බෙංගාලි තරුණියකට පෙම් බැඳි මුසාරාෆ් සහ බෙනාසීර් නැගෙනහිර වෙන්වීම දුටුසැටි


නැගෙනහිර පාකිස්තානය වෙනම රාජ්‍යයක් ලෙස වෙන් වී යෑම සඳහා බලපෑ ප්‍රධාන සිදුවීම් සහ ඊට විදෙස් රටවල්වලින් ලැබුණු ප්‍රතිචාරවල ස්වභාවය ගැන පසුගිය කොටස්වලදී අවධාරණය කළෙමි. විශේෂයෙන් ඉන්දියාව සහ සෝවියට් සංගමය බෙංගාලි ජාතිකයන් වෙත සහයෝගය දැක්වීමත් චීනය සහ එක්සත් ජනපදය තම දේශපාලන වුවමනාවන් සපුරා ගැනීම සඳහා පාකිස්තානයට සහයෝගය දක්වන බව පෙන්වමින් ව්‍යාජ රඟපෑමක නිරත වීමත් එහිදී නිරීක්ෂණය කළ හැකි ප්‍රධාන ගති ලක්ෂණ විය.

පාකිස්තානයේ නැගෙනහිර කොටස වෙනම රාජ්‍යයක් ලෙස වෙන්වීමට පෙර බෙංගාලි ජාතිකයන් සහ බටහිර පකිස්තානුවන් අතර දැඩි මිත්‍රත්වයක් තිබුණි. පසුකාලෙක පාකිස්තානයේ ජනාධිපති වූ ජෙනරාල් පර්වේස් මුෂාරෆ් තම චරිතාපදානයේ සඳහන් කර ඇති අත්දැකීමක් මෙහිදී උපුටා දැක්වීම නැගෙනහිර සහ බටහිර පාකිස්තානයේ ජීවත් වූ අයවලුන් අතර තිබූ සම්බන්ධය ගැන තේරුම් ගැනීමට ඉවහල් වේ යැයි සිතේ.

"ඒ කෙල්ල හරිම ලස්සනයි. එය කුළුඳුල් ආදරයක් පමණක් වූ අතර එය පැවතියේ මාපියන් කරච්චි සත්වෝද්‍යානය අසල උද්‍යාන පාරේ පිහිටි අලංකාර උද්‍යාන සහිත වෙනත් නිවසකට පදිංචියට යන තෙක් පමණි. ඔවුහු සමග එහි ගිය මට උද්‍යාන පාරේදී මගේ ඊළඟ ආදරය මුණගැසුණි. ඇය නැගෙනහිර පාකිස්තානයේ (දැන් බංග්ලාදේශයේ) රූමත් බෙංගාලි තරුණියක් විය" යනුවෙන් මුෂාරෆ් විසින් ඉන් ද ලයින් ඔෆ් ෆයර් නමින් ප්‍රසිද්ධ කරනු ලැබූ චරිතාපදානයේ ලියා ඇත.

