පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීම පිළිබඳව රට තුළ කතාබහක් ඇති වී තිබේ. මීට අමතරව පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට දේශපාලන පක්ෂ කිහිපයක් මත ඉදිරිපත් කරමින් තිබෙන අතර, තවත් කණ්ඩායමක් නව ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බවට මතයක් ඉදිරිපත් කරමින් සිටී. මේ නිසා මැතිවරණය පැවැත්වෙන දිනයක් පිළිබඳව හෝ නිශ්චිතව සඳහන් වන්නේ නැත. මේ නිසා කඩිනමින් කුමන හෝ ක්‍රමයකට මැතිවරණය පවත්වන ලෙසට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ආණ්ඩුවට බලපෑම් කරමින් තිබේ. මේ නිසා මේ පිළිබඳව අදහස් විමසීමට පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා අප සමග සම්බන්ධ කරගැනීමට අද අප සිතුවෙමු.
නව පළාත් සභා මැතිවරණ ක්‍රමය
මැතිවරණ ක්‍රම දෙකේම සාධනීය ලක්ෂණ තියෙනවා. අලුත් ක්රමයේ තියෙන සාධනීය ලක්ෂණයක් තමයි පළාත් සභාවලට 25෴ක කාන්තා නියෝජනයක් ලැබීම. ඒ වගේම කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙකු බිහි වීම. කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙකු සිටීම හරහා කොට්ඨාසයේ සංවර්ධන කටයුතු සිදුවෙන්න පුළුවන්. මොකද කොට්ඨාසයට ධුර කාලය තුළ වැඩ නොකළහොත් ඊළඟ මැතිවරණයේදී ඔහු ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඒ වගේම අපේක්ෂකයාගේ මැතිවරණ වියදම අඩු වෙනවා.
මෙහිදී ගැටුම් සිදුවීම යම් ප්‍රමාණයකට අඩුවෙන්න පුළුවන්. ඒත් පක්ෂ පක්ෂ අතර තරගයක් ඇතිවෙන්න පුළුවන්. මොකද නව පළාත් සභා මැතිවරණ ක්‍රමය හරහා පක්ෂ කිහිපයක් එකම කොට්ඨාසයට තරග කළත්, අවසානයට තේරී පත්වන්නේ කුමන හෝ පක්ෂයක නියෝජිතයෙකු පමණයි.
පළාත් සභා ක්රමයේ අවශ්‍යතාව
පළාත් සභා මැතිවරණය ලංකාවට ඵලදායීද, නැද්ද කියලා සැලකිය යුතු සංවාදයක් රට තුළ තිබෙනවා. නිරීක්ෂණ සංවිධානයක් ලෙස අපටත් ඒ ප්රශ්නය තියෙනවා. පළාත් සභා ක්‍රමය ගෙන ආවේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ඉලක්ක කරගෙන. ඒත් පළාත් සභා මන්ත්‍රීවරුන් ජනතා අපේක්ෂාවන් ඉටු කරනවාද? එය ඵලදායිකද කියන කාරණය ගැන විවිධ සංවාද තිබෙනවා. නිරීක්ෂණ සංවිධානයක් ලෙස අපට තියෙන ප්රශ්නය තමයි මෙය නැවත හකුළන්න පුළුවන්ද කියන කාරණය. මොකද මෙය හැකිළීමට කටයුතු කළහොත් දේශපාලන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.
මේ නිසා විකල්ප වැඩපිළිවෙළකින් තොරව මෙය හැකිළිය හැකිද කියන ප්රශ්නය තියෙනවා. පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමෙන් බොහෝ සංවර්ධන කටයුතු වෙලා තියෙනවා කියන එක තමයි අප සංවිධානයේ මතය.
හැබැයි පළාත් සභා ගත්තම සම්පත් නාස්තිය පැත්තෙන් වෙන අදහසක් තිබුණත්, ජන වාර්ගික ප්රශ්නය විසඳුමකට ආපු එක හැකිළීමට ගියහොත් යම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.
