රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වනවිට යම් යම් අර්බුදවලට ලක්වෙමින් තිබේ. මේ තත්ත්වය නිසාම සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට තිබූ පක්ෂ මහා සම්මේලනයවත් තවමත් පැවැත්වීමට නොහැකිවී ඇත. මේ පිළිබඳවත් පළාත් සභා මැතිවරණය කල්දැමීම පිළිබඳවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සමග කතාබහක නිරතවීමු.
පක්ෂ ප්රතිසංවිධාන කටයුතු
ආසන මට්ටමේ ප්රතිසංවිධාන කටයුතුවලින් 99% කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට සිදුකරලා තියෙන්නේ. මේ නිසා අපි පසුගිය 04 වැනිදා පක්ෂයේ විශේෂිත මහා සම්මේලනයක් පැවැත්වූවා. ඒ සඳහා පාක්ෂිකයන් විශාල උනන්දුවකින් සහභාගී වුණා. ඒ වගේම මෙම සමුළුවට ආරාධනා කළ පක්ෂයේ නියෝජිත මට්ටමේ පිරිස්වලට මේ නිසා පාක්ෂිකයන් වෙනුවෙන් අපි දිස්ත්‍රික්ක මට්ටමින් සම්මේලන පවත්වන්න සැලසුම් කරලා තියෙන්නේ. ඉන්පසුව ග්‍රාමීය මට්ටමින් ජනතාව දැනුවත් කිරීමටත් කාන්තා හා තරුණ බල මණ්ඩල ශක්තිමත් කිරීමටත් කටයුතු කරනවා.
පක්ෂයේ සංවත්සරය කල් දැමීම
පක්ෂ සම්මේලනය පසුගිය ඔක්තෝබර් මාසයේදී පවත්වන්න සැලසුම් කරලා තිබුණේ. කොහොම වුණත් පසුගිය කාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව හෙළිදරව් වුණා. ඉන්පසුව රට තුළ විවිධ ගැටලු ඇති වුණා. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන පක්ෂ සම්මේලනය පැවැත්වීම කල්ගියත් කඩිනමින් සම්මේලනය පවත්වනවා.
අපේ පක්ෂයේ සම්මේලනය කල්යාම ගැන කතා කරන කිසිම පක්ෂයකට නිවැරදි ලෙස සම්මේලනයක් පවත්වන්න නොහැකි වුණා. ඒත් ඔවුන් අනුන්ගේ දේවල් ගැන කතා කරනවා. ඒත් අපි මහා සම්මේලනය ක්‍රමවත්ව විධිමත්ව පවත්වනවා.
පක්ෂ නායක ඝාතන කුමන්ත්‍රණ
ඉතිහාසය පුරාම මෙවැනි ඝාතන කුමන්ත්‍රණ පිළිබඳව වාර්තාවෙලා තියෙනවා. 1956 සිදුකළ ප්රතිගාමී කුමන්ත්‍රණය සාර්ථක වුණා. ඉන්පසුව 1962 වසරේදී මෙවැනි ක්‍රමන්ත්‍රණයක් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළා.
මේ අවස්ථාවේදී නැවත එවැනිම කුමන්ත්‍රණයක් පිළිබඳව හෙළිදරව් වුණා. මේ තත්ත්වය තුළ කළ හැකි හා නිවැරදි දේ වුණේ අපි සමග වැඩකළ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම් එකතු කරගැනීම.
ජාතික ආණ්ඩු පාලන රටට ගැළපෙනවාද?
ජාතික ආණ්ඩු සංකල්ප රටට ගැළපෙනවාද නැද්ද කියලා අත්හදා බැලීම් කරලා තියෙනවා. 1960 දශකයේදී වාමවාදී ප්රගතිශීලී බලවේග සමග ජාතික ආණ්ඩුවක් හදන්න සිරිමාවෝ මැතිනිය උත්සහ කළා. මේක එක්තරා විදිහකට සාර්ථක වුණා.
