වසරකට මෙරට මුදල් විශාල ප්‍රමාණයක් වැයකරමින් ගෙන්වන පිළිකා හඳුනාගැනීමට භාවිතකරන විකිරණශීලී ද්‍රව්‍යයක් රට තුළ නිෂ්පාදනය කිරීමට සුර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක් සූදානම් වන අතර, ඒ සඳහා ගිවිසුම් අත්සන් කිරීම අද (13දා) සිදුකිරීමට නියමිතය.
රට තුළ මුදල් ඉතිරි කිරීමක් සේම රෝගී සත්කාර සේවයක්ද වන මේ සම්බන්ධයෙන් සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමග සාකච්ඡා කළෙමු.
ලංකාවේ නිපදවීමට යන මේ විකිරණශීලි ද්‍රව්‍යය කුමක්ද? ඒ ගැන මුලින්ම කතා කරමු?
පුනර්ජනනීය පිළිබඳ අමාත්‍යාංශයක් විදිහට සෞඛ්‍ය අංශයට අදාළ දේවල් කරන්නේ කොහොමද කියන එක ගැන කවුරුත් හිතන්න නැතුව ඇති. පරමාණු බලශක්ති අධිකාරිය වගේම පරමුණු බලශක්ති මණ්ඩලය කියන මේ ආයතන දෙකම තිබෙන්නේ අපේ අමාත්‍යාංශය යටතේ. මේ ආයතන දෙක මගින් රටට විශාල සේවයක් කරනවා. ඒ වගේම රට තුළ ඖෂධ නිෂ්පාදනය කළ යුතුයි කියන මතයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් දැන් කටයුතු කරගෙන යනවා. මේ නිසා අපේ අමාත්‍යාංශය සහ ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය එක්ව පිළිකා මර්දනයට භාවිතකරන විකිරණශීලී ඖෂධයක් රටතුළම නිෂ්පාදනය කර ගැනීමට ගිවිසුම්ගත වීමට සූදානමින් සිටිනවා. මෙලෙස නිෂ්පාදනය කරන්න සූදානම් වන්නේ පිළිකා රෝගීන් හඳුනාගැනීම සඳහා ස්කෑන් පරීක්ෂණයට භාවිතකරන විකිරණශීලී ඖෂධයක් වන ෆ්ලෝරෝ ඩියෝසි ග්ලුකෝස් (18F-FDG) ඖෂධය.
මේ වන විට එය ලබාගන්නේ විදෙස් රටවලින්. එය ලංකාවේ නිෂ්පාදනය කිරීමේ වාසිය කෙබඳුද?
දැනට මේ විකිරණශීලී ද්‍රව්‍යය ඉන්දියාවෙන් ආනයනය කරන්නේ. එය ප්‍රවාහනයේදී ඖෂධයේ ජීවගුණයෙන් 97෴ක්ම විනාශ වෙනවා. ඒ කියන්නේ අපිට භාවිත කළ හැකි වන්නේ 03෴ක් වැනි ප්‍රමාණයක්. මේ ඖෂධය අපේ රට තුළ නිෂ්පාදනය කළොත් පමණයි උපරිම ප්‍රමාණයක් භාවිත කරන්න පුළුවන්. ඒ නිසා මේ ඖෂධය ලංකාව තුළම නිෂ්පාදනය කරන්නට පරමාණු බලශක්ති මණ්ඩලයට හැකියාව ලැබි තිබෙනවා. එමගින් විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම පිළිකාවක් තිබෙනවාද නැතිද යන්න හඳුනාගන්න පෙට් ස්කෑන් එකක් කරන්න මාස ගණනක පෝලිමක ඉන්න සිදුවෙලා තිබෙනවා. අපේ රට තුළ සෞඛ්‍යය නොමිලේ දුන්නත්, එය ප්‍රමාණාත්මකව නැති නිසා ජනතාව පීඩා විඳිනවා. මේ නිසා එය ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ලබාදෙන්නේ කොහොමද කියන දේ පිළිබඳව සිතාමතා කටයුතු කිරීම තමයි ආණ්ඩුවක් ලෙස අපේ වගකීම වෙන්නේ. ඒ අනුව අපේ වගකීමක් ඉටුකිරීමක් ලෙස මේ ඖෂධය අපි සකස් කරන්නේ පරමාණු බලශක්ති මණ්ඩලය මගින් ජාත්‍යන්තර විකිරණශීලී ආයතනයේ ආධාර හා පුහුණුවීම සමගයි. දේශීය වශයෙන් ලබාගන්නා ණය මුදලක් මත මෙහි මුල් අදියරේ කටයුතු ආරම්භ කරනවා.
