පොම්පියෝ වෙත ආදරයෙන්
හිතවත් පොම්පියෝ,
ඇත්තටම ඔයාට හිතවත් කිව්වට හිතරිද්ද ගන්න එපා. මම නම් කැමති ඔයාට ආදර කියලාඅමතන්න. මම ඇමරිකාවටත් චීනෙටත් අපේ තාත්තටත් ආදරය කරන්න ගත්තේ කිසිම දේශපාලන සවිඥානයක් නැති පුංචි සන්දියේ ඉඳන්. ඒ හින්දා මේ ලව් එකකින්වත් දැන් ගැලවෙන්න බෑ.
ලංකාවේ දේශපාලනය තේරෙණ ඇත්තො කියනවා, මේ වෙලාවේ රට දෙන්නේ ඇමරිකාවටද චීනෙටද කියන පිම්පි ජොබ් එකලු දැන් තීරණය කරන්න වෙලා තියෙන්නෙ. මට නම් ඕවා තේරෙන්නෙ නෑ. හොඳ ඩීල් එකකට එනව නම් මේ වෙලාවේ ඔය කාට දුන්නත් කමක් නෑ කියලා තමයි මට හිතෙන්නේ.
හැබැයි ඔහේලාගේ ඩීල් එක හොඳ නම් ලංකික ජනතාවගේ වැඩි කැමැත්ත චීනෙට නෙමෙයි කියලා සහතිකයි. චීන්නු මේ රටේ තැන් තැන්වල චීන භාෂාවෙන් බෝර්ඩ් ගහන එකට අපේ ඈයන්ට දැන් තද වෙලා ඉන්නෙ. ඔහේලා ඉතිං සිංහල භාෂාව ඉංග්‍රිසි අකුරුවලින් ලියන්න කිව්වත් අපි නම් රෙඩී. දැනටත් කොල්ලො කෙල්ලො අනාගතේ ගැන හිතලා ලව් කරන්නෙ එහෙම තමයි.
අපි ඉස්සර ලව් එකට හිතන් හිටියෙ චීනෙ කියන්නෙ කොමියුනිස්ට් රටක්ය කියලා. දැන් නිකමටලංකාවේ කොමියුනිස්ට් පක්ෂෙ එකෙක්ගෙන් අහලා බලන්නකෝ වීසා ඕනේ මොන රටටද කියලා? ඔහේලගෙ ට්‍රම්ප් ලොක්කගේ දැන් හොඳම යාලුවෝ ඉස්සර අපේ කොමියුනිස්ට් සහෝදරයන්ගේ යාලුවෝ වෙච්චි රුසියාවයි උතුරු කොරියාවයිනෙ. අනික ඇමරිකාව දැන් අධිරාජ්‍යවාදී තරඟයෙන් චීනෙට පරාද වෙලා ඉස්සර සෝවියට් එක හිටපු තැනට වැටිලා නිසා ඔහේලා අපිට සමීප වැඩියි වගේ දැනෙනවා වැරදිලාවත් බර්නි සැන්ඩර්ස් ජනාධිපති වුණා නම් කොමියුනිස් පක්ෂෙ කාර්යාලකුත් වොෂින්ටන් වල විවෘත කරාවි කියලා අපි හිතන් හිටියේ.
අපි කුන්ෆු වගේ ඇමරිකන් ටෙලි නාට්‍ය බලලා තමයි ඉතිං චීනෙට පවා ලව් කරලා තියෙන්නෙත්. චීන්නු හදපු කුන්ෆු ෆිල්ම් බැලුවා නම් චීනේ එපා වෙන්නේ මීට ගොඩාක් ඉස්සර. උපන්දා සිටඇමරිකන් ෆිල්ම් බලපු අපිට හොඳටම විශ්වාසයි දවසක අපිව විනාශ මුඛයෙන් බේර ගන්නෙ ඇමරිකන්කාරයෙක් කියලා. මගේ පුතා අහනවා ඒ කෙනා බිහි වෙන්නේ මාර්වල් - ඩීසී කොමික්ස් කියන සුපර්හීරෝ කොම්පැනි දෙකෙන් මොකෙන්ද කියලා? ඒවා නිකම් කොමික් විතරයි කිව්වට පොඩි එකාට තේරෙන්නෙ නෑ.
අනෙක චීනේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසත් නෑනෙ. අපි නම් යාන්තමට මාර්ක්ස් ගැන අදහසක් වුණත් ප්‍රකාශ කර ගන්නෙ ඔහේලගේ මාර්ක්ට පිංසිද්ද වෙන්න. ඒ අතින් ගත්තම මිනිහා ඇමරිකාවටත් වැඩිය සේවයක් ලංකාවට කරලා තියෙනවා. ඒත් ඔයාලගේ ට්‍රම්ප් ලොක්කට නම් මීඩියා අරහන් නේද? එයාට අනුව ලෝකෙ ඔක්කොම තියෙන්නෙ ෆේක් නිවුස්. මිනිහා ඔය තියරිය ඉගෙන ගන්න ඇත්තේ ලංකාවෙන් කියලා මට නම් සාධාරණ සැකයක් තියෙනවා. මොකද ලංකාවේ අපේ මීඩියා ෆේක්නිවුස් පටන් ගත්තේ ඔහේලගේ ලොක්කා හෝටල් දාන කාළේ.
