ජනාධිපතිවරණය සඳහා තවත් ඇත්තේ සති තුනකට අඩු කාලයකි. ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් මැතිවරණ ප්රචාරක කටයුතු ලහි ලහියේ සිදුකරමින් පවතී. මෙවන් පසුබිමක් තුළ විරුද්ධ පක්ෂ වේදිකාවෙන් නගන චෝදනා කිහිපයකට පිළිතුරු ලබාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා %අද^ට සම්බන්ධ කර ගතිමු.
වත්මන් ආණ්ඩුව රජයේ සේවකයන්ට නිසි වටිනාකමක් ලබානොදුන් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා?
රජයේ සේවකයන්ට ශක්තිමත් ජීවිතයක් ගතකිරීමේ අවස්ථාව වත්මන් රජය ලබාදී තිබෙනවා. පසුගිය රජයන් හැමදාම රජයේ සේවකයාට සොච්චම් වැටුපක් ලබාදෙමින් අඩු සැලකිල්ලක් දැක්වූවා. පඩි වැඩි කළේ රුපියල් 1500කින් නැත්නම් 1800කින් පමණයි. 2015 ජනවාරි 08 වැනිදා වත්මන් රජය බලයට පත්වීමට පෙර මේ රටේ ලක්ෂ 15ක් වන රජයේ සේවකයන්ට අපි ප්‍රතිඥාවක් දුන්නා රුපියල් 10,000ක පඩි වැඩිවීමක් ලබාදෙනවා කියලා. අපි පළමු මාස තුන ඇතුළත එම රජයේ සේවකයන්ට රුපියල් 10,000ක් ලබාදී මූලික වැටුපට එකතු කළා. ඒ අනුව සෑම රජයේ සේවකයෙකුගේම වැටුප 107෴කින් වැඩි වුණා. ඉතිහාසයේ කවදාවත් ඒ විදියට වැටුප් වැඩි වෙලා නැහැ. මහින්ද රාජපක්ෂ මහතා 2009දී වැඩි කළේ 2500කින්. ඉන්පසුව 2014 වනතුරු වැටුප් වැඩි වුණේ නැහැ. කාර්යාල කාර්ය සහායකයෙකුගේ මූලික වැටුප 2015දී අපේ ආණ්ඩුව ගන්නකොට රුපියල් 11,730යි. 2020 ජනවාරි වෙනකොට 24,215යි. ඒ අනුව මේ වසර 05 තුළදී දෙගුණයකට වඩා වැටුප වැඩි වී තිබෙනවා. ඊට අමතරව අතිකාල දීමනා, සංයුක්ත දීමනා, උත්සව දීමනා ලබාදී තිබෙනවා. රියදුරෙකුගේ මූලික වැටුප 12,270 සිට 25,790ක් දක්වා වැඩි වී තිබෙනවා. පොලිස් සේවය ගත්තාම තාක්ෂණ සේවයේ 15,000 සිට 31,000 දක්වාත්, සංවර්ධන නිලධාරියෙකුට 15,000 සිට 31,490ක් දක්වාත් වැටුප් වැඩි වී තිබෙනවා. පළමු පන්තියේ ගුරුවරයෙකුට මූලික ආරම්භක වැටුප තිබුණේ 21,750යි. අපේ ආණ්ඩුව විසින් එය 44,950ක් දක්වා වැඩි කළා. ප්‍රාදේශීය ලේකම්වරුන් වැනි පරිපාලන නිලධාරියෙකුගේ මූලික වැටුප 22,935යි තිබුණේ. එය 47,615ක් දක්වා වැඩිකර තිබෙනවා. විධායක ශ්‍රේණියේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ මූලික වැටුප රුපියල් 36,755ක් සිට රුපියල් 76,175ක් දක්වා වැඩිකර තිබෙනවා. මේ විදියට රාජ්‍ය සේවකයන් පහළොස් ලක්ෂයේම වැටුප් වැඩිකර තිබෙනවා. අපි එනකොට රුපියල් බිලියන 375ක් වූ වැටුප් බිල 735ක් දක්වා වැඩි වී තිබෙනවා. මේ ආණ්ඩුව තරම් රජයේ සේවකයන්ට සලකපු ආණ්ඩුවක් නැහැ.