එක් රෝගියකු වෙනුවෙන් මෙම ඖෂධය ලබාදීමට රුපියල් 54,000ක් පමණ වැය වෙනවා. මෙය ලංකාව තුළ නිෂ්පාදනය කරනවා නම් රුපියල් 14,000ක් වැනි මුදලකට එය නිෂ්පාදනය කරන්න හැකියාව තිබෙවනවා. මේ ඖෂධය ගෙන ඒම සඳහා වර්ෂයකට බිලියන 100ක් වගේ මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වියදම් කරනවා. එහෙම වියදම් කරලත් සතියකට පුද්ගලයන් 10දෙනෙකුගේ පමණ තමයි මේ පරීක්ෂණය සිදුකරන්නේ. පසුගිය වර්ෂයේ මිලියන 100ක් මේ ඖෂධය වෙනුවෙන් වියදම් කරලා රෝගීන් පරීක්ෂා කරලා තිබුණේ 1900ක් වගේ ගණනක්. නමුත් වාර්ෂිකව 30,000කට වැඩි පිරිසක් මේ පරීක්ෂණය කරගන්න බලාගෙන ඉන්නවා.
ඒ නිසා රුපියල් 14,000ක් වගේ මුදලකට මේ ඖෂධය නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් බිලියන 100ක් වියදම් කරලා රෝගීන් සියලුදෙනාම පරික්ෂා කරන්න පුළුවන් කියන සහතිකය පරමාණු බලශක්ති මණ්ඩලය අපිට දැනුම්දීල තිබෙනවා. ඒ වගේම පෙට් ස්කෑන් සඳහා පමණක් නෙවෙයි තවත් පරීක්ෂණ රැසක් සඳහාම මේ ඖෂධය භාවිත කරන්න පුළුවන් වෙනවා.
ලංකාව තුළ පිළිකා රෝගීන් වැඩිවෙලා තියෙනවා කියලා අපි දන්නවා. අනුරාධපුරය ගත්තොත් හැමතැනම වගේ පිළිකා රෝගීන්න ඉන්නවා. ලංකාවේ පිළිකා රෝගීන් වැඩි නම් මේ පිළිකා පරීක්ෂණය ඉතාම වැදගත් වෙනවා. මොකද ලෙඩෙක් වුණාට පස්සෙ ගිහින් බෙහෙත් ගන්නවාට රෝගයට පෙර හඳුනාගන්න අවස්ථාව තිබෙනවා නම් ඒක බොහොම වැදගත් කාරණයක් වෙනවා. අපේ අරමුණ වෙන්නේ ඒ වෙනුවෙන් කටයුතු කිරීමයි. එයට දායක වෙන්න ලැබීම ගැන අපි සතුටු වෙනවා.
මෙරට නිපදවන මෙම ද්‍රව්‍යය භාවිත කිරීමට ලැබෙන්නේ කවදා සිටද?
මේ සඳහා යෝජනාවලිය සකස්කර අවසන්. ජාත්‍යන්තර පරමාණු බලශක්ති සංගමය මගින් අවශ්‍ය පුහුණුවීම් ලබාදෙනවා. ඒ වගේම අවශ්‍යකරන දැනුම දෙනවා. ජාත්‍යන්තරය සමග තිබෙන සහයෝගය මතයි මේ සියලු දේ සිදුකරන්නේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කොතලාවල ආක්ෂක විශ්වවිද්‍යාලයේ ඉඩමක් ලබාදෙන්න ජනාධිපතිතුමා කටයුතු කළා. එය විශේෂයෙන්ම මතක් කළ යුතුයි. ඒ වගේම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල පිළිකා කටයුතු සඳහා ප්‍රතිකාර කරන රෝහලක් බවට පත් කර ගන්නත් මේ හරහා අවස්ථාව තිබෙනවා.
වසර 03ක් ඇතුළත මෙම කටයුතු අවසන් කරලා ඖෂධ නිෂ්පාදනය ආරම්භ කරන්න අවස්ථාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ සඳහා වන වියදම රුපියල් මිලියන 1135ක් ලෙස ගණන් බලා තිබෙනවා.
බලශක්තිය සම්බන්ධයෙන් කතා කළොත්, පරමාණුක ආයතනය සමග එක්ව ලංකාව තුළ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවාද?
ලංකාව තුළ න්‍යෂ්ටික බලාගාර ඉදිරීම සම්බන්ධයෙන් වගකීම තිබෙන්නේ පරමාණු බලශක්ති ආයතනයට. අපි මේ සම්බන්ධව සාකච්ඡා කරමින් යනවා. ඒ වගේම ලංකාවට විකිරණශීලී ප්‍රහාර එල්ලවන අවස්ථාවක් ඇති උනොත් ඒවාට මුහුණදෙන්නේ කොහොමද කියන කාරණය පවා අපි සාකච්ඡාකර තිබෙනවා. මෙම කරුණු සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝව සාකච්ඡා කරමින් යනවා.
