ධාන්‍ය වර්ග සහ ඇට වර්ග මිලට ගන්නට පෙර


ස්වභාවික ආහාර සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් ඇති වී තිබෙන මෙකළ විශේෂයෙන්ම උදෑසන ආහාරවේල සඳහා ධාන්‍ය වර්ග ආහාරයට එක්කර ගන්නට මෙකළ බොහෝ දෙනා උනන්දුවක් දක්වයි. සමහරැ ආපන ශාලාවෙන් ආහාර ලබාගන්නා නමුත් ධාන්‍ය වර්ග තමුබා සකස් කොට ඇති බව දුටු විට ඒවා ආහාරයට ගන්නට උනන්දුවක් දක්වති.


නමුත් ඔබ ඒ ලබාගන්නා ආහාරයේ ඇෆ්ලොටොක්සින් නම් පිළිකා කාරකය ඇඩංගුව පවතීද යන්න සහතිකයක් ලැබිය හැකි මගක් ඔබට නැහැ නේද? විශේෂයෙන් ධාන්‍යවර්ග ආහාරය සඳහා තෝරා ගන්නා විට අනිවාර්යෙන්ම ඒවා පරණ නොවූ පුස් වර්ග ඇති නොවූ ධානයද යන්න ඔබ විසින් සොයා බැලිය යුතුය.ආහාර මිලදී ගැනීම සඳහා වෙළඳ පොළට යන ඔබ මිලදී ගන්නා ආහාර අතරට අනිවාර්යයෙන්ම කිසියම් ධාන්‍ය වර්ගයක් මිලට ගන්නට පෙළඹෙනු ඇති. 

ධාන්‍ය වර්ග මිලට ගන්නට පෙර ඒ දෙස හොඳින් සුපරික්ෂාකාරීව බලන්න. ඒවායේ තරමක පුස් ගතියක් පෙන්වන්නේ නම් ඒවා මිලදී ගැනීමෙන් වළකින්න. ධාන්‍ය වර්ග හා කජු වැනි ඇට වර්ග මදක් සපන විට රසයේ වෙනසක් හෝ පුස්ගතියක් දැනෙන බැවින් මිලදී ගන්නට පෙර මදක් සොයා බලා මිලදී ගැනීම අවශ්‍ය වනුයේ කජු , බඩ ඉරිඟු, රට කජු, මිරිස්,  සහ කොප්පරා වැනි දේවල වැවෙන පුස්වර්ග නිසා ශරීරයට අහිතකර ඇෆ්ලොටොක්සීන්  වැනි විෂ වර්ග එක් විය හැකි නිසාය.ඇෆ්ලොටොක්සීන් යනු පිළිකා කාරකයකි.

මේ නිසා මෙම ධාන්‍යවර්ග හා ඇට වර්ග හරහා මේ පිළිකා කාරකය ඔබේ සිරුරට ඇතුළුවීම වළක්වන්නට නම් පුස් බැඳුනු හා රසය වෙනස්ව පරණ වූ ධාන්‍ය වර්ග හා ඇට වර්ග පරිභෝජනයෙන් වළකින්න. ඇෆ්ලොටොක්සීන්  යනු කොප්පරා පොල් වලද ඇතැම් විට දැකිය හැකි රසයාණිකයක් වනුයේ කොප්පරා පොල්වල පුස් ඇතිවනු දැකිය හැකි බැවිණි. මේ නිසා පොල් තෙල්වල ඇෆ්ලොටොක්සීන් ඇති බවට පසුගිය කාලවකවානුවේ ලොකු ආන්දෝලනයක් ඇතිවුන බව ඔබට මතක ඇති.

කල් ඉකුත් වීමට ආසන්න සමහර ධාන්‍ය වර්ග උදාහරණයක් ලෙස රට කජු වැනි දෑ කජු වැනිදෑ සමහර ආහාර නිෂ්පාදන සඳහා වෙළඳ පොලෙන් අඩු මිලට අලෙවි කරන අතර ඒවා යොදා සමහරු රස කැවිලි සහ ටේස් කඩල යනාදිය නිෂ්පාදනය කර අඩු මිලට විකුනන අතර බොහෝ විට ජංගම අලෙවිකරුවන් විසින් බස් රථවල මෙවැනි ආහාර විකුණන අතර බස් මගීන් විසින් පුස් බැඳී නැවත සෝදා සකස් කරන ලද එවන් ආහාර අඩු මිලට ලබා ගෙන අනුභව කරති.

මේ නිසා එවැනි දේ මිලට ගෙන ආහාරයට එක් කරන්නට පළමු ඒවා එතරම් අඩු මිලට ලබාදෙන්නේ කෙසේද යන්න විමසිලිමත්වීම මත ඔබට එවන් ආහාර පිළිබඳ දළ අදහසකට පැමිණිය හැකිය.  මෙවන් ධාන්‍යවර්ග සමහර ආපනශාලාවලදීද ඔබට ලැබෙන්නට ඉඩ තිබේ . ධාන්‍යවල යම් රසයේ වෙනසක් මතුවූයේ නම් වහාම ඒවා අනුභවයෙන් වළකින්න. දවසක් දෙකක් ඒවා ශරීර ගතවූවාට අති විශාල හානියක් ඇතිවේ යැයි බියපත් නොවන මුත් නිරන්තරයෙන් දිගින් දිගටම කාලයක් තිස්සේ එසේ වීම වෙනස් ප්‍රතිඵල ඇතිකරන්නට වහල් විය හැකි බව සිහි තබා ගන්න.

නාලිකා රාජපක්ෂ



Recommended Articles