පළාත් සභා නිල කාලය අවසන් වීම
කඩින් කඩ පළාත් සභා මැතිවරණය පැවැත්වීම නිසා නිල කාලය අවසන් වීම සිදුවෙන්නෙත් කලින් කලට. මේ අනුව සබරගමු පළාත් සභාවේ නිල කාලය පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදා අවසන් වුණා. නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය එම වසරේ සැප්තැම්බර් 30 වැනිදා අවසන් වුණා. උතුරු මැද පළාත් සභාවේ නිල කාලය එම වසරේ ඔක්තෝබර් පළමු වැනිදා අවසන් වුණා. මධ්‍යම පළාත් සභාවේ නිල කාලය මේ වසරේ ඔක්තෝබර් 08 අවසන් වුණා. ඔක්තෝබර් 10 වයඹ පළාත් සභාවේ නිල කාලය අවසන් වුණා. මේ මස 24 වැනිදා උතුරු පළාත් සභාවේ නිල කාලය අවසන් වුණා.
ලබන වසරේ අප්‍රේල් 10 වැනි දින දකුණු පළාත් සභාවේත්, අප්‍රේල් 21 බස්නාහිර පළාත් සභාවේත්, ඔක්තෝබර් 08 වැනිදා ඌව පළාත් සභාවෙත් නිල කාලය අවසන් වෙනවා.
මෙය පැරණි මැතිවරණ ක්‍රමයට අනුව පැවැත්වූවා. එක් අලුත් මැතිවරණ ක්‍රමයට අනුව සියලුම පළාත් සභාවල එකම දිනයකදී ඡන්ද වීමසීම පැවැත්වීම පිළිබඳව කතාබහක් ඇතිවෙලා තියෙනවා. කඩින්කඩ මැතිවරණය පැවැත්වීමට වඩා මැතිවරණය එකම දිනයක පැවැත්වීම හොඳ දෙයක්. ඒත් මැතිවරණයක් කල් දැමීම අප නිරීක්ෂණ සංවිධානයක් ලෙස අනුමත කරන්නේ නැහැ.
පළාත් සභා මැතිවරණය කල් දැමීම
පළාත් සභා මහජන නියෝජිත ආයතන ලෙසට ව්‍යවස්ථාවෙන් පිළිඅරගෙන තියෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ දීර්ඝ කාලයක් මහජන නියෝජිතයන්ගෙන් තොර ආයතන වීම බරපතළ ප්‍රශ්නයක්. කෙටි කාලයකට මහජන නියෝජිතයන්ගෙන් තොරව රාජ්‍ය නිලධාරීන් පාලනය කරන්න පුළුවන්. හොඳ රාජ්‍ය නිලධාරීන් හිටියොත් දේශපාලනඥයන්ට වැඩිය හොඳට පළාත් සභා ගෙනියන්න පුළුවන්. හැබැයි නරක කණ්ඩායමක් හිටියොත් නරකට පාලනය ගෙනියන්නත් පුළුවන්.
කොහොම වුණත් දීර්ඝ කාලයක් මහජන නියෝජිතයෝ නැතිව පළාත් සභා ගෙනියන්න බැහැ. මොකද මහජන නියෝජිතයෝ කියන්නේ මහජනතාවට වගකියන කණ්ඩායමක්. මහජනතාවට මහජන නියෝජිතයන් වගකියනවාද කියන ප්‍රශ්නයත් මෙහිදී තිබෙනවා.
හැබැයි එක් මැතිවරණයකින් පත්වෙන මහජන නියෝජිතයන් ඊළඟ මැතිවරණයට මුහුණදෙන්න ඕන. ඒක නිසා ඔවුන් කුමන හෝ ආකාරයට ජනතාවට සේවය කරන්න වෙනවා. හැබැයි රාජ්‍ය නිලධාරීන්ට එහෙම අවශ්‍යතාවක් නැහැ.
ආණ්ඩුකාරවරයා දේශපාලනඥයෙකුගේ නියෝජිතයෙකු වීම
ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ නියෝජිතයා තමයි. හැබැයි ආණ්ඩුකාරවරුන් මහජනතාවට සෘජුවම වගකීමට බැඳී නැහැ. ඔහු බැඳී සිටින්නේ ජනාධිපතිවරයාට වගකියන්නයි. නමුත් පළාත් සභා මන්ත්‍රීවරුන් කෙලින්ම මහජනතාවට වගකියන්න බැඳිලා ඉන්නේ.
ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමය
මේ සම්බන්ධයෙන් අප සංවිධානයේ අද දවස වනවිට තියෙන මතය තමයි අලුත් ක්‍රමයට හෝ පැරණි ක්‍රමයට කඩිනමින් මැතිවරණය පැවැත්විය යුතුය කියන එක. ඒත් නිරීක්ෂණ සංවිධානයක් ලෙස අපේ මතය වෙලා තියෙන්නේ අලුත් ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතුයි කියන එක. මොකද නව මැතිවරණ ක්‍රමය හදන්න විශාල මුදලක් වැයකරලා තියෙනවා. ඒ වගේම කාන්තා නියෝජනය ඇතුළු සාධනීය ලක්ෂණ ගණනාවක්ම එහි තියෙනවා. හැබැයි මෙතැනදී අපේ මතයකුත් තියෙනවා. අපේ මතය තමයි අපේක්ෂකයන් තෝරා ගැනීමට විනිවිදභාවයක් ඇති කළ යුතුයි කියන එක. මොකද දැන් සිදුවන්නේ පක්ෂ නායකයන් හෝ ලේකම්වරුන්ට කැමැති අය ඉදිරිපත් කිරීම. මෙතනදි මහජනතාවට අකමැති පිරිස් ලැයිස්තු හරහා බලයට එන්න පුළුවන්. හැබැයි පැරණි ක්‍රමයට අනුව දිස්ත්‍රික් ලැයිස්තුවේ සිටින අයගෙන් තමන් කැමැති කෙනා පත් කර ගන්න පුළුවන් වුණා. එක් අලුත් මැතිවරණ ක්‍රමයට අනුව පක්ෂයට ඡන්දය ලබාදුන්නම කොට්ඨාසයට ඉදිරිපත් කරලා ඉන්න කෙනා පත්වෙනවා.
මැතිවරණය කල් දැමීමට හේතු
මැතිවරණය කල් යමින් තිබෙන්නේ මැතිවරණ ක්රමයේ වරදක් නිසාවත්, පළාත් සභා සීමා නිර්ණය ක්රමයේ ඇති ගැටලුවක් නිසාවත් නොවෙයි. මැතිවරණය කල් යන්නේ ආණ්ඩුවත්, දේශපාලන පක්ෂ නායකයන් හා පාර්ලිමේන්තුවත් දේශපාලන තීන්දුවක් නොගන්න නිසා. මැතිවරණය පැවැත්වීම පිළිබඳ දේශපාලන තීන්දුවක් ගැනීමට කටයුතු කළහොත් මැතිවරණය කල්දැමීමේ ගැටලුව විසඳාගන්න පුළුවන්.
දේශපාලන තීන්දුව ගන්න සාධාරණ උත්සාහයක් ඔවුන් තාම අරගෙන නැහැ. සීමා නිර්ණය සමාලෝචන කමිටුවකුත් පත්කළා. එහෙම පත්කරලා තියෙද්දි සමහරු කියනවා මැතිවරණය පැරණි ක්රමයටත් තියන්න පුළුවන් කියලා.
රට වෙනුවෙන් තීන්දු ගැනීමේදී දේශපාලනඥයන් එකම මතයක නොවීම
රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේදී දේශපාලනඥයන් එකට එකතු වී තීරණයක් නොගැනීම රටේ අවාසනාවක්. හැබැයි එක මතයක නොසිටීම දේශපාලනඥයන්ට සැහැල්ලුවෙන් හිතන්නත් බැහැ. මොකද ඔවුන් මහජන නියෝජිතයන්. පළාත් සභා මැතිවරණය කල්යාම පිළිබඳ දිගින් දිගටම දේශපාලන වේදිකාවේ කතාබහක් සිදුවෙනවා. හැබැයි මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය වන ප්‍රා‘යෝගික වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ.
පොදුවේ දේශපාලන පක්ෂ එකතු වෙලා පාර්ලිමේන්තුව තුළ ප්‍රා‘යෝගික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ නැහැ. මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පක්ෂ නායකයන් ඍජු තීන්දුවක් ගන්නේ නැහැ.