එසේම නැගෙනහිර පාකිස්තානයේ වෙන්වීම ගැන ඔහු මෙසේ සඳහන් කර ඇත. &නැගෙනහිර පාකිස්තානයේ සිදු වූ දෙය පාකිස්තාන ඉතිහාසයේ කනගාටුදායකම සිදුවීමයි. අපට නැගෙනහිර කොටස අහිමි වීම සහ බංග්ලාදේශය බිහිවීම සිදුවූයේ නිදහස ලැබූදා සිටම දේශපාලනය හැසිරවීමේදී පෙන්වූ අකාර්යක්ෂමතාව නිසාය. සියල්ල අවසානයේ වරද හමුදාවට එල්ල විය. හමුදාවට මුහුණදීමට නොහැකි තත්ත්වයකට සිදුවීම් වර්ධනය වූයේ අභ්‍යන්තර මහජන නැගිටීම් සහ නොබැඳි යැයි හඳුන්වාදුන් නමුත් සැබැවින්ම යුද සන්ධානයක්වූ ඉන්දියාව සහ සෝවියට් සංගමය අතර පැවැති සාමය සහ මිත්‍රත්වය පිළිබඳ ගිවිසුම නිසාය.  අනෙක් අතට, අපගේ දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් වන ඇමෙරිකා එක්සත් ජනපදය, සානුකම්පිත ඝෝෂා කිරීම් සහ ව්‍යාජ මිතුදමක් පෑම හැරුණු විට ගැටුමේදී පැත්ත පළාතකවත් සිටියේ නැත. මෙවන් බහුමාන තර්ජනයක් ලෝකයේ කිසිම හමුදාවකට දරාගත නොහැකිය. එසේම හමුදාවේ ජ්‍යෙෂ්ඨ නායකත්වය හමුදා මෙහෙයුම් හැසිරවීමේදී ඉතාම අදක්ෂ විය. එය හමුදාවට මැකිය නොහැකි අපකීර්තියක් ගෙන දුන්නේය. අවසානයේදී 1971 දෙසැම්බර් 17වැනිදා දින සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරමින් පාකිස්තානය අඩකින් කපා හරින ලදී.

1970 මැතිවරණ ප්‍රතිඵලවලට නිගරු wකරමින් රටේ බහුතරය මුජීබ්ට ලබාදුන් දේශපාලන බලය කොල්ල කෑ සුල්ෆිකාර් අලි භූතෝ ගැන මුසාරෆ් ලියා ඇත්තේ මෙසේය. “මුලින්ම මම භූතෝව අගය කළෙමි. ඔහු තරුණ, උගත් සහ ගතික ගති පෙන්වනු ලැබූ චරිතයක් විය. ඔහුට ජනාධිපති අයුබ් ඛාන් යටතේ වසර අටක රාජ්‍ය පරිපාලනයේ අත්දැකීම් තිබුණි. නමුත් කාලය ගතවෙද්දී භූතෝ ගැන මගේ අදහස වෙනස් වෙන්න පටන් ගත්තේය. වයඹ මායිම් පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ මගේ සහෝදරයා වූ ජාවෙඩ් මට පැවසුවේ භූතෝ හොඳ නැති බවත් රට විනාශ කරන බවත්ය. මගේ සහෝදරයා නිවැරදිය. මනස්කාන්ත අදහස් කරපින්නා ගෙන සිදුකළ ජනසතුකරණයෙන් රට, විශේෂයෙන්ම එහි ආර්ථිකය විනාශ වූ ආකාරය මම දුටුවෙමි. ඔහුගේ ඊනියා ඉස්ලාමීය සමාජවාදයේ සන්නාමය යටතේ රටේ ආයතන විනාශ විය. වානේ, රසායනික ද්‍රව්‍ය, සිමෙන්ති, නැව්ගත කිරීම, බැංකුකරණය, රක්ෂණය, ඉංජිනේරු, ගෑස් සහ විදුලිය බෙදා හැරීම සහ පිටි ඇඹරීම, කපු ඇඹරීම සහ සහල් නිෂ්පාදනය වැනි කුඩා කර්මාන්ත මෙන්ම පෞද්ගලික කර්මාන්ත පවා භූතෝ විසින් පවරා ගනු ලැබීය. පාසල් සහ පෞද්ගලික විද්‍යාල පවරා ගැනීමෙන් අපේ අධ්‍යාපන ක්‍රමයේ විනාශයේ ආරම්භය සිදුවිය. වාසනාවකට මෙන් ඔහු රටේ විශාලතම කර්මාන්තය වූ රෙදිපිළිවලට අත තැබුවේ නැත. භූතෝ පාලනය කළේ ප්‍රජාතන්ත්‍රවාදියෙකු මෙන් නොව ඒකාධිපති ආඥාදායකයෙකු ලෙසය. ඔහු කතෘවරුන්, මාධ්‍යවේදීන් සහ කාටූන් ශිල්පීන් ඇතුළු ඔහුගේ විරුද්ධවාදීන් බොහෝදෙනෙකු සිරගත කළේය. ප්‍රතිගාමී අරමුණු ප්‍රවර්ධනය කිරීම සඳහා තම ප්‍රගතිශීලී වාචාලකම භාවිත කිරීමට උපන් හපන් ඔහු සැබවින්ම ෆැසිස්ට්වාදියෙකි. ඔහුගේ එකම අරමුණ වූයේ සදහටම බලයේ සිටීමයි. එය ඛේදවාචකයක් විය. නියම හැකියාවක් තිබුණු මිනිසෙකු වූ ඔහුට තම රට වෙනුවෙන් බොහෝ යහපත් දෑ කළහැකිව තිබුණි. එහෙත් ඔහුගේ පාලන තන්ත්‍රය අවසන් වන විට මගේ නිගමනය වූයේ පාකිස්තානයට මුහුණ දීමට සිදුවූ නරකම සිදුවීම නම්  භූතෝ බලයට පැමිණීම බවයි."

