අවුරුදු සමය තුළ රිය අනතුරු 400කට ආසන්න ප්‍රමාණයක් සිදුව තිබූ අතර, ඒ හේතුවෙන් 52කු ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය සඳහන් කර තිබුණි. වාර්තා වී ඇති ප්‍රමාණය එසේ වුවද, වාර්තා නොවූ ප්‍රමාණය සැලකීමේදී මෙම සංඛ්‍යාව ඊටත් වඩා වැඩිය. අවුරුදු සමය තුළ පමණක් නොව, මේ වනවිට රට තුළ සිදුවන රිය අනතුරු සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. මාර්ග අනතුරු හේතුවෙන් දිනපතා මිනිස් ජීවිත ගණනාවක් අහිමි වෙමින් පවතින බැවින්, මාර්ග අනතුරු අවම කර ගැනීම කෙරෙහි සියලුදෙනාගේම අවධානය යොමු විය යුතු කාලයක් බවට මෙම කාලය පත්ව තිබේ.
ලෝකයටම ප්‍රශ්නයක්
මාර්ග අනතුරු බහුල වීම සහ මාර්ග අනතුරු හේතුවෙන් වන ජීවිත හානි වැඩි වීම වර්තමානය වනවිට ලෝකයටම බලපා ඇති ප්‍රශ්නයකි. මාර්ග අනතුරු හේතුවෙන් වසරකට ලෝකයේ මිනිසුන් මිලියන 1.35ක් මිය යන බව ගණන් බලා තිබේ. ලෝකයේ එසේ වනවිට මේ හේතුවෙන් ලංකාවේ මිය යන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. වර්තමානයේ දත්තවලට අනුව මාර්ග අනතුරු හේතුවෙන් මෙරට වසරකට මිය යන ප්‍රමාණය 3000 සීමාව ඉක්මවා ඇත. ඒ අනුව දිනකට පුද්ගලයන් 08-10 අතර ප්‍රමාණයක් මිය යන බව වාර්තාවලින් අනාවරණය කරගෙන ඇති අතර, සාමානයෙන් මාර්ග අනතුරු හේතුවෙන් පැය තුනකට වරක් මරණයක් සිදුවෙන බව හඳුනාගෙන තිබේ. මෙය බරපතළ ප්‍රශ්නයක් වන අතර, ලංකාවේ ආර්ථිකයටද එය සෘජුවම බලපාන කාරණයක් බවට පත්ව තිබේ.
ආර්ථික බලපෑම
මාර්ග අනතුරු හේතුවෙන් මිය යන පිරිස සම්බන්ධයෙන් සලකා බැලීමේදී වැඩි වශයෙන් මිය යන්නේ තරුණ පිරිස බව හඳුනාගෙන ඇත. රටක වැඩ කරන පිරිස මිය යාම හෝ ආබාධිත තත්ත්වයට පත්වීම එම රටට ආර්ථික වශයෙන් දැඩිව බලපාන සාධකයකි. ඒ හේතුවෙන් මෙය සමාජීය වශයෙන් සහ ආර්ථික වශයෙන් ලෝකයටම බලපාන කාරණයක් වී ඇත.
ලෝකයේ සිදුවන මාර්ග අනතුරු සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකට අනුව මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන හානි ප්‍රතිපූර්ණය කිරීමට ලෝකයේ රටවල දළ ජාතික නිෂ්පාදනයෙන් 03෴කට වඩා ප්‍රමාණයක් වැය වෙන බව සොයාගෙන ඇත. මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන ජීවිත හානි ගණනය කිරීමට පවා නොහැකි පාඩුවක් වන අතර, මාර්ග අනතුරු නිසා රෝහල්ගත වෙන රෝගීන් වෙනුවෙන් සහ ආබාධිත තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම් අාදිය සඳහා මෙපමණ විශාල මුදල් ප්‍රමාණයක් වැය වේ. ශ්‍රී ලංකාවේ මෙම ප්‍රමාණය රුපියල් බිලියන 05ක් පමණ වේ.
