පිකාසෝ සොහොයුරන්


මෙම සතිඅන්තයේ සියලුම ජාතික පුවත්පත්වල මහින්ද රාජපක්ෂ පවුලේ හා ජනාධිපතිවරයාගේ හමුවක් ගැන තොරතුරු පළවී තිබේ. එයට අනුව එම හමුව සිදුවී තිබෙන්නේ ගිය සතියේ බදදා දිනයේදී බත්තරමුල්ල එස්. බීට අයත් නිවසේදීය.

දින හතරකට පසු එම තොරතුර සතිඅග පත්තරවලට එකම දැක්මකින් එක්වීමට එම පාර්ශ්වයන්ගෙන් එක් පාර්ශ්වයක් ඉතා හොඳින් සැලසුම්සහගතව එය ලබාදිය යුතුය. ලැබෙමින් පවතින තොරතුරු අනුව රාජපක්ෂ පාර්ශ්වයෙන් මෙම තොරතුරු මාධ්‍ය අතට පත් වී තිබේ. මේ වනතෙක් එම තත්ත්වයට ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරය ලැබී නොමැති මුත් රාජපක්ෂවරු එම තොරතුරු හෙළි වීම පිළිබඳව සතුටින් සිටී.

සතිඅග පුවත්පත්වල හා මාධ්‍යයේ ප්‍රචාරය වූ තොරතුරු අනුව මෙම දෙපාර්ශ්වය ඔවුන්ගේ ආණ්ඩුවක් ගොඩනැගීමේ කටයුතු සැලසුම් කරමින් සිටී. ඒවායේ සත්‍ය  අසත්‍ය බව කෙසේ වෙතත් ආණ්ඩු ක්‍රමයේ 19වැනි සංශෝධනයේ ප්‍රතිපාදනවලට අනුව විශ්වාසභංගයකින් මෙපිට අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යැවිය නොහැක්කේය. නමුත් යම් දේශපාලන ක්‍රියාදාමයක් ආරම්භ වී ඇති බව බැලූ බැල්මට පෙනේ.

මෙහිදී ජනාධිපතිතුමා විසින් 2020න් පසු දේශපාලනිකව පැවතීම පිළිබඳව තදින් සලකා බලන අතර, රාජපක්ෂවරු බලය ලබාගැනීමට හෝ එය නිශ්චිත කරගැනීමට උත්සාහ කරයි.එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති වටපිටාවක ජනාධිපතිතුමාට එම පිලෙන් අවස්ථාවක් ලැබෙනු ඇතැයි සිතිය නොහැක. එබැවින් එතුමා විකල්ප සලකා බැලීම අන්තිම සාධාරණ බව මගේ හැඟීමයි.

අනෙක් අතින් රාජපක්ෂවරු මුහුණදෙමින් සිටින අර්බුදකාරී කාලයෙන් මිදීම උදෙසා නව දේශපාලන ක්‍රියාකාරකම් තෝරාගැනීම විය යුක්තක්ම වේ. මෙම පාර්ශ්වයන් දෙකෙහිම පොදු සතුරා වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ආණ්ඩු බලය හොබවීම, එම නිසාම පක්ෂ අභ්‍යන්තරයේ ඉහළ ගිය නොසන්සුන්කම, රටේ ආර්ථිකයේ තත්ත්වය,  ණය බර වැනි කාරණා මගින් එක්සත් ජාතික පක්ෂයට තම උපාය උපක්‍රම තේරීමට සිදුව තිබේ.

අනෙකුත් ඕනෑම සමාජ  ක්‍රියාවලියකට වඩා දේශපාලනයේ ඇති විශේෂත්වය වන්නේ එහි බොහෝ කාලයක් කටයුතු කළ යුත්තේ මිතුරන් සමග නොව සතුරන් සමග වීමයි. සතුරන් සමග කටයුතු කිරීමේ කලාව හොඳින් ප්‍රගුණ කළ ඇත්තෝ දක්ෂ දේශපාලන නායකයෝ වෙති. එම අර්ථයෙන් ගත්කල මහින්ද, බැසිල් මෙන්ම රනිල්ද එහි කෙල පැමිණියෝය. තම හැඟීම් සඟවා ගනිමින් සතුරන් සමග කටයුතු කිරීමට එම තිදෙනා හොඳින් ප්‍රගුණ කොට තිබේ. නමුත් ජනාධිපතිවරයා කෙසේදැයි දැනගැනීමට තවමත් කල්  වැඩිය .
සතුරන් සමග දේශපාලන ගනුදෙනු කිරීම කලාවක් නම්  මහින්ද, රනිල් හා බැසිල් එහි තුන් නිවුන් පිකාසෝ සොහොයුරන්ය.