නමුත් තම පියාගේ පරිපාලනය සාධාරනීකරණය කළ පාකිස්තානයේ හිටපු අගමැතිනී බෙනාසීර් භූතෝ බටහිර සහ නැගෙනහිර පාකිස්තානය වෙන්වීම සහ තම පියාගේ නායකත්වය ගැන ඩෝටර් ඔෆ් ඩෙස්ටිනි නමින් ප්‍රසිද්ධ කළ චරිතාපදානයේ මෙසේ සඳහන් කර ඇත. “1970 දෙසැම්බර් 07වැනිදා යාහ්යා ඛාන් වසර දහතුනකට පසු පළමු මැතිවරණය පැවැත්වීය. ලෝකයේ අනෙක් පැත්තේ පිහිටි කේම්බ්‍රිජ්හි අධ්‍යාපනය හදාරමින් සිටි මම දුරකථනය මා ළඟම තබාගෙන මුළු රාත්‍රිය පුරාම පාඩම් කළෙමි. ජාතික සභාවේ ආසන 138න් 82ක් අත්පත් කර ගනිමින් මගේ පියා සහ පීපීපීය බටහිර පාකිස්තානය අනපේක්ෂිතව ජයග්‍රහණය කළ බව මගේ මව මට පැවසූ විට මම ඉතා සතුටට පත්වූයෙමි. අවාමි ලීගයේ නායක ෂෙයික් මුජීබ් උර්-රහ්මාන් නිතරගයෙන් තරග කළ නැගෙනහිර පාකිස්තානයේ, ඊටත් වඩා වැඩි බහුතරයක් දිනාගෙන තිබුණි".

"කෙසේ වෙතත්, මගේ ප්‍රීතිය කෙටිකාලීන විය. පාකිස්තානයේ දෙපාර්ශ්වයටම පිළිගත හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලිවීමට මගේ පියා සහ බටහිර පාකිස්තානයේ නියෝජිතයන් සමග වැඩ කරනවා වෙනුවට, මුජීබ් නැගෙනහිර පාකිස්තානය නොහොත් නැගෙනහිර බෙංගාලය බටහිර ෆෙඩරේෂනයෙන් සම්පූර්ණයෙන්ම වෙන් කිරීම සඳහා නිදහස් ව්‍යාපාරයක් ආරම්භ කළේය. මගේ පියා ෂේක් මුජීබ්ගෙන් නැවත නැවතත් ඉල්ලා සිටියේ පාකිස්තානය වෙන් නොකර තබා ගන්නා ලෙසත්, යාහ්යා ඛාන්ගේ හමුදා පාලනය පලවා හැරීම සඳහා ඔහු සමග එක්ව කටයුතු කරන ලෙසත්ය. එහෙත් ඊට නම්‍යශීලී වෙමින්  එකඟවීම වෙනුවට මුජීබ් මුරණ්ඩු විය. නැගෙනහිර බෙංගාලි කැරලිකරුවන් ගුවන්තොටුපළවල් අල්ලාගැනීමෙන් ස්වාධීනත්වය සඳහා වූ මුජීබ්ගේ ඉල්ලීමට සහයෝගය පළකළහ.එසේම බෙංගාලි පුරවැසියන්තම බදුගෙවීම ප්‍රතික්ෂේප කළහ. මධ්‍යම රජයේ බෙංගාලි සේවකයන් වැඩවර්ජනවල නිරතවූහ. මාර්තු වන විට රට සිවිල් යුද්ධයක් කරා ඇදීයාම අනිවාර්ය විය" යනුවෙන්බෙනාසීර් තම චරිතාපදානයේ සඳහන් කළාය.

