නම්බු නාම ලද ඇමතිවරයෙකු දුරකථනයෙන් භික්ෂුවකට නොහොබිනා ලෙස බැණවැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස යෝජනා කළ උත්සවයේදී අනෙක් නිකායන්ට අසාධාරණයක් වන පරිදි අසුන් පනවා තිබුණේ යැයි භික්ෂූන් වහන්සේලා සහ ජනතාව අතර පසුගිය සතියේ සංවාදයක් ඇති විය. මේ ඒ පිළිබඳව අප විවිධ පාර්ශ්වයන්ගෙන් විමසා ලබාගත් තොරතුරුය.
නම්බු නාම ප්‍රදානය
මෙය සමාජයට අලුත් දෙයක් නොවේ. ඒ ඒ අවස්ථාවන් අනුව නම්බු නාම ප්‍රදානය කළ යුත්තේ කාටදැයි ඒවා ප්‍රදානය කරන ආයතනයන් තීරණය කරති. එය එම අායතනයේ සාමූහික තීරණයකි.
නම්බු නාමයක් ප්‍රදානය කිරීමේදී එය ලබන්නා ඒ වනවිට දක්වා ඇති දක්ෂකම් සුදුසුකම් අනුව මිස අනාගතයේ එම පුද්ගලයා විසින් කරන කියන දේ මැනීමේ මිනුම්දණ්ඩක් වශයෙන් භාවිත නොවන බව එවැනි ආයතනයන්හි සංවිධායකයෝ පෙන්වා දෙති. එහිදී එය ලබන්නා තමන්ට ලද නම්බු නාමයේ ගරුත්වය රැකෙන පරිදි කටයුතු කළ යුතුය.
එංගලන්තයේ මහ රැජිණ විසින් ප්‍රදානය කෙරෙන %නයිට්^ නම්බු නාමය ලද ඇතැමුන්ට එරෙහිවද ඒ රටවල චෝදනා නැත්තේ නොවේ. අනුන්ගේ නම්බු නාම පිළිබඳ විවේචනාත්මකව බලන පාර්ශ්වයන් තමන්ගේ සමාජ වගකීම් හැටියට අනුන් ඉදිරියේ හැසිරෙන ආකාරයත්, කතාබහ කරන ආකාරයත්, ගිහිපැවිදි වශයෙන් තමන්ගේ නමට සහ තනතුරුවලට කෙතරම් දුරට ගැළපෙන්නේ දැයි යන්න සිතිය යුතුය. එසේ නොවී අනුන්ගේ පයේ ඇණුනු නිදිකුම්බා කටුව පෙන්වන අය තමන්ගේ ඇසේ ඇනී ඇති පරාලය නොදැකීමේ ස්වභාවය හේතුවෙන් සමාජයේ අවඥාවට පත්වන බවද කිව යුතුය.
මෙසේ යම් පුද්ගලයන්ට නම්බුනාම පවරන ආයතනයන් පවසනුයේ තමන් ලබාදුන් තනතුර ගැන හෝ එය පාවිච්චි කළ යුතු ආකාරය පිළිබඳ කරුණු දැක්වීම තමන්ට අදාළ නොවන බවය. එම නම්බු නාමය භාවිත කරන පුද්ගලයන් විසින් හොඳ නරක ගළපාගත යුතු බව ඔවුහු පවසති.
යමෙකුට දුන් නම්බු නාමය ඉවත්කර ගන්නා ලෙස ඇතැමුන් විවිධ අවස්ථාවලදී යෝජනා කර ඇත. එය ගත වූ කාලයේදී දේශපාලකයන්ට එරෙහිව එල්ල වූ ෙචා්දනාවකි. එහිදී එසේ යෝජනා කරන පාර්ශ්වයන් සමාජය ඉදිරියේ හැසිරෙන ආකාරය හෝ සමාජයට කර ඇති හිරිහැර වේදනා ගැන නොසිතා කරන සංවාදයන් කෙරෙහි ජනතාවට ඇත්තේ පිළිකුළකි. මේ සෑම දෙයක් තුළම ඇත්තේ දේශපාලනය ඉලක්ක කරගත් න්‍යාය පත්‍රයක් ලද සැණින් එළිදැක්වීමේ උත්සාහයක් බව එක් පාර්ශ්වයක් පවසයි.