2020 මැතිවරණය යනු පවතින ආණ්ඩුවට තවත් වසර පහකට ජනවරමක් ඉල්ලා සිටින මැතිවරණයක් මිස ආණ්ඩු මාරු කරන මැතිවරණයක් නොවේ. සාමාන්‍යයෙන් ඕනෑම ප්‍රජාතන්ත්‍ර වැඩි සමාජයක බලයට පත්වන ආණ්ඩුවකට වාර දෙකක් නැතිනම් දසවසරක් ජනවරමක් ලබාදීම සමාන්‍ය තත්ත්වයයි. නමුත් ඉඳ හිට එක් වරකින් පරාජයට පත් වී ගෙදර යන අවස්ථාවන්ද නැතුවා නොවේ. ලංකාවේ එවැනි තත්ත්වයක් ඇතිවීමට, නැතිනම් ආණ්ඩුවක් ගෙදර යැවීමට සමාජ, දේශපාලන, ආර්ථික ක්‍රියාකාරකම්වල දුර්වලතා හෝ දක්ෂතා පමණක්  ප්‍රමාණවත් නොවේ. මන්ද ලංකාවේ එම ප්‍රපන්චයන් කවදත් හොඳින් තිබුණේ නැති නිසාය.

එමනිසා 2020දී අවශේෂ දේශපාලන කාරණා සමග දක්ෂ දේශපාලන ගනුදෙනුවල දිග, පළලද මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතුනම් යොදාගත යුතු වේ. එවැනි ගනුදෙනුවල පිකාසෝවරු තිදෙනෙකු එකට හමුවන තැනක් ලෙස 2020 ජනාධිපතිවරණය ගතහැකිය. අනෙක් සියල්ලෝ ඔවුන්ගේ දක්ෂ අදක්ෂ බව මත තම ඉරණම තීන්දු කරන්නෝ වෙති.

ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව යහපාලන ආණ්ඩුව පෙරළා නව රජයක් පිහිටුවීමට සාකච්ඡා පවත්වමින් තිබෙන බව ආණ්ඩුව අත්හැර ගිය පහළොස්දෙනාගේ කණ්ඩායමේ ප්‍රබලයෙකු මේ ලියුම්කරු හා පැවසීය. ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහයෝගය ලබාගැනීමට සැලසුම් කොට ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය. ඒ වෙනුවෙන් ඇති ක්‍රියාවලියට මහින්ද රාජපක්ෂගේ කැමැත්ත ප්‍රකාශ වී ඇති බවද ඔහු ප්‍රකාශ කළ අතර, බැසිල්ගේ මතය තාමත් අවිනිශ්චිත බව හෙතෙම පැවසූයේය.

මගේ පුද්ගලික තක්සේරුව වන්නේ ජනාධිපතිවරයාට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හොඳම තෝරාගැනීම වන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව පෙරළා දමා පොහොට්ටු පක්ෂය හා නව ආණ්ඩුවක් ගොඩ නැගීමයි.එහිදී බැසිල් රාජපක්ෂගේ මතය මෙම සතිඅන්තයේ පුවත්පත්වලට දී තිබේ. එනම් බැසිල් රාජපක්ෂට අනුව අපේ පක්ෂය අම්බලමක් නොවේ (ජීවිතේ අවුල් කරගත්වුන් ලගින) සහ ආණ්ඩුව උපාය උපක්‍රමවලින් පෙරළිය  හැක. නමුත් ආණ්ඩුවක් පිහිටු වීමට ජනවරමක් අවශ්‍යයයි කියා බැසිල් කියයි. එක්සත් ජාතික පක්ෂය බිය විය යුතුය. මෙහිදී බැසිල් දේශපාලනිකව පෙර නොවූ විරු ලෙස පරිණත හා උගත් වී තිබේ.



Recommended Articles