2030 වන විට මෙරට බලශක්තියෙන් 70%ක් පුනර්ජනනී බලශක්තිය බවට පත්කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව කතා කළොත්?
සෞභ්යායේ දැක්ම වැඩපිළිවෙළ තුළත් මේ පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දි ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නේ පුනර්ජනනීය බලශක්තිය කරා යන ගමනේදී එය 70% තෙක් නොව පුළුවන් නම් 100% දක්වාම යන්න කියලා. ඒ සඳහා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විදිහට තනි ගමනක් යන්න අපිට බැහැ. පුනර්ජනනීය බලශක්තිය මගින් අපි නිෂ්පාදනය කරන විදුලිය ලබාගන්න විදුලිබල මණ්ඩලය සහ අදාළ ආයතන සූදානම් විය යුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ අවශ්‍යයි. මේ සියල්ලගේම එකතුවෙන් 2030 වන විට 70෴ක පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළකට යන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඒ අනුව ඉදිරි වසර 03 තුළ නිවසේ වහල මත සවිකරන කිලෝ වොට් 05ක සූර්යපැනල සහිතව මොගා වොට් 500ක් ජාතික පද්ධතියට එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සමෘද්ධි පවුල් ලක්ෂයකට මේ සූර්යපැනල ලබාදෙනවා. එමගින් ඔවුන්ට ආදායම් ලබාදීමටත් අපි කටයුතු කරනවා. ඒ වගේම කිලෝ වොට් 100ක බලාගාර 10,000ක් ඇතිකිරීම මගින් ජාතික පද්ධතියට මෙගා වොට් 1000ක් එකතු කරන්නත්, ඒ සඳහා ගමෙන් ව්‍යාපාරිකයන් බිහිකරගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘති දෙක හරහාම මේ වසර තුන තුළ මෙගා වොට් 1500ක් එකතු කරන්න අපි සැලසුම්කර තිබෙනවා. ඊට අමතරව පුනනර්ජනනීය බලශක්ති නිෂ්පාදන වැඩමුළු ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ජලය මත පාවෙන සූර්ය පැනල සවි කිරීම පිළිබඳවත් අවධානය යොමුවෙලා තිබෙනවා. ඒ අනුව එමගින් මෙගා වොට් 1000ක් පද්ධතියට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.
පුනර්ජනනීය බලශක්තිය මගින් නිපදවන විදුලිය ජාතික පද්ධතියට එකතු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් විමර්ෂණය කර තිබෙනවාද?
පුනර්ජනනීය බලශක්ති අද ලෝකයේ ජනප්‍රියම මාතෘකාව බවට පත්ව තිබෙනවා. කාලගුණික සෘතු තිබෙන රටවල් පවා පුනර්ජනනීය බලශක්තිය උපරිමයෙන් භාවිත කරන්න උත්සාහ කරනවා. ඔවුන් එහෙම කරනවා නම් සමකය ආසන්නයේ සිටින රටක් විදිහට අපිත් ඒ ඉලක්කය කරා යා යුතුයි කියා තමයි ජනාධිපතිතුමා අපිට මේ ඉලක්කය ලබාදී තිබෙන්නේ.
ඒ අනුව මගේ වැඩේ වෙන්නේ පුනර්ජනනීය බලශක්තිය එකතු කිරීම. විදුලි බල ඇමතිතුමා විදිහට ඩලස් ඇමතිතුමාගේ නායකත්වයෙන් එය ජාතික පද්ධතියට එකතු කිරීමට නායකත්වය ලබාදේවි.
ඒ වගේම මේ සඳහා අපේ තාක්ෂණය මාරු කිරීමට සිදුවී තිබෙනවා. ඩීසල් වලින් විදුලිය ගැනීම නවත්වන්න අපි සැලසුම් කරගෙන යනවා. මේ වසර 05 තුළ උපරිම ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තිය රටට එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පුනර්ජනනීය බලශක්තිය කරා යොමු වීම වගේම විදුලිය නාස්තිය අවම කිරීමත් අපේ වගකීමක්. විදුලිය කප්පාදු කරන අවස්ථාවේ පමණක් නෙවෙයි අනිකුත් අවස්ථාවලත් අපි විදුලිය පිරිමැසිය යුතුයි. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අපි සූදානමින් සිටිනවා.
මෙවැනි වැඩකටයුතු සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවතීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
මහජන උපයෝගිතා කොමිසම තිබිය යුතුයි. ඔවුන් රටට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. විශේෂයෙන්ම මෙවැනි නියාමන ආයතන විරුද්ධ විය යුතු තැනදී විරුද්ධ වෙනවා නම්, පක්ෂ වෙන තැනදී පක්ෂ වෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ආණ්ඩු මාරුවෙන් මාරුවට එය වෙනස් වෙන්න බැහැ. එහෙම නැතුව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට මම විරුද්ධ නැහැ.