ඉන්පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය මෙවැනි දෙයක් කිරීමට උත්සහ කළා. එතැනදී ජනතා විමුක්ති පෙරමුණ සමග පරිවාසගත වෙන්න උත්සාහ කළා. ඒ අවස්ථාවේදී සාර්ථක මෙන්ම, අසාර්ථක දේවල් සිදුවුණා. ඉන්පසුව 2015 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩු සංකල්පයකට ගියා. මේ හරහා රටට සංවර්ධනයක් අත්කර ගත හැකිය කියලා අදහසක් තිබුණා. ඒත් ජාතික ආණ්ඩු සංකල්පය ඇතිවූ මොහොතේදීම එක්සත් ජාතික පක්ෂය මහා බැංකුව කොල්ල කෑවා රටට ආගන්තුක පුද්ගලයෙකු මහබැංකු අධිපති කරලා. ඒ වගේම එම පාලන කාලය තුළ රාජ්‍ය සම්පත් විකුණා දැමීම හා බදු ලබාදීම කිසිවෙකුත් සහභාගී නොකරගෙන ව්‍යවස්ථාවක් සකස් කිරීමට උත්සාහ කිරීම වැනි දේවල් සිදුකළා. මේනිසා ජාතික ආණ්ඩු සංකල්පය මේ වනවිට රටට ප්රශ්නකාරී දෙයක් වෙලා තියෙන්නේ.
මැතිවරණවලදී පක්ෂය සන්ධාන ගතවීම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ කිසි දවසක තනිවම මැතිවරණවලට ඉදිරිපත් වෙලා නැහැ. 1956 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවකට තිබූ සමසමාජ පක්ෂය කොමියුනිට්ස් පක්ෂය, භාෂා පෙරමුණ සමග එකතුවෙලා මහජන එක්සත් පෙරමුණක් ලෙස තමයි මැතිවරණයට ඉදිරිපත් වුණේ. එතැනදී බණ්ඩාරනායක මහත්තයා ජයග්‍රහණය කළා.
ඉන්පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමසමාජ හා කොමියුනිට්ස් පක්ෂය සමග ගිවිසුමක් ඇතිකරගෙන තම තමන්ගේ අනන්‍යතාවන් සහිත ලකුණු යොදාගෙන 1970 වසරේදී තරග කළා.
ඉන් පසුව පොදුජන පෙරමුණ ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මැතිවරණයට ඉදිරිපත් වුණා. ඉන්පසුව මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරග කළා. අද දවස වනවිට නූතනයට ගැළපෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පුළුල් සන්ධානයක් ගොඩනගමින් තියෙන්නේ. මේ සඳහා රටට ආදරය කරන සියලුම බලවේග එකතු වෙමින් තිබෙනවා.
නව සන්ධානය
මේක අලුත් පෙරමුණක් මේ නිසා අලුත් නමකින් අලුත් ලාංඡනයකින් ළඟදීම එළිදක්වනවා. ඒ වගේම ප්‍රතිපත්ති ප්‍රකාශය නව වැඩපිළිවෙළ එළිදැක්වීමට සැලසුම් කරලා තියෙන්නේ. මේ සඳහා ප්රගතිශීලී වාමාවාදී සියලු දෙනාම එකතු කරගන්නවා.
2020 ජනාධිපති අපේක්ෂකයා
අපේ ගාව පොදු අපේක්ෂක සංකල්පය නැහැ. අපි සියලුම බලවේග එකතු වෙලා පුළුල් පෙරමුණක් සකස් කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා. අපි කිසිම දවසක පොදු අපේක්ෂකයෙකු කියලා පක්ෂයෙන් පිට කවුරුවත් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරලා නැහැ. පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ බංකොළොත්භාවය නිසා. ඒත් අපේ පක්ෂයට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට හොඳ පසුපෙළක් ඉන්නවා. ඒ වගේම හොඳ තරුණ පිරිසක් සිටිනවා. මේ නිසා ජනාධිපති අපේක්ෂකයා නිශ්චිත අවස්ථාවේදී ඉදිරිපත් කරනවා.
