සාමාන්‍යයෙන් මුහුදු වෙරළක් ආසන්නයෙන් විනෝද ගමනක් යනවිටදී පවා බොහෝ දෙනෙකුගේ ප්‍රියතම ක්‍රියාකාරකමක් වන්නේ, මුහුදේ නෑමෙන් විනෝද වීම බව නොරහසක්. කෙසේ වුවත් නොදන්නා වෙරළකින් බැස මුහුදේ පීනන්නට හෝ නාන්නට සූදානම් වන්නේ නම්, විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු භයානක කරුණක් වන්නේ, මුහුදු දියවැල් ඔස්සේ සිදුවිය හැකි අනතුරයි.
විශේෂයෙන්ම මුහුද දෙසට ඇදී යන ඇතැම් දියවැලකින් මිනිසෙකුව මිනිත්තුවකටත් අඩු කාලයක් තුළදී මීටර් තුන්සියයක් පමණ වෙරළෙන් ඈතට ගෙනයෑමට හැකියි. ඉණ තෙක් පමණක් මුහුදේ බැස සිටින අයෙකු ක්ෂණයකින් ගැඹුරු මුහුදට ගෙන යෑමේ හැකියාව මේ මුහුදු දියවැල්වලට තිබීම නිසාම, එය මාරාන්තික අනතුරකින් අවසන් වීමට හැකියාව තිබෙනවා.
නොදන්නා මෙන්ම දන්නා වෙරළකට වුවත් බැසීමට පෙරාතුව, ගොඩබිම සිට මුහුද මදක් නිරීක්ෂණය කිරීම ඔස්සේ දියවැල් ඇති වන තැන් හඳුනාගත හැකියි. වෙරළාසන්නයේ දිගටම සුදු පැහැයෙන් රළ බිඳෙන අතරේ ඇතැම් තැන්වල අඳුරු, වඩාත් නිසල තැන් දැකිය හැකියි. ඒ තැන් දියවැල් ලෙසින් හඳුනාගත හැකියි.
ඊට අමතරව නොදන්නා වෙරළකින් මුහුදට බැසීමට පෙර ඒ ප්‍රදේශය දන්නා අයෙකුගෙන් අසා බැලීමත් වඩාත් ප්රවේසම්කාරීයි.
යම් හෙයකින් දියවැලකට හසු වුවහොත් සිදුකළ යුත්තේ, ඊට එරෙහිව පිහිනීම නොවේ. ඒ වෙනුවට වෙරළට සමාන්තරව පිහිනීම තුළින් ක්‍රමයෙන් දියවැල මගහැර ගැනීමට හැකි වන අතර, ඉන්පසුව වෙරළ දෙසට පිහිනිය හැකියි.