ශක්‍ර දේව රාජයානන් වෙත,
කොල්ලුපිටිය,
ශ්‍රී ලංකාව.
සමූහ දූෂණයක් දැනුම් දීම සඳහා.
දේවයන් වහන්ස, මම කාලි. ඔබ වහන්සේගේ අම්මා.
ලංකාවේ ඉන්න පාහරයො ටිකක් මේ දවස් වල දිනපතාම රෑට රෑට මාව සමූහ දූෂණයට ලක්කරනවා. සමහරු දවාලටත් රස කර කර ඒවා යූටියුබ් එකෙන් බලනවා.
උවමනාවක් තියෙනවා නම් ඔබ වහන්සේට විතරයි මාව බේර ගන්න පුලුවන්. මොකද මේ ජඩ වැඩඔක්කොම කරන්නෙ ඔබ වහන්සේගේ අනුග්‍රහය ලබන කොල්ලො කුරුට්ටො සෙට් එකක් කියලා මට ආරංචියක් ආවා.
මට මේ දුක කියන්න වෙන කවුරුවත් නෑ. මොකද ඔය ඇටේ වගේ රටේ ටීවී, ජඩ මාධ්‍යය, උසාවි, පොලිසි ආදී මෙකී නොකී හැම දේටම අරක් ගත්ත උත්තමයා ඔයානෙ. ඉතිං පොඩි උදව්වක්කරනව නම්, මමම චූදිතයො එකා දෙන්නා හෙළි කරන්නම්.
පළවෙනි චූදිතයො දෙිාන්නා තමයි ඔබ වහන්සේගේ ටෙලිවිෂන් බට්ටො දෙන්නා. අම්මපා මුන්දෙන්නා වෙන වෙලාවට නම් කුළල්කා ගන්නවා. ඒත් මොකක් හරි කුණක් අහුවුනාම හරිමසමගියෙන් මාස ගාණක් තිස්සෙ රස කර කර ලොවිනවා.
මේ අතරෙ උන් දෙන්නා ඔබවහන්සේටහොරෙන් උදේට උදේට මට පඬුරු පාක්කූඩමුත් එවනවා. උන් රහසෙ මට කියනවා මේ ඔක්කොම කරන්නෙ ඔබවහන්සේව විමානයෙ තියා ගන්නලු. ඒකට හරියන්න උන් රට යකාගෙ විමානයක් කරනවා.
රෑ හත අට වෙනකොට මුන්ට යකා වැහෙනවා. ඉවසුම් නැතිව යනවා. මගේ නම කිය කිය, මාවදූෂණය කරන්න ගන්නවා. ඔක්කොන්ටම වඩා මිලියන ගාණක් රූපවාහිණි ප්රේක්ෂකයො ඉස්සරහානෙ මේ අවලම් වැඩේ කරන්නෙ! ඒකටත් එක්ක ඔය ඇටේ වගේ රටේ ටීවී බලන එව්වෝ! පවුල් පිටින් මෙගා ටෙලියක් බලනවා වගේ රහ කර කර මේ ‘ප්රවෘත්ති’ කියන කුණුහරුප වැඩසටහන බලං ඉන්නවනෙ.
මම ලෝකෙටම අම්මා වෙච්චි! එහෙව් ‘අම්මට’ මුන් කරන දේට, සරල සිංහලෙන් කියන්නෙමොකක්ද කියලා, ඔබවහන්සෙ වෙන කාටත් වඩා හොඳාකාරෙන් දන්නවනෙ!
ඇමරිකන්කාරයො නම් කියන්නේ පුරාණෙ ඉඳන් මම කාන්තා විමුක්තියේ සංඛේතයක් කියලා. ඒත් කාන්තාවන්ට දෙන දස වද දිහා, ඔය ඇටේ වගේ රටේ එව්වෝ නම් ටීවී එක වටේ ඉඳන් බලන්ඉන්නෙ කටේ පිට්ටු වගේ.
“මාව ඝාතනය කළත් කමක් නෑ. මගේ චරිතය ඝාතනය කරන්න එපා!” කියලා මැද්දට පැනලා බෙරිහන් දීලා කෑගහන්න මමත් ආසයි. ඒත් බයයි. මොකද කාලෙකට ඉස්සර එහෙම කිව්වහාදයෙක්ට, ඇටයෙක් වගේ මිනිහෙක් පහුවෙනිදාම පාර මැද්දට පැනලා දුන්නනෙ කුඩුවෙන්න. එයා තාමත් දුක් වෙනවා එදා එහෙම කියපු එක ගැන.