අසුන් පැනවීම මතවාදය
ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ උත්සවයේදී ත්‍රෛනිකායික මහා සංඝරත්නයට අසුන් පැනවීමේ අර්බුදයක් පිළිබඳ පසුගියදා ඇසුණු අතර, සමානාත්මතාව අගයන බුදුදහම තුළ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා සිවුනමක් සිටින තැනක අස්ගිරි මල්වතු මහා විහාරයන්හි මහානායක හිමිවරුන්ට පමණක් උස් ආසන පැනවීම හෝ විශේෂයක් දැක්වීම ජනතාවගේද කම්පනයට හේතු වූ පුවතක් බව ඇසුණි.
උරුමයක අරුමය
ලංකාවේ ථේරවාදී බුදුදහම තුළ පවතින සියම්, අස්ගිරි, මල්වතු ඇතුළු නිකායන් කිහිපයකි. මහාවිහාරයට වසර හත්සියකට එපිට ඈත අතීතයක් තිබේ. මහාධම්ම රාජාධිරාජ ගුරු වැලිතර ඤාන විමලතිස්ස නායක හිමියන් මාදු ගඟේ ඉදිකළ මණ්ඩපයකදී සිදුකළ උපසම්පදා උත්සවය සමග අමරපුර නිකාය වර්ෂ 1803 මැයි 15 දින ආරම්භ විය.
රාමඤ්ඤ නිකාය 1863 ජූලි මස 13 වැනි දින අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසහරඤාණසාමි, සරණංකර මහානායක හිමි, යන යතිවරුන්ගේ මූලිකත්වයෙන් ගාල්ලේ, මහමෝදරදී උපසම්පදා පුණ්‍යකර්මයක් කරමින් බිහිවිය. මෙම නිකායන්ගෙන් පසුකාලීනව බිහි වූ වියත්ධර, ධර්මධර, හිමිවරුන්ගේ මෙහෙවර පිළිබඳ ජනතාව අදටත් ගෞරවයෙන් සිහිපත් කරති.
ලංකාවේ සංඝ ශාසනය තුළ සියම් නිකායේ, අස්ගිරි මල්වතු විහාරයන්ට ඇති සම්මත උරුමය වසර හත්සියයක් බවත්, ඔවුන් මෙරට බුදුදහම රැකගැනීමට ගෙන ගිය අරගලයේ එක් ප්‍රයත්නයක කොටස්කරුවන් බවටත් පැරණි භික්ෂූන් අතර යම් මතයක් තිබේ. අනුරාධපුර පොළොන්නරුව යුගයේ සතුරු ආක්‍රමණයෙන්ද 15 සියවසේ කෝට්ටේ යුගය සමග පරංගි ලන්දේසි ආක්‍රමණයන්ද 18 වැනි සියවසේ උඩරට කැරැල්ල සමග බ්‍රිතාන්‍ය පාලනයෙන් බුදුදහමට එරෙහිව සිදු වූ හිසංන හමුවේද සංඝ පීතෘන් වහන්සේලා බුද්ධ ශාසනය රැක ගැනීමට ගත් උත්සාහය පිළිබඳ ඒ ඒ නිකායන්ට අදටත් ඇත්තේ ගෞරවාභිමානයකි.
ථෙරවාදී බුදුදුහමේ පුනරුත්පත්තිය
වළගම්බා රජු සමයේ ත්‍රිපිටකය ලියැවෙනුයේ මාතලේ අළුවිහාරයේදීය. එහිලා මෙකී නිකායන්ට ඇත්තේ හෙළ වංශ කතාවේ අපූර්ව ස්ථානයක් බව එම භික්ෂූන් වහන්සේලා පවසති. මෙම විහාරය අදටත් අස්ගිරි පාර්ශ්වයට අයත් අස්ගිරි මහා නිකායේ මහානායක හිමිවරුන් යටතේ පවතින ස්ථානයකි.
