක කර ගනිමින් නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ දර්ශන තලය සඳහාද වයිරසය බලපෑ කෝසිකෝඩේ ප්‍රදේශය තෝරා ගැනීමද කැපී පෙනේ.
වෛරස් තත්ත්වයකදී රජය ක්‍රියා කරන ආකාරය,හමුදාව,පොලීසිය,රෝහල් ඇතුළු ඍජුව සම්බන්ධ වන රාජ්‍ය ආයතන ක්‍රියා කරන ආකාරය මෙන්ම සාමාන්‍ය ජනතාවගේ අනෝන්‍ය සම්බන්ධය කෙසේ විය යුතුද යන්නද නිරූපණය කරන මෙම චිත්‍රපටය, මෙවන් අවස්ථාවකදී ඉස්මතු වන මනුෂ්‍යත්වය මෙන්ම අමනුෂ්යත්වයද මෙහි චරිත හරහා විනිවිද දකියි. එසේම මෙවැනි ජාතික ගැටලුවකවදී එය අවම කර ගත හැකි හොඳම ක්‍රමය තමා තුළම ස්වයංවිනයක් ඇතිකර ගැනීම බවද වයිරස් චිත්‍රපටය හරහා පෙන්වා දෙයි.
අති විශාල නළු නිළියන් පිරිසක් දායක වූ මෙම චිත්‍රපටයේදී ටොවිනෝ තෝමස් සහ පාර්වතී බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තේය. මේ දිනවල වැඩි කතාබහකට ලක්වන ලූකා චිත්‍රපටයේ ලූකාගේ චරිතය නිරූපණය කළ ටොවිනෝ තෝමස් මේ අතරින් කැපී පෙනේ. කෙසේ වෙතත් චරිතවලට පිටතට එන්නට නොදී ප්‍රධාන කතාව එම චරිත තුළින් පිටතට ගැනීමට නිර්මාණකරුවා දරා ඇති උත්සාහය අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුමය. එනම් චරිත වටා කතා ගොඩනැගීමට වඩා කතාවක් වටා චරිත ගොඩනැගීමට මෙහි තිර රචක මුහ්සින් පරාරි,ෂාර්ෆු සහ සුහාස් ගෙන ඇති බව මෙහි ප්රබලව දකින්නට ලැබේ.
රාජ්‍ය නිලධාරීන්,වෛද්‍යවරු,හෙදියන්,විද්‍යාඥයන්,පරීක්ෂකයින්ගේ කැපවීම හා ඔවුන්ගේ මානසිකත්වය ආදිය නිරූපණය කරන මෙහි ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කුන්චක්කෝ බෝබන්ද,වෛද්‍ය අනූ ලෙස පාර්වතීද, විෂ්ණු භස්කරන් ලෙස අසීෆ් අලීද,සෞඛ්‍ය සහ සමාජ සුබසාධන අමාත්‍ය සී.කේ. ප්‍රමිලා ලෙස රේවතීද, දිස්ත්‍රික් නිලධාරී පෝල් වී. ඒබ්‍රහම් ලෙස ටොවිනෝද,වෛද්‍ය බාබුජි ලෙස ඉන්ද්‍රජිත් සුකුමාරන්ද,හෙද නිලධාරිනි අකිලා ලෙස රීමා කල්ලින්ගල්ද ප්‍රධාන චරිතවලට දායක වෙති.
ජනප්‍රිය ඉන්දියානු ජන ගී කණ්ඩායමක් වන The Down Troddence හි කීබෝඩ් වාදකයා ලෙස ප්‍රකට සුෂින් ෂ්‍යාම් සංගීතවත් කර ඇති මෙම චිත්‍රපටයේ ආරම්භයේ සිට අවසානය වන තෙක් නිර්මාණය කර ඇති පසුබිම් සංගීතයේද විශිෂ්ට මට්ටමක පවතී. මේ වසරේදී තිරගත වූ ට්‍රාන්ස් චිත්‍රපටයේ පසුබිම් සංගීතය නිර්මාණය කළේද ඔහුයි. දින පණස් දෙකකදී රූගත කළ මෙම චිත්‍රපටය නිෂ්පාදන කළේ මෙහි අධ්යක්ෂ ආෂික් සහ රීමා කල්ලින්ගල් විසිනි.
පළමු සති අන්තයේදී ඉන්දියානු රුපියල් කෝටි හතරකට ආසන්න ආදායමක් වාර්තා කළ මෙම චිත්‍රපටය,දින දොළහක් තුළදී ඉන්දියානු රුපියල් කෝටි පහළොවකට අධික ආදායමක් උපයා ගැනීමට එකල සමත් වූ අතර ඇමෙරිකාවේ පවා සති මාසයක් පුරා තිරගත කිරීමට සමත් වූ සිනමාපටයකි. එසේම ඇ.ඩො. හැට පන් දහසක් උපයා ගත් මෙම චිත්‍රපටය සැලැකෙන්නේ එම වසරේදී ඇමෙරිකාව තුළ තිරගත කිරීමෙන් සිව්වැනි වැඩිම ආදායමක් වාර්තා කළ මලයාලම් චිත්‍රපටය ලෙසයි.
එසේම ඔස්ට්‍රේලියාව,එංගලන්තය, ජර්මනිය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නවසීලන්තය යන රටවල්වල තිරගත කිරීමේදීද සාර්ථක ආදායමක් උපයා ගත් මෙම චිත්‍රපටය සැලැකෙන්නේ විචාරකයන්ගේද ඉහළ පැසසුම් ලැබූවක් ලෙසයි. ඒ එහි අන්තර්ගත මානුෂිකත්වය හේතුවෙනි. මලයාලම් ඉතිහාසයේ බිහිවූ හොඳම චිත්‍රපටයක් ලෙස වයිරස් සැළැකෙන්නේ මේ හේතුවෙනි.