වත්මන් ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් සිදුකළ කාර්යභාරය කුමක්ද?
මේ අය යුද හමුදාව ගැන, යුද්ධය ගැන කතා කරනවා. යුද්ධයෙන් පස්සේ යුද හමුදාවට සතපහක් පඩි වැඩි කළේ නැහැ. රණවිරුවන්ගෙන් වැඩගත්ත එක විතරයි කළේ. මහින්ද රාජපක්ෂත්, ආරක්ෂක ලේකම් ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂත් සත පහක් වැඩිකරන්න උනන්දු වුණේ නැහැ. හමුදාවේ ලුතිනන්වරයෙක් 22,935 සිට 47,615 දක්වා මූලික වැටුප වැඩිකර තිබෙනවා. කර්නල්වරයෙකුගේ වැටුප 36,755 සිට 76,375 දක්වා අපේ ආණ්ඩුව වැඩිකර තිබෙනවා. මේ හැමෝටම ආහාර සලාක ලබාදෙනවා. එය නිලධාරීන්ට 14,939 සිට 23,231 දක්වා වැඩිකර තිබෙනවා. සෙසු නිලයන්ට 13,199 සිට 19,350 දක්වා ආහාර දීමනාව වැඩිකර තිබෙනවා. ඒ අනුව 120%කින් අපි ආහාර දීමනාව ඇතුළුව වැටුප් වැඩිකර තිබෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂට අයිතියක් තියෙනවද හමුදාවේ සාමාජිකයන්ගේ ඡන්දය ලබාගන්න. ආබාධිත රණවිරුවෝ පසුගිය දවස්වල කණුවල නැගලා උද්ඝෝෂණය කළා. 2015 වනවිට ආබාධිත වූ කර්නල්වරයෙකුට ලැබී තිබෙන වැටුප 10,700යි. අද 167,000ක් ලැබෙනවා. ලුතිනන්වරයෙකුට 84,750 වුණා. අද 127,500ක් ලැබෙනවා. මෙහෙම තිබියදී තමයි දේශපාලන කටයුතු සඳහා හමුදා සෙබළු යොදාගන්නේ. මීට අමතරව පැය 08කට වඩා වැඩකරන පොලීසියේ නිලධාරීන්ට 40%ක අතිරේක දීමනාවක් ලබාදෙනවා. 28,000ක් ගත් පොලිස් රාළහාමි කෙනෙකුට අද 58,000ක් ලැබෙනවා.
විශ්‍රාමිකයන් සම්බන්ධව වත්මන් රජය විශේෂ අවධානයක් යොමුකර නොමැති බවටත් චෝදනා එල්ල වෙනවා?
විශ්‍රාමිකයන්ට 2006 සිට 2015 දක්වා වැටුප් වැඩි කළේ නැහැ. ඔවුන් පාරට බැහැලා විශ්‍රාම වැටුප් විෂමතාව නිවැරදි කරන්න කියලා හන්දිවල උද්ඝෝෂණය කළා. නමුත් රාජපක්ෂ ආණ්ඩුව එය ලබාදුන්නෙ නෑ. අපි 2015 බලයට පැමිණ පළමු මාස තුන ඇතුළත විශ්‍රාම වැටුප් විෂමතාව නිවැරදි කළා. ඒ අනුව රජයේ සෑම විශ්‍රාම වැටුප්ලාභියෙකුගේම 45෴කින් විශ්‍රාම වැටුප් වැඩි වීම සිදුවුණා. මේ බව දන්නා රාජ්‍ය සේවකයන්ටත්, විශ්‍රාමිකයන්ටත් සජිත් ප්‍රේමදාසගෙන් පිට ඡන්දයක් දෙන්න බැහැ.
ස්වාධීන කොමිෂන් සභා ඇතිකිරීම තුළින් අපේක්ෂා කළ අරමුණු ඉටු නොවුණු බවට ඇතැම් පාර්ශ්ව පවසනවා?
