ලෝක මැලේරියා දිනය සමරනු ලබන්නේ සෑම වසරකම අප්‍රේල් 25වෙනිදායි. ලංකාව මේ වනවිට මැලේරියාව තුරන් කර ඇති රටක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කර ඇත. නමුත් අසල්වැසි ඉන්දියාව මෙන්ම ලොව බොහෝ රටවල මැලේරියාව තවමත් සක්‍රීය රෝගී තත්ත්වයක් වන බැවින්, සංචාරහරහා මෙරටට මැලේරියාව යළි ඇතුළු වීමේ අවදානමක් පවතී. වසර සියයක ඉතිහාසය තුළ ලංකාව තෙවරක් බිලිගත් වසංගතයක් බවට පත්වූ මැලේරියාව යළි හිස ඔසවන්නට පෙර මේ ඒ පිළිබඳව සිදුකරන තොරතුරු දැක්වීමකි.
මැලේරියාවේ පැතිරීම
රට තුළ මැලේරියා පරපෝෂිතයා තුරන් කිරීමෙන් සහ වාහක මදුරු ගහනය පාලනය කිරීමෙන් ශ්‍රී ලංකාව සාර්ථක ලෙස මැලේරියා රෝගය තුරන් කර ඇත. මැලේරියා පරපෝෂිතයා රට තුළ ස්ථාපිත වී නොමැති නමුත් පිටරට සිට පැමිණෙන මැලේරියා රෝගීන් හරහා නැවත මෙරටට පරපෝෂිතයා පැමිණිය හැකිය. එනම් අපේ රටේ මැලේරියා වාහක මදුරුවන් සිටින අතරම එම මදුරුවන්ගේ බෝවීම කෙරෙහිද හිතකර පරිසරයන් මෙරට පවතියි. ශ්‍රී ලාංකිකයන් මැලේරියා සහිත රටවලට ගොස් නැවත පැමිණීමෙන් සහ මැලේරියා සහිත රටවල සිට විදේශිකයන් මෙරටට පැමිණීමේදී මැලේරියාව ආසාදනය වී පරපෝෂිතයන් ශරීරගත වූවන් මෙරටට පැමිණිය හැකිය. ඒ හරහා මැලේරියා බෝ කරන මදුරුවන් යළි මැලේරියාව රට තුළ පතුරන තත්ත්වයට සක්‍රීය විය හැකිය. මෙවැනි අවදානම් කණ්ඩායම් එක්රැස් වී ඇති ප්‍රදේශ මැලේරියාව පැතිරීමට හැකි අවදානම් (Vulnerable) ප්‍රදේශයන් ලෙස හඳුනාගනු ලබයි.
රාත්‍රී කාලයේ දෂ්ට කරන්නන් ලෙස හඳුනාගෙන ඇති ඇනොෆිලිස් ගණයට අයත් මදුරුවන් දෂ්ට කිරීමෙන් රෝගී මැලේරියා පුද්ගලයෙකුගේ සිට නිරෝගී පුද්ගලයෙකුට මැලේරියාව සම්ප්‍රේෂණය විය හැකිය. ශ්‍රී ලංකාව තුළ මැලේරියාව සම්ප්‍රේෂණය සිදුකරන ප්‍රධානතම වාහකයා ඇනොෆිලිස් කියුලිසිෆොසිස් (Anopheles culicifocies) ලෙස සලකයි. මීට අමතරව මැලේරියාව සම්ප්‍රේෂණය කරන තවත් ඇනොෆිලිස් වර්ග 5ක් ඇනොෆිලිස් සම්පික්ටස්(Anophelessubpictus), ඇනෝෆිලිස් ඇනියුලාරිස්(Anopheles annularis), ඇනොෆිලිස් ටෙසෙල්ලේටර්ස්(Anopheles tessellatus, ඇනොෆිලස් වරුනා(Anopheles varuna), ඇනොෆිලිස් වේගස් (Anopheles Vogus) ලෙස සිටින අතර, ඔවුන් ද්විතීයීක වාහකයන් ලෙස හඳුන්වනු ලබයි.
