රජය එළවළු කිලෝ ලක්ෂ 9ක් මිලදී ගනියි


ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත්වීමෙන් එළවළු මිලදී ගැනීමේ වැඩසටහන පිළිබඳව එම කාර්ය සාධක බළකාය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙහිදී ගොවින්ගෙන් එළවළු කිලෝ ලක්ෂ 4කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ප්‍රවාහනය කර තිබේ.

මේ ජනාධිපති කාර්ය සාධක බළකාය නිකුත් කළ සම්පූර්ණ නිවේදනයයි.

ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙලට සමගාමීව අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය නිරන්තරවම අවධානය යොමු කර ඇත. ඒ අනුව රටතුළ පවත්නා ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීම පිළිබඳව ගැටළුවකට මුහුණ දී සිටින ගොවි ජනතාව වෙත සහනයක් ලබාදීමේ අරමුණින් සහ සිංහල දෙමළ අළුත් අවුරුදු හා පාස්කු සමය තුළ පාරිභෝගික ජනතාවට එළවළු හා පළතුරු හිඟයකින් තොරව බෙදාහැරීමේ අරමුණින් විශේෂයෙන්ම නුවරඑළිය හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් රටපුරා එළවළු හා පළතුරු අස්වැන්න මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් ඊයේ  සහ අද දිනය තුළ රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.

මේ සඳහා අවශ්‍ය අරමුදල් නුවරඑළිය හා මාතලේ දිනය තුළ රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතී. මේ සඳහා අවශ්‍ය අරමුදල් නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනට නිදහස් කර ඇති අතර ආර්ථික මධ්‍යස්ථාන හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මට්ටමින් එළවළු මිලදී ගැනීමේ කටයුතු පෙරේදා (11දා) දිනයේ ආරම්භ කර ඊයේ (12දා) දින රාත්‍රී 11.00 වන විට තවදුරටත් ප්‍රවාහනය ක්‍රියාත්මක වෙමින් පවතී.

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබුණු සියලුම එළවළු තොග ඊයේ දිනය තුළම මිලදී ගත් අතර, ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිට රටපුරා බෙදාහැරීමට හැකිවිය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලොරි රථ විශාල සංඛ්‍යාවක් සමග ජනතාව විශාල වශයෙන් එක්රැස්වීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහා ප්‍රාදේශිය මධ්‍යම්ථාන කිහිපයක් මගින් එළවළු මිලදී ගැනීමේ කටයුතු ඊයේ පෙරවරුවේ ආරම්භ වී මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. රජය විසින් කෘෂි නිෂ්පාදනවලට ලබාදෙන ඉහළ වටිනාකම හේතුවෙන් සමහර අවස්ථාවලදී ඉදිරි දින කිහිපයකට පසු නෙලා ගත හැකි අස්වැන්න ද මෙම අවස්ථාවේදීම අළෙවි කර ගැනීමට ගොවීන් පෙළඹී ඇති බවක් නිරීක්ෂණය වේ.

දඹුල්ල ප්‍රදේශයේ එළවළු අලෙවි කර ගැනීම සඳහා විශාල වශයෙන් තොග ඉදිරිපත් වී ඇති අතර කිරුම්, මිනුම්, බිල්පත් නිකුත් කිරීම, මුදල් ගෙවීම, ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම, බෙදාහැරීමේ මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කිරීම වැනි කාර්යයන් රැසක් ප්‍රා‘දේශිය වශයෙන් ක්‍රියාත්මක කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුවී ඇති නමුත් එම මධ්‍යස්ථානවලට රැගෙන ආ අවසාන එළවළු කිලෝග්‍රෑමය දක්වාම මිලදී ගැනීම් සිදුකරන බව රජය අවධාරණය කර සිටියි.

මීට අමතරව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා එළවළු මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා අවශ්‍ය අරමුදල් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් වෙත නිකුතර කර ඇත. ඒ අනුව නුවරඑළිය, මාතලේ හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු අනිකුත් දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් එළවළු කිලෝග්‍රෑම් ලක්ෂ නමයකට වැඩි ප්‍රමාණයක් මිලදීගෙන ඇත.

මිලදී ගනු ලබන සමස්ත එළවළු ප්‍රමාණ්‍ය එම අවස්ථාවේදීම රට පුරා පිහිටි පළාත් පාලන ආයතන වෙත බෙදාහරිමින් පවතින අතර, පළාත් පාලන ආයතන විසින් තම බල ප්‍රදේශය තුළ එම එළවළු සාධාරණ මිලකට අලෙවි කිරීමට කටයුතු කර ඇත. මේ අනුව පාරිභෝගික ජනතාව වෙත සිංහල හා දෙමළ අවුරුදු සහ පාස්කු සමය තුළ සහන මිලකට එළවළු ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් වී ඇති අතර, සමහර ප්‍රදේශවල දානපතියන් ඉදිරිපත්වී රජයේ වියසදම් පියවා ජනතාව අතර නොමිලේ එළවළු බෙදාහැරීමට කටයුතු කරන බව ද වාර්තා වී ඇත.

රජය විසින් මිලදී ගෙන ඇති එළවළු ප්‍රමාණයක් පහත පරිදි වේ.

මේ අවස්ථාවේදී තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වූ ගොවීන් ඇත්නම් ඔවුන් ඒ පිළිබඳව කිසදු බියක් ඇතිකර නොගත යුතු බවද මේ අසීරු කාලසීමාව තුළ ජනතාවට උපරිමයෙන් සහන සැලසීමට කැපවී සිටින රජය ඉදිරියේදී ද ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැපවන බවද අවධාරණය කර සිටියි. කිසිදු ආකාරයකින් ගොවි ජනතාවගේ නිෂ්පාදන අපතේ යාමට හෝ අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව අසරණ වීමට හෝ ඉඩ නොතබන ලෙස රජය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්වෙත උපදෙස් දී ඇත.

අවුරුදු සමයට පෙර අස්වැන්න අලෙවි කර ගැනීම පිළිබඳව අවිනිෂ්ශිතතාවයකින් පසුවූ ගොවි ජනතාව වෙත රජය ලබාදුන් මෙම සහනය ඔවුන් ලද ප්‍රතිලාභයක් පමණක් නොව රටේ ඉදිරි ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ලබාදුන් සහතිකයක් ද වේ.



Recommended Articles