අඩු ආදායම්ලාභී රටවල්
ලෝකයේ සිදුවන මාර්ග අනතුරුවලින් 93෴ක් සිදුවන්නේ අඩු සහ මධ්‍ය ආදායම් සහිත රටවල වීම විශේෂයෙන් අවධානය යොමු කළයුතු තත්ත්වයකි. එසේ වුවද ලෝකයේ භාවිත වන වාහනවලින් මෙම රටවල භාවිත වන්නේ වාහන 60෴ක් පමණි. ලෝකයේ මාර්ග අනතුරුවලට ගොදුරුව මිය යන පිරිසගෙන් 50෴ක් අවදානම් පිරිස් හෙවත් යතුරුපැදිකරුවන්, පාපැදිකරුවන්, පදිකයන් වීම කණගාටුවට කරුණකි.
පොලිස් වාර්තා අනුව ලංකාවේ වසරකට මාර්ග අනතුරු 38,000ක් පමණ වාර්තා වේ. නමුත් රක්ෂණ සමාගම් හරහා සමතයකට පත්වන, පොලීසියට වාර්තා නොවන මාර්ග අනතුරුත් විශාල සංඛ්‍යාවක් තිබේ. මේ හේතුවෙන් මාර්ග අනතුරු සම්බන්ධයෙන් රක්ෂණ ආයතවල දත්ත ලබාගැනීම වැදගත්ය.
එමෙන්ම රෝහල් දත්තවලට අනුව මාර්ග අනතුරු හේතුවෙන් දරුණු තුවාල ලබා රෝහල්ගත වූවන් වසරකට 8000ක් පමණ වේ.
අඩු අවධානය
ලංකාවේ සිදුවන මරණවලට අනුව වැඩිම මරණ සිදුවන්නේ හෘදයාබාධ හේතුවෙන් වන අතර, ආඝාතය, දියවැඩියාව හේතුවෙන් සිදුවන මරණ පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන ගෙන ඇත. මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන මරණ දසවැනි ස්ථානයේ ඇති අතර, ඩෙංගු මරණ ඇත්තේ හතළිස්වැනි ස්ථානයේය.
ඩෙංගු වැලඳීමෙන් මිය යන ප්‍රමාණය සාමාන්‍යයෙන් 100ට වඩා අඩු වන අතර, ඩෙංගු වළක්වා ගැනීම සඳහා දැවැන්ත ප්‍රචාරණයක් දැනුම්වත් කිරීම් රැසක් සිදුවේ. මාර්ග අනතුරු හේතුවෙන් මිය යන ප්‍රමාණය ඩෙංගු මරණ මෙන් 30 ගුණයක් පමණ වුවද ඒ වෙනුවෙන් අඩු අවධානයක් යොමුකර තිබීම කනගාටුවට කරුණකි.
වාහන වැඩි වීම
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වාහන සංඛ්‍යාව මේ වනවිට ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර, මාර්ග අනතුරු බහුල වීමට එයද හේතුවක් වී ඇත. මේ වනවිට ලංකාවේ ලියාපදිංචි වාහන ප්‍රමාණය ලක්ෂ 80ක් පමණ වන අතර, එයින් යතුරුපැදි ලක්ෂ 34ක් සහ ත්‍රිරෝද රථ ලක්ෂ 12ක් ඇත. ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ප්‍රමාණය සමස්ත වාහන සංඛ්‍යාවෙන් භාගයකටත් වඩා වැඩි වන අතර, මාර්ග අනතුරුවලට බහුලවම බලපාන වාහන දෙවර්ගය වන්නේ මේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථයි.
එමෙන්ම 2011 – 2018 කාලයේදී වාහන හිමිකාරීත්වය 67෴කින් ඉහළ ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය දියුණු වී නොමැති බව එයින් පැහැදිලි වේ. පොදු ප්‍රවාහනය ශක්තිමත් නොවන අවස්ථාවේදී මිනිසුන් තමන්ගේම වාහනයක් ලබාගැනීමට යොමුවන අතර, මෙම තත්ත්වය දකුණු ආසියානු කලාපයේ රටවල් සැලකීමේදී ලංකාව ඉහළින් සිටින රටක් බවට පත්ව ඇත.