එසේම, "මගේ පියා මුජීබ් සමග දිගටම සාකච්ඡා කළේ පාකිස්තානය බෙදා වෙන් නොකර තබා ගැනීමට සහ නැගෙනහිර පාකිස්තානයේ සිදුවිය හැකි හමුදා මර්දනය වළක්වා ගැනීම සඳහාය. රටට මුහුණ දීමට සිදුවන අන්තිම භායනක තත්ත්වය ගැන අවබෝධ කරගත් ඔහු 1971 මාර්තු 27වැනිදා නැගෙනහිර පාකිස්තානයේ අගනුවර වන ඩකා වෙත ගියේ මුජීබ් සමග තවත් සාකච්ඡා වටයක් සඳහාය" යනුවෙන් බෙනාසීර් වැඩිදුරටත් සඳහන් කළාය. ඒ සියලු උත්සාහයන් අසාර්ථක වූ අතර, "යාහ්යා ඛාන් කැරැල්ල මර්දනය කිරීම සඳහා හමුදාවට නියෝග කළේය. මගේ පියා ඔහුගේ හෝටල් කාමරයේ තනියම නැවතී සිටිමින්, ජෙනරාල්වරුන්ගේ නොවැළැක්විය හැකි බලහත්කාර තීරණය නිසා ඩකා නගරය පුරා නැගුණු ගිනි ජාලා දෙස බලා හදවතින් කම්පා විය" යනුවෙන් ඇය සඳහන් කළාය. බෙනාසීර්තමන්ගේපියාගේක්‍රියාකලාපයන්දෙසසානුකම්පිත ලෙස බලා ඒවා සාධාරණීකරනය කිරීමට යළි යළිත් උත්සාහ ගැනීම අරුමයක් නොවේ. නමුත් ඇගේ කතාවට අවධානය යොමු කිරීම මෙම ගැටුමේ ඇති තවත් පැතිකඩක් හඳුනා ගැනීම සඳහා වැදගත් වේ.

මුස්ලිම් බහුතරයක් ජීවත් වන රටක ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස බෙනාසීර් පත්වන විට ඇයට වයස අවුරුදු 35කි. 2007දී  ඇයරාවල්පින්ඩිනුවරදීපාකිස්තානතලේබාන්ත්‍රස්තවාදීන්විසින්මෙහෙවනුලැබූබිලාල්නමැතිපහළොස්හැවිරිදිමරාගෙනමැරෙනබෝම්බකරුවෙකුගේප්‍රහාරයටහසුවීඝාතනයවිය.  ඊටවසරගණනාවකටපෙරඑනම්1979දී එම නගරයේදීම ඇගේ පියා වූ සුල්ෆිකාර් අලි භූතෝ එල්ලා මරණු ලැබීය.