මැලේරියාව පැතිර විය හැකි ආක්‍රමණික විශේෂයක් වන ඇනොෆිලිස් ස්ටීවන්සයි (Anopheles stephensi) 2016දී මන්නාරම් දූපතෙන් ප්‍රථමවරට වාර්තා වූ අතර, වර්තමානයේ එය උතුරු පළාතේ මන්නාරම, යාපනය සහ වවුනියාව දිස්ත්‍රික්කවලත්, නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තු සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයෙත් පැතිර පවතී. එම විශේෂය ඉන්දියාවේ නාගරික මැලේරියාව පැතිරවීමට හේතු වන බව හඳුනාගෙන ඇත.
රට තුළ බොහෝ ප්‍රදේශවල විවිධ බෝවන ස්ථානවල මැලේරියා වාහක මදුරු කීටයන් දක්නට ලැබේ. ජලය ගලා නොයන හෝ සෙමින් ජලය ගලායන, හොඳින් හිරුඑළිය වැටෙන සහ නොගැඹුරු ස්ථාන වන ගංගා ආශ්‍රිත වැලි සහ ගල්වලින් සෑදුණු දියකඩිති, ගංගා අද්දර, අත්හැර දැමූ වතුර වළවල් සහ ළිං වැනි ස්ථානවල මැලේරියා ප්‍රධාන වාහකයා වන ඇනොෆිලිස් කියුලිසිෆෙන්සිස් බෝ වෙයි. මෙම මදුරු විශේෂය වර්ෂාව වැනි පාරිසරික සාධක සමග අන්තර් සම්බන්ධතා සහිතව කාලානුරූපී ඉහළ ගහන ඝනත්ව පෙන්වයි. මැලේරියා රෝගකාරකය පැවතීමට හැකි (Vulnerable) සහ වාහක මදුරුවන් බෝ වීමට වැඩි ප්‍රවණතාවයක් සහිත (receptive) ප්‍රදේශවල මැලේරියාව පැතිරීමට වැඩි හැකියාවක් පවතී. මැලේරියාව මෙරටින් තුරන් කළ පසු මැලේරියාව නැවත ඇතිවීම වැළැක්වීමේ අවදියේ උපායමාර්ගවලට අනුගතව මැලේරියා කීට විද්‍යා සමීක්ෂණ කටයුතු සැලසුම් කෙරේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රෝග කාරකයේ පැවැත්ම සහ වාහක මදුරුවන්ගේ පැවැත්ම වැඩි ප්‍රදේශවල කීට විද්‍යා සමීක්ෂණ සැලසුම් කරනු ලබයි. තවද රෝගකාරකය පිටරටින් පැමිණිය හැකි ස්ථානයන් කීට විද්‍යා සමීක්ෂණ සඳහා වඩා සුදුසු ලෙස සලකනු ලබයි. මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයෙන් සහ කලාපීය කාර්යාලවලින් කීට විද්‍යා සමීක්ෂණ වර්ග 4ක් සිදුකරනු ලබයි. අවදානම ඉහළ සහ මධ්‍යම ප්‍රමාණයේ ස්ථානවල මාසිකව හෝ තෙමසකට වරක් කීට සමීක්ෂණ සිදුකෙරේ. අවදානම මධ්‍යම ප්‍රමාණයේ සහ අඩු ස්ථානවලද අහඹු ලෙස ස්ථානීය කීට විද්‍යා සමීක්ෂණ සිදුකරනු ලබයි. මීට අමතරව මැලේරියා රෝගියෙකු වාර්තා වූ විට එම රෝගියා රෝග ලක්ෂණ සහිතව රාත්‍රිය ගත කළ සහ රෝග ලක්ෂණ පහළ වීමට සති දෙකකට පෙර රාත්‍රිය ගත කළ සෑම ස්ථානයකම විශේෂ කීට විද්‍යා සමීක්ෂණයන් සිදුකරනු ලබයි. මෙම කීට විද්‍යා සමීක්ෂණවල ප්‍රතිඵල මත සුදුසු වාහක මර්දන ක්‍රම සිදුකිරීමෙන් මැලේරියා සම්ප්‍රේෂණය අවම කිරීමට කටයුතු කෙරේ.
