ඖෂධ කීවිට ඒවා පරිභෝජනය සඳහා නියම කරන විධි කීප ආකාරයක්ම පැවතිය හැකිය. නාසයට හෝ කනට දමන්නට යැයි උපදෙස් ලැබෙන ඖෂධ බොහෝ විට නිසියාකාරව භාවිත කරනවාද යන්න ඔබ පසුවිපරමක් නොකරන අතරම එයින් ඖෂධයේ ප්‍රතිඵල ලැබීමද වෙනස් විය හැකිය. අද අප ඔබට මේ ගෙන එන්නේ නාසයට හා කනට දමන ඖෂධ භාවිතා කරන ආකාරය පිළිබඳවයි.
බොහෝ විට නාසයට ඖෂධ දමන්නට පළමුව නාසය තුළ සිරවී ඇති සොටු දියර ඉවත් කර සිටින්න. නොඑසේ නම් ඖෂධ දැමූ පසු ඇතිවන කිවිසුමක් හෝ සොටු දියර නිසා ඒවා අපතේ යන්නට ඇති ඉඩ කඩ බොහෝය. ඔබ පුටුවක වාඩි වී සිටී නම් හිස පිටුපසට නවා ගන්න ඇඳක මුණින් අතට දිගාවී සිටී නම් ඇඳේ එක් පසෙකින් හිස මදක් පහළට සිටින සේ තබා ගන්න.
ඖෂධ බින්දු නිසි පරිදි නාසයට දමන්න. ඖෂධ නාසය තුළ හොඳින් පැතිරෙන තුරු මෙම ඉරියව්වෙන් විනාඩි කීපයක් සිටින්න. නාසයට ඖෂධ ගැල්වීමට භාවිත කරන විශේෂ උපකරණ උණුවතුරින් සෝදා පිරිසුදු ටිෂූ එකකින් වියලා අසුරා තබන්න. ඖෂධ බෝතලයේ මූඩිය ඖෂධ ගත් විගස හොඳින් වසන්න. විෂ බීජ පැතිරීම වැළැක්වීමට මෙම ඖෂධය පුද්ගලයන් කීපදෙනෙකු බෙදාගෙන භාවිත කිරීමෙන් වළකින්න.
මේ අප කතාකළේ නාසයට දමන ඖෂධ පිළිබඳවයි .
මේවා හැරෙන්නට නාසයට ස්ප්‍රේ කරන නැතිනම් විදින ඖෂධ ද භාවිත කරන්නට සිදුවෙයි.ඒවා භාවිත කරන්නේ කෙසේදැයි දැන් විමසා බලමු.
සොටු සූරා ඉවත් කරන්න.
ඕනෑකමින් කිවිසුම් නොඅරින්න.
හිස කෙළින් තබා ගන්න. ඖෂධය නාස් පුඩුවට විදින්න. එසේ කරන විට බෙහෙත නාසය තුළට උරන්න.
බෙහෙත් කුප්පියේ නාසය තුළට ඇතුළු කළ ප්‍රදේශය උණු වතුරෙන් සෝදන්න
බෙහෙත්වලට වතුර එක් නොවෙන පරිදි හොඳින් වියළා මූඩිය හොඳින් වසා තබන්න
කනට ඖෂධ දැමීමේදී.
ඖෂධ බින්දු දැමීමට භාවිත කරන උපකරණයේ කෙළවර කිසිම තැනක තාවරීමට ඉඩ නොහරින්න.
ඖෂධ දැමිය යුතු කන උඩ අතට සිටින සේ ඇලයට හාන්සිවන්න. එසේ නැති නම් හිස ඇලකරගන්න.
වැඩිහිටියෙකුගේ නම් කන් පෙත්ත මදක් උඩට පිටුපසට අදින්න. ළදරුවෙකුගේ කන් පෙත්ත ඇදිය යුත්තේ පහළට සහ පිටුපසටයි.
කණේ කුහරය තුළට ඖෂධය ගල්වන්න.
කණ උඩු අතට සිටින පරිදි විනාඩි පහක් හිස තබාගෙන සිටින්න.
භාවිතයෙක් පසු ඖෂධ ගල්වනය පිරිසුදු කර ඖෂධ සහිත අසුරණය සමග පිරිසුදු බව සුරැකෙන පරිදි අසුරා තබන්න.
උපදෙස් - කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චාමරී වීරරත්න
නාලිකා රාජපක්ෂ