මෙරට බුදුදහම විනාශ වී ගොස් උපසම්පදාවට භික්ෂුන්වහන්සේ නමක සොයාගත නොහැකි වු යුගයක බුරුමයෙන් පවර උපාලි හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා වැඩම කරවා මෙරට උපසම්පදා විනය කර්මය නැවත ආරම්භ කිරීමට මල්වතු විහාරයේ වැඩ විසූ වැලිවිට සරණංකර හිමියන් ගත් ප්‍රයත්නය නොවන්නට අදටත් ථේරවාදී බුදුදුහමේ පැවැත්ම පිළිබඳ මතුවන අර්බුදය කෙතරම් දැයි මල්වතු මහාවිහාරය පිළිබඳ අතීතය සොයා යන පැරණි නායක හිමිවරු පෙන්වා දෙති.
දළදා වත්පිළිවෙත් විධි
එසේම දළදා හිමි වෙනුවෙන් වත්පිළිවෙත් පුද සත්කාර කිරීමේ රාජකාරිමය බලය ඇත්තේ මල්වතු අස්ගිරි මහාවිහාරයන්ට වීම අතීත වතගොත උපුටා දක්වන සතර මහා දේවල භාරකරුවන්, රජමහා විහාරස්ථාන භාර නාහිමිවරු පෙන්වා දෙති. එහිදී දළදා හිමියන් සහ ඵහි භාරකාරත්වය රටේ ගිහි නායකයා ලෙස රාජ්‍ය නායකත්වයටත්, පැවිදි පරපුර ලෙස මල්වතු අස්ගිරි පාර්ශ්වයටත් හිමිවන්නේ යැයි රජ සමයේ සිට සම්මතයකි. දළචා වහන්සේ සම්බන්ධ වත්පිළිවෙත් සම්ප්‍රදායන් ඒ අනුව තීරණය වී තිබේ. එය බලහත්කාරයෙන් ලබාගත් අයිතියක් නොව සාම්ප්‍රදායිකව ශතවර්ෂ ගණනාවක සිට හිමිවී ඇති උරුමයකි.
අසුන් පැනවීමේ සම්ප්‍රදාය
මෙසේ දළදා වහන්සේගේ භාරකාරීත්වය හිමිවීම හේතුවෙන් එම නිකායන් දෙකේ මහනායක හිමිවරුන්ට අසුන් පැනවීමේදී දළදා හිමියන්ගේ වත්පිළිෙවත් භාර නායක හිමිවරුන් ලෙස වෙනම අසුන් දෙකක් සම්ප්‍රදායක් ලෙස වෙන්කර ඇති බවට පැවසේ. දළදා මාලිගා පරිශ්‍රය තුළ සිදු කෙෙරන කටයුතුවලදී එම අසුන් පැනවීම සිරිතක් ලෙස භාවිතවන බවද පැරණි තතු දන්නෝ පෙන්වා දෙති. එය අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියන්ද සනාථ කළේය. එම අසුන් දෙකේ වෙනත් කිසිදු භික්ෂුවක් අසුන් නොගන්නා බවද උන්වහන්සේ පෙන්වා දුන්නේය. මේ වෙනස සමග යම් කුල භේදයකට අනුබල දෙන සංවාදයක් රට පුරා පැතිර යෑමේ ප්‍රවණතාවද ඇසුණි. සැමට සමානාත්මතාව වදාළ බුදුරජාණන් වහන්සේ සෝපාකගේ ගෙට මෙන්ම තම රහල් පුතුගේ මාළිගයටත් තමන්ට එරෙහිව දරමිටියක් කුස බැඳ පැමිණි චිංචිමානවිකාවටත් තම ශාසනය විවෘත කළ සේක. එවැනි ශාසනයක එසේ විය යුතුද? විය හැකිද? යන්න ගැටලුවකි.