විවිධ කීට විද්‍යා තාක්ෂණ ක්‍රම භාවිත කරමින්, කීට විද්‍යා සමීක්ෂණ සිදුකිරීමෙන් වාහකයන්ගේ ජීවවිද්‍යාත්මක සහ ගහන ඝනත්වය පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම සිදුකෙරේ. වාහකයගේ බෝවන ස්ථාන, ගහන ඝනත්වය, විවේක සහ ආහාර චර්යාව, ව්‍යාප්තිය, කාලානුරූපී නැඹුරුතාවයන්, කෘමිනාශකවලට දක්වන ප්‍රතිරෝධීතාවයන් සහ වාහක මර්දනයේ සඵලතාවයන් පිළිබඳ තොරතුරු මෙම කීට විද්‍යා තාක්ෂණ ක්‍රම මගින් එක්රැස් කිරීම සිදු කරනු ලබයි. මෙම කීට විද්‍යා තාක්ෂණ ක්‍රම අතර කීට සමීක්ෂණ, ගවයන් උගුල් ලෙස යොදා කරනු ලබන සමීක්ෂණ, වාහකයන්ගේ විවේකී ස්ථාන පිළිබඳව නිවාසවල සිදුකරන සමීක්ෂණ, කෘමිනාශකවල සංවේදිතා පිළිබඳ සමීක්ෂණ සහ වාහක මර්දනයේ සඵලතාව පිළිබඳ සමීක්ෂණ ඉතා වැදගත් ලෙය සැලකේ. විවිධ පරීක්ෂණ කටයුතු, වර්ගීකරණ සහ පුහුණු කටයුතු සඳහා විද්‍යාගාර පහසුකම් පවතින මැලේරියා මර්දන කාර්යාලවල මදුරු ගණාවාසයන් පවත්වා ගැනීම සිදුවෙයි.
මෙරට මැලේරියා වාහක මර්දනය
මැලේරියා වාහක මර්දනය ඉලක්කගත සහ සාක්ෂි මත පදනම් වූවකි. පිටරටින් පැමිණෙන මැලේරියා රෝගියකු වාර්තා වූ විට ඒ ආශ්‍රිතව සිදුකරන කීට විද්‍යා සමීක්ෂණ මගින් ප්‍රධාන මැලේරියා වාහකයා හමුවුවහොත් ප්‍රධාන මර්දන ක්‍රමයක් භාවිත කර වාහක ඝනත්වය අඩු කිරීම හා ආසාදිත මදුරුවන් සිටී නම් ඔවුන් විනාශ කිරීම සිදුකෙරේ. මැලේරියාව සඳහා භාවිත කරන ප්‍රධාන වාහක මර්දන ක්‍රම වන්නේ නිවෙස් තුළ ශේෂ කෘමිනාශක ඉසීම (Indoor Residual Spraying -IRS) සහ දිගුකල් පවතින කෘමිනාශක ගැල්වූ මදුරු දැල් (Long Lasting Insecticidal Nets - LLIN) භාවිත කිරීමයි. මීට අමතරව කීට නාශක සහ කීට භක්ෂක මසුන්, මදුරු කීටයන් බෝවන ස්ථානවලට මුදාහැරීම මගින් කීට අවස්ථා විනාශ කිරීමද සිදුකරනු ලැබේ. රෝගීන් වාර්තා වූ අවස්ථාවලට අමතරව මැලේරියාව පවතින රටවලට නිතර යන එන අවදානම් කණ්ඩායමේ සිටින ප්‍රදේශවල වාහක මදුරුවන්ගේ ඝනත්වය වැඩි වූ විට සුදුසු තම වාහක මර්දන ක්‍රම මගින් මදුරු ගහනයේ ඝනත්වය අඩුකර මැලේරියා රෝගය රට තුළ සම්ප්‍රේෂණය වීම වළක්වා ගනී. ඵලදායී කීට විද්‍යා සමීක්ෂණයන් සහ සාක්ෂි මත පදනම් වූ වාහක මර්දන ක්‍රමවේදයන් යනු මැලේරියාව නැවත ඇතිවීම වැළැක්වීමේ අවදියක (Prevention of Re-introductionPoR Phase) පසුවන ශ්‍රී ලංකාව වැනි රටක ජාතික මැලේරියා මර්දන වැඩසටහනෙහි සාර්ථක බවට අත්‍යවශ්‍යම වූ වැදගත් අංගයක් බව තහවුරු වී තිබේ.