වාහන පැදවීමේදී අධික වේගය සහ නොසැලකිල්ල මාර්ග අනතුරුවලට ප්‍රධානම හේතුව ලෙස හඳුනාගෙන ඇති අතර, වාහන පැදවීමේදී මානසික තත්ත්වය නිරවුල්ව නොතිබීමද එක් ප්‍රධාන සාධකයකි. මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් එය සිදුවන අතර, වාහනයක් පැදවීමේදී අවධානය වෙනස් වන විවිධ දේ සිදුකිරීම, අපරික්ෂාකාරී රිය පැදවීම, වාහන පැදවීමේදී දුරකථනය භාවිත කිරීම හෝ ඒ අාකාරයේ අවධානය වෙනත් දිශාවකට යොමුවෙන කාර්යන් සිදුකිරීම ආදිය අනතුරු වැඩි වීමට හේතු වී ඇත.
මාර්ග අබලන් වීම සහ වාහනවල ගැටලු මතුවීම හේතුවෙන්ද මෙවැනි අනතුරු සිදුවේ. මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතයේදී ඇස් පෙනීම දුර්වල කරන අතර, මනසින් තීරණ ගැනීමේ හැකියාව දුර්වල වනවා සේම කායික මානසික ශක්තියද අඩු කරයි.
අවබෝධයෙන් අවම කර ගැනීම
මාර්ග අනතුරු අවම කර ගැනීම තනි පුද්ගලයකුගේ කාර්යක් නොවන අතර, එය අවබෝධය මත සියලුදෙනා කළ යුතුය.
ඒ යටතේ රියැදුරන් සේම පදිකයන්ගේ සැලකිලිමත්භාවයද අතිශයින්ම වැදගත්ය. මාර්ග අනතුරු කඩකරන්නන් හඳුනාගැනීමේ පද්ධති වැඩිදියුණු කිරීම, වැඩි වශයෙන් අනතුරු සිදුවන තැන් හඳුනාගෙන ඒවාට විසඳුම් යෙදීම, නිරීක්ෂණ කැමරා පද්ධතිය වැඩිදියුණු කිරීම ආදිය රජයේ වගකීමකි. එමෙන්ම මාර්ග අනතුරු කඩකරන පුද්ගලයන් සම්බන්යෙන් නීතිය ක්‍රියාත්මක කිරීමද කළ යුතුය.
මාර්ග අනතුරු අඩු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කළ යුතු අතර, ඒ යටතේ පාසල් දරු දැරියන් ඇතුළු සියලුදෙනා දැනුම්වත් කළ යුතුව ඇත.
තවද රියැදුරු බලපත් ලබාදීමේදී නවක බලපත් ලාභීන් පරිවාස කාලයකට යටත් කිරීම හා රියැදුරු බලපත් ලාභීන් පළපුරුදු රියැදුරන් බවට පත්වනතුරු යම් යම් සීමා පනවා තිබීම වැදගත්ය.
පොදු ප්‍රවාහන සේවය ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව වැඩි කරමින් විධිමත් කිරීම තුළින් වාහන තදබදය අවම කර ගැනීමට හැකි වන අතර, එය ආර්ථික වශයෙන්ද වැදගත් වන ක්‍රියාවකි. අබලන් මාර්ග හඳුනා ගනිමින් ඒවා පිළිසකර කිරීම සහ මාර්ගවල තත්ත්වය වැඩිදියුණු කිරීම, මාර්ග නියාමනය කිරීම සහ දඬුවම් ලබාදීම කාර්යක්ෂම කිරීම නිසි පරිදි සිදුකළ යුතුය. මාර්ග අනතුරු සම්බන්ධයෙන් ක්‍රියාකරන ආයතන සියල්ල සහයෝගයෙන් කටයුතු කරන ආකාරයේ යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමද වැදගත්ය. මේ ආකාරයෙන් පාලකයන්, ජනතාව, පදිකයන්, රියැදුරන් ආදී මේ සියලු පිරිස සිය යුතුකම් සහ වගකීම් නිසි පරිදි ඉටුකරන්නේ නම් මාර්ග අනතුරු හේතුවෙන් රටට අහිමි වන වැඩකරන තරුණ පිරිසගේ ජීවිත සුරක්ෂිත වනු ඇත.