දෙවැනියට මට අර ‘නාථ’ කාරයවත් ශුවර් නෑ ලොක්කා. ඒකා මානසික රෝගියො ටිකක් එකතුකරගෙන මණ්ඩලයක් ද මොකක් ද රෙද්දක් අටවගෙන කෙලින්නෙම පිස්සු.
ඔයා හරිම අසාධාරණයි ශක්රඅඅඅ....
ඔයා නාථට බෙදන්නෙ වෙන හැන්දකින්. මට බෙදන්නෙ වෙන හැන්දකින්. ඇයි මම කලුද? ඇත්තඉතිං මම කලුයි තමයි. ඒක ඉතිං පාර්වතී කරපු වැඩේනෙ. ඒත් ඔයා අහලා නැද්ද “කලු කෙල්ලේඔබ හැඩකාරයි සුදු කෙල්ලන්ට වඩා” කියන සිංහල සිංදුව? අනික ඔයා මට නැතිව පිරිමිදෙය්යෙකුට වැඩියෙන් සැලකුවම ඉතිං රටේ ලෝකේ කයි කතන්දර වුනත් හැදෙන්නත් පුලුවන්නෙ. නේද අනේ?
මුං මේ නටන විගඩම් දැක දැකත් ඔහේගෙ ඔය පඬුපුල් ආසනයේ මේ දවස්වල රත්වෙන්නෙනැතෙයි මගෙ දෙය්යො? නැත්තං ඒකේ සෙන්සර් ගිහිල්ලද? නැත්තං ඒකත් ඔයා හොරෙන්මචීනෙට වික්කද?
තුන්වෙනි චූදියගෙ නම නම් මට කියන්නත් අප්පිරියයි අනේ. ඌට මගේ නම අල්ලගෙන පිස්සුකෙලින්න එපා කියන්න ශක්‍ර... අඩු තරමෙ ටීවී කැමරාවක් ඉස්සරහට එනකොට මූණ කට ටිකක්හෝදගෙන පිරිසිදු පාටටවත් එන්න කියන්නකෝ. මොකද මම බලයට අධිපති දෙවඟන මිසක්අපිර්රසිඳු කමට අධිපති රාස්සියක් නෙමෙයිනෙ.
අනික මම එදා ඉඳන් මරපු මැරිල්ලෙ හැටියට, මිනිස්සුන්ගෙ පණ බේර ගන්න බෙහෙතක් හදලාදුන්නා කිව්වම ඒකම මහ ජෝක් එකක් කියලා ඔයාලට තේරෙන්නෙ නැද්ද?
ඔයාලා හදන්නෙ මාව පීචං කරන්න නේද? ඔයාලා එකතුවෙලා රනිල්ව වැට්ටුව වගේ මාවත්වට්ටන්නද හිතා ගෙන ඉන්නෙ? ඒක නම් ලේසි නෑ පුතෝ. මොකද මම කසාද බැඳලා ඉන්නෙ‘මෛත්‍රීව’ නෙමෙයි විනාශෙට අධිපති ‘ශිව’ව බව මතක තියාගන්න. මම ශිවගෙ පපුව උඩත්කරණම් ගහපු ගෑණියක් හොඳේ!
මම පුරසාරම් දෙඩුව කියලා ඉතිං හිත් අමනාප කර ගන්න කාරි නෑ. ඔය ඇටේ වගේ රටේ ඉතිංමොන දෙය්යත් ඔයාට යට නෙ?
ඉතිං මම වගේ අසරණ වුණු දෙය්යෙක්ගෙ සාධාරණ ඉල්ලීමවත් සලකා බලන්න දෙය්යො. ඔයරටේ දෙය්යොත් මෙහෙම දූෂණය වෙනව නම් ඉතිං බය්යොන්ට මොනව නොවී තියෙවිද කියලා, නැත්තං මිනිස්සු හිතාවි.
සුරත් ද මැල්/සිතුවම සෙනරත් ධර්මතිලක