පළාත් සභා මැතිවරණය කල් දැමීමේ චෝදනා එල්ලවීම
එක්සත් ජාතික පක්ෂයත් සමග ගමන් කරන වකවානුවක් තුළ අගමැති වෙලා හිටියේ එක්සත් ජාතික පක්ෂ නායකයා මැතිවරණය කල්දැමීම පිළිබඳව මේ නිසා අපිට චෝදනා එල්ල කරන්න බැහැ. මොකද අපි කවදාවත් මැතිවරණවලට බය පක්ෂයක් නොවෙයි. පසුගිය කාලය පුරාම අපි කිව්වෙ හැකි ඉක්මනින් මැතිවරණය පවත්වන්න කියලා. මේ නිසා මැතිවරණය කල්දැමීමට කටයුතු කළා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කාටවත් චෝදනා එල්ල කරන්න බැහැ.
අනුපාත ක්‍රමය හා කොට්ඨාස ක්‍රමය
ආසනයට වගකියන මන්ත්‍රීවරයෙකු ඉන්න ඕන. ඒත් එක්සත් ජාතිකපක්ෂය හඳුන්වා දුන් මනාප ක්‍රමය නිසා ගමට වගකියන මන්ත්‍රීවරයෙකු නැහැ. ඒ වගේම හොඳ නියෝජිතයෙකු පත්කර ගැනීමට විශාල උත්සාහයක් ගන්න ඕන. මනාප ක්‍රමය හරහා වැඩියෙන්ම පත්වුනේ කෝටිපතියන්, ජාවාරම්කරුවන්.
මේ නිසා පාර්ලිමේන්තුව තුළ හොඳ කතාවක් පවා අහන්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ වගේම විනය වගේම හැසිරීමත් ඉතාමත් වේගයෙන් බිඳවැටෙන්න පටන් ගත්තා. මේ නිසා කඩිනමින් මෙය නිවැරදි කළ යුතුයි. මේ නිසා තමයි පළාත් සභා මැතිවරණ ක්‍රමයත් ආසන ක්‍රමයකට පවත්වන්න කියලා පක්ෂය කියන්නේ පළාත් පාලන ආයතන මැතිවරණයේදී යම් යම් අඩුපාඩු තිබුණා. හැබැයි අපි ඒවා නිවැරදි කරගෙන යන්න ඕන.
යහපාලන ආණ්ඩු සංකල්පයේදී පක්ෂයේ වගකීම
පසුගිය පාලන සමයේදී රටට යම් දෙයක් කළා නම් ඒක සිදුකළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් රට තුළ නිර්මාණය වූ විශාලතම ජලාශය වන මොරගහකන්ද ජලාශය හැදුවා. ලංකා ඉතිහාසයේදී එක්සත් ජාතික පක්ෂය ජලාශ 05ක් සකස් කළා. ඒ පහේම අරමුණ වුණේ විදුලිබල නිෂ්පාදනය. ඒත් රටේ ගොවීන්ගේ අවශ්‍යතාව වන කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබාදෙන්න සැලසුම් කළේ නැහැ.
ඒත් මොරගහකන්ද ජලාශය මගින් ගොවීන්ගේ අවශ්‍යතාව ඉටුවෙනවා. ඒ වගේම පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් වැළැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදහත් නොවුණා නම් විදේශීය ජාතිකයන්ගේ කෙළිමඬලක් බවට රට පත්වෙනවා. රාජ්‍ය බැංකුවලට බලපෑම් සිදුවෙනවා. ඒ වගේ මහබැංකු වංචාව හෙළි කරගැනීමත් විශාල කටයුත්තක්. බණ්ඩාරනායක ආණ්ඩුවෙන් පස්සේ ඇමතිවරයෙකු කැබිනට් මණ්ඩලයෙන් අයින් කළ අවස්ථාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළා.
වර්තමානයේ පාර්ලිමේන්තුවේ හැසිරීම
පාර්ලිමේන්තුව තුළදී සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. විශේෂයෙන් මේ තත්ත්වය ඇති වුණේ මනාප ක්‍රමය හදුන්වාදීමෙන් පසුව. ඇන්.ඇම්. පෙරේරලා, ඩඩ්ලි සේනානායකලාගේ, එස්.ඩී. බණ්ඩලාගේ, යූ.බී. වන්නිනායකලාගේ, අමිර්ත ලිංගම්ලගේ කතා වැනි කතාවක් අද අහන්න ලැබෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ බිඳවැටීම පාර්ලිමේන්තු අකර්මණ්‍ය වීම ප්‍රතිසංස්කරණය කරන්න උත්සාහ කළත් ඒවා කඩාකප්පල් වුණා. වර්තමානය තරම් පාර්ලිමේන්තුවේ හැසිරීම පිරිහුණු කාලයක් තවත් තිබිලා නැහැ.