මැතිවරණ කොමිෂන් සභාවට චෝදනා එල්ල වීම
මැතිවරණ කොමිසමට නීතිය සකස් කරලා දුන්නට පස්සේ තමයි මැතිවරණය තියන්න පුළුවන් වෙන්නේ. ස්වාධීන කොමිසමක් නිසා ඉදිරි පියවරක් තියෙනවාද කියලා සොයා බලන්න පුළුවන්. හැබැයි මැතිවරණය කල් යනවා කියලා චෝදනා එල්ල කරන දේශපාලන පක්ෂ මුළුමනින්ම තමන්ට පැවරිලා තියෙන වගකීම ඉටු කරන්න ඕන. මොකද පාර්ලිමේන්තුව තුළ සම්මත කරපු නීතියට අනුව සකස් කළ සීමානිර්ණ වාර්තාව සම්මත කරන්නේ නැහැ.
මේ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයන් තමන්ගේ රාජකාරිය මුලින්ම සිදුකරන්න ඕන. ඒ වගේම වුණා නම් මැතිවරණය කල් යන්නේ නැහැ. මැතිවරණය කල් යන්නේ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රශ්නයක් නිසා.
සීමානිර්ණ සමාලෝචන කමිටුවේ කාලය දීර්ඝ කිරීම
සීමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තුව තුළ සම්මත නොවීම නිසා සීමානිර්ණ සමාලෝචන කමිටුවක් පත්කළා. කථානායකවරයා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට උත්සාහයක් ගනිමින් සිටිනවා. මේ නිසා සමාලෝචන කමිටුවේ නිල කාලය දීර්ඝ කරන්න එපා කියලා අපි කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටියා.
සමාලෝචන කමිටුව පත් කිරීම ප්‍රමාද වුණා. මේ නිසා කමිටු වාර්තාව ලබාදිය යුතු බවට තීරණය කර තිබෙන දිනයටම එය ලබාදිය යුතු වෙනවා.
පළාත් පාලන ආයතන නියෝජිතයන් යුතුකම් ඉටුකිරීම
පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වුණේ නව මැතිවරණ ක්‍රමයට අනුව. මේ අනුව මහජන නියෝජිතයන් අදාළ ආයතනවලට පත්වෙලා ඉන්නේ.
අපිට පේන දෙයක් තමයි සමහර කොට්ඨාසවල ඉන්න නියෝජිතයෝ, නියෝජිතවරියෝ ඉතාමත් ඵලදායී ආකාරයට ජනතාව වෙනුවෙන් සේවය කරනවා. හැබැයි සමහර මහජන නියෝජිතයන් වගකීම් නිසි ලෙස ඉටු කරනවද කියන කාරණය තිබෙනවා. මේ අනුව පොදුවේ කියනවා නම් මොවුන් සාම්ප්‍රදායික ක්ර‘මවේදයම තමයි තාමත් ක්‍රියාත්මක කරන්නේ.
පළාත් පාලන ආයතන නියෝජිතවරියන්ගේ වගකීම ඉටුකිරීම
නව මැතිවරණ ක්‍රමය අනුව පැවැත්වූ පළාත් පාලන ආයතන මැතිවරණයට අනුව කාන්තා නියෝජනය 25෴ක් වුණා. දේශපාලනයට කාන්තාවන් වැඩිපුර ගෙන්නා ගැනීම සඳහා තමයි කාන්තා නියෝජනය ඇති කළේ. සක්රීයවම ක්‍රියාත්මකව සිටින මහජන නියෝජිතවරියන් ඉන්නවා. සමහර අය නිර්මාණශීලීව හිතලා වැඩ කරනවා. හැබැයි කාන්තා නියෝජිතයින් පත්කිරීමේදී නිසි ක්ර‘මවේදයක් ක්‍රියාත්මක වුණේ නැහැ. මේ නිසා දේශපාලන හා සමාජ පෞරුෂයක් තියෙන දේශපාලන කණ්ඩායම් අතරේ තමන්ට හඬක් නගන්න පුළුවන් අය නිසි ලෙසම ඉදිරිපත් වුණාද කියන ප්රශ්නය තියෙනවා. සමහර අපේක්ෂක ලැයිස්තුවලට කවුරුහරි කෙනෙක් දැම්මා.
මේ නිසා මහජන නියෝජිතවරියන්ගෙන් සැලකිය යුතු පිරිසක් තවමත් අසමත් වෙලා තිෙයනවා. හැබැයි නිරීක්ෂණ සංවිධානයක් ලෙස කාන්තාවන්ට විතරක් ජනතා සේවය කළ යුතුයි කියලා අපි කියන්නේ නැහැ. මොකද සෑම මහජන නියෝජිතයෙකුම තම වගකීම ඉටුකරන්න ඕන.