නොමනා කුලය ගැළපීමේ උත්සාහය
අදටත් ත්‍රෛනිකායික මහා භික්ෂූන් වහන්සේලා අවශ්‍ය කටයුතුවලදී මල්වතු අස්ගිරි විහාරයන්ට වඩිති. අසුන් ගනිති. කරුණු විචාරති. සාමූහිකව කරුණුවලට එළඹෙති. අසුන් පනවති. වැඩ හිඳිති. ඒ ඒ ආකාරයෙන් නිසි අචාර සමාචාර පවත්වති යනුවෙන් සියම් නිකායේ නායක හිමිනමක කළ විචාරයද මෙහීදී වැදගත්වේ.
එසේ වනවිට කුලභේදය නිකායන් අතර තිබෙන්නේ යැයි හෝ ඒ සලකා අසුන් පැනවීමේ භේදයක් ඇති කළේ යැයි චෝදනාවක් ඇති කිරීම එතරම් යහපත් දෙයක් නොවන බව එම නිකායන්හි, විහාරස්ථානයන්හි, නායක හිමිවරුන් මෙන්ම තතු දන්නා ගිහිපැවිදි වියත්හු පවසති. පසුගිය වසරේ මඟුල් මඩුවේ පැවැති උත්සවයට රාමඤ්ඤ සහ අමරපුර නිකායන්ට පැමිණීමට සංවිධාකයන්ගේ අඩුපාඩුවක් නිසා බාධාවක් ඇති කළ බවට චෝදනාවක් ඇසුණි. අවසානයේ එකල රාජ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා උන්වහන්සේලා බැහැ දැක රජය වෙනුවෙන් සමාව ගත්තේය.
සියම් නිකායේ ස්ථාවරය
එවැනි කොන් කිරීමක්, බේදයක් නැතැයි සියම් පාර්ශ්වය අදහස් දක්වයි. භික්ෂු ශාසනය තුළ විවිධ වත්පිළිවෙත් ඇති අතර, ඒවා සම්මතය විසින් වඩා යහපතැයි ඒ ඒ කාලවල පැවති අවශ්‍යතා අනුව සම්‍ප්‍රදාය බවට පත් වූ ඒවාය.
දළදා හිමියන් වෙනුවෙන්ද වත්පිළිවෙත් අනුව එහි නිරතවන මහානායක හිමිවරුන්ට එකී ගරුත්වය උදෙසා වෙනම අසුන් දෙකක් පැනවීම වරදක් නොවිය හැකි බවද මේ පිළිබඳ විශ්ලේෂණය කරන ගිහි පැවිදි වියත්හු පෙන්වා දෙති.
මෙහිදී ජනමාධ්‍යයෙන් අනාවරණය නොවූවද සිදු වූ යම් කතාබහක් විහාරස්ථාන ඇසුරෙන් ඇසුණි. එය යම් මතවාදයන් හමුවේ අවධාරණය සඳහා අනුබලයක් වන නිසා මෙසේ දක්වන්නට අප සිතුවෙමු.
පසුගිය මාසයකදී මාතලේ අළුවිහාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ උත්සවය පැවැත්විණි. එයට අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියෝද වැඩම කළහ. ත්‍රිපිකටය මෙයට වරස 1300ට පෙර ලියැවෙනුයේ අළුවිහාරයේ නම් එහි ගරුත්වය හැමදාමත් එම විහාරය සතු යැයි මාතලේ සහ අවට බෞද්ධ ජනතාව තුළ පිළිගැනීමක් තිබේ. එහෙත් එම රාජ්‍ය උත්සවයේදී එම විහාරස්ථානය අයත් සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන්ට අනුශාසනා කතාවක් එහි න්‍යාය පත්‍රයේ නොවීය.
අප මේ සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ගෙන් විමසූ අතර, උන්වහන්සේ එහිදී මෙසේ පිළිතුරු දුන්හ.