මෙරටදී හමුවන අවදානම් කණ්ඩායම්
ශ්‍රී ලංකාවෙන් මැලේරියා පරපෝෂිතයන් තුරන් කර ඇතත්, රට තුළ යළිත් මැලේරියාව හිස එසවීමේ අවදානම ඉහළ මට්ටමක පවතී. මෙසේ වන්නේ තවමත් අප රටෙහි මැලේරියා වාහක මදුරුවන් බහුලව සිටින නිසාත් මැලේරියා අවදානම් සහිත විදෙස්වලට ගොස් ආපසු පැමිණෙන්නන් එම රටවලදී මැලේරියා පරපෝෂිත ආසාදනයට ලක්ව පැමිණි පසුව මෙරටදී මැලේරියා රෝගීන් ලෙස හඳුනා ගැනෙන නිසාත්ය.
මැලේරියාව වැලඳීමට වැඩි අවදානමක් ඇතැයි සැලකෙන්නන් කාණ්ඩ කිහිපයක් හඳුනාගෙන ඇත. ශ්‍රී ලාංකිකයන් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් නිමා වී ආපසු පැමිණෙන ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් - උදා: මධ්‍යම අප්‍රිකාව, මාලි, දකුණු සුඩානය අප්‍රිකානු කලාපයේ රටවලට ව්‍යාපාර කටයුතු සඳහා යන මැණික් වෙළෙඳුන් - උදා: මැඩගස්කරය, මොසැම්බික් වෙනත් මැලේරියා අවදානම් රටවල සංචාරයෙහි යෙදෙන අනෙකුත් ව්‍යාපාරිකයන් - උදා: ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වන්දනාකරුවන් - උදා: ඉන්දියාව, නේපාලය, මියන්මාරය, සෞදි අරාබිය මැලේරියා අවදානම් රටවල විනෝද සංචාරවල යෙදෙන්නන් - උදා: අප්‍රිකාවේ සෆාරි දකුණු ඉන්දියාවේ සිට නැවත පදිංචිය සඳහා මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්මැලේරියා අවදානම් රටවල සේවය කර ආපසු පැමිණෙන ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් -
උදා: ඉතියෝපියාව සහ අනෙකුත් නැගෙනහිර අප්‍රිකානු රටවලට යන ඇඟලුම් කම්හල් සේවකයන්. ඉන්දියාව, උගන්ඩාව, පැපුවා නිව්ගිනියාව ආදී රටවලට යැවෙන ශ්‍රම බළකාය.විදේශිකයන් - වසරක් ඇතුළත මැලේරියා අවදානම් රටවලින් හෝ එම රටක සංචාරය කිරීමෙන් පසු හෝ පැමිණෙන්නන්. උදා - අප්‍රිකාව ඉදිකිරීම් වැඩබිම් ආදියේ සේවය කරන විදේශීය ශ්‍රමිකයන් උදා. ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නයිජීරියාව සහ ශ්‍රී ලංකාවට යාමට පෙර අප්‍රිකාවේ සේවය කළ චීනයේ ජනතාව
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගැනෙන ධීවරයන් - උදා: ඉන්දියාව, බංග්ලාදේශය අනවසර සංක්‍රමිණිකයන් - උදා: ඉන්දියාව හා අප්‍රිකානු කලාපයේ රටවල සරණාගතයන් - පාකිස්තානය හා මියන්මාරය විධිමත් ව්‍යාපාර ආයතනවල සේවය කරන සහ අවිධිමත් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්තවල සේවය කරන සංක්‍රමණික ශ්‍රමිකයන්මෙ රට ඉගෙනුම ලබන විදේශීය සිසුන් -
උදා: නයිජීරියාව, රුවන්ඩාව හා සැම්බියාවෙන්
ශ්‍රී ලංකාවට අදාළ මැලේරියාවේ තොරතුරු
මෙරට මැලේරියා රෝගය 1911 වර්ෂයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ප්‍රථමයෙන් වාර්තා විය. මුල්ම මැලේරියා මර්දන ඒකකය කුරුණෑගල පිහිටුවා ඇත. 1935 වර්ෂයේදී, 1970 හා 1986 වර්ෂවලදී මෙම රෝගය මෙරට දරුණුම වසංගත තත්ත්ව ඇති කරනු ලැබීය. මෙරට ජනගහනයෙන් 80෴ක්ම ආසාදිතයන් බවට පත්කරමින් 1935 වර්ෂයේ දරුණුවට පැතිරිණ. එවක 80,000ක් පමණ මැලේරියාව නිසා මිය ගියේය. මෙරට ඉතිහාසයේ පළමුවරට උපත් අනුපාතයට වඩා මරණ අනුපාතය ඉහළ ගියේ මෙම වර්ෂයේදීය. මැලේරියාව පිළිබඳ අවධානය ගිලිහී ගිය නිසාම නැවත 1970 වනවිට රෝගය හිස එසවූ අතර, ජනගහනයෙන් ලක්ෂ 6ක් පමණ රෝගී විය. 1986-87 වර්ෂය වනවිට යළි හිස ඔසවන්නට විය. වසර සියයකට පසු 2011 වර්ෂයේ මෙරට අවසන් මැලේරියා රෝගියා මුලතිව් යුද හමුදා කඳවුරකින් හමු විය. ඉන්පසු වසර තුනක කාලයක් පුරා එකදු රෝගියෙකු රට තුළින් සොයාගන්නට නොහැකි විය. ඒ නිසාම ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කරන ලද රටක් බවට පත්විය. නමුත් විදේශිකයන් හා මෙරටින් විදේශ සංචාරවලට ගිය අය මැලේරියා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඔවුන්ව විධිමත් ලෙස කළමනාකරණය කර ගැනීමට හැකි විය.