බටහිර පාකිස්තාන පාලකයන් නිසා නැගෙනහිර පාකිස්තානයේ ජනතාවට කාලාන්තරයක් තිස්සේ මුහුණ දීමට සිදුවූ හිරිහැරවලටසාධාරණයඉටුකිරීමටභූතෝහෝවෙනත්පාකිස්තානපාලකයෙකුසමත්නොවූබවපැහැදිලිය. ලක්ෂපහකටඅධිකබෙංගාලිජාතිකයන්මරණයටපත්වූභෝලාසුළි කුණාටුවෙන් පසු පාකිස්තාන පාලකයන් විපතට පත්වූවන්ට සැලකූ ආකාරය ඊට කදිම නිදසුනකි. තමන්ගේම දේශපාලන ගුණ්ඩු නිසා රටේ ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට නොහැකි තැනට තල්ලු වූ පසු මුජීබ් සමග දේශපාලන සහවාසයක් ගැන අවධානය යොමු කළේ භූතෝගේ දේශපාලන පැවැත්ම උදෙසා මිස රටට ඇති සැබෑ ආදරයකට නොවේ. ඕනෑම සමාජ ගැටලුවකට මැදිහත් විය යුත්තේ එය පාලනය කර ගැනීමට හැකි අවස්ථාවේදීය. එය පාලනයෙන් මිදුණු පසු කිඹුල් කඳුළු හෙළීමෙන් සුගතියක් අත්වන්නේ නැත.   

මෙහිදී එක් මූලික කාරණයක් පැහැදිලිය. නිදහසින් පසු පාකිස්තානයේ ඉහළ දේශපාලන ඇවරිය නියෝජනය කළ අයවලුත් අතර, බල පොරය වෙනුවෙන් පැවැති කුළල් කා ගැනීම් සහ බටහිර පාකිස්තානය නියෝජනය කළ දේශපාලනඥන් නැගෙනහිර නියෝජනය කළ දේශපාලනඥන් යටතේ පාලනය වීම තමන්ට මදිකමක් ලෙස සැලකීම නිසා සමස්ත රටටම වන්දි ගෙවීමට සිදුවිය. මීට පෙර සඳහන් කළ පරිදි මුජීබ්ට පාකිස්තානය වෙන් කිරීමේ වුවමනාවක් කිසිසේත්ම නොතිබුණු අතර ඔහු තම කරුණු හයේ ලේඛනය ඔස්සේ බලාපොරොත්තු වූයේ පිළිගත හැකි බලය බෙදීමකි. එහෙත් එම යථාර්තය තේරුම් ගැනීම වෙනුවට, පාකිස්තාන පාලකයන් බෙංගාලි ජාතිකයන්ට කුඩම්මාගේ සැලකිලි ලබාදුන්නේය.1971දී බංග්ලාදේශය බිහිවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

බංග්ලාදේශය බිහි කිරීමෙන් මාස ගණනාවකට පසු මුජීබ් පාකිස්තානයේ සිරෙන් නිදහස් වී ලන්ඩන් නගරය බලා පිටත් වූ අතර, ඉන් පසු නව දිල්ලිය හරහා සිය රට බලා ගියේය.බෙංගාලි ජාතිකයන් ස්වදේශිකයාගේ ආගමනය මහත් හරසරින් පිළිගත්හ. නමුත් මුජිබ් හමුවේ තිබූ අභියෝගය සුළුපටු නොවීය. ඔහුගේ පළමු පියවර වූයේ රටට ගැළපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමය.

සේයාරුව 1972 ඉන්දියාවේදී එවකට ඉන්දීය අගමැතිනී ඉන්දිරා ගාන්ධි සහ පාකිස්තානයේ සුල්ෆිකාර් අලිභූතෝ හමුවූ අවස්ථාව. 19හැවිරිදි බෙනාසීර් භූතෝ ඇගේ පියා අසල සිටගෙන සිටියි.

දොලොස්වන කොටස හෙට

දහවන කොටස කියවීම සඳහා පිවිසෙන්න - https://bit.ly/3EEJ4GJ



Recommended Articles