“ එම සිදු වූ ප්‍රමාදය නොවිය යුතු දෙයක්. තවදුරටත් එවැනි දේ සිදු නොවිය යුතුයි. එතෙන්දී අපි ප්‍රකාශ නිකුත් කරනවා වෙනුවට ඒ ගැන අදාළ උත්සව කටයුතු සංවිධානය කළ ඒ ඒ නිල රාජකාරිය භාර ඇත්තන්ට එය තේරුම් කර දුන්නා. ඔවුන් එය පිළිගත්තා. මේවා වීදි බැහැලා, කෑගහලා කරන දේවල් නෙවෙයි. සම්ම්ත සිරිත් රකිනවා මිස දේශපාලනයක් හෝ වෙනත් ඕනෑ එපාකම් වෙනුවෙන් ශබ්ද කරන්නේ නැහැ.* කෙසේ වුවද ජනතාවට විවාදිත කරුණක් වෙනුවෙන් කරුණු සොයා යන ගමනේදී අපට හමු වූ ගිහිපැවිදි වියත් අත්දැකීම් සහිත විවිධ පාර්ශ්වයන් කළ කී ප්‍රකාශයන් මෙසේ සාරාංශ ආකාරයෙන් දැක්වීම වඩා උචිත යැයි අපි සිතමු.
“මේක මේ දේශපාලනීකරණය වෙලා. හැම දේශපාලනඥයෙකුටම ආගම ධර්මය ගාවලා භික්ෂූන් වහන්සේලා ඇන කෙටවීමේ ව්‍යාපාරයක් සූක්ෂමව රට තුළ සිදුවෙනවා. එදා රටේ ඒකීය බව, ශාසන චිරස්ථිතිය ගැන මොරදුන් අය දැන් භික්ෂූන්ට ගරු කරනවාද?, ආගම රකිනවාද? ඒ අයට අවශ්‍ය වන්නේ ආගම භේද කර භික්ෂූන් තුනට හතරට වෙන් කර, රටේ ආගමත් ජාතියත් පිරිහෙනවා යැයි පවසා භික්ෂූන් උසිගන්වා දේශපාලන ප්‍රවාහයක් නිර්මාණය කිරීමයි. තමන් ගිහියන් නිසා ඒ අයට තමන්ට විරුද්ධ භික්ෂූන් වහන්සේලාට බණින්න බැහැනෙ. ඒකට භික්ෂූන් වහන්සේලා කොටවලා භික්ෂූන්ට එරෙහිව භික්ෂුව යොදා ගැනීමේ භාවිතයක් පෙනෙනවා. පන්සලේ කොටස දේශපාලකයන් කරනවා. දේශපාලකයන්ගේ කොටස පන්සල කරනවා.
අන්‍යාගමිකයන් මේවා පිළිබඳ හාස්‍යයෙන් බලන බවවත් මේ අය දකින්නේ නැහැ. ඒ වාසිය තමන්ගේ දේශපාලන පක්ෂයේ ප්‍රවර්ධනය සඳහා යොදා ගන්නවා. ඒ නිසයි දැන් ගෞරවණීය භික්ෂූන් වහන්සේලා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් අවශ්‍ය තැන අවශ්‍ය දේට පමණක් කතා කරන්නේ.* මෙහි එහි සත්‍ය අසත්‍යතාව විමසීම අප පාඨකයන්ට ඉතිරි කරමු.
මෙහිදී මේ පිළිබඳව විමසීමේදී සෘජුව කරුණු දැක්වූ හිමිනමක් පැවසූ ප්‍රකාශයකින් මෙම ලිපිය අවසන් කිරීමට අප සිතුවෙමු. & ‘‘අපට නොවැදගත් දේ ගැන අපි උත්තර නොබැඳ මාධ්‍ය නිවේදන නිකුත් නොකර ඉන්නවා. නමුත් ඔබ මේ දේ ජනමාධ්‍ය මගින් දක්වා යථාර්ථවාදීව ජනතාව පොළඹවන්න. ඒක හොඳ මාධ්‍ය කලාවක්. උඩබලාගෙන කෙළ ගහගන්ට බැහැනෙ.