2021 වර්ෂයේ අප්‍රේල් 23 දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 7දෙනෙකු සොයාගෙන ඇත. 2020 වසරේදී විදේශයන්හිදී මැලේරියාව ආසාදනය වූ රෝගීන් 30දෙනෙකු හමුවී ඇති අතර, ඉන් බහුතරයක් (22ක්) අප්‍රිකානු කලාපයේ රටවල සිට ආපසු පැමිණි අයයි.
COVID -19 වසංගත කාලයේදී වුවද මැලේරියා මර්දන ව්‍යාපාරය මගින් නිරෝධායන මධ්‍යස්ථානවල සංවිධානය කරන ලද ජංගම සායන හරහා රෝගීන් 10දෙෙනකු හඳුනාගන්නා ලදී. ලෝකයේ මැලේරියා ව්‍යාප්ත වූ රටවල් 2019 ගෝලීය තත්ත්වය - 2019දී මැලේරියා රෝගීන් මිලියන 229ක් සහ මරණ 409,000ක් වාර්තා විය. එම රෝගීන්ගෙන් 70෴ක්ම වාර්තා වූයේ රටවල් 11කිනි. (අප්‍රිකානු රටවල් 10ක් සහ ඉන්දියාව)
(මූලාශ්‍රය: WHO) විදේශගත වන ඔබ මැලේරියාවෙන් වැළකීමට කළ යුතු දේ - ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර මැලේරියා මර්දන ව්‍යාපාරයේ කාර්යාලයෙන් අවශ්‍ය උපදෙස් සහ නොමිලේ ලබාදෙන මැලේරියා වැළැක්වීමේ ඖෂධ ලබාගන්න. එම ඖෂධ රටින් බැහැර වීමට සතියකට පෙර පාවිච්චි කිරීම අරඹන්න. ඔබ විදේශගතව සිටියදී, එම කාලය තුළ මදුරු දෂ්ටනයෙගෙන් වැළකීමට අවශ්‍ය සියලුම පියවර ගන්න. ඉහත ඖෂධ නියමිත පරිදි නොකඩවා සතිපතා පාවිච්චි කරන්න. යළි ශ්‍රී ලංකාවට ගිය පසුව, මැලේරියාව වැළැක්වීමේ ඖෂධ තවත් සති 4ක් අඛණ්ඩව පාවිච්චි කරන්න. ඔබ මෙරටට පැමිණෙන විට උණ ඇත්නම් මැලේරියා මර්දන ව්‍යාපාරය වෙත ගොස් මැලේරියාව සඳහා රුධිර පරික්ෂාවක් නොමිලේ සිදුකරගෙන මෙරටට පැමිණි පසු ඉදිරි වසරක කාලයක් තුළ ඔබට උණ වැලඳෙන අවස්ථාවල වෛද්‍යවරයකු හමුවීමේදී ඔබ මැලේරියා අවදානම් රටක සිට පැමිණි බව දන්වා සිටීම ඉතා වැදගත්ය.
(ලෝක මැලේරියා දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වූ මාධ්‍ය හමුවක් ඇසුරෙනි/ ඡායාරූප මැලේරියා දිනය වෙනුවෙන් මහාචාර්ය අනුලා විජේසුන්දර විසින් සිදුකරන ලද කරුණු ඉදිරිපත් කිරීමකින්)