වංචනිකයන්ට දූෂිතයන්ට අපේක්ෂකත්වය ලබාදීම
මේ ක්‍රමය කඩිනමින් විසඳිය යුතුයි. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂයක් ලෙස වංචනිකයන්ට, දූෂිතයන්ට අපේක්ෂකත්වය දෙන්න එපා කියලා හදන ඕනෑම ජනමතයකට පූර්ණ සහයෝගය ලබාදෙනවා. මුලින්ම මේ සඳහා සමාජ මතයක් හදන්න ඕන. ඒ වගේම පොත්ත සුදුවූ පමණින් හෝ රඟපාන්න පුළුවන්වූ පමණින්, දුවන්න පුළුවන් වූ පමණින් අපේක්ෂකත්වය ලබා නොදිය යුතුයි. මොකද දේශපාලනයට හිතන්න වැඩකරන්න වගේම, රට ගැන සිතන විශිෂ්ටයන් අවශ්‍යයි. ඒ අය ඕන තරම් අපේ සමාජයේ ඉන්නවා.
නව සන්ධානයක් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉරණම
එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහිවීම ඓතිහාසික එකක්. මොකද 1956 දේ නූතනයට ගැළපුණේ නැහැ. 1970 දේ වගේම 1994 වූ දේත් නූතනයට ගැළපුණේ නැහැ. මේ නිසා රට සංවර්ධනයකිරීම සඳහා වූ දුෂ්කර කාර්යට සඳහා අපි මුහුණ දෙන්න ඕන.
දේශපාලනයට උගතුන් බුද්ධිමතුන් හිඟවීම
නව ලිබරල් ආර්ථිකය නිසා බොහෝ දෙනෙක් තනි තනිවම සිතන්න පටන් අරන් තියෙන්නේ. ඒක නිසා තමන්ට ගෙයක්, තමන්ට කාරයක්, තමන්ට උසස්වීමක්, ශිෂ්‍යත්වයක් වැනි සිහින තියෙන්නේ. ඒකේ විපාක තමයි අද අපි භුක්ති විඳිමින් තියෙන්නේ. මේ නිසා බුද්ධිමතුන් පිළිබඳව නැවත නැවත සමාලෝචනය කිරීමට සිදුවෙලා තියෙන්නේ.
රටට ගැළපෙන ආර්ථික ක්‍රමය
සමාජවාදී ක්‍රමය ගැන කතා කිරීමේදී අද වනවිට එය අසාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම ධනවාදී ක්‍රමය තුළ ලෝකයා බරපතළ අර්බුදයකට ලක්වෙලා තියෙනවා. අපිට ගැළපෙන ස්වදේශිකත්වය නිෂ්පාදන ආර්ථිකය හා ජාතිකත්වය හා හැමෝටම අයිති ශ්‍රී ලංකාවක් ලෙස සලකන එා ඒ වගේම පෞද්ගලික අංශය, සමුපකාර අංශයත් අවශ්‍යයි. මේ නිසා මේ සියලුම දේවල් සංකලනය කරලා රටට ගැළපෙන ආර්ථික ක්‍රමයක් ඇතිවිය යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ සූදානම
අපි මැතිවරණවලට බය පක්ෂයක් නෙවෙයි. අපි ඕනෑම මැතිවරණයකට සූදානමින් ඉන්නෙ. ඒ මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක්ද, පළාත් සභා මැතිවරණයක්ද, ජනාධිපතිවරණයක්ද කියන එක ප්‍රශ්නයක් නොවෙයි. අපේ පාක්ෂිකයන් ඉතාමත් උද්යෝගිමත් ආකාරයට බිම මට්ටමේ කටයුතු මේ වන විට සිදු කරනවා. පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට නායකත්වය ලබා දෙමින් තිබෙන්නෙ.