රජයේ සේවකයන්ට ස්වාධීනව රාජකාරි කිරීමේ අයිතිය අපි ලබා දී තිබෙනවා. 19 වැනි සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා 11ක් තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට අද දෙපයින් නැගිටලා ශක්තිමත්ව, ස්වාධීනව තීරණ ගැනීමේ අයිතිය ලබාදී තිබෙනවා. පසුගිය කාලයේදී ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රාදේශීය ලේකම්ට බලපෑම් කළා. පොලීසියේ ඕඅයිසීට බැණ වැදුණා. අද ඒ ක්‍රමය අයින් කරලා යහපාලනයක් ඇතිකර තිබෙනවා. ඒ තුළ රජයේ සේවයේ ස්වාධීනත්වය, ගරුත්වය අපි රකින්න කටයුතු කර තිබෙනවා. පසුගිය කාලයේදී රජයේ සේවකයන්ට වර්ජන කරන්න අයිතියක් තිබුණේ නැහැ. අද රජයේ සියලුම අයට තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න, එළියට බහින්න අයිතියක් ලබාදී තිබෙනවා.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර කියනවා දේශපාලන බලපෑම් තිබුණා කියලා?
එෆ්.සී.අයි.ඩී එකේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර සිදුකර තිබෙන ප්රකාශයෙන්ම පැහැදිලි වෙනවා එම නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම පරීක්ෂණ සම්බන්ධව කටයුතු කළ ආකාරය. අද රටේ ජනතාව අහනවා ඇයි හොරු ටික අල්ලලා දඬුවම් ලබාදුන්නෙ නැත්තේ කියලා. අපිටත් වැරදුණු අවස්ථාවක් ඒක. හිටපු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ප්‍රසිද්ධියේ කිව්වා ගෝඨාභයට නඩු දාන්න බැහැ කියලා. අපේ ආණ්ඩුව කරගත් වැරදි ඒවා. එෆ්සීඅයිඩී ලොක්කා එදා කියන්නෙ නැතිව දැන් එළියට ඇවිත් කතා කරනවා. මේ රටේ මුදලට ගන්න පුළුවන් පොලීසියේ අය සිටින බව ඉන් පේනවා. ඒ වගේම සාධාරණව, ස්වාධීනව, අවංකව වැඩ කරන නිලධාරීනුත් ඉන්නවා. ජනතාව මේ ගැන තීරණය කළ යුතුයි. මම නීතිය හා සාමය භාර ඇමතිවරයා විදියට කවදාවත් පොලීසියට බලපෑම් කරලා නැහැ. අපි පොලීසියට ස්වාධීනව වැඩ කරන්න දුන්නා. අනෙකුත් උසස් පොලිස් නිලධාරීන්ගේ ඒ ගැන විමසුවොත් දැනගත හැකියි.
රවී වෛද්‍යාලංකාර මහතාට ඇයි එදා මේක කියන්න බැරිවුණේ? අද ජනාධිපතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක එළියට ඇවිත් ඇයි කියන්නේ? අපි දන්නවා මේ පොලිස් නිලධාරියා අපේ ආණ්ඩුවේ අවසන් කාලයේදී හිල්ටන් හෝටලයට ගිහින් මහින්ද රාජපක්ෂ එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. මොහුගේ ඉතිහාසය හොඳ එකක් නෙමෙයි.
ජනාධිපතිවරණයෙන් පසුව අගමැති ධුරයට මොකද වෙන්නේ?
පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රී කණ්ඩායමක් සිටින පුද්ගලයා අගමැති කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ අනුව කටයුතු කරනවා.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සමග ගනුදෙනු කළ ඇමතිවරු ඉන්නවා. රවුෆ් හකීම් මහතා සහරාන් හමුවී තිබෙනවා. හකීම් මහතාගේ මෙම ක්‍රියාකලාපය සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ව්‍යාපාරයට අවාසිදායක ලෙස බලපාවි නේද?
රවුෆ් හකීම් මහතාට දේශපාලනඥයෙක් ලෙස විවිධ පුද්ගලයන් හමුවෙනවා. ඔවුන් සමග කතා කරන්න වෙනවා. සහරාන් අවුරුදු ගාණකට පෙර ත්‍රස්තවාදියෙක් ලෙස හඳුන්වා තිබුණේ නැහැ. ඒ නිසා හකීම් මහතාට ඔහු සමග සාකච්ඡා කිරීමේ අයිතිය තිබෙනවා. එහි කිසිම ගැටලුවක් නැහැ.