කෑමෙන් බීමෙන් වුනත් අපි ඉතිං ළඟයි නේ. ඇමරිකන්කාරයෝ බල්ලො කන්නෙ නෑ. අපිත් වල්සත්තු (නැති වෙලාවට) කන්නෙ නෑ. පේනවනෙ වවුලෙක් කලා දැන් මුලු ලෝකෙම එල්ලිලා ඉන්න හැටි. ඔහේලා මෙහේ ප්‍රොජෙක්ට් කරන්න ගත්තා කියලා චීන්නු ඉන්න පළාත්වල වගේ පාරක් පාරක්ගානෙ ඉන්න බල්ලො ටික අතුරුදහන් වෙන එකක් නෑනේ. අනික අපේ පාරක් පාරක් ගානේ බල්ලෝවගේ මැරෙන පාතාලේ ලොක්කො ටික වුණත් ඕනනම් ඔහෙලගෙ ගුවන්තනාමෝ වගේ කඳවුරකට දාලා සැප දෙන්න බැරිය, නැද්ද?
හැබැයි පුතෝ ‘කැච් මී ඉෆ් යූ කැන්’ ෆිල්ම් එකේ වගේ පොලීසියට අහුවෙන හැම හොරාම පොලිස්සේවයට බඳව ගන්න නම් හිතන්න එපා මෙහෙදී. එහෙම වුණොත් ලෝකේ විසාලම පොලිස් බලසේනාව ඉන්න රට හැටියට අපිව ඉතිහාසගත වෙන්න පුලුවන්.
ඔහේලා මෙහේ ඇමරිකන් හමුදා කඳවුරක් තනන්න හදනවා කියලා කතාවකුත් කනින් කොනින් ඇහුනා. අපේ තාත්තා නම් කියනවා වියට්නාමෙන්, ඉරාකෙන්, ඇෆ්ගනිස්ථානෙන් අම්බානක කාපු ඔහේලා මෙහේ දාන්න යන්නේ හමුදා පුහුණු කඳවුරක්ලු. ත්රස්තවාදීන් පරාද කරන හැටි ලංකාවේ හමුදාවෙන් ඉගෙන ගන්න. හැබැයි ඒ වුණාට ඔහේලා වැඩි හරියක් කළේ කාව හරි ත්‍රස්ත කරන වැඩනේ. ත්‍රස්තවාදය ප්‍රගුණ කරන්න වුණත් තව සමපදස්ථ පුහුණුවක් ඕනෙ නම් ඉල්ලන්න ලැජ්ජවෙන්න එපා.
හැබැයි පුතෝ ඔය මොනවා කළත්, ඊළඟට අපිට ඇමරිකන් පුරවැසිභාවය දෙනවා කියලා නම්කි යන්න එපා හොඳේ. මොකද එහෙම වුණොත් මේ තුනෙන් දෙකේ ආණ්ඩුවල හයෙන් පහයි තුන්කාලේ බලවේගයකින් පෙරළලා රට ඔහෙලටම දෙන්න සීසර්ට පිහියෙන් ඇණපු අන්තෝනියෝලා එක පයින් සූදානම් වෙන්න පුලුවන්. ‘මම ලෝකෙන් උතුම් රට ලංකාවට ආදරෙයි තමයි, හැබැයි ඊට වැඩිය අපි ඇමරිකාවට ආදරෙයි’ කියා කියාවි ඒ ගොල්ලෝ. බෲටස් ඉඳීවී අත්දෙක ඉණට තියාන.
අනෙක් අතට මෙහේ ඉන්න ජාතිවාදියෝ ටිකට ට්‍රම්ප් උන්නැහේගේ නායකත්වය ලැබුනොත්, ඊටපස්සෙ උන් ශුද්ධ වූ ඇමරිකන්කාරයෝ වෙලා මේ රටේ ඉන්න දෙමළ මුස්ලිම් විතරක් නෙමයි සිංහල ඈයොත් රටෙන් එලවලා තමයි පස්ස බලන්නේ.
මෙච්චර කාලයක් අපිට තිබුණ ප්‍රශ්නෙ තමයි අපි පිං දෙන, තිස්තුන් කෝටියක් දෙවිදේවතාවෝ වැඩ ඉන්නෙ කොහෙද කියන එක? දැන් තමයි ඒ රහසත් එළි වුණේ. ඇමරිකාවේ ජනගහනය තිස්තුන් කෝටියයිනෙ.
හරි, දැන් අපිට දැන ගන්න ඕන ඔහේලට කොයි විදියට ද ලංකාව ඕනෙ කියලා. මොකද අපිත් කාලෙක ඉඳන් බලන් ඉන්නේ මේකේ පරිපාලනය ලෝකේ දියුණු රටකට බාර දෙන්න තමයි.
ඔහේලටත් ඕනේ චීනෙට වගේම ආර්ථිකේ අතට අරන් අපේම මිනිස්සු දාලා රට කරවන්නද? නැත්තන් ඒ ටිකත් ඔහේලම කරනවද? එහෙම නම් පොඩි දෙයයි කරන්න ඕන.
ට්‍රම්ප්ට හරි, ඔයාට හරි, ඔයාලගේ ඔය කාට කාට හරිල තියෙන්නේ ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ගන්න. ඊට පස්සෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න. ඇවිත් අගමැතිකම ඉල්ල ගන්න. ඊටපස්සෙ ජනාධිපතිට අයින් වෙන්න කියලා ජනාධිපති වෙන්න. එතකොට අපේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නෙ නැතුවම රට ඔයාලගෙ.
ඒ මදිවට ඔයා ලංකාවේ නිදහසයි වෛරීභාවයයි රකින්නත් දැන්මම පොරොන්දු වෙලා. අපි දන්නව, තමන්ගෙ ඉඩමට අනුන්ගෙ හරක් එනවට ඉතිං අපි කවුරුත් කැමති නෑ.
ඒත් ඔහේලා ලංකාව බාර ගන්නව නම් උපදේශක තනතුරක් බාර ගන්න මම සූදානම්.
මීට,
හයෙන් පහයි තුන් කාලේ ශ්‍